Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 25, 2008

සාර්ක් පැවැත්වෙන දිනවලදී උතුරේ සටන් නවත්වන්නේ නෑ- ඇමැති අනුර යාපා

දුමින්ද ගුරුගේ
සාර්ක් සමුළුව පැවැත්වෙන කාලය තුළ ප‍්‍රහාර නතර කිරීමට රජය කිසිදු තීන්දුවක් ගෙන නැතැයි කැබිනට් ප‍්‍රකාශක තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.
එල්.ටී.ටී.ඊ. ඒකපාර්ශ්වික සටන් විරාමය සම්බන්ධයෙන් රජයේ පැහැදිලි ස්ථාවරය මේ වනවිටත් ප‍්‍රකාශයට පත්කොට ඇතැයි පැවැසු ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් අවි බිම තබා එන්නේ නම් රජය සාකච්ඡාවට සූදානම් බව ප‍්‍රකාශ කළේය. රජය කිසිවිටෙකත් එල්.ටී.ටී.ඊ.යේ උගුලට හසු නොවන බව පැවැසු ඇමැතිවරයා හමුදාවේ චිත්ත ධෛර්යය අඩුවන ආකාරයේ කිසිඳු කි‍්‍රයාමාර්ගයක් නොගන්නා බව ද කීවේය.
ආරක්ෂක හමුදාව ප‍්‍රහාර එල්ල කරන්නේ ත‍්‍රස්තවාදී තිත්පොළවලට බව පැවැසු ඇමැති අනුර යාපා මහතා රජය මේ මානුෂික මෙහෙවර ඇරඹු අවස්ථාවේ සිටම ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කොට යටිතල පහසුකම් සැලසීමට පියවර ගන්නා බව ද කීය.
එක්සත් ජාතික පක්ෂය එල්.ටී.ටී.ඊ. සටන් විරාමය පිළිගන්නා බවට එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කොට තිබූ බව පැවැසු ඇමැතිවරයා එසේ එම සටන් විරාමය පිළිගැනීමෙන් ආරක්ෂක අංශ ලබාගත් ජයග‍්‍රහණ ආපසු හැරවීමට සිදුවන බවද ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා කීවේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මේ බව ප‍්‍රකාශ කළේය.

No comments: