Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 7, 2008

ආසියානු කුසලානය ශ‍්‍රී ලංකාවට

වීරයා අජන්ත මෙන්ඩිස්

ශ‍්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පාකිස්තානයේ කරච්චි නුවරදී ඊයේ (6) රාත‍්‍රී නිමා වු ආසියානු කුසලාන අවසන් තරගයෙන් ඉන්දියාව ලකුණු 100 කින් පරාජය කරමින් ශ‍්‍රී ලංකාව සිවු වැනි වරටත් ආසියානු කුසලානය දිනා ගනිමින් ආසියානු කලාපයේ කි‍්‍රකට් සූරයන් බවට පත්විය.
දඟපන්දු යවන අජන්ත මෙන්ඩිස් හා සුපිරි පිතිකරු සනත් ජයසූරිය දැක් වු අති විශිෂ්ට දස්කම් මේ ඓතිහාසික ජයග‍්‍රහණයට බෙහෙවින් ඉවහල් විය. පන්දුවෙන් විස්මිත දස්කම් දැක් වු අජන්ත මෙන්ඩිස් ලකුණු 13 ට කඩුලු 6 ක් බිඳ හෙලීමට සමත්විය.
ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම විචාරකයන්ගේ නොමඳ පැසැසුමට ලක්විය. සනත් ජයසූරිය පන්දු 114 කදී හතරේ පහර 9 ක් හා හයේ පහර 5 ක් එල්ල කරමින් සුපුරුදු දස්කම් දක්වමින් ලකුණු 125 ක් රැස්කර ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
තිලකරත්න ඩිල්ෂාන් අර්ධ ශතකයක් රැස් කළේය. තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස උපහාර ලැබුවේ අජන්ත මෙන්ඩිස්ය.
ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමේදී චමින්ද වාස් ලකුණු 55 ට කඩුලු 2 ක් බිඳ හෙලූ අතර කුලසේකර හා මුරලිදරන් එක කඩුල්ල බැඟින් ලබා ගත්හ.
මුලින් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා පිල සියලු දෙනාම දැවී ලකුණු 273 ක් රැස් කළ අතර, ඉන්දීය පිලට ලබාගත හැකි වූයේ සියලු දෙනාම දැවී ලකුණු 173 ක් පමණි. මේ අනුව තම රටෙන් පිටතදී ශ‍්‍රී ලංකාව ප‍්‍රථම වරට ආසියානු කුසලානය හිමිකර ගැනීමට සමත්විය.
තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මාන දෙකම අජන්ත මෙන්ඩිස්ට හිමිවීම විශේෂ සිද්ධියකි. ඔහුගේ පන්දු යැවීම (13 ට 6) ආසියානු කුසලාන ඉතිහාසයේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් විය.

No comments: