Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 7, 2008

තුනුකායි දකුණට හමුදාව ඇතුළු වෙයි

වන්නි මෙහෙයුමේ නිරත යුද හමුදා සේනාංක උපාය මාර්ගික අතින් එල්. ටී. ටී. ඊ. යට ඉතා වැදගත් මර්මස්ථාන වෙත පහරදීම ඇරැඹීමත් සමඟ වන්නි යුද බිම දරුණු ගැටුම් ඇතිවෙමින් තිබේ.
අවාසි සහගත තත්ත්වයන් යටතේ සටන් කිරීම වෙනුවට ආරක්ෂාකාරීව පලායාම මේ දක්වා කොටි සංවිධානය අනුගමනය කළ උපක‍්‍රමයය. එහෙත් යුදබිමේ අලුත්ම තත්ත්වය වී ඇත්තේ සටනේ ජය හෝ පරාජය හෝ තීරණය කරන මර්මස්ථාන වෙත හමුදාව ළඟාවීම සමඟ එල්. ටී. ටී. ඊ. යට ස්වකීය පැවැත්ම උදෙසා උපරිම ශක්තිය යොදා සටන් කිරීමට සිදුවීමේ ස්ථාවරයකට තල්ලු වීමට ය.
වන්නි ආරංචි මාර්ග අනුව යුද හමුදාවට අවශ්‍ය වී ඇත්තේ ද එල්. ටී. ටී. ඊ. ය පලායාම වෙනුවට යටත් කරන ස්ථානයකට ඇදගැනීමය. සටනේදී භූමිය අත්පත් කර ගැනීමට වඩා යුද හමුදාවේ අවධානය යොමුවන්නේ උපරිම කොටි සාමාජිකයන් පිරිසක් මරා දැමීමටය.
ඒ බව පසුගිය වකවානුව පුරා එල්. ටී. ටී. ඊ. ය තේරුම් ගෙන සිටි බව අවාසිදායක තත්ත්වය යටතේ සටන් නොකර පලායාමෙන් පැහැදිලි වූයේය.

හමුදාව පෙරමුණු පහකින් සටන් මෙහෙයවයි. එකිනෙකාට වෙනස් පෙරමුණ පහ වන්නිය වෙත ඇතුළු වී සිටියද ඔවුන්ගේ පැහැදිලි හෝ නිශ්චිත හෝ ඉලක්කයක් හඳුනා ගැනීමට එල්. ටී. ටී. ඊ. ය අසමත් ය.
යුද හමුදා සේනාංක සැමවිටම ගමන් කරන්නේ සටන් පෙරමුණ ඕනෑම ප‍්‍රදේශයක් වෙත හැරවීමේ පහසුව යුද හමුදා උපාය මාර්ග සකසා තිබීම එයට හේතුවයි. ‘මේ නිසා ඊළඟ දිනයේ හමුදා සේනාංකය කුමන ස්ථානයකට ගමන් කරනවාද යන ගැටලුව එල්. ටී. ටී. ඊ. යට විසඳ්‍ර ගැනීමට තිබෙනවා.
එම ඉලක්කය එල්. ටී. ටී. ඊ. යට ඉතා වැදගත් වන්නේ නම් එය ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා මේ දක්වා ඔවුන් උපරිම ශක්තිය යොදා සටන් කොට සාමාජිකයන් වැඩි ගණනක් මිය යාමේ අවදානම බාරගත්තේ නැහැ.
එයට හේතුව වූයේ එකවර සාමාජිකයන් වැඩි ගණනක් මිය යාම හෝ තුවාල වීම හෝ කළමනාකරණය කර ගැනීමට දුෂ්කර වීම.
මුලතිව් දකුණ
එහෙත් අපි වෙඩිතල්තිව්, තුනුකායි, මුලතිව් දකුණ හා පාලමොඩෙයි වෙත පහරදීම සමඟ ඒ සටන් මඟහැර ආරක්ෂාව සලසා ගැනීම අර්ථ විරහිත බව කොටි තේරුම් ගෙන සිටිනවා. ඒ නිසා ඔවුන්ට සටන් කිරීමට සිදුවනවා.
සටන් කළහොත් සාමාජිකයන් මිය යනවා. සටන් නොකළහොත් එල්. ටී. ටී. ඊ. ය වන්නිය තුළ සීමිත පෙදෙසක කොටුවනවා.’ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
‘ගෙදර ගියොත් අඹු නසී. මඟ හිටියොත් තෝ නසී’ තත්ත්වයකට දැන් කොටි සංවිධානය පත්ව සිටින බව ද ආරංචි මාර්ග කියා සිටියේය.
මන්නාරමෙන් ගමන් ඇරැඹි 58 වැනි සේනාංකය හා වවුනියාවෙන් ගමන් ගත් 57 වැනි සේනාංකය මන්නාරම පෙරියමඩු දකුණේදී ඒකාබද්ධ වීම වන්නි මෙහෙයුමේ සන්ධිස්ථානයක් ලකුණු කළ සිදුවීමකි.
සේනාංක ඒකාබද්ධවීම සමඟ ගෙවුණු සතියේ මේ තීරණය පෙන්වා දුන් පරිදි 57 වැනි සේනාංකයේ බටහිර ආරක්ෂා වූයේ ය. ඒ අතර පුනරින් – මන්නාරම මාර්ගය (ඒ- 32) දිගේ වෙඩිතල්තිව් වෙත ඇදෙන 58 සේනාංකය එහි කොටි මහ කඳවුරට කිලෝමීටරයක් තරම් සමීපව සටන් වදියි.
11 වැනි පාබල බළඇණියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සේනක විජේසූරිය ඇතුළු නිලධාරින් පණිවිඩ හුවමාරුවක
වෙඩිතල්තිව් සිට වන්නිය සම්බන්ධ කරන පාලම්පිඩ්ඩි පෙරියමඩු, වෙඩිතල්තිව් මාර්ගයේ 57 වැනි සේනාංකය ගමන් කරයි. එම මාර්ගය දිගේ වෙඩිතල්තිව් වෙත කිලෝ මීටර් 4ක් තරම් හමුදාව සමීපව සිටී. මේ නිසා දැන් වෙඩිතල්තිව් වෙත ඉතිරිව ඇත්තේ මුහුදු සැපයුම් මාර්ගය හා ඒ – 32 මාර්ගයේ උතුරු දෙස සැපැයුම් පමණි.
මේ අතර පෙරියමඩු සිට උතුරට ගමන් කරන 57 සේනාංකයේ තවත් බළඇණි දෙකක් තුනුකායි වෙත කිලෝ මීටර් 10 ක් තරම් ආසන්නයට සිටිති. එම බළ ඇණි තවදුරටත් තුනුකායි වෙත ආසන්න වෙත්ම මන්නාරම – පුනරින් මාර්ගය ද උතුරින් අවහිර වෙයි.
එහි ප‍්‍රතිඵලය වෙඩිතල්තිව් වෙත දිවෙන උතුරු සැපයුමද අහිමි වීම ය. 57 වැනි සේනාංකය උතුරට ගමන් කොට පුනරින් – මන්නාරම මාර්ගය අත්පත් කර ගැනීම සහ වෙඩිතල්තිව් බිඳ වැටීම වන්නියේ බටහිර කොටස එල්. ටී. ටී. ඊ. යට අහිමි කරවන සිදුවීම්ය.
’මේ තත්ත්වය යටතේ එල්. ටී. ටී. ඊ. ය උපරිම බලය යොදවා සටන් කිරීමට පෙළඹෙනවා. නමුත් එය වෙඩිතල්තිව් එල්. ටී. ටී. ඊ. යට අහිමි වීම නතර කර හැකි දෙයක් නොවේ යනුවෙන් සටන් බිම සිටින නිලධාරීහු පවසති.
එකම මාර්ගය
පාලම්පිඩ්ඩි වෙත ගුවනින් සෙබළුන් ගෙන එමින්
‘වෙඩිතල්තිව් අහිමිවීම සමඟ එල්. ටී. ටී. ඊ. යට ඉන්දියාව සමඟ සම්බන්ධ වී සැපයුම් ලබාගත හැකි එකම මාර්ගය අහිමි වනවා. විශේෂයෙන් ඔවුන් මේ දක්වා බටහිර වෙරළේ සහ මුහුදේ පැවැත්ම බලය බිඳ වැටෙනවා’ යි එම නිලධාරීහු පවසති.
බටහිර වෙරළේ පාලනය හමුදාව අතට පත්වීම වන්නියේ ඉදිරි මෙහෙයුම් සඳහා ඉතාමත් වැදගත් ය. තමන් වෙත එල්ල වන පීඩනය වැඩිවන විට අතීතයේ පටන් කොටි සංවිධානය අනුගමනය කළ උපක‍්‍රමයක් වූයේ ඉන්දියාව ලවා ලංකාවට බලපෑම් කර ගැනීමටය.
කොටින්ගේ එම උපාය මාර්ගය සකසා ඇත්තේ දහස් ගණන් ලාංකික සාමාන්‍ය වැසියන් මුහුදු මගින් තමිල්නාඩුව වෙත යැවීමෙනි.
ලාංකික සරණාගතයන් වැඩි වශයෙන් තමිල්නාඩුව වෙත පැමිණියහොත් එය තමිල්නාඩුවේ දේශපාලන කරලිය උණුසුම් කරවන සිදුවීමකි. එහි නිසැක ප‍්‍රතිඵලය තමිල්නාඩුව නොසන්සුන්වීම හා එහි උණුසුම දිල්ලියට දැනීමය.
බටහිර වෙරළ තීරය එල්. ටී. ටී. ඊ. යට අහිමි වීමේ අතිශය හා තීරණාත්මක වැදගත් වාසිය වන්නේ කොටින්ගේ ඉහත උපක‍්‍රමය අසාර්ථක වීමය.
වෙඩිතල්තිව් බිඳවැටීම හා 57 වැනි සේනාංකය පුනරින් – මන්නාරම මාර්ගයට ප‍්‍රවිෂ්ඨ වීම සමඟ වන්නියේ බටහිර කොටසේ අලුත් හමුදා ආරක්ෂක වළල්ලක් ඇති කරගත හැකියි.
නව ආරක්ෂක වළල්ල ඒ – 09 මාර්ගයේ කනකරායන්කුලම් වෙත සමාන්තරය තුනුකායි හරහා ඒ – 32 මාර්ගයේ උතුරට සම්බන්ධ කරගත හැකිවේ.
ඒ සමග එතැන සිට මන්නාරම දක්වා ‘සහල් බඳුන’ ද ඇතුළත් උපක‍්‍රමික ලෙස වැදගත් බිම බළ ඇණි කිහිපයකට ආරක්ෂා කළ හැකි බිමක් බවට පත්වෙයි.
එබැවින් මන්නාරමෙන් උතුරට මෙහෙයුම් සිදු කිරීම සඳහා යෙදවා තිබෙන 58 සේනාංකය මන්නාරමෙන් ඉවත් කොට වන්නියේ අලුත් යුද පෙරමුණක් සඳහා යෙදවීමට ද හමුදාවට හැකිවෙයි.
ඉතා සූක්ෂ්ම යුද උපාය මාර්ගයක් අප අනුගමනය කළා. එහි අවසන් අදියරට පැමිණි පසුව තමයි අපේ උපාය මාර්ගය එල්. ටී. ටී. ඊ.ය තේරුම් ගෙන ඇත්තේ. ඔවුන් එය තේරුම් ගන්නා විට ප‍්‍රමාද වී වැඩියි. දැන් ඒ නිසා උපරිමය යොදා සටන් කළත් ලබාගත හැකි එකම දේ හමුදාවේ ජය පමා කිරීම පමණයි.’ යනුවෙන් වන්නි සටන් බිම ආරංචි මාර්ග කියා සිටියි.
57 වැනි සේනාංකයේ නැඟෙනහිර පෙරමුණ සිට ඒ – 09 මාර්ගය දෙසට ගමන් කරන 62 වැනි සේනාංකය (පෙර කාර්ය සාධක බළකාය අංක 02) ගෙවුණු සතිය පුරා දරුණු ගැටුම්වලට මුහුණ දුන්නේය.
බි‍්‍රගේඩියර් රෝහණ බණ්ඩාර අණදෙන 62 වැනි සේනාංකය බළ සේනා දෙකකින් දැනට සමන්විතය. ඒ අතරින් ලුතිනන් කර්නල් පී. ගමගේ අණදෙන 622 වැනි බළසේනා මුණ්ඩිමුරුප්පු සිට නැඟෙනහිරට ද ලුතිනන් කර්නල් අතුල ආරියරත්න අණදෙන 621 වැනි බළ සේනාව පාලමොඩෙයි දෙසට ද ගමන් කරයි.
යුද හමුදාවේ ලාබාලතම ප‍්‍රහාරක සේනාංකය වන්නේ ද 62 වැනි සේනංකය යි. 2008. 06. 09 ස්ථාපිත කළ සේනාංකය එයට සතියකට පසු එනම් 2008 .06. 15 වැනි දින මෙහෙයුම් ඇරැඹීය.
57 වැනි සේනාංකයේ නැඟෙනහිර පෙරමුණේ සිට ඒ – 09 මාර්ගය දක්වා ඇති ඒ ගොඩනැගිලි සහිත එකම බිම වන නවි පාලමොඩෙයි සේනාංකයේ ඉලක්කය බව තවදුරටත් රහසක් නොවේ.
‘වසර ගණනාවක් තිස්සේ ගොඩනැගූ ශක්තිමත් ආරක්ෂක බංකර්, යුද අගල්, ආරක්ෂක වළලු අපට හමුවී තිබෙනවා. පාලමොඩෙයි සිට තුනුකායි දෙසට එල්. ටී. ටී. ඊ. යට වැදගත් සැපයුම් මාර්ගයක්ද තිබෙනවා.
අප එය අත්පත් කරගත හොත් වන්නියේ බටහිර පෙදෙසේ උතුරු කොටස ද එල්. ටී. ටී. ඊ. යෙන් ගැලවෙනවා’ නිලධාරීහු පවසති.
ඉදිරි ආරක්ෂක තීරයෙන් ඉදිරියට ගමන් ගත් 62 වැනි සේනාංකය ඉකුත් සතියේ මනල්ආරු ලෙස හැඳින්වෙන ඔය තරණය කර තිබිණි. හමුදාවේ ආරක්ෂක වළල්ලට ඉදිරියෙන පාරවල් කපා පාලමක් තනා කොටි ඒ – 09 පාර සමග සම්බන්ධ වී තිබිණි.
එම මාර්ගය දිගේ ඉදිරියට ගිය 07 වැනි සංඥා බලකා සෙබළු මනල්ආරු පාලම ද ඒ සමීපයේ තිබූ කොටි ආරක්ෂක වළල්ල ද අත්පත් කරගෙන තිබුණේ දරුණු සටනකිනි.
මනල් ආරු
‘සෑම අඩියක් පාසා මර උගුල් සහ පුද්ගල නාශක බෝම්බ තිබෙනවා. ඉදිරියට යන අපේ පිරිසට එල්ල වන මෝටාර් ප‍්‍රහාරද අඩුවක් නැහැ. එහෙත් අප මනල් ආරුව ඒ සමඟ ඇති බංකර් පෙළ ද අල්ලා ගත්තා. ඒ අනුව අපට දැන් ඒ – 09 පාරට ඇත්තේ කිලෝ මීටර් 10ක් පමණයි. ලුතිනන් කර්නල් ආරියරත්න පැවසීය.
මේජර් බිමල් ජයසිංහ අණදෙන 07 වැනි සංඥා බළඇණිය හා ලුතිනන් කර්නල් පි‍්‍රයන්ත ජයවර්ධන අණදෙන 08 වැනි සංඥා රෙජිමේන්තුව ඒ සඳහා දායක වී තිබිණි.
ඉදිරියට ගමන් කළ සෙබළුන් වෙත කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කළ කොටි සංවිධානය ඒ සඳහා යොදාගෙන තිබුණේ කනකනාරයන්කුලම් නගරය ය. ‘සිවිල් ජනතාව අතර මිලි මීටර් 122 කාලතුවක්කුවක් තබාගෙන කොටි අපට පහරදෙනවා.
කනකනාරායන්කුලම් වෙත ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළහොත් ඒවා පතිත වන්නේ සාමාන්‍ය ජනතාව මතයි. ඒ නිසා අපට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමෙන් පවා වැළකීමට සිදුවෙනවා.
නමුත් එල්. ටී. ටී, ඊ. ය කරන්නේ සාමාන්‍ය ජනතාව ආරක්ෂක පළිහක් ලෙස යොදා ගැනීමයි. එය යුද නීතියට පවා පටහැනි බරපතළ වරදක්’ 62 වැනි සේනාංකයේ කාලතුවක්කු සම්බන්ධීකාරක ලුතිනන් කර්නල් තිලක් වීරකෝන් පැවසීය.
ඒ – 09 මාර්ගය හැරුණු විට වවුනියාව ආසන්නව උතුරට යන එකම මාර්ගය පාලමොඩෙයි – තුනුකායි- මාන්කුලම මාර්ගයයි. වවුනියාවේ හමුදා සේනාංක වෙත පහරදීමට ද එල්. ටී. ටී. ඊ. යේ සැපයුම් මාර්ගය ලෙසද එම මඟ වැදගත්ය.
මන්නාරම උතුර හා ඒ – 09 මාර්ගය සම්බන්ධීකරණ මාර්ගයක් ලෙසද උපාය මාර්ගයකට වැදගත් මේ පෙදෙස රැකගැනීමට එල්. ටී. ටී. ඊ. යද දරුණු සටනක නිරත වෙයි. එළඹෙන සති කිහිපයේ වන්නි යුද බිමේ දරුණුම සටන 62 වැනි සේනාංකය මුහුණ දෙන පාලමොඩෙයි හා නාවි අත්පත් කරගැනීමේ සටන වනු ඇත්තේය.
යුද පෙරමුණු පහක්
සමස්තයක් ලෙස ගතහොත් වත්මන් මෙහෙයුම් වෙන වෙනම යුද පෙරමුණු පහක් ඔස්සේ සේනාංක 06 ක් යොදවා කි‍්‍රයාවේ නැංවෙයි. මුහමලේ පෙරමුණින් 55 හා 53 වැනි සේනාංක කි‍්‍රයාත්මකය. මන්නාරමෙන් 58 වැනි සේනාංකය කි‍්‍රයාත්මක වෙයි. වවුනියාව බටහිර 57 වැනි සේනාංකය ද වවුනියාව නැගෙනහිර 62 සේනාංකය ද කි‍්‍රයාත්මකය. වැලිඔයෙන් 59 සේනාංකය කි‍්‍රයාත්මකය.
පෙරමුණ ගණනාවක එකවර මෙහෙයුම් එල්. ටී. ටී. ඊ. යට නිරන්තරයෙන් වෙහෙසකාරී කාර්යයක නිරත කරවයි. එක් පෙරමුණක් සඳහා කොටි සංවිධානය යොදවා ඇති සාමාජික ගණන එලෙසම පවත්වා ගෙන යාමට එල්. ටී. ටී. ඊ. ය පොළඹවන්නේ වෙනත් පෙරමුණකට වැඩි බලයක් යෙදවූ විට පෙර සටන් පෙරමුණු දුර්වල වන නිසාය.
එවිට හමුදාවට වඩා පහසුවෙන් ඉදිරියට ගමන් කළ හැකි වේ. මේ උභතෝකෝටිකය විසඳ්‍ර ගැනීමට කොටි නායකත්වය නිරතුරුව උත්සාහ ගත යුතුව තිබේ. එයින් පෙනී යන්නේ ඉතිහාසයේ පළමුවැනි වරට ප‍්‍රභාකරන්ට ස්වකීය පැවැත්ම පිළිබඳ සිතා බැලීමට සිදුවී ඇති බවය.
“අප පහර දෙන ස්ථානය සතුරා නොදන්නේ නම් ඔවුන්ට ආරක්ෂා කර ගත යුතු ස්ථාන වැඩිවෙයි. සතුරා ආරක්ෂා කර ගත යුතු ස්ථාන ගණන වැඩිවූ විට අප පහර දෙන ස්ථානයේ සිටින සතුරන් අඩුවෙයි.
ඉදිරිපස ආරක්ෂාව සඳහා යුද බලය යෙදවූ විට පසුපස ආරක්ෂක සඳහා ඇති යුද බලය දුර්වල වෙයි. පසුපස ආරක්ෂාවට යුද බලය යෙදූ විට ඉදිරිපස ආරක්ෂාව දුර්වල වෙයි. වම්පස රැකීමට බලය යෙදවූ විට දකුණු පස ආරක්ෂාව දුර්වල වෙයි.
දකුණු පස ආරක්ෂාව සඳහා යුද බලය යෙදවූ විට වම්පස දුර්වල වෙයි. හැම තැනකින්ම ආරක්ෂාව පිණිස යුද බලය යොදවන්නට තැත් කළ සෑම තැනකම ආරක්ෂාව දුර්වල වෙයි.’ පැරැණි චීන යුද දාර්ශනිකයකු වන සන්ට් සූ කි‍්‍රස්තු පූර්ව 500 ක තරම් ඈතකදී කළ විග‍්‍රහය අද වන්නියේ තත්ත්වයයි.”
ජයාරූප - රුක්මල් ගමගේ

No comments: