ශී‍්‍ර ලංකාවේ එල්.ටී.ටී.ඊ. සැපයුම් අංශය බාරව කටයුතු කරන ප්රමුඛ කි‍්‍රයාකාරිකයකු පසුගියදා චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි පී. ටී. අයි. පුවත් සේවය වාර්තාකැර තිබේ. 46 හැවිරිදි තම්බියානා නම් මේ එල්.ටී.ටී.ඊ. කි‍්‍රයාකාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ “ කියුබ්රන්චි” ලෙස හැඳින්වෙන තමිල්නාඩු පොලිසියේ බුද්ධි අංශය මඟිනි.
මොහු කිලිනොච්චියේ වැසියකු බව පොලිසිය කියයි. ඔහු අත්අඩංගුවට ගත් නිශ්චිත ස්ථානය හෝ අත්අඩංගුවට ගත් ආකාරය ගැන විස්තර අනාවරණය වී නැත. තමිල්නාඩුවේ පුඩුකෝට්ටෙයි දිස්ති‍්‍රක්කයේ මනාල් මෙල්කුඩි හිදී ශී‍්‍ර ලාංකීකයකු ඇතුළු තිදෙනකු ඉකුත් සතියේ අත් අඩංගුවට ගත් පොලිසිය එල්.ටී.ටී.ඊ. යේ මෙම සැපයුම් ජාලය අනාවරණය කැරගෙන ඇත. මෙසේ අත්අඩංගුවටගත් තිදෙනා වන්නේ චෙන්නායි හි කුමාරගුරුවරුන් (28) රාමනාද පුරම්හි රමේශ් (37) ශී‍්‍ර ලංකාවේ පේසාලේහි මනමෝහන් (28) ය.
එල්. ටී. ඊ. ඊ. සැපයුම් ජාලයේ මෙහෙයුම් සම්බන්ධීකරණ ප්‍රධානියා මනමෝහන් බව පොලිසිය කියයි. ගෙවීම් හා සම්බන්ධීකරණය සිදු කැර ඇත්තේ ඔහු වන අතර එහිදී අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය වෙළෙඳ පොළේ රුපියල් ලක්ෂ 7 පමණ වටිනාකමකින් යුක්ත බව සඳහන් වේ. ශී‍්‍ර ලංකාවට හොරෙන් ගෙන ඒම සඳහා සැකසු භාණ්ඩ තොගයක් රමේශ් සතුව තිබුණු බවද පොලිසිය කියා තිබේ.
ඔවුන් සතුව තිබී බෝට්ටුවල පිටතින් සවිකරන යමහා අශ්වබල 40, එන්ජින් යන්ත්‍ර 5ක්, අත්අඩංගුවට ගෙන ඇත. මේවා එල්.ටී.ටී. යට එවීමට සූදානම් කළ ඒවාය. මෙම එන්ජින් යන්ත්‍ර මඟින් සාමාන්‍ය බෝට්ටු අධිවේගී බෝට්ටු බවට පරිවර්තනය කැරේ. මුදු කොටි ඔවුන්ගේ ප්රහාරයන්හිදී භාවිත කරන්නේ මේවාය. එල්.ටී.ටී. ඊ. යට හොර රහසේ භාණ්ඩ සපයන මාර්ග පිළිබඳව තමිල්නාඩු ආරක්ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව පැවසේ.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment