Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 25, 2008

මහේලගේ ප‍්‍රහාරයෙන් බ‍්‍රැඩ්මන්ගේ වාර්තාවක් සමවෙයි ශී‍්‍ර ලංකාව කඩුලු 4කට ලකුණු 421යි



ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. පිටියේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (24) තරගය නතර කරන විට ශී‍්‍ර ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 421ක් ලබා සිටියේය. කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබා තිබිය දී දෙවැනි දිනයට පිටියට පිවිසි කී‍්‍රඩකයන් අතුරින් නායක මහේල ජයවර්ධන, ආරම්භක පිතිකරු මලින්ද වර්ණපුර සහ අංක 5 පිතිකරු තිලාන් සමරවීර සියළු ගෞරව දිනා ගත්හ. මේ අතුරින් මහේල ජයවර්ධන තම නම ටෙස්ට් වංශ කතා වාර්තා පොතේ සටහන් කර ගැනීමට සමත් වීම කැපී පෙණුනි. මෙල්බර්න් කි‍්‍රකට් පිටියේදී ටෙස්ට් ශතක 9ක් ලබමින් ඉහළින් ම සිටි ඩොන් ඩ‍්‍රැඩ්මන් එක් කී‍්‍රඩාංගනයක දී වැඩිම ටෙස්ට් ශතක ප‍්‍රමාණයක් රැස් කරමින් රැකගෙන සිටි වාර්තාව ඊයේ මහේල සම කළේ 207 වැනි පන්දුවට මුහුණ දෙමිනි. එස්. එස්. සී. පිටියේ දී පැවති ටෙස්ට් තරගයට මුහුණ දුන් මහේල ඊයේ රැස් කළේ තම 23 වැනි ටෙස්ට් ශතකයයි. එම ශතකය හතරේ පහර 8කින් අලංකාර වු අතර ඔහු ලකුණු 50 රැස් කිරීමට එල්ල කළ හයේ පහර ද ඊට අයත් විය. මහේල සමග තෙවැනි කඩුල්ලට පන්දු 296 ක දී ලකුණු 155ක් රැස් කිරීමට සමත් වූ මලින්ද වර්ණපුර ඊයේ තම ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කළේ 13 වැනි හතරේ පහර එල්ල කරමිනි. ඒ වනවිට ඔහු මිනිත්තු 231ක දී පන්දු 163කට මුහුණ දී තිබුණි. වර්ණපුර ඊයේ දිනයේ 6 වැනි ඕවරයේ සහීර් ඛාන් එවු නිපන්දුවකට පෙරලා ඔහු අතට ම උඩ පන්දුවක් ලබා දෙමින් පිටියේ රැඳී සිටීමට වාසනාවන්ත විය. ඒ වන විට ඔහු රැස් කරගෙන සිටියේ ලකුණු 55ක් පමණි. වර්ණපුර ශතකය කරා යන ගමන වැලැක්වීමට ඉන්දීය පන්දුයවන්නෝ නිරතුරු වෙහෙස වූහ. එහිදී එක් අවස්ථාවකදී පිටියේ විනිසුරු තීරණය තෙවැනි විනිසුරුවකු ලවා අධ්‍යයනය (අඡ්ඍධ්ඡ්එඉ ) කරවීමට ද ඔවුන් පෙරමුණ ගත්හ. ටෙස්ට් කි‍්‍රකට් පිටියට හඳුන්වාදීමට සූදානම් වන මෙම නවතම නීතිය මෙම තරගාවලියේ දී අත්හදා බැලීමක් ලෙස යෙදවේ. ඒ අනුව හර්බජාන් සිං එවු පන්දුවක් වර්ණපුරයේ පාදයේ වැදීමෙන් කරන ලද ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එය අභියෝගයකට ලක් කිරීමට නායක අනිල් කුම්බ්ලේ කි‍්‍රයා කළේය. නමුත් කුම්බ්ලේගේ ඉල්ලීම තෙවැනි විනිසුරු පරීක්‍ෂාවෙන් ප‍්‍රතික්ෂේප විය. ඒ අනුව ඉනිමක දී ඉල්ලීම් 3ක් සඳහා වු අවස්ථාව ඉන්දීය පන්දුයවන්නෝ අවස්ථා 2 දක්වා අඩු කරගත්හ. එවැනි දුෂ්කර ගමනක් වර්ණපුර නිමා කළේ ලකුණු 115ක් ලබා සිටියදී ය. විනාඩි 268ක් තුළ පන්දු 209කට මුහුණ දුන් වර්ණපුර තවත් ලකුණු 06ක් ලබා ගත්තා නම් එය ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වීමට ඉඩ තිබුණි. වර්ණපුරගේ හොඳම ඉනිම ලෙස සැලකෙන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව රැස් කළ ලකුණු 120 යි. දිනයේ දෙවැනි පිතිකරු ලෙසත් ඉනිමේ සිවුවැනි පිතිකරු ලෙසත් ලකුණු පුවරුව 360 ක්ව තිබියදී නායක මහේල ජයවර්ධන දැවී ගියේ ය. කඩලු රකින දිනේෂ් කාර්තික් විසින් අවස්ථා දෙකක දී මහේලගේ උඩපන්දු අතහැරිය ද තෙවැනි වර සාර්ථක වෙමින් ඉෂාන්ට ෂර්මාට කඩුල්ල දවා ගැනීමට සහාය විය. ඒ වනවිට මහේල පන්දු 259 කට මුහුණ දී හතරේ පහර 10 ක් හා හයේ පහරක් තම ඉනිමට ඇතුලත් කර තිබුණේ ය. දෙවැනි නව පන්දුවේ 8 වැනි ඕවරයේ දී මහේල දැවී යන විට තිලාන් සමඟ 4 වැනි කඩුල්ලට පන්දු 254 කදී ලකුණු 148 ක් එක්කර තිබුණි. වෙනදාට මන්දගාමී පිතිකරනයක නිරත වන තිලාන් සමරවීර ඊයේ ඉක්මන් ලකුණු ලබා ගැනීමට උත්සාහ කිරීමද පෙනුණි. ඔහු තමන් මුහුණ දුන් 85 වැනි පන්දුවේ දී අර්ධ ශතකය වාර්තා කළ අතර 174 වැනි පන්දුවේ දී ශතකය රැස් කළේ ය. එය ඔහුගේ 7 වැනි ටෙස්ට් ශතකයයි. තිලාන් ශතකය සඳහා 4 පහර 15 ක් ඇතුළත් කළේය.

No comments: