Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 25, 2008

ලාල් කාන්තත් පක්ෂයෙන් පන්නන්න හදනවා කෘෂිකර්ම අමාත්‍ය හේමකුමාර නානායක්කාර

නියමිත කාලයටත් පෙර සබරගමුව හා උතුරුමැද පළාත් සභා දෙක විසුරුවලා තියෙනවා. මේක මේ වගේ වෙලාවක ජනතාව මත අනවශ්‍ය බරක් පැටවීමක් කියා විපක්ෂය චෝදනා කරනවා. ඒ ගැන ඔබ හිතන්නේ කුමක්ද?
මේ පළාත් සභා දෙක නියමිත කාලයට පෙර විසුරුවන්න යම් යම් හේතු තිබුණා. ඒ තමයි පළාත් සභාවේ පළාතේ සංවර්ධනයට අදාළ යෝජනාවක් ගෙනාවහම පුරුද්දක් විදිහට විරුද්ධ වීමේ න්‍යාය අනුගමනය කරන විපක්ෂයේ පිරිස් පළාත් සභාවල ඉන්නවා. එතකොට පළාත් සභාවකට වැඩ කරන්න බැහැ. නිරන්තරයෙන්ම කකුලෙන් අදිමින් පළාත් සභාවලට බාධා කරනවා නම් අපිට ඒ පිළිබඳව නඩුව හා අවනඩුව කියන්න ඉන්නේ මහජනතාවයි. මහජනතාවට කරුණු කිව හැක්කේ ඡන්දයක් මගින්. එතකොට මහජනතාව තීන්දු කරනවා කවුද හරි කවුද වැරදි කියලා. මේක තමයි ජනතා පරමාධිපත්‍යය තියන්නේ. එතෙන් දී ජනතාවගේ කැමැත්ත තියෙන කෙනාට ඡන්දය ලැබෙනවා. ඒකටයි අපි දැන් ඉඩදීලා තියෙන්නේ.
අනිත් එක තමයි දැන් අපේ හමුදාව යෝධ ජයග‍්‍රහණ අත්පත් කර ගනිමින් ඉදිරියට යනවා. මේ වගේ ත‍්‍රස්තවාදීන් අසරණ වෙලා ඉන්න වෙලාවක මේ මෙහෙයුම් අඩාල කිරීම කොටි සංවිධානයට සහනයක්. දැන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ එජාපයයි, සෝමවංශ අමරසිංහ මහත්තයාගේ ජ.වි.පෙ.යි කටයුතු කරන්නේ ඒකටයි. මේ අය නෝර්වීජියානු බටහිර ස්වාමීවරුන්ගේ උපදෙස්වලටත්, වරදාන වරප‍්‍රසාදවලටත් යටවෙලා රට අස්ථාවර කරන්න හදනවා. ජනතාව තිබුණාටත් වඩා සුවිශාල සුවිශේෂී ජයග‍්‍රහණයක් වර්තමාන රජයට අත්කර දුන්නොත් මෙන්න මේ උත්සාහය පරාජය වෙනවා. ඇත්තෙන්ම ඒකේ දෙකක් නැහැ. මේ රටේ ජනතාව අපිට ඒ ජය ස්ථිරවම ලබාදීලා මේ උත්සාහය පරද්දනවා.
මේක සූදානම් නැති වේලාවක පවත්වන මැතිවරණයක් කියලා පසුගියදා මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කරලා තිබුණා. එතකොට සූදානම් නැති වෙලාවක මැතිවරණයක් සාධාරණව, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තියන්න පුළුවන් වේවිද?
සාධාරණ ඡන්දයකට මේක කිසිම ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ. මැතිවරණ කොමසාරිස්තුමා ඉදිරිපත් කරපු ඇතැම් කරුණුත් ඇත්ත. නිලධාරීන්ගේ ආදීන්ගේ අඩුපාඩු තිබිය හැකියි. සූදානම්වීමට කාලය පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. නමුත් අපි මෙහෙම හිතමු මොකක්හරි හේතුවක් නිසා උතුරුමැද පළාත් සභාවයි, සබරගමුව පළාත් සභාවයි මුදල් පනතකින් පරාද වුණා.
එතකොට හදිසි මැතිවරණයකට යන්න වෙන්නේ නැද්ද? එතකොට මේ වගේ උත්තර දීලා හරියනවද? දයානන්ද දිශානායක මැතිවරණ කොමසාරිස්තුමා අපේ ඉතිහාසයේ හිටපු මැතිවරණ කොමසාරිස්වරුන් අතරින් බොහොම මහන්සිවෙලා කැපවෙලා කටයුතු කරන මහත්තයෙක්. එතුමාගේ පැත්තෙන් යම් යම් ප‍්‍රායෝගික ගැටලුත් තිබිය හැකියි. නමුත් අනිත් පැත්ත තමයි පළාත් සභා දෙක කුමන ක‍්‍රමයකින් හරි පරාද වුණා නම් හදිසි මැතිවරණයකට යන්න වෙනවා. එහෙම නැතිව පළාත් සභා සීල් කරලා පැත්තකින් තියන්න බැහැනේ.
උතුරුමැද හා සබරගමුව පළාත් සභා දෙක කලින්ම විසුරුවා හරින්න ගත් කි‍්‍රයාමාර්ගය ඔබ කී පරිදි සාධාරණයි කිව්ව හැකියි. නමුත් මීටකලින් ආණ්ඩුවට විසුරුවන්න තිබුණේ බස්නාහිර පළාත් සභාවයි?
ඔව් බස්නාහිරත් විසුරුවන්න අපිට තිබුණා. නමුත් අපට උතුරුමැද හා සබරගමු පළාත් සභාවල දැනට තියෙන ප‍්‍රශ්න, බස්නාහිර පළාත් සභාවේ දැනට නැහැ. බස්නාහිර ගැටලු නැහැමයි කියන්නේ නැහැ. නමුත් විසුරුවලා තියෙන පළාත් සභා දෙකේ තරම් නැහැ. ඒනිසා සබරගමුව හා උතුරුමැද විසුරුවා හැරීමේ වරදක් නැහැ.
එක්සත් ජාතික පක්ෂයෙන් උතුරුමැද පළාත් සභාවට තරඟවදින ජානක පෙරේරා මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු තිබෙන බව නිතරම කියැවෙනවා. ප‍්‍රමාණවත් ආරක්ෂාවක් තවමත් එතුමාට දීලා නැහැ නේද?
ජානක පෙරේරා මහත්තයා කියන්නේ දක්ෂ හමුදා නිලධාරියෙක්. එතුමාට ආරක්ෂාව පිළිබඳ අපටත් වඩා හොඳ දැනුමක් තියෙනවා. එතුමාට ආරක්ෂකයෝ 100 ක් අවශ්‍යයි කිව්වොත් ඒක ලැබෙන්නේ නැහැ. දැන් මට ආරක්ෂකයෝ අඩුයි. වෙනත් ඇමැති කෙනෙකුට ආරක්ෂකයෝ වැඩියි. ඒනිසා මටත් වැඩියෙන් ඕනේ කිව්වට ලැබෙන්නේ නැහැ. හැම පුද්ගලයාටම කොටි සංවිධානයෙන් තියෙන්නා වු තර්ජනය පිළිබඳ ඇස්තමේන්තු කරනවා. ඒක කරන්නේ ආරක්ෂක අංශවලින්. ඒ වාගේම මැතිවරණයේදී ඉලක්කවන තර්ජනයන් සහ හානි පිළිබඳවත් ඇස්තමේන්තු කරනවා.
මේකට අනුව තමයි ආරක්ෂාව සැපයෙන්නේ. දැන් ජානක පෙරේරා මහත්තයාට තමන්ගේ ආරක්ෂාව මදිනම් ඒ ගැන ඉල්ලීමක් කළ හැකියි. නමුත් ඒ ගැන තක්සේරුවක් කරලයි ආරක්ෂාව ලැබෙන්නේ.
ඔබ කියන්නේ ලැබෙන ආරක්ෂාව එතුමාට ප‍්‍රමාණවත් කියලද?
ඒක ඇස්තමේන්තු කරන්නේ මම නොවෙයිනේ. ආරක්ෂාව ඇස්තමේන්තු කරන්නේ පොලිසියයි. පොලිසියේ මතය අනුව ප‍්‍රමාණවත් නිසා තමයි ඔය ආරක්ෂාව දීලා තියෙන්නේ.
මම අහන්නේ රජයට මේකට මීට වඩා මැදිහත්වීමක් කරන්න බැරිද කියලයි?
ඒක පිළිබඳ පොලිසිය දෙන නිර්දේශ මතයි තීන්දු වෙන්නේ.
එක්දින සංකේත වැඩ වර්ජනයක් දියත් කළ ජ.වි.පෙ. දැන් දින තුනක වැඩ වර්ජනයක් කරනවා කියලා අනතුරු හඟවලා තියෙනවා?
ගිය සැරේ දවසක සංකේත වර්ජනයත් සම්පූර්ණ පුස් ලෝඩමක්. මේ ගැන මම ලාල් කාන්ත මන්තී‍්‍රතුමාට දොස් කියන්න ලෑස්ති නැහැ. ලාල්කාන්ත මන්තී‍්‍රතුමා ඒක අකමැත්තෙන් කළ බවත් අපිට පේනවා.
දැන් විමල් වීරවංශ මන්තී‍්‍රතුමා ජ.වි.පෙ. නායකත්වයට හිසරදයක් වුණා. මොකද එතුමාගේ ජනප‍්‍රියත්වය නිසා. පක්ෂයේ අය විමල් වීරවංශ මහත්තයාට ගහපු ගැහිලි එතුමා ජ.වි.පෙ.න් ඉවත්වෙන්න ඉස්සරලා කරපු අවසාන කතාවෙන් පැහැදිලි වුණා. ඊළඟට මේ පක්ෂයේ ඉන්න ප‍්‍රධාන ජනප‍්‍රිය චරිතයක් තමා ලාල් කාන්ත මන්තී‍්‍රතුමා. ලාල් කාන්ත මන්තී‍්‍රතුමා පළවා හරින්නත් උත්සාහයක් දැන් තියෙනවා. ඔය වර්ජනවලින් අපකීර්තියට පත්වන්නේ ජ.වි.පෙ. නොවෙයි ලාල්කාන්ත මන්තී‍්‍රතුමයි. ජ.වි.පෙ. අද තියෙන්නේ ඩෙනිම් කලිසමයි ටීෂර්ට් එකයි ඇඳලා කරන විප්ලවයක්. නායක සෝමවංශ අමරසිංහ මහත්තයා ඇමරිකාවේ ඩෙනිම් කලිසමක් ඇඳගෙන එංගලන්තයේ ටීෂර්ට් එකක් ඇඳගෙනයි විප්ලව ගැන කතා කරන්නේ.
ලාල්කාන්ත මන්තී‍්‍රතුමා කියන්නේ ගැමි ජනතාව අතරින් පක්ෂයට බැඳිලා විප්ලවයට කි‍්‍රයාකාරිව සහභාගි වෙලා. කැපකිරීම් කරලා. ඒ සියල්ල දැකලා දුක්විඳලා ආව කෙනෙක්. ඒ නිසා අද ජ.වි.පෙ. ලාල්කාන්තව විනාශ කරන්නයි ඔය වර්ජන උගුල අටවලා තියෙන්නේ. මේකෙන් පේනවා ජනප‍්‍රියව නැගීගෙන එන තරුණයන්ට ජ.වි.පෙ. තැනක් දෙන්නේ නැති බව.
මේ අනුව ලාල්කාන්ත මහත්තයාට ජ.වි.පෙ. තුන්දින ලණුවක් දීලා තියෙනවා. මේවා ගැන මේ රටේ ජනතාව අවදියෙන් ඉන්නේ. සූදානමින් ඉන්නේ. කොහොම වුණත් ජ.වි.පෙ. මේ යන ගමන තුළින් තවත් පලුවක් ඉන් ළඟදීම ගැලවෙනවා.
පසුගිය සංකේත වර්ජනය ආණ්ඩුව විසින් මැරයන්, සහ මාධ්‍ය භාවිත කරමින් ගෙන ගිය මර්දනය හමුවේත් සාර්ථකයි කියලයි ජ.වි.පෙ. ප‍්‍රමුඛ වර්ජනයට සහභාගි වූවන් කියන්නේ?
ආණ්ඩුව මර්දනයක් ගෙන ගියා කියන එක සම්පූර්ණ අසත්‍යයක්. එක ඉස්කෝලෙක ගේට්ටුවට ඉබ්බෝ දාල විදුහල්පතිවරයයි, ගුරුවරුයි කවුරුත් ආවේ නැහැ.
එතකොට කොහොමද ඒක වුණේ. විදුහල්පතිවරයා ඉන්න තැන පොලිසිය හෝ හමුදාව හෝ ආණ්ඩුවේ කි‍්‍රයාකාරීන් හෝ නොදන්නවාද? ඒනිසා ඒක බොරු චෝදනාවක්. තමන්ගේ උත්සාහය අසාර්ථක වුණාහම මේ අය මොකක් හරි බොරු හේතුවක් කියනවා.
එ.ජා.ප., ජ.වි.පෙ. දෙමළ සන්ධානය, ප‍්‍රභාකරන් යන හතරම එකතුවෙලා තමයි පසුගිය වර්ජනය කළේ. ටී. එන්. ඒ. ඇතැම් නායකයෝ ද්‍රවිඩ ගුරු සංගම්වලට පුද්ගලිකව කතාකරලා කියලා තියෙනවා වර්ජනය කරන්න කියලා.
ටැමිල් නෙට් කොටින්ගේ වෙබ් අඩවිය කිව්වා මේ වර්ජනයට සම්පූර්ණ සහය දෙන්න කියලා. මේකෙන් අපිට මේ හවුල පේනවා. විජිත හේරත්, අනුර දිසානායක, සෝමවංශ අමරසිංහ මහත්වරු අපට කොටි ලේබල් අලවන්න එපා කියලා අඬනවා. අපි නොවේ ලේබල් අලවලා තියෙන්නේ.
ඒ අයමයි අලෝගෙන තියෙන්නේ. දැන් වෙඩිතලතිව්, මන්නාරම, මුලතිව් විශාල මෙහෙයුම් යනකොට, මාතෘභූමිය රැකගන්න මෙහෙයුම් යනකොට, අපේ ආර්ථිකයට විශාල පහරක් එල්ල කරලා තියෙන යුද්ධය අවසාන කරන්න මෙහෙයුම් යනකොට ඒක කඩාකප්පල් කිරීම තුළ පමණයි කොටින්ගේ පරාජය ප‍්‍රමාද කරන්න පුළුවන්.
ඒ කඩාකප්පල් කිරීමට අගනගරයේ හෝ වෙනත් නගරවල බැරිවෙන කොට ද්‍රවිඩ ජනතාව විසින්ම හමුදාවට බෝම්බ පිපිරවීම් ආදී උත්සාහයන් ගැන තොරතුරු දෙනකොට දකුණේ දේශපාලන අස්ථාවර හටගත් ආර්ථික අස්ථාවරභාවයක් ඇතිකිරීමටත් කටයුතු කිරීමට එජාප, ජ.වි.පෙ., ටී.එන්.ඒ., එල්.ටී.ටී.ඊ. කියන සතර අපාය එකතුවෙලා මේ කටයුතු කරනවා. අද ජ.වි.පෙ.ට යන එනමං නැතිවෙලා තියෙනවා.
එදා කොටින්ව විවේචනය කරලා, යුද්ධයෙන් මේ ප‍්‍රශ්නය ඉවර කරන්න ඕනේ කියපු අය අද සම්පූර්ණයෙන්ම කොටින්ගේ පැත්ත අරගෙන රට අස්ථාවර කරන්න යනකොට මේ රටේ මහජනතාවට ඒක හොඳට තේරෙනවා. ජනතාව මේපාර ඡන්දයේදී ජ.වි.පෙ.ට ඒක හොඳට කියලා දේවි.
මෙහෙම බලපුවාම ආණ්ඩුවට එරෙහිව මත දරන හැමෝම කොටි ද කියන ප‍්‍රශ්නයක් මතුවෙනවා?
නැහැනේ. දැන් ආණ්ඩුවට විරුද්ධ මත දරන තවත් අය ඉන්නවා. කවුද ඒ? විමල් වීරවංශ මහත්තයාගේ පිරිස. අද සීහ ගිවිසුම අස්සන් කරන්න එපා කියනවා. නමුත් අපි එයාට කොටියා කියනවාද? නැහැ. ආණ්ඩුවට එරෙහිව මත ප‍්‍රකාශ කළාට නව සම සමාජ පක්ෂයේ වික‍්‍රමබාහු කරුණාරත්න මහත්තයාට අපි කොටියෙක් කියනවද? නැහැනේ.
කොටින්ට අවශ්‍ය යුද්ධය නතර කර ගැනීමට නම් යුද්ධය අඩාල කිරීමටනම්, ලොකු වර්ජනයක් රටේ ගෙනයද්දී පාසල්වල ආරක්ෂාවට, වැඩබිම්වල ආරක්ෂාවට, ජනතාවගේ ආරක්ෂාවට හමුදාව පොලිසිය කැඳවන්න වුණහම ඒකෙන් මෙහෙයුම්වලට බාධා එල්ල වෙන්නේ නැද්ද? ආර්ථිකය කඩාවැටෙන්නේ නැද්ද? ඊළඟට රෝහල් වගේ සේවා ස්ථානවලට නියමිත පිරිස් සේවයට එන්නේ නැතිකොට ඒවායේ සේවයට හමුදාව යද්දී මෙහෙයුම් අඩාල වෙන්නේ නැද්ද? මේක බොහෝම සරල තර්කයක්. කොටියාට උදව් කරන්නේ කොටි පැටවාය. ඒ නිසා කොටින්ගෙන් කිරි බී, නෝර්වීජියානු සල්ලිවලින් පෝෂණය වී උදරය රැකගැනීමේ සටනක ඉන්න මේ සතර අපායේ කොටස්කරුවන් කොටි හවුල්කරුවන් වනවාය.
සංවාදය – මලික් චමින්ද ධර්මවර්ධන

No comments: