Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 28, 2008

වැසිකිළි කතාවක් නොවේ

බම්බලපිටිය, දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවේ ඇති වැසිකිළි වළවල් කිහිපයක් මේ දිනවල උතුරා යන අයුරු දැක ගැනීමට හැකි දර්ශණයකි.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාස කිහිපය තුළදී මෙම දුම්රිය ස්ථානයේ අලුතින් ඉදිකරන ලද වැසිකිළි පද්ධතිය නිසා, මෙම ස්ථානයේ දුම්රිය මගීන්ගේ බලවත් අවශ්‍යතාවයක් ඉටු වී ඇති බව ස්තුතිපූර්වකව දන්වා සිටිය යුතුය.
බොහෝ දුම්රිය ස්ථානයන්හි බලවත් අඩුපාඩුවක්ව පවතින මෙවැනි වැසිකිළි පද්ධතියක් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය මගීන්ගේ යහපත පතා ඉතා හොඳ තත්ත්වයෙන් සාදා නිමකර තිබීම බෙහෙවින් අගය කළ යුතුය.
මේ හැර මෙම දුම්රිය ස්ථානයේ කාන්තාවන් සඳහා විවේකාගාරයක්ද ඉතා හොඳ තත්ත්වයෙන් සාදා නිමකර තිබීම ගැන දුම්රිය මගීන්ගේ ප‍්‍රසාංශාවට ලක් වී ඇත.
එසේ වූවත්, කනගාටුවෙන් වුණද, මෙහි බලධාරීන්ට පෙන්වා දිය යුතුව ඇත්තේ, මෙම වැසිකිළිවල වළවල් තුනක් මේ දිනවල උතුරා යමින් තිබෙන අතර, ඒවා මෙසේ උතුරා යනුයේ පළමුවන වේදිකාවේ මගී එහා මෙහා ගමන් ගන්නා ස්ථානයෙහිය.
මේ නිසා, මෙම දුම්රිය මගීන්ට බලවත් අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවී ඇත. මේ තත්ත්වයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ මේ සඳහා වගකිවයුතු නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොදැක්වීමය.
ඒවා කලට වේලාවට පිරිසිදු නොකිරීම හේතුවෙන් බලවත් පාරිසරික හානියකට ලක්වීම නිසා, විශාල වශයෙන් මෙවැනි ස්ථානවල ගැවසෙන මගී ජනතාව පමණක් නොව අසල්වැසි ජනතාවද රෝගීන් බවට පත්වීම වැලැක්වීය නොහැක.
එබැවින්, දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරීන්ට පෙන්වා දිය යුතුව ඇත්තේ, මෙම දුම්රිය ස්ථානයේ උතුරා යමින් තිබෙන මෙම වැසිකිළි වළවල් වහා පිරිසිදු කිරීමට කටයුතු කර, මෙම දුම්රිය ස්ථානය මගීන්ගේ සනීපාරක්‍ෂාව ඇතිකරවන අන්දමේ පරිසරයක් හා පි‍්‍රය මනාප ස්ථානයක් ගොඩනගන ලෙසය.
මේ තත්ත්වය නිසා, දුම්රිය මගීන් විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරීන්ගෙන් ඇසීමට සිදුවී ඇත්තේ, පසුගිය දිනවල ඔබ තුමන්ලා දුම්රිය මගීන්ගේ මගී ගාස්තු දැරිය නොහැකි අන්දමට වැඩිකරන ලද්දේ, දුම්රිය ස්ථානයක පිරිසිදුතාවයවත් තබා ගැනීමට හැකියාවක් හෝ උවමනාවක් නොමැති අවස්ථාවකද යන්න දැනගැනීමට කැමැත්තෙමි.
එබැවින්, ජම්රිය පහසුකම් කෙසේ වෙතත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇති වැසිකිළියක් වත් අපිරිසිදුතාවයකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ නම් එයද සැනසීමට කරුණකි.
මේ හැර, කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ වෙරළ තීරයේ ඉදිකර ඇති අඩි 12 ක් පමණ උසැති තාප්පය මුහුදු ඛාදනය නිසා, නුදුරු දිනයකදී කඩා වැටීමට ආසන්න තත්ත්වයකට පත්වී ඇත.
මෙම විනාශය දැක ගත හැක්කේ ඒ දෙස විමසිල්ලෙන් බලන්නෙකුට පමණි. මෙම තාප්පය එසේ පෙරලී ගිය හොත්, නැවත එවැන්නක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ ගණක මහජන මුදලක් වැය කිරීමට සිදුවනු ඇත.
එහෙත්, මේ සඳහා ඉක්මන් අවධානය යොමුකොට කඩිනමින් පිළියම් යෙදුවහොත් සුළු වියදමක් දැරීමෙන් පසු එය යථා තත්ත්වයට පත්කළ හැකිය.
අවසන් වශයෙන් කිවයුතුව ඇත්තේ, පසුගිය දිනවලදී දුම්රිය ගාස්තු වැඩි කිරීමේදීත්, එමගින් ප‍්‍රමාණවත් ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට නොලැබුනු නිසාවෙන් මෙවැනි ස්ථාන නඩත්තු කිරීම මේ අන්දමින් අතපසුවීමට ඉඩ ඇති බවය.
එබැවින්, නැවත වරක් මෙම දුම්රිය ගාස්තු ප‍්‍රතිසංශෝධනය කරමින්, නැවතත්, 25%කින් පමණ දුම්රිය ගාස්තු වැඩිකර, එම මුදලින් මෙම වැසිකිළි වළ පිරිසුදුකර දීමට කටයුතු කරන්නේ නම් ප‍්‍රවාහන ඇමති තුමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.
කුමාරදාස සුමිත‍්‍රාරච්චි,මොරොන්තුඩුව

No comments: