Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, July 22, 2008

අපි මේ ඡන්ද දෙකත් උඩින්ම දිනනවා - ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න විදුලිබල හා බලශක්ති අමාත්‍ය


ළඟ එන පළාත් සභා මැතිවරණ දෙක පිළිබඳ, පැවැති පළාත් සභාවෙන් සබරගමුවට සිදුවූ සේවය ගැනත් ,එජාපය සබරගමුවේ මහ ඇමැති ප‍්‍රශ්නය විසඳ්‍රගත් ආකාරය පිළිබඳ මෙන් ම සාක් සමුළු සූදානම, විදුලිබල පනත නැවත ගෙන ඒම ඇතුළු කාලීන දේශපාලන සංසිද්ධීන් කිහිපයක් අළලා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න සමඟ කළ සාකච්ඡාව.
* උතුරුමැද සහ සබරගමුව පළාත් සභා දෙක විසුරුවා හැරීම සම්බන්ධයෙන් සහ එහි ජයග‍්‍රහණය සම්බන්ධව බොහෝ අය විවිධ කතා කියනවා. ජවි.පෙ සහාය නැතිව විකල්ප කණ්ඩායමේ සහයෙන් විතරක් පෙරමුණට මේ පළාත් දෙක ජයග‍්‍රහණය කරන්න පුළුවන් ද?
2004 පළාත් සභා මැතිවරණය අප සන්ධානයක් විදිහට තරග කළා. ශ‍්‍රී ලනිප සහ ජවිපෙ ගොනුවක් විදිහට අප එම තරගයට එක්වුණා. 2004 දී එම පළාත් සභාව අපේ එකතුවෙන් දිනුවා. ඒත් පළාත් පාලන මැතිවරණය තිබ්බේ සන්ධානය වශයෙන් නෙමෙයි. වෙන වෙනම. එදත් ශ‍්‍රී ල නි ප ය වෙන මැතිවරණ වගේම දිණුවා. මේකෙන් ගම්‍යවන එක දෙයක් තියෙනවා.
ඒ 2004 පළාත් පාලන මැතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයන් දිනුවෙ ශ‍්‍රීලනිපයට ලැබුණු මනාපවලින් කියන එක. ජවිපෙ එක්වුණා කියලා එජනිසට විශාල ඡන්ද සංඛ්‍යාවක් වැඩිවුණේ නෑ. ඒ නිසා ඒ අය අපෙන් ඉවත් වුණා කියලා අපට ඡන්ද අඩුවීමක් වෙන්නෙ නෑ. ඒක පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලවලින්ම පැහැදිලි වෙනවා.
අද වන විට ජවිපෙ කෑලි කෑලිවලට කැඩිලා. ඉහළ මට්ටමේ අය එකිනෙකාට විරුද්ධව ආක්‍රෝෂ පරිභව කරමින්, තම තමන්ගෙ කිළුටු ප‍්‍රසිද්ධියේ සෝදමින්, හිරිකිත විදිහට හැසිරෙනවා. මේ නිසා බලාපොරොත්තු බොහෝමයක් පොදි බැඳගෙන හිටිය ජවිපෙ තරුණයන් අද වන විට ජේවිපිය ගැන කලකිරිලා. ඒ කලකිරීමත් සමඟම ඔවුන් රජයේ වැඩපිළිවෙළ ගැන පැහැදීමකට පත්වෙලා.
රටේ පවතින එල්.ටී.ටී.ඊ. ප‍්‍රශ්නයට විරුද්ධව රජය ගෙන යන විසැඳුම් සහ අද වන විට අපේ හමුදාව ලබා තිබෙන ජයග‍්‍රහණ පිළිබඳව ජනතාවගේ පැහැදීමක් තිබෙනවා. ඒ පැහැදීමත් සමඟ උතුරු මැද සහ සබරගමු පළාත් සභා මැතිවරණ ජය පෙරමුණට ලැබෙන බව ස්ථිරයි.
* එජාපයට මහ ඇමැතිකෙනෙක්වත් නෑ කිව්වා. දැන් රන්ජන් සබරගමුවට නම් කරලා. ඔහු වගේ ජනප‍්‍රිය චරිතයක් එක්ක ඔබලාට තරග කරන්න පුළුවන් වෙයිද ?
පළාත් සභා මැතිවරණයකට ඉදිරිපත්වෙලා එහි පාලන බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන පක්ෂයකට, අනිවාර්යයෙන්ම එම කණ්ඩායමේ නායකයා හා අනාගත මහ ඇමැති අපේක්ෂකයා නම් කර ඡන්ද දායකයන්ට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබිය යුතුයි. බොහෝවිට ඡන්ද දායකයා ඡන්දෙ දෙන්නෙ තමන්ගෙ පළාත් සභාවට අනාගතයේ නායකත්වය දෙන පුද්ගලයා දිහා බලාගෙන.
ඔහු අඩුපාඩු හා දුර්වලතා ඇති අයෙකු වුවත්, ඔහුට අනාගතයේ නායකත්වයක් දිය හැකි යැයි තීරණය කළොත්, එදාට ඒ පුද්ගලයාට ඡන්ද ලැබෙන්න පුළුවන්. ජනතාව බලන්නෙ තමන්ගෙ නායකයට ප‍්‍රශ්න විසැඳිය හැකිද ? යන දේ පිළිබඳයි ජන ප‍්‍රශ්න තේරුම්ගත හැකි, ඒවාට පිළිතුරු සැපයිය හැකි කෙනෙකුයි ඔවුන් නායකත්වයට තෝරගන්නේ. ඒත් එජාපයේ උදවියට ඒ වගේ පුද්ගලයෙක් පළාත තුළම නෑ.
අපේ රට ඉන්දියාවට වඩා වෙනස්. ඉන්දියාවෙ අය නළු නිළියන්ට, ගායක ගායිකාවන්ට සැලකීම් කළාට, අපේ රටේ එවැනි තත්ත්වයක් නෑ. නළුවෙක්ව නායකත්වයට පත් කරන්න තරම් අපේ රට මෝඩ නෑ. ඉන්දියාවෙ නළු නිළියන්ට දේවත්වයෙන් සැලකුවත් අපේ රටේ එහෙම නෑ. විජය, ගාමිණී වැනි අය චිත‍්‍රපට ලෝකයේ ඉහළටම ගිය, එමෙන්ම ජනතා ප‍්‍රශ්න ගැනත්, අවධානය යොමු කරමින් ඉහළ මට්ටමේ සමාජ පිළිගැනීමක් ඇතිකර ගත් අය. ඒත් රන්ජන්ට අපට එහෙම කියන්න බෑ.
* රාජපක්ෂ සමාගමෙන් සහ මහීපාල හේරත්ගෙන් පළාත් සභා මැතිවරණයේදී සබරගමුව බේරා ගන්නා බව රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශකර තිබුණා. හිටපු මහ ඇමැතිවරයා පළාතට විනාශකාරී අයෙක් ද?
එජාපය හැමදාම මැතිවරණයකට පෙර, නොයෙක් ප‍්‍රකාශ කරනවා. මැතිවරණයක් නැති කාලෙට මැතිවරණ ඉල්ලනවා. මැතිවරණයක් එනකොට එය විවේචනය කරනවා. එක්කෝ ඒකට විරුද්ධව අධිකරණයට යනවා. නැත්නම් මොකක් හරි කරුණක් අල්ලගෙන කෑ ගහනවා. මැතිවරණය පරාජය වුණහම මේ අය කරන්නෙ මැතිවරණ පවත්වපු ආකාරය වැරැදියි කියලා ඒ අයගෙ මතය සාධාරණීකරණය කරන්න යනවා. මේ වගේ විලම්බීත පක්ෂයක් මං තවත් දැකලා නෑ. මේ වගේ ප‍්‍රකාශයක් කර තිබෙනවා නම් ඒක කරලා තියෙන්නෙ ජනතා අවශ්‍යතා හෝ ඔවුන් හිතන පතන ආකාරය ගැන හෝ හිතලා නෙමෙයි කියන එක ගැන පැහැදිලියි.
පහුගිය කාලෙ එජාපය ජනතා අවධානය ඇද ගැනීමට, කි‍්‍රයාත්මක කරපු කි‍්‍රයා ජනතාවගේ උසුළු විසුළුවලට ලක්වුණා. කාලයක් ගොන් කරත්තවල ගියා. වාහන පාරෙ නතර කරලා නළා ශබ්ද කළා. වළං මුට්ටි පොළොවෙ ගැහුවා. මේ සියල්ලෙන් ම පේන්නෙ එජාපයෙ අදහස්වල බංකොලොත්භාවය මිසක් වෙන දෙයක් නෙමෙයි. මේ පක්ෂෙ අද හැසිරීම ඉතාමත්ම ප‍්‍රාථමික ලක්ෂණ එක්ක තියෙන්නෙ. මේ නිසාම තමයි එජාපය වැනි එදා තිබූ ප‍්‍රබල පක්ෂයකට කාලයක් ගත වෙනකං මහ ඇමැති අපේක්ෂකයෙක් නම් කරන්න බැරි වුණේ. ඒ කියන්නෙ අද වන විට ප‍්‍රබුද්ධ ජනතාව ඒ අයගෙන් ඈත්වෙලා කියන එකයි. අද ජනතාවට ඕනෙ චෝදනා, විවේචන නෙමෙයි. තමන් මුහුණ දෙන ප‍්‍රශ්නවලට විසැඳුම් දීලා, ප‍්‍රායෝගිකව ඒවා විසැඳිය හැකි දේශපාලනඥයෙක්.
එජාපය අද මූලික අයිතිවාසිකම්, බඩු මිල ගැන කතා කරනවා. යුද්ධය ගැන කථා කරනවා. මේ සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන කරුණු ඉවත් කරන්න හෝ ඒ සඳහා ඇති ගැටලු විසඳන්න, පක්ෂයට කරුණු ඉදිරිපත් කරන්න වැඩපිළිවෙළක් හෝ දර්ශනයක් ඒ අයට නෑ.
එජාපය ජනවාර්ගික ප‍්‍රශ්නෙට විසැඳුමක් විදිහට ෆෙඩරල් ක‍්‍රමය ඉල්ලුවා. ඊයෙ පෙරේදා ඒක ඉල්ලා අස්කර ගත්තා. ඒක කළේ ජේවීපීය සමඟ දේශපාලන සන්ධානයකට යාමටයි. කවදාවක්වත් නැති ආකාරයට එල්.ටී.ටී.ඊ. යට ප‍්‍රහාර වැදෙමින්, ඔවුන්ට ඔලුව උස්සගන්න බැරි මට්ටමට පත්වෙලා. මේ රටේ ත‍්‍රස්තවාදයට කවුරු හරි විරුද්ධ නම්, ඒ අයට සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් අද ඇති වෙමින් පවතිනවා. ඒත් එජාපය අද ඒ ගැන ප‍්‍රශංසාත්මක වචනයක් වත් කතා කරන්නෙ නෑ.
ඊයේ පෙරේදා ජේ.වී.පී.ය මහා වැඩ වර්ජනයක් කළා. මේකට හේතු වුණේ ප‍්‍රධාන වශයෙන් දේශපාලන අරමුණු. එජාපයත් රජය පෙරළන්න හිතාගෙන මේ අයට සහය දුන්නා. අවසානයේ මොකද වුණේ. ඒක අසාර්ථක වුණා. කම්කරු ජනතාව අතර මේ පක්ෂ දෙකට අදාළ වෘත්තීය සමිති හෑල්ලු වුණා. මේ ආකාරයට අද එජාපය ඉතාමත්ම බරපතළ බුද්ධිමය කඩාවැටීමකට පත්වෙලා. ඒ නිසා ජනතාවගෙ විශ්වාසය පක්ෂයෙන් ඈත්වෙලා.
* පසුගිය කාලෙ සබරගමුව පළාත් සභාව මගින් ජනතාවට දැනෙන දෙයක් කරලා නෑ නේද ?
සබරගමු පළාත් සභාව පසු ගිය කාලය තුළ විශාල වැඩ කොටසක් නොකළා යැයි කියන්න බෑ.
අතීතයේදී ඒ පළාත යටිතල පහසුකම්, අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් අතින් විශාල ලෙස පිරිහුණු පළාතක්. පහුගිය කාලය තුළ ඒ අංශවල විශාල ප‍්‍රගතියක් ඇති වුණා. එය මේ පළාත් සභාවෙ පාලනාධිකාරිය කළ කටයුත්තක්.
* විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විදිහට සබරගමු පළාතට කළ සේවය ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද ?
ජනාධිපතිතුමා අමාත්‍යවරයා විදිහට මාව පත් කරනකොට බලශක්ති අර්බුදයක් තිබුණා. බලාගාර ඉදිකිරීමේ ප‍්‍රමාදය දේශපාලනයට යටපත් වුණා. සියලු අභියෝග ජය ගනිමින් මේ අමාත්‍යාංශය මං භාර ගත්තා. විදුලිබල ක්ෂේත‍්‍රය ගත්තොත් පසුගිය වසර තුන තුළ මෙතෙක් මේ ක්ෂේත‍්‍රයේ වූ දැවැන්තම සංවර්ධන කාර්ය සිද්ධවුණා නොරොච්චෝලෙ, කෙරවලපිටිය, වැනි බලාගාර තැනීම ආරම්භ කළා.
සැමට විදුලිය තේමාව යටතේ රත්නපුර දිස්ත‍්‍රික්කයට විදුලිය ලබා දීමේ දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ හරහා අද දිස්ති‍්‍රක්කය පුරාම විදුලිය ලබා දීමට ව්‍යාපෘති ආරම්භ වෙමින් පවතිනවා. කෑගල්ලටත් ඒ ආකාරයෙන් විදුලිය ලබා දීමට යෝජනා ක‍්‍රම කි‍්‍රයාත්මක වෙමින් පවතිනවා.
* අද වන විට අපේ රටේ පවත්නා යුද්ධය වෙනුවෙන්,සේවක පඩිනඩි වෙනුවෙන් විශාල වියදමක් දරනවා. සංවර්ධන කටයුතු වෙනුවෙනුත් වියදම් කරනවා. මෙවන් තත්ත්වයක් තිබියදී සාර්ක් සමුළුව ලංකාවේ පැවැත්වීමට තීරණය කරලා. එවැනි අනවශ්‍ය වියදම් දැරීමක් වෙනුවෙන් රජය මැදිහත් වුණේ ඇයි.?
ලංකාව කියන්නේ සාර්ක් සංවිධානයට අයත් රටක්. ඒ නිසා මේ සමුළුව මෙවර ලංකාවේ පැවැත්වීමට තීරණය වී තිබෙනවා. මේ වනවිට ඒ සඳහා අපරට සූදානම් වෙමින් සිටින්නෙ. සාර්ක් සමුළුව අපේ රටේ පවත්වනවා කියන්නෙ එය අපට එක්තරා ආකාරයකින් අභිමානයක්. එය සාර්ථකව සහ අංගසම්පූර්ණව පැවැත්වීමේ වගකීම අපට පැවරෙනවා.
ඒ නිසා එය සැලසුම් කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. සාර්ක් රටවල් ඇතුළත් සාර්ක් කලාපය තුළ අප අන්‍යෝන්‍ය මිත‍්‍රත්වය හා සම්බන්ධතා පවත්වාගෙන යාම අපට ආර්ථික අතින් විශාල ප‍්‍රයෝජන ලැබෙන්නක්. ඒ නිසා අපට ලැබෙන අවස්ථාවෙන් අප ප‍්‍රයෝජන ගත යුතුයි. අපට රටක් විදිහට කලාපීය හෝ ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වෙලා ඉන්න බෑ. ඒ නිසා සාර්ක් සමුළුව වෙනුවෙන් අපේ රටේ රාජ්‍ය මැදිහත්වීම අනිවාර්යෙයෙන් සිදුවිය යුතුයි.
* පසුගිය කාලෙ විදුලිබල පනත පිළිබඳ බොහෝ අවස්ථාවල කතා කළා. එය නැවත ගෙන ඒමේ අදහසක් පවතින බවත් පැවසෙනවා. මේ වැනිම බලාපොරොත්තු වන්නේ විදුලිය පෞද්ගලිකරණය කිරීමක්ද ?
පනත් කෙටුම්පත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ගෙන එනවා. විදුලිය සැපයීම කියන්නෙ මහජන සේවාවක්. ඉතිහාසය තුළ විදුලිය පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ ක‍්‍රමයක් තිබුණෙ නෑ. ඒ නිසා විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමක් අවශ්‍යයයි. ඒ අයිතිය ආරක්ෂිත කිරීමට සහ ඒකට අවශ්‍ය නියාමකයක් ඇති කිරීම මේ මගින් සිදුවෙනවා.
එජාපය පසුගිය කාලෙ සම්ගම් අටකට පුද්ගලිකරණය කරන්න පනතක් ගෙනාවා. ලංවීම විමධ්‍යගත කරන පනතට පෙරමුණ ආණ්ඩුව කැමැති නෑ. මහින්ද චින්තන ප‍්‍රතිපත්තිය මඟින් ජනාධිපතිවරයා පැහැදිලිවම කියලා තියෙනවා රජයේ කිසිම ආයතනයක් පෞද්ගලීකරණය කරන්නෙ නෑ කියලා. එහෙනම් මේ පනත මඟින් විදුලිය පෞද්ගලීකරණය කරනවා කියන මතයට එන්න කාටවත් බෑ.
අප මෙය සකසලා, සේවකයන්ට ඉදිරිපත් කළා. ඔවුන්ගේ අදහස් දැනගන්න. වෘත්තීය සමිති, සංශෝධන ඉදිරිපත් කළා. ඒවා සැලකිල්ලට ගෙන සංශෝධනය කරලා කෙටුම්පත ගේනවා. අපට බොහෝ අය මේ සම්බන්ධයෙන් ප‍්‍රසාදය පළ කළා.
* ජනතා විරෝධය මැද ආරම්භ කළ නොරොච්චෝලෙ සහ කෙරවලපිටිය විදුලිබලාගාරවල තත්ත්වය කොහොමද ?
නොරොච්චෝලෙ 2011 වන විට වැඩ අවසන් කරනවා. මේ වන විට යටිතල පහසුකම් ගොඩනගලා තියෙන්නෙ. එහි 50% ක සාර්ථකත්වයක් මේ වනවිට තියෙනවා.
කෙරවලපිටිය විදුලිබලාගාරය ලබන මාසෙ වන විට විවෘත කරනවා. මේ වසරේ මෙ.වො. 200ක් එ’මඟින් ලැබෙනවා.
සටහනඉරෝෂිණී දීපිකා

No comments: