Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 21, 2008

වෙඩිතලතිව් ප‍්‍රදේශයට කි. මී. 10ක් උතුරෙන් පිහිටි මහ කොටි කඳවුරක් අල්ලයි


වන්නි මෙහෙයුමේ නිරත ආරක්ෂක හමුදාව ඊයේ (20) උදේ වෙඩිතලතිව් ප‍්‍රදේශයට කිලෝමීටර් 10ක් උතුරින් පිහිටි ඉලුප්පයිකඩවායි ප‍්‍රදේශයේ බලය සම්පූර්ණයෙන් තහවුරු කර ගෙන තවත් කිලෝ මීටර් දෙකක් ඉදිරියට ගොස් තිබේ.
යුද හමුදාවේ 58 වැනි සේනාංකය සහ කොමාන්ඩෝ බළකාය මෙම ජයග‍්‍රහණය ලබාගෙන ඇති බවත් මෙම ඉලුප්පයිකඩවායි කොටි කඳවුරු ප‍්‍රදේශය වන්නියේ පිහිටි කොටින්ගේ තවත් විශාලතම කඳවුරු ප‍්‍රදේශයක් බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.
ත‍්‍රස්තවාදීන්ගේ යුද අගල් සහ මරඋගුල් අතරින් වෙඩිතලතිව් මුදාගෙන දින හතරක් ඇතුළත ත‍්‍රස්ත ප‍්‍රහාරවලට මුහුණ දෙමින් කිලෝ මීටර් 10ක් ඉදිරියට ගමන් කිරීම ආරක්ෂක හමුදාව ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් බවත්
බි‍්‍රගේඩියර් නානායක්කාර පැවසීය.
වෙඩිතලතිව් සිට පලාගිය කොටි ත‍්‍රස්තවාදීන් ඉලුප්පයිකඩවායි තම ආරක්ෂක වළල්ල ශක්තිමත් කර එතැන් සිට හමුදාවට ප‍්‍රහාර එල්ලකිරීම සිදු වූ අතර ඒ අනුව පෙරේදා එම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් හමුදාවේ එක් සෙබළකු දිවිපුදා අටදෙනෙක් තුවාල ලැබූහ.
එහෙත් හමුදාවේ 58 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නායකත්වයෙන් කොමාන්ඩෝ බළකා සෙබළුන්ගේ සහායෙන් ත‍්‍රස්තවාදීන්ට උපක‍්‍රමශීලීව දැවන්ත ප‍්‍රහාර එල්ලකර ප‍්‍රථමයෙන් ඉලුප්පයිකඩවායි ත‍්‍රස්ත බංකර් පෙළ අත්පත්කරගෙන තිබේ.
හමුදා ප‍්‍රහාර හමුවේ ත‍්‍රස්තවාදීන් ඉලුප්පායිකඩවායි කොටි කඳවුරු අතහැර පලාගොස් තිබේ. ඉලුප්පයිකඩ්ඩවාන්හි සම්පූර්ණයෙන් ම බලය අත්පත්කරගත් හමුදාව ඊයේ දහවල් වන විට එතැන් සිට පුනරීන් පාරේ තවත් කිලෝමීටර් දෙකක් ඉදිරියට ගිය බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
වෙඩිතලතිව් හා ඉලුප්පයිකඩවායි ප‍්‍රදේශය කොටි ත‍්‍රස්තවාදීන්ට අහිමිවීමත් සමඟම එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් අර්බුද රැසකට ලක්වී තිබෙන අතර ඔවුන්ට සිය බර අවි තවදුරටත් පසුපසට ගැනීමට සිදුවී තිබේ. යුදහමුදාව මුහුදු කොටි කඳවුරු අත්පත් කර ගැනීම නිසා වයඹදිග වෙරළ තීරය කොටින්ට අහිමිවෙමින් තිබෙන අතර, මන්නාරමේ නාවික හමුදා කඳවුර හා අනුකණ්ඩවල ආරක්ෂාව තවදුරටත් තහවුරු වේ.
මන්නාරමේ සිට කිලිනොච්චිය දක්වා වැටී ඇති ඒ 32 මාර්ගය මේ වනවිට ආරක්ෂක හමුදා අතට ක‍්‍රමක‍්‍රමයෙන් පත්වෙමින් තිබෙන අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙසින් කිලිනොච්චිය දක්වා ඇති කොටින්ගේ ප‍්‍රධානතම සැපයුම් මාර්ගයක්ද අහිමි වෙයි.
සැපයුම් මාර්ග අහිමිවීමෙන් කොටි ත‍්‍රස්තවාදීන් හට සිවිල් ජනතාව බලහත්කාරයෙන් සිරකර තබා ගැනීමද අපහසු වී තිබේ.
මෙම යුදමය ජයග‍්‍රහණයන් සමඟම වන්නි මෙහෙයුමේ නිරත භට පිරිස් වෙත මන්නාරම දිස්ති‍්‍රක්කය තුළ මුදා ගැනීමට තව ඉතිරිව ඇත්තේ බිලාන්කුලම් නගරය පමණක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි.
හමුදා ප‍්‍රහාර හමුවේ පළා යන කොටි නායකයන් ඇතුළු ත‍්‍රස්තවාදීන් එම ප‍්‍රදේශයේ රැඳී සිටින බවත්, හමුදාවේ මීළඟ ඉලක්කය එම ප‍්‍රදේශය බවත් සඳහන් කරයි.

No comments: