Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, July 29, 2008

සාර්ක් කලාපීය රටවල සහයෝගයෙන් ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් කරනවා :- අගමැති

සාර්ක් කලාපීය රටවල සහයෝගය ඇතිව ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට කටයුතු යොදන බව අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා පැවසීය.
ශී‍්‍ර ලංකාව අවදානම් රටක් බවට ලොව පුරා පතුරවා හැරීමට කොටි ත‍්‍රස්තවාදීන් අසාර්ථක උත්සාහයක නිරත වන බවත් මෙම උත්සාහයත් මර්දනය කිරීමට ශී‍්‍ර ලංකා රජය කටයුතු යොදා තිබෙන බවත් පැවසූ වික‍්‍රමනායක මහතා සාර්ක් සමුළුව ශී‍්‍ර ලංකාවේ පැවැත්වීමට කටයුතු කෙළේ ශී‍්‍ර ලංකාව පිළිබඳ විදේශීය රටවල පවතින දුර්මත වෙනස් කිරීමේ අරමුණෙන් බවත් ප‍්‍රකාශ කෙළේය.
වසර හතරක සේවා කාලයකින් පසුව දිවයිනෙන් බැහැර යන කියුබානු තානාපතිනී එනා වියන්ට් වල්දේස් මහත්මිය හමු වූ අවස්ථාවේදී අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා මේ බැව් පැවසීය. මෙම හමුව ඊයේ පෙරවරුවේ (28) අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. එහිදී අගමැතිවරයා මෙසේද කීවේය.
කලාපීය රටවල නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් සාර්ක් සමුළුව මෙරට පැවැත්වීමෙන් ශී‍්‍ර ලංකාව සුරක්ෂිත රටක් යන මතය තව තවත් තහවුරු කළ හැකිවෙනවා. අද වන විට නැගෙනහිර ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට හැකිව තිබෙනවා. උතුර මුදා ගැනීමට ආසන්නයෙන්ම සිටිනවා. ළඟදීම උතුරත් ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට හැකිවනු ඇතැයි මම තරයේ විශ්වාස කරනවා. උතුර මුදාගත් සැණෙකින් උතුර සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
කියුබානු රාජ්‍යයෙන් ශී‍්‍ර ලංකාවට ලැබුණ සහාය කවදාවත් අමතක කළ නොහැකියි. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාවේ දියුණුවට කියුබානු රජයෙන් විශාල ආධාර උපකාර කළා. ලංකාවේ වෛද්‍ය සිසුන් හට කියුබානු වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදීම අපේ රටේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවට විශාල පිටුවහලක් වුණා.
අදටත් කියුබානු රජය වසරකට ශී‍්‍ර ලංකාවට වෛද්‍ය විද්‍යා ක්‍ෂේත‍්‍රය සඳහා ශිෂ්‍යත්ව 12 ලබාදීම පිළිබඳව මම සතටු වනවා. කියුබානු රජයෙන් ලබාදුන් උදව් උපකාර පිළිබඳව ශී‍්‍ර ලංකා රජයේත්, ජනතාවගේත් සුභාෂිංශනය පිරිනමනවා.
මෙහිදී අදහස් දැක්් වූ කියාබානු තානාපති එනා වියන්ට් වල්දේස් මහත්මිය - කියුබානු රජයත් ශී‍්‍ර ලංකා රාජ්‍යයත් අතර දීර්ඝ කාලීන සබඳතා තිබෙනවා. කියුබානු විප්ලවයෙන් පසු කියුබානු රජය පිළිගත් රටවල් අතර ශී‍්‍ර ලංකාව ප‍්‍රමුඛ රටක්. ඒ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ පාලන කාලයේ. කියුබානු රජයත් එරට ජනතාවත් හිටපු අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාව සිහිපත් කරනවා.
මෙවැනි සුන්දර දිවයිනක සේවය කිරීමට ලැබීම තමන් ලැබූ භාග්‍යයක් යැයි පැවසූ තානාපතිවරිය තමාගේ සේවා කාලය තුළදී ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය සඳහා කියුබානු රජයෙන් ලැබිය යුතු සියලු සහාය ලබාදීමට තමන්ට හැකි වූ බවද පැවසීය

No comments: