රටේ පවතින තත්ත්වය හමුවේ වැඩ වර්ජනය කිරීම දේශීය හා විදේශීය බලවේගවල දේශද්‍රෝහී අරමුණුවලට සහාය දීමක් බැවින් 10 වැනිදාට නියමිත වර්ජනයට සහභාගි නොවන බව වෘත්තීය සමිති රැසක නියෝජිතයෝ කියති.
රට අස්ථාවර කොට බලය ලබා ගැනීමේ පටු චේතනාවෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ දේශපාලන ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී නොසිටින ලෙස ඔවුහු ඉල්ලා සිිටිති.
ජාතිවාදය හා ආගම්වාදය ඉස්මතු කර රට විනාශ කිරීමේ හා රට පාවාදීමේ කුමන්ත්‍රණයක් කි‍්‍රයාත්මකව පවතින බව දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන සභාපති ඩී. එම්. ඩී. අබේරත්න මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලු වෘත්තීය සමිති කැඳවා සාකච්ඡා කර රාජ්‍ය සේවකයන්ට රුපියල් දහසක දීමනාවක් ගෙවීම අගය කරන බව කියන
හෙතෙම තම සංගමය වර්ජනයට එක් නොවන බවත් පවසයි. මෙම වර්ජනය එක්තරා වෘත්තීය සමිති මධ්‍යස්ථානයක් ඔවුන්ගේ සංවිධාන සමඟ පමණක් සාකච්ඡා කොට කරන වර්ජනයක් බැවින් තමන් ඊට එක් නොවන බව ලංකා කම්කරු සම්මේලනය පවසයි.
වැඩ කරන ජනතාව මුහුණ දෙන ජීවන ගැටළු හමුවේ රුපියල් දහසක දීමනාව ප්‍රමාණවත් නොවුවත් ප්‍රමාද වී හෝ එම තීන්දුව ගැනීම පිළිබඳව සතුටු වන බවත් එම සම්මේලනයේ සභාපති පර්සි වික්‍රමසේකර මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටී.
අසූවේ ජූලි වර්ජනයෙන් රැකියා අහිමි කළ හත්දහසක පිරිසක් විසි අට වසරක් දුක් විඳිද්දී ඒ පිළිබඳව වචනයක්වත් කථා නොකරන පිරිස් දේශපාලන කෝන්තර පිරිමසා ගැනීමට හා අනියම්වාසි ලබා ගන්නට කම්කරුවන් භාවිතා කිරීමට ජූලි වර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානය විරෝධය පළ කරයි.
දිනකට රුපියල් දහයක සොච්චම් වැටුප් වර්ධකයක් ඉල්ලූ කම්කරුවන් මරණයට පත් කළ, රැකියා අහිමි කළ දේශපාලන පක්ෂයක් සමඟ අසූව වර්ජනයේදී කම්කරුවන් ජයවර්ධන ආණ්ඩුවට පාවා දුන් පක්ෂයත් එක්ව ප්‍රායෝගික නොවන ඉල්ලීමක් මගින් රට අස්ථාවර කරන්නට අර අඳින බව එම සංවිධානයේ ප්‍රධාන ලේකම් පී. අමරදිවාකර මහතා පවසයි.
මුළු ලොවට ම උදා වී ඇත්තේ වැඩියෙන් වැඩ කළ යුතු කාලයක් බැවින් සමස්ථ ලංකා උපාධිධාරී ගුරු සංගම් එකතුව වැඩ වර්ජනවලට නොයන බව එහි ප්‍රධාන ලේකම් ඊ. එම්. ජේ. එස්. ද සේරම් මහතා කියා සිටී.
රටේ පවතින තත්ත්වය අනුව දූරදර්ශීව සිතා කි‍්‍රයා කිරීම වගකිවයුතු වෘත්තීය සමිතියක කාර්යභාරය බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කියා සිටී.
මෙම වර්ජනය ට එක් වීමට තම සංගමය කිසිදු තීරණයක් ගෙන නොමැති බැවින් සංගමයේ අනුදැනුමකින් තොරව වැඩ වර්ජනයට එක්වුවහොත් සාමාජිකත්වය අත්හිටුවන බවත් එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment