Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 24, 2008

ගමේ මිනිහා පිළිකන්නේ ටයිකෝට්කාරයෝ මැදසාලේ එජාපය ගැන අපට දුකයි-ඩබ්ලිව්. බී. ඒකනායක,පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති

එක්සත් ජාතික පක්ෂය යටතේ ඉකුත් මහ මැතිවරණයට තරග කර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳ පැහැදී රජයට එක්ව ත‍්‍රස්තවාදීන්ට එරෙහි දැඩි ස්ථාවරයක කටයුතු කළ අනුරාධපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. බී. ඒකනායක මහතා සමග දිනමිණ කළ සංවාදයකි මේ.
එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ඔබ එම පක්ෂය අතහැර රජයට එක්වූයේ ඇයි ?
මම ගියේ කලින්මයි. ජනාධිපතිතුමාගේ ගමන් මග පිළිබඳ පැහැදුණු මම රට ගැන හිතලා ඒ තීරණය ගත්තා. මෙම දැක්කා එතුමාගේ එඩිතරකම. රට ගැන තීරණයක් ගන්න බය වුණේ නෑ. ලෝකෙ එක එක රටවල්වලට බයේ කොන්ද නැමුවේ නෑ. මේ කාලයට අනුව දැන් අපේ රටට අවශ්‍ය කොන්දක් තියෙන නායකයෙක්.
අපේ ප‍්‍රදේශය කෘෂිකර්මාන්තයෙන් යැපෙන ඉතා දුෂ්කර ප‍්‍රදේශයක්. ඒ වගේම ත‍්‍රස්තවාදී තර්ජනය නිරන්තරයෙන් පැවතුණු පළාතක් කියන්නත් පුළුවන්. ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරවලින් අපට සිදු වූ පාඩු එහි දුක වේදනාව අපට හොඳට දැනෙනවා.
එදා හමුදාවේ කී දෙනෙක් පැනලා ආවාද. නමුත් අද තත්ත්වය එහෙම නෑ. ඒකට හේතුව තමයි මේ කරන යුද්ධය. කවදාවත් මේ වාගේ රටේ බේරා ගැනීමේ අවංක චේතනාවෙන් යුද්ධයක් කළේ නෑ.
අද තුවාල වෙලා එන සෙබළත් උත්සාහ කරන්නේ ඉක්මනින් සුවවෙලා. රණබිමට යන්න. ඒකෙන් පේනවා අද රණවිරුවාගේ උද්යෝගය කොයි තරම්ද කියලා.
ඔබ නැවත එක්සත් ජාතික පක්ෂයට එක් වන්නට යන බවට කතාවක් පැතිරෙමින් පවතිනවා. මෙමහි සත්‍යතාවක් තිබෙනවාද ?
මම ආවේ තාන්න මාන්න බලාගෙන නෙවෙයි. රට ගැන හිතලයි . මේ ජනාධිපතිතුමා යන ගමනට ශක්තියට දෙන්නයි එක්වූයේ. ඒ ගමන යන අතර මගදී අපි එතුමාව දාලා යන්න සූදානම් නෑ.
විවිධ පුද්ගලයෝ විවිධ කතා කියනවා. ඒවා අපි ගණන් ගන්නේ නෑ. දැන් ජනාධිපතිතුමාට සමහර මාධ්‍යවලින් කොයිතරම් මඩ ගහනවාද ? දැන් ඉන්නේ ගොඩාක් මාධ්‍ය මුදලාලිලා. ඒ ගොල්ලෝ ඉන්නේ පිටරට.
මේ රටේ එල්.ටී.ටී.ඊ. ය වෙනුවෙන් ඔවුන් කටයුතු කරනවා. ජනාධිපති පමණක් නොවෙයි එතුමාගේ පවුලේ අයටත් මඩ පහරවල් ගහනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දායකත්වය එල්.ටී.ටී.ඊ. හිතවතුන්ට දරාගන්න බෑ එකයි මේකට හේතුව.
අපි ගමෙන් ආපු අය. එස්. එම්. චන්ද්‍රසේන ඇමැතිතුමයි මාව ජනාධිපතිතුමා ළඟට අරගෙන ගියේ. එදා ජනාධිපතිතුමා දැක් වූ ලෙන්ගතුකම මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
එතුමා මට ඒ වෙලාවේ අමාත්‍යාංශ තිස් ගණනක් පෙන්නලා කිව්ව කැමැති අමාත්‍යංශයක් කියන්න කියලා. ඒ වෙලාවේ මම තෝරා ගත්තේ මහාමාර්ග අමාත්‍යාංශය. ඒකට හේතුව අපේ ප‍්‍රදේශයේ මාර්ග ඉතාම අබලන්.
අපේ ප‍්‍රදේශයට බලපෑ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වුණ මාර්ග නිසි පරිදි නොවීමට දැන් පිළියම් කරගෙන යනවා. පාදෙණිය සිට අනුරාධපුරයටත් පුත්තලම සිට අනුරාධපුරයටත් මාර්ගය සකස් කරන්න දැන් කටයුතු කරනවා.
මම මේ මාර්ග ගැන කිව්වේ තිලක් මාරපන ඇමැතිතුමා ඉන්නේ කාලේ ඉඳලයි. හය වතාවක් ටෙන්ඩර් කළත් එය ඉටුවුණේ නෑ. මේ වතාවේ අනිවාර්යයෙන්ම එය ඉටු කෙරෙනවා. මෙවැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති කරමින් රට බේරා ගන්නා වෙලාවක අපි යනවා කියලා කියන්නේ යම් යම් අවස්ථාවදීන්.
ඒ විතරක් නෙවෙයි ශී‍්‍ර මහා බෝධීය අසල මිලියන හැත්තෑහතරක (74) වියදමින් විශාල රථගාලක් ඉදිකිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. අපේ ශී‍්‍ර ලාංකිකයන්ට මෙන්ම දෙස් විදෙස් සියල්ලන්ට පහසුවෙන් ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ අසලට පැමිණ තමන්ගේ අවශ්‍යතාව ඉටු කර ගන්න මේ තුළින් අවස්ථාව උදාවෙනවා.
මේවන විට යුද්ධය සියයට අනූවක් පමණ අවසන් කරලා තියෙන්නේ. මේක හදලා ඉවර වෙන කොට යුද්ධය අවසන් වෙලා රටට සම්පූර්ණ සාමයක් උදාවෙලා තියෙයි කියලා මම විශ්වාස කරනවා.
මෙවැනි තත්ත්වයක් තුළ මේ වාගේ කතා විහිළුවටත් කියන්න පුළුවන්. අනික් එක එක්සත් ජාතික පක්ෂයේ මේ නායකයා ඉන්නකම් අපි කවදාවත් ජනාධිපතිතුමා දාලා යන්නේ නෑ.
ඒ කියන්නේ වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකයා වෙනස් වුණාම ඔබ නැවත යනවා කියන එකද ?
නෑ. කවදාවත් එතුමා දාලා යන්නේ නෑ.
අනික් එක මේ එජාප නායකයා ඉන්නකම් කවදාවත් එජාපයට බලයට එන්න බෑ වගේම මේ ජනාධිපතිතුමා ඉන්කකම් එජාපයේ කවුරු නායකයා වුණත් බලයට එන්න බෑ කියන එක මතක් කරලා දෙන්න ඕනෑ.
මේ වාගේ නායකයෙක් ආයේ කවදාවත් මේ රටේ බිහි වෙන්නේ නෑ. ඒ නිසා මේ නායකයා ආරක්ෂා කර ගැනීම පක්ෂ ජාති ආගම් බේදයෙන් තොරව සිදුකළ යුතුයි.
සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා නම් එතන ගැටලුවක් නෑ. ගැටුමක් නෑ. නමුත් අපිට එජාපයෙන් වුණේ ඒකේ අනික් පැත්ත. සෑම මැතිවරණයකින්ම අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප‍්‍රමාණයකින් ජයග‍්‍රහණය කරලා දුන්නේ මගේ මැතිවරණ කොට්ඨාශය වූ අනුරාධපුර බටහිර ආසනයයි.
ඒත් එජාපය ඒ ගැන හිතුවේ නෑ. කොන්දක් තියෙන ශක්තිමත් ජනතා පදනමක් ඇති ජනතාවට සේවය කරන්න පුළුවන් අය කපලා දැම්මා. ඒ වෙනුවට ටයිකෝට් සමාජයට ඉඩ දුන්නා. අපි වාගේ තවමත් ගොවිතැන් කරන ගොවි ජනතාව නියෝජනය කරන පුද්ගලයින් පැත්තකට දාලා කටයුතු කළා.
ගිය වතාවේ පළාත් සභාවේ විපක්ෂනායක කමටත් මේ වගේ ප‍්‍රශ්නයක් ඇති කළා. ඒ වෙලාවෙත් මම සටන් කළා. ඒ අනුව ගමේ මිනිහෙකුට විපක්ෂ නායකකම ලැබුණා. මේ සැරේ ගමේ මිනිහාට ලැබෙන්න තිබූ විපක්ෂනායකකමත් නැතිවෙලා යන එක ගැනයි අපිට දුක.
මේ ඡන්දේ පැරදුනාම ජෙනරාල්තුමා උතුරු මැද ජනතාව දාලා යනවා. එජාපය කරන්නේම ඒ වාගේ වැඩ. නැෙඟනහිරට හකීම් දැම්මා. හොර රහසේම ඔන්න දැන් පාර්ලිමේන්තුවට ඇවිත්.
කවුද අතරමං වුණේ එජාප පාක්ෂිකයෝ විතරයි. මේක දැන් එජාප පාක්ෂිකයෝ තේරුම් අරගෙන ඉවරයි. ඒකයි විශාල පිරිස් සන්ධානය ජයග‍්‍රහණය කිරීමට එක්වන්නේ.
අපේ මිනිස්සුන්ට අපේ බිමෙන් අවශ්‍ය නිෂ්පාදනය කරගන්න පුළුවන්. ගම්වල මිනිසුන් ඒ යුතුකම කර ගන්නවා. ආණ්ඩු මත යැපෙන්න අපේ ගම්වල මිනිස්සු සූදානම් නෑ. ඔවුන් ඒකයි රට බේරා ගන්න මේ අවස්ථාවේ ආණ්ඩුවට සහය ලබා දෙන්නේ. ඔවුන් දන්නවා මේ වෙලාවේ බුලත් කොළයට විරුද්ධව දෙන ඡන්දය කොටින්ට පක්ෂව දෙන ඡන්දයක් කියලා.
කෘෂි කර්මාන්තයට නිසි තැනත් අද ලැබිලා තියෙනවා. පසුගිය දවස්වල තෙමුණු වී රුපියල් තිස්පහ ගානේ දෙන්න ගොවියාට හැකි වුණේ ඒ නිසයි. කෝටි ගාණක් පාඩුවට පොහොර සහනාධාරය රජය ලබාදෙමින් මේ තත්ත්වය ලබාදීම ගොවියාගේ භාග්‍යයක්. වී නිෂ්පාදනය ඉහළ ගියත් හොඳ මිලක් ලැබුණා. අනික හාල් රුපියල් දෙසිය දක්වා ඉහළ යන මට්ටමක තිබුණා එයත් පාලනය කළා.
එදා රනිල් වික‍්‍රමසිංහ මහතා කිව්වේ මහා වාරිමාර්ග සුළු වාරිමාර්ග මේ රටට අවශ්‍ය නෑ කියා. රටේ කර්මාන්ත ඇති කරන්න ඕනෑ කිව්වා. පොහොර සහනාධාරය කපනවාට අපි එදා විරුද්ධ වුණා. ඊට පස්සේ වුණේ අපිව කපා දාන එකයි. එවැනි වාතාවරණයක් යටතේ අනුරාධපුරයේ පොළොන්නරුව වැනි ප‍්‍රදේශ ආයේ එජාපයට ජයගන්න බෑ.
එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ හිටියා. එතුමාලාට දර්ශනයක් දැක්මක් තිබුණා. සාමාන්‍ය ජනතාව ගැන අවබෝධයක් තිබුණා. අද එක්සත් ජාතික පක්ෂය මන්ද බුද්ධික තත්ත්වයට පත්වෙලා.
එදා අපේ ගමේ මිනිහෙක් කොළඹට ගිහින් රෑ නවතින්නේ එජාප පක්ෂ මූලස්ථානයේ. ඇවිත් පහුවදා අපිට කියනවා හිටියේ පක්ෂ මූලස්ථානයේ කියලා. අද පක්ෂ කාර්යාලයට ගිහින් නිදා ගන්නවා තියා ගමේ මිනිහෙකුට සිරිකොත ඉස්සරා දොරින් ඇතුළු වෙන්න දෙන්නේ නෑ.
එදා වලව්වට යනවා වගේ පස්ස දොර ගමට විවෘත වෙලා තියෙනවා. ගමේ මිනිහාට සිරිකොත පස්ස දොර පමණක් ඇරලා තියෙන වෙලාවේ එක්සත් ජාතික පක්ෂය දන්නේම නැතිව සිරිකොත පස්ස දොරෙන්ම අපේ පාක්ෂිකයොත් එජාපය අතහැරලා එනවා.
මේ තත්ත්වය නවත්වන්න බැරි තත්ත්වයකයි තියෙන්නේ. ටයිකෝට් රාජකීය සමාජයට පමණක් විවෘත එජාපයේ අනාගතය ගැන අපිට දුකයි.
සටහන - චූල බණ්ඩාර කුලසේකර සහ හිඳෙගම සමූහ

No comments: