Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 21, 2008

කොටි 18 ක් මරා වන්නි මෙහෙයුම් ජය ගමනේ

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් විසින් උතුරු පලාතෙන් ලේ පිපාසිත එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් අතුගා දැමීමේ අරමුණින් මෙහෙයුම් වල අති සාර්ථක ලෙස නිරත ව සිටී. මන්නාරම, වවුනියාව හා වැලිඔය යන දිස්ත්‍රීක්කයන්ට අයත් සටන් පෙරමුණු වලදී ඊයේ (ජූලි 19) දින තුලදී ආරක්ෂක හමුදාවන් විසින් සිය සුපුරුදු දස්කම් විදහා පෑමට සමත්ව ඇත. මෙම සටන් වලදී ත්‍රස්තතවාදීන් 18 ක් මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇති ත්‍රස්තවාදීන් ගණන 7 කි. තවත් ත්‍රස්තවාදීන් 5 ක් මිය යන්නට හෝ මරණීය තුවාල ලබන්නට ඇති බව පැවසේ. මෙම මෙ‍හෙයුම් වලදී එක් රණවිරුවෙක් මව්බිමේ නාමයෙන් සිය දිවි පුද කළ අතර තවත් අභීත රණවිරුවන් 9 දෙනෙක් තුවාල ලද බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි.
මන්නාරම හා වවුනියාව යන සටන් පෙරමුණු 57 සේනාංකය යටතේ ඒකාබද්ධව රණබිමේ ඉදිරියට ඇදෙමින් ප්‍රහාරයන් ගණනාවක් දිනය තුලදී සිදු කර ඇති බව වාර්තා සඳහන් කරයි. 571 බලසේනාංකයට අයත් භට පිරිස් විසින් කරෙයිවෙඩ්ඩිවෙම්බු යන ප්‍රදේශයේදී උදෑසන 8.15 ට පමණ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සාමාජිකයන් පිරිසක් සමග ගැටිණි. පසුව ත්‍රස්ත පණිවිඩ හුවමාරුවට රහසේ සවන් දීමෙන් දැන ගත හැකිව ඇත්‍‍තේ ගැටුමේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සාමජිකයින් 3 ක් මරුදැක ඇති බවයි. එම ප්‍රදේශයේදීම සවස 4.30 ට පමණ ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මෝටාර් ප්‍රහාරයකට ගොදුරු වීමෙන් එක් විරෝධාර රණවිරුවෙක් තුවාල ලැබීය.
මුරුන්කායියඩිජුඩි ප්‍රදේශයේදී 571 බලසේනාවට අයත් භට පිරිස් විසින් සවස 4.30 පමණ වන විට ත්‍රස්තවාදීන් පිරිසක් සමග ගැටී ඇත. ගැටුමින් ත්‍රස්තවාදීන් 5 ක් මැරුම් කා ඇති බව ක්ෂේත්‍ර භට පිරිස සඳහන් කරයි. විරෝධාර යුද සෙබලෙක්ද ත්‍රස්ත මෝටාර් ප්‍රහාරයකදී තුවාල ලැබීය. ඒ අතර, 572 හා 573 බල සේනාවන්‍ට අයත් භට පිරිස් විසින් ටී-56 පතුරම් 750 ක්, අයි.ඊ.ඩී. 3 හා පුද්ගලනාශක බෝම්බ 5 ක් දිනය තුලදී ආරක්ෂක හමුදා විසින් සොයා ගනු ලැබිණි.
මන්නාරම නැගෙනහිර දෙසින් ක්‍රියාන්විත 2 කාර්ය සාධක බලකායට අයත් බලකා විසින් දිනය තුලදී නාවි හා පාලමොඩෙයි යන ප්‍රදේශයන්හී සිය ආක්‍රමණශීලී මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබිණි. නාවි ප්‍රදේශයේදී 621 බල සේ‍නාවට අයත් බල මුළු විසින් සවස 4.20 පමණ වන විට එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සාමාජිකයන් 3 ක් මරා දැමීමට සමත්ව ඇත. එම බලසේනාවටම අයත් භට පිරිස් විසින් සවස 5.50 ට පමණ පාලමොඩෙයි ප්‍රදේශයේදී තවත් ත්‍රස්ත සාමාජිකයන් 4 ක් බිම හෙලීය. තවත් ත්‍රස්ත සාමාජිකයන් 2 ක් මිය යන්නට හෝ මරණීය තුවාල ලබන්නට ඇති බවද වාර්තා වැඩි දුරටත් පවසයි.
මන්නාරම - බටහිර හා වවුනියා පෙරමුණේ ක්‍රියාන්විත 1 කාර්ය සාධන බලකායට අයත් භට පිරිස් විසින් ඉලුප්පායිකඩවායි ප්‍රදේශය දෙසට ගමන් කළ අතර එහි දකුණු ප්‍රදේශය අල්ලා ගැනීමට ඊයේ රාත්‍රිය වන විට සමත්ව තිබේ. ඒ අතර, හමුදා ප්‍රති ප්‍රහාරයෙන් කන්නඩි හා කඩ්ඩායිවයල් යන ප්‍රදේශයන්හිදී ඊයේ දින තුලදී ත්‍රස්තවාදීන් 4 ක් මරුදැක ඇති බව වාර්තා වේ.
වැලිඔය පෙරමුණේ මුලතිව් දෙසට ගමන් කරන භට පිරිස් විසින් ජාණකපුර හා කිරිඉබ්බන්වැව යන ප්‍රදේශයන්හීදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමග අවශ්ථා කිහිපයකදී ගැටී ඇත. ක්ෂේත්‍ර ආරංචි මාර්ග හා උපුටා ගන්නා ලද ත්‍රස්ත සංනිවේදන වාර්තා වල දැක්වෙන පරිදි මෙහිදී ත්‍රස්තවාදීන් 5 ක් මියගොස් ඇති අතර තවත් ත්‍රස්ත සාමාජිකයන් 5 ක් තුවාල ලබා ඇත. තවද ත්‍රස්ත සාමාජිකයන් 5 ක් මිය යන්නට හෝ මරණීය තුවාල ලබන්නට ඇති බව පැව‍සේ. විරෝධාර රණවිරු සාමාජිකයෙක් ජාණකපුර උතුර ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රතිප්‍රහාරයෙන් තුවාල ලද අතර තවත් රණවිරුවන් දෙදෙනෙක් එදින හවස් යාමයේදී කිරිඉබ්බන් වැව ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් විසින් අටවන ලද පුද්ගලනාශක බෝම්බවලට ගොදුරු වීමෙන් තුවාල ලැබීය.
ඒ අතර, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ සෝදීසී මෙහෙයුම් වල නිරත ආරක්ෂක හමුදා විසින් පුද්ගලනාශක බෝම්බ 254 ක් හා අයි.ඊ.ඩී. 31 ක් ඉවත් කිරීමට දිනය තුලදී සමත් විය.
ආක්‍රමණශීලී මෙහෙයුම් සාර්ථකව ඉදිරියට. . .

No comments: