Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 25, 2008

යොවුන් නෙට්බෝල් අනු සූරියෝ කී‍්‍රඩා ඇමැති අගයති

සන්ධ්‍යා කරුණාරත්න
6 වැනි ආසියානු කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ අනු ශූරතාව දිනාගත් ශී‍්‍ර ලංකා ජාතික කණිෂ්ඨ නෙට්බෝල් කණ්ඩායම ඇගැයීම පෙරේදා (23) කී‍්‍රඩා අමාත්‍යාංශයේ දී ඇමැති ගාමිණී ලොකුගේ මහතා අතින් සිදුවිය.
රටවල් 7 ක සහභාගිත්වයෙන් පසුගියදා හොංකොං හි පැවති මෙම තරගාවලියෙන් ශී‍්‍ර ලංකා ජාතික කණිෂ්ඨ නෙට්බෝල් කණ්ඩායම ජයගනු ලැබුවේ ඕස්ටේ‍්‍රලියාවේ පැවති පුහුණුවීම් කටයුතු වලින් අනතුරුව ය.
ලෝක කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇති මෙම කණ්ඩායමට ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් කී‍්‍රඩා අමාත්‍යාංශය මඟින් සපයාදෙන බවත්, මෙම නෙට්බෝල් කණ්ඩායමට ලබාදුන් පහසුකම් අනුව ඔවුන්ගේ උපරිම දක්ෂතාව දක්වා ඇති බවත් එය ඇගැයීමට ලක් කළ යුතු බවත් ගාමිණී ලොකුගේ මහතා කියා සිටියේ ය. ඔලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා සහභාගී වීමට නියමිත සියලු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අවශ්‍ය පුහුණුවීම් කටයුතු කිසිම බාධාවකින් තොරව ලබාගැනීමට අවශ්‍ය සියලු පහසුකම් දැනටමත් කී‍්‍රඩා අමාත්‍යාංශය මඟින් සපයා දී ඇති බවත් ඇමැතිවරයා මෙහිදී මතක් කර සිටියේ ය.මෙවර පැවති 6 වැනි ආසියානු කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියෙහි අවසන් වටයට සුදුසුකම් ලැබූ මැලේසියා නෙට්බෝල් කණ්ඩායම හොඳ පළපුරුදු දක්ෂ කී‍්‍රඩිකාවන් බවත් ශී‍්‍ර ලංකා ජාතික කණිෂ්ඨ නෙට්බෝල් කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් ආධුනිකයන් බවත් පැවසූ ශී‍්‍ර ලංකා ජාතික කණිෂ්ඨ නෙට්බෝල් කණ්ඩායමේ සහාය පුහුණුකාරිණිය වන දීප්ති අල්විස් කියා සිටියේ අපේ කී‍්‍රඩිකාවන් තරගයෙන් ජය ලැබීම අප ලැබූ විශාල ජයග‍්‍රහණයක් බව ය.

No comments: