Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 28, 2008

කිලිනොච්චිය දිසා මායිම වෙත හමුදා සේනාංක සමීප වෙයි

මන්නාරම දිස්ති‍්‍රක්කයේ අවසන් කොටි කඳවුර තුන් පැත්තකින් වැටලීමට යුද හමුදාව ඊයේ වන විට සමත් වූයේ ය.
වෙඩිතල්තිව් බිඳ දැමීමෙන් පසු වේගවත් ගමනක නිරතවූ 58 සේනාංකය ඉරිදා පෙරවරුවේ වෙල්ලන්කුලම ට නැඟෙනහිර ද බළ සේනා රැඳවීමට සමත් වූයේ ය. මන්නාරම – පුනරින් (ඒ – 32) මාර්ගයේ මන්නාරම ට අයත් අවසන් නගරය ද වෙල්ලන්කුලම ය.
වෙල්ලන්කුලමට හමුදාව පිවිසීමත් සමඟ මන්නාරම දිස්ති‍්‍රක්කය සියයට සියයක් හමුදා පාලනයට නතු වෙයි.
එහි සිට කිලිනොච්චිය දිසා මායිමට ඇති දුර කිලෝ මීටර් දෙකකි.
ඉතා ශක්තිමත්ව ආරක්‍ෂා කෙරෙන වෙල්ලන්කුලම බිඳ වැටීමත් සමඟ ඒ – 32 මාර්ගයේ වෙනත් බාධක ආසන්නව නොමැති නිසා හමුදාවට සිවුවැනි ඊලාම් සටනේ පළමු වරට කිලිනොච්චිය වෙත පිවිසීම ට අවස්ථාව හිමි වෙයි.
කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයට අයත් එකම හමුදා කඳවුර වී පැවැතියේ අලිමංකඩ යි.
2000 අපෙ‍්‍ර්ල් 22 දා එය එල්. ටී. ටී. ඊ ය අතට පත් විය. එම නිසා අට වසරකට වැඩි කාලයක් තිස්සේ කිලිනොච්චිය දිස්ති‍්‍රක්කය සියයට සියයක් කොටි පාලනය යටතේ පවතින පෙදෙසකි.
“ඊලාම් යුද්ධයේ තීරණාත්මක හැරවුම් ලක්‍ෂයකට මෙම අගෝස්තු වන විට ළඟාවීම අපේ අපේක්‍ෂාව යි.
අගෝස්තුව කියන්නේ සටන් ඇරැඹි දෙවසරක් සම්පූර්ණ වන කාලවකවානුවල එල්. ටී. ටී. ඊ පාලනය යටතේ පවතින මන්නාරම නොබෝ දිනක දී නිදහස්.
මුලතිවු දිසාවේ දකුණු කොටස එනම් වැලිඔය සිට කිලෝ මීටර් 08 ක් පමණ හමුදාව අභ්‍යන්තරයට ඇතුළු වෙලා. මුලතිවු බටහිර එනම් තුනුකායි මල්ලාවි වෙත ද අප ඉතා සමීප යි.
තවත් සේනාංකයක් වවුනියාව නැගෙනහිරට මෙහෙයුම් කරනවා. මේ අනුව දැන් හමුදාවේ තර්ජනයට ලක් නොවූ එල්. ටී. ටී. ඊ පාලන පෙදෙසක් නැහැ” යි යුද හමුදා මූලස්ථාන ආරංචි මාර්ග පැවසී ය.
බි‍්‍රගේඩියර් ශවීන්ද්‍ර සිල්වා අණ දෙන 58 වැනි සේනාංකය බටහිර වෙරළ ට සමීපව මෙහෙයුම් සිදු කරයි. සේනාංකය හමුවේ ඇති ඊළඟ අභියෝගය වෙල්ලන්කුලම අත්පත් කර ගැනීම යි.
වෙල්ලන්කුලම ට දකුණින් ගමන් කරන බලසේනාව ශනිදා හවස් වන විට ඉලක්කයට කිලෝ මීටර් 06 කින් පමණ දකුණේ පසු වූයේ ය.
එතැන ඇත්තේ පලිආරුවේ දකුණු ශාඛා ය. මුලතිවු බටහිර වවුනිකුලම් වැවෙන් එන දිය දහර පලිආරු ඔස්සේ ගලා බසී. පලි ආරු ‘තිත්කය’ ගම්මානයේ දී දෙකට බෙදෙයි.
ඒ අතු ගංගා අතරින් දකුණු අතු ගංගාව අඩි 20 ක් පමණ පළලින් අඩි 6 ක පමණ ජල කඳක් දරා සිටියි.
පලි ආරු දකුණු ශාඛාවේ එල්. ටී. ටී. ඊ ය මේ වන විට ශක්තිමත් පස් කණ්ඩියක් සකසා රැකවල් යොදවා ඇත. “ලැබී ඇති තොරතුරු අනුව එය අඩි 06 – 09 ත් අතර උසකින් යුක්ත ය.
ගංගාව පිටතට සිටින සේ පස් බැම්ම සකසා තිබෙනවා. ඒ අනුව අඩි 06 ක ශක්තිමත් පස් බැම්මක් හා එයට ඉදිරිපිට අඩි 20 ක් පළල අඩි 26 ක් ගැඹුරැති ජල කඳක් තිබෙනවා.
මේ බාධකය ඒ - 32 මාර්ගයේ සිට තික්කායි ගම දක්වා කිලෝ මීටර් 03 ක් පමණ දිගින් යුක්ත ය. එල්. ටී. ටී. ඊ ය උත්සාහ ගන්නේ මේ මගින් හමුදාවේ ගමන වැළැක්වීම ට යි” යනුවෙන් 58 සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවීන්ද්‍ර සිල්වා කී ය.
එහෙත් උපක‍්‍රමශීලී ලෙස නැගෙනහිරින් ගමන් ගත් තවත් බල සේනාවක් වෙල්ලන්කුලම ට නැඟෙනහිරින් රැකවල් යොදවා ගැනීමට සමත් වූයේ ය. ඒ – 32 මාර්ගයට බටහිරින් එ මෙම භට පිරිස් වැළැක්වීම ට කොටි සාමාජිකයන් අලුතින් පස් බැම්මක් සැකසීමට උත්සාහ ගෙන තිබිණි.
‘සිකුරාදා සවස තමයි අපි එන බව ඔවුන් ට දැනුණේ. ඒ සමඟ ඩෝසර් හා බැකෝ යොදවා පස් බැම්මක් තැනීම අරඹා තිබුණා. නමුත් එතනට පහර දීම සමඟ කාර්යය අතහැර කොටින් පලා ගියා’ යි සටන් බිම ආරංචි මාර්ග කීය.
ඒ – 32 එනම් පුනරින් – මන්නාරම මාර්ගයේ වෙල්ලන්කුලම උපක‍්‍රමික ලෙස වැදගත් ස්ථානයකි. ඒ – 32 මාර්ගයත් වවුනියාව - යාපනය (ඒ – 09) මාර්ගයත් යා කරන තුනුකායි – මල්ලාවි මාර්ගය වෙල්ලන්කුලමෙන් ඇරැඹෙයි.
58 වැනි සේනාංකය වෙත ළඟා වීම සමඟ මන්කුලම – තුනුකායි වෙල්ලන්කුලම මාර්ගය කොටි සංවිධානය වෙතින් ගිලිහෙයි. “ඉරිදා වන විට අපි ඒ මාර්ගය වෙත කිලෝ මීටර් දෙකක් පමණ ළංවී සිටියා.
මාර්ගය අප අතට පත්වීම සමඟ වන්නියේ අණ හා පාලනය පවත්වා ගෙන යාම පිළිබඳ කොටි සංවිධානය අර්බූදයකට ලක් වෙනවා” යි සටන් බිම ආරංචි මාර්ග පැවසී ය.
මේ අතර මේජර් ජනරාල් ජගත් ඩයස් අණ දෙන 57 වැනි සේනාංකයේ බල සේනා 03 ක් ද මාන්කුලම - වෙල්ලන්කුලම මාර්ගය දෙසට ගමන් කරයි. එම සේනාංකයට අයත් 571 වැනි බල සේනාව මාර්ගයට පහත වනාන්තරය මැදින් මාර්ගය දෙසට ගමන් ගනී.
572 වැනි බල සේනා තුනුකායි නගරයද 57 වැනි බල සේනාව මල්ලාවි නගරයද ඉලක්ක කැර මෙහෙයුමේ නිරත වෙයි.
මෙම භට පිරිස් අතරින් 572 වැනි බල සේනාවට ඉතා දැඩි ලෙස එල්. ටී. ටී. ඊ ය ප‍්‍රතිචාර දක්වයි. තුනුකායි නගරයට දකුණින් විවෘත බිමක තැනූ පස් කණ්ඩියක කොටි ශක්තිමත් ආරක්‍ෂක තීරයක් සකසා තිබේ.
කිලෝ මීටර් දෙකක පමණ දිගින් යුත් එය වෙත 572 වැනි බල සේනාවෝ සිකුරාදා පහර එල්ල කළහ.
ඉතාම අවාසි සහගත භූ ලක්‍ෂණ සහිත විවෘත බිමක සටන් වැදීමට හමුදාවට සිදු වූයේ ය. එහෙත් දැඩි ප‍්‍රති ප‍්‍රහාර මැද සෙබළු පස් බැම්ම වෙත කඩා වැදුණහ.
මීටර් 600 ක පමණ කොටසක් අත්පත් කර ගැනීම ට ඔවුන් ට හැකි විය.
එහෙත් දිගටම මෝටාර් ප‍්‍රහාර එල්ල වීම නිසා ආරක්‍ෂක පියවරක් ලෙස පසුව භට පිරිස ඉවත් කර ගැනිණි.
සටනේ්දී කොටි සාමාජිකයන් 40 ක් පමණ මිය ගිය බව ආරංචි මාර්ග සඳහන් කරයි.
“මල්ලාවි හා තුනුකායි අහිමි වීම විශාල පසු බෑමක් බව එල්. ටී. ටී. ඊ ය දන්නවා. විශේෂයෙන් තුනුකායි වෙත යුද හමුදාවේ කාලතුවක්කු ගෙන යාම සමඟ කිලිනොච්චිය තවදුරටත් කොටි සංවිධානයට ආරක්‍ෂිත ස්ථානයක් වන්නේ නැහැ.
මූලෝපායික අතින් අපට තුනුකායි ඉතා වටිනවා. එහි සිට කාලතුවක්කු සහ මල්ටි බැරල් අවි භාවිත කළ හොත් මුලතිව් වෙරළබඩ තීරය හැර මුළු වන්නියම පාලනය කිරීමට අපට හැකි වනවා” යි යුද හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා පැවසී ය.
මේ අතර වැලිඔය සිට මෙහෙයුම් සිදු කරන 59 වැනි සේනාංකය මුලතිවු වනාන්තරයේ කිලෝ මීටර් 08 කට වඩා අභ්‍යන්තරයට ඇතුළු වී සිටී.
59 වැනි නියෝජ්‍ය සේනාංකාධිපති කර්නල් නිශාන්ත වන්නිආරච්චි අණ දුන් භට පිරිස් නිත්‍යකායි කුලම් වැව, 22 බේස් හා සතිස් බේස් අත්පත් කර ගැනීමට සමත් වූහ.59 වැනි සේනාංකයේ 591 බල සේනාව ට අයත්11 වැනි ගැමුණු රෙජිමේන්තුව ඒ සඳහා දායක විය.
මුලතිවු වනාන්තරයේ දකුණු කොටස ආන්දන්කුලම රක්‍ෂිතය යි. එහි ප‍්‍රධාන ජල මූලාශ‍්‍රයක් වන තන්නිමුරිප්පුකුලම් වෙත 593 වැනි බල සේනාව කිලෝ මීටර් දෙකක් පමණ ආසන්නව සිටී.
තන්නිමුරිප්පුකුලම් කොටි සංවිධානයට අහිමි වුවහොත් ආන්දන්කුලම රක්‍ෂිතයේ කොටි කඳවුරු වලට ළිං ජලය මත පමණක් යැපීමට සිදු වෙයි.
මේ අතර 59 බල සේනාවෙන් ශනිදා පස්වරුවේ කුමුලමුනෙයි වෙත තවත් කිලෝ මීටර් දෙකක් සමීපව සිටිය හ.
59 වැනි සේනාංකය කුමුලමුනෙයි අත්පත් කර ගැනීම සඳහා සටන්කරන බව තව දුරටත් රහසක් නොවේ. කුමුලමුනෙයි සිට නැඟෙනහිර ට ගමන් මග නැගෙනහිර වෙරළේ අලම්පිල් දක්වා දිවෙයි.
කුමුලමුනෙයි වෙත කාලතුවක්කු ගෙන ඒමට සමත් වුවහොත් නැගෙනහිර වෙරළ සම්පූර්ණයෙන් ම පාලනය කිරීමේ හැකියාව යුද හමුදාව සතු වෙයි.
විශේෂයෙන් ප‍්‍රබල කොටි කඳවුරු රැසක්ද මුහුදු කොටින් ගේ මර්මස්ථාන ද ඇති මුලතිව් පෙදෙස හමුදා කාලතුවක්කු මගින් පාලනය කිරීම ට හැකිවීම සමඟ නැඟෙනහිර තීරයේ ද එල්. ටී. ටී. ඊ යේ අණ හා පාලනය බිඳ වැටෙයි.
වන්නියේ බටහිර කොටසේ තුනුකායි සහ නැඟෙනහිර කොටසේ කුමුලමුනෙයි අත්පත් කර ගැනීම මගින් වන්නිය හමුදාවේ බර අවි වල ග‍්‍රහණයට නතුකර ගැනීම යුද හමුදාව අපේක්‍ෂිත සන්ධිස්ථානය බව පැහැදිලි ය. ඒ ප‍්‍රයත්නය ව්‍යර්ථ කර ගැනීම සඳහා එල්. ටී. ටී. ඊ ය උපරිම ශක්තිය යෙදවෙයි.
උපරිම ශක්තිය යොදවා හැකි උපරිම කාලය අත්‍යවශ්‍ය භූමිය අල්ලාගෙන සිටීම කොටින් ගේ දැන් පිළිවත ය. ඒ කාලය තුළ හමුදාව ට උපරිම හානිය සිදු කිරීමට කොටි සංවිධානය තැත් කරයි.
එසේ කරමින් තව දුරටත් හමුදාවේ පීඩනය දරා ගැනීමට නොහැකි වූ විට භූමිය අතහැර පලා යැමට ඔවුහු කි‍්‍රයා කරති. එයට පෙර ආයුධ හා වාහන ද භට පිරිස් ද ඉවත් කර ගැනීමට එල්. ටී. ටී. ඊ ය තැත් කරයි.
බටහිර වෙරළ පුරා සිදු වූයේ එය යි. එහෙත් තව දුරටත් එසේ පසු බැසීම ට නොහැකි භූමියක් තිබේ. හමුදාව දැන් ළඟා වන්නේ එතැනට ය.
සටන් විරාමයක යම් අරමුණ තව දුරටත් පසු බැසීමට නොහැකි, අත්‍යවශ්‍යයෙන් රැකගත යුතු භූමිය තුළ ස්ථාවර වීමට ඇවැසි කාලය ලබා ගැනීම බව පෙනී යයි.
ජායාරූප - රුක්මල් ගමගේ

No comments: