Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 11, 2008

ජාතික මහා කී‍්‍රඩා උළෙල - 2008 ජනපති ප‍්‍රධානත්වයෙන් බෙලිඅත්තේදී ඇරඹෙයි

වර්ණන් ගුණසේකර සහ සුසන්ත දිසානායක බෙලිඅත්තේ සිට
හෙළදිව දැවැන්තම කී‍්‍රඩා පෙළහර වන 34 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී මහත් අභිමානයෙන් ආරම්භ විය.
අතිවිශාල ජනකායක් ඉදිරියේ කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උළෙල ඊයේ ආරම්භ වූයේ ජාතික මහා කී‍්‍රඩා උළෙලේ තේමා ගීතය වාදනය වීමෙනි. අනතුරුව ජනාධිපතිතුමා සහ කී‍්‍රඩා ඇමැති ගාමිණි ලොකුගේ මහතා විසින් ආචාර පෙළපාලිය පිළිගනු ලැබිණි. යුද හමුදා තූර්යවාදනය මධ්‍යයේ ප‍්‍රථමයෙන් පෙළපාලියේ ගමන් ගත්තේ කී‍්‍රඩා අමාත්‍යාංශ නිලධාරීන්ය.
ඉන්පසුව 34 වැනි කී‍්‍රඩා උළෙල සිහිපත් කෙරෙන කොඩි 34 රැගෙන යන ලදී.
ඉක්බිති පළාත් නවයේ සහ කී‍්‍රඩා විද්‍යායතනය යන නාම පුවරු යටතේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පෙළපාලියේ ගමන් ගත්හ.
ජනාධිපතිතුමා විසින් කී‍්‍රඩා උළෙල නිල වශයෙන් විවෘත කළ බව ප‍්‍රකාශ කිරීමත් සමඟ ආචාර වෙඩිමුර 34 ක් නික්මිණි. වර්ණවත් බැලුම් පොකුරු පිටින් ගුවනට මුදාහැරිණි.
හිටපු ශ‍්‍රී ලංකා නෙට්බෝල් හා වොලිබෝල් කී‍්‍රඩිකා සන්ධ්‍යා ජයසූරිය සහ ජාතික මලල කී‍්‍රඩා සූර චින්තක ද සොයිසා කී‍්‍රඩා උළෙලේ ඔලිම්පික් පහන දැල්වූහ.
කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් හෙල්ල විසි කිරීමේ ජාතික සූරිය වන නදීකා ලක්මාලි ද තරග විනිසුරුවන් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රවීනතම මලල කී‍්‍රඩා විනිසුරුවරයෙකු වන ඒ. ටී. නුගේගොඩ මහතා ද ප‍්‍රතිඥා දුන්හ.
ඇරොබික් සංදර්ශන නැටුම් සංදර්ශ, ජිම්නාස්ටික් සංදර්ශන මෙන්ම විසිතුරු සංස්කෘතික සංදර්ශනවලින් සමාරම්භක උළෙල වර්ණවත් විය.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා භටයින්ගේ පැරෂුට් සංදර්ශන සමාරම්භක උළෙලට ගාම්භීරත්වයක් එක් කළහ.

No comments: