Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, July 9, 2008

පොලිසියටත් නොකියා නාමල් පෙරේරා රට ගිහින්

විජයානි එදිරිසිංහ
පහරදීමකට ලක් වු බව කියන ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පාඨමාලා අධ්‍යක්ෂවරයෙකු වන නාමල් පෙරේරා විදේශ රටකට ගොස් ඇති බව දැනගන්නට ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිනමිණට කීය.
නාමල් පෙරේරාට පහරදීම සම්බන්ධව කණ්ඩායම් තුනක් පරීක්ෂණ පවත්වන අතර එම කිසිම කණ්ඩායමකට ඔහුගේ විදේශ ගතවීම දැනුම් දී නැතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.
තවද නාමල් පෙරේරා ට පහරදීමේ සිද්ධිය සම්බන්ධව පොලිසිය පරීක්ෂණ පවත්වන අතරතුර ඔහු මෙසේ රට හැර යාම පරීක්ෂණවලට විශාල බාධාවක් බව ද කීය.
නාමල් පෙරේරා ට පහරදීමට පැමිණි වෑන් රථයක අංකය යැයි ඔවුන් විසින් ලබා දුන් අංකය පරීක්ෂා කිරීමේ දී හෙළි වී තිබුණේ එක් වාහනයක් පුත්තලම ප‍්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකුට අයත් මෝටර් රථයක් බවයි.
තවත් අංකයකට අයත් වාහනය මීට සති ගණනාවකට පෙර කෑලි ගලවා අලුත්වැඩියා කිරීමට යොදා ඇති එකක් බවයි.
පරීක්ෂණයක් පවත්වද්දී පැමිණිලිකරුගේ සහාය එම පරීක්ෂණවලට අත්‍යවශ්‍ය බව පවසන පොලිසිය මීට ඉහත දී පහරදීමකට ලක් වු “ද නේෂන්” පුවත්පතේ කීත් නොයාර් මහතාද පොලිසියට කිසිදු සහායක් නොදී මේ වනවිට විදේශ රටකට ගොස් ඇති බව අනාවරණය වී ඇති බවයි.
පොලිස් බුද්ධි අංශ පවසන්නේ මෙතෙක් කාලයක් තර්ජන ඇතැයි පැවැසු බොහෝ පිරිස් මේ වනවිට විදේශ රටවලට පළා ගොස් ඇති බවයි.
නාමල් මහතා විදේශගත වූවද එම පහරදීම සම්බන්ධව ආරම්භ කර ඇති පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බවද කියයි.

No comments: