Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 10, 2008

ආණ්ඩුව පළාත් ඡන්දයක් දී

මාවනැල්ල සමූහ පී. සෙනෙවිරත්න
අද අපේ රට වැටී ඇත්තේ මහා ප‍්‍රපාතයකටයි. ජනතාවට ආහාර වේලක් ලබාගන්න අඳින්න වස්ත‍්‍රයක් මිලදී ගන්න දරුවෙක් පාසල් යවන්න ජීවත් වන්න සරිලන ආදායමක් නැහැ. රටේ ආර්ථිකය බින්දුවට වැටිලා.
යුද්ධයක් කරනවා කියා රාජපක්ෂ සහ සමාගම කොමිස් ගහනවා. ජනාධිපතිවරයා හැමවිටම රට යනවා අනවශ්‍ය පළාත් සභා මැතිවරණයක් පවත්වා ජනතාවගේ මුදල් නාස්ති කරනවා.
අප ඉල්ලුවේ මහ මැතිවරණයක් දැන් පළාත් සභා මැතිවරණයක් ලබාදී එය කුමන්ත‍්‍රණවලින් කූඨ වැඩවලින් දිනන්න සැලසුම් හදනවා යැයි සබරගමුව පළාත් සභා කෑගල්ල අපේක්ෂක (එජාප) ඩබ්ලිව්.
සෝමදාස මහතා මාවනැල්ල අරණායක මාර්ගයේ පොල්අඹේගොඩදී ජන හමුවක් අමතා පැවසීය.
ගොඩිගමුව පොල්අඹේගොඩ එජාප ශාඛා සමිතිය මෙම ජනහමුව සංවිධානය කර තිබිණි.
එජාප අපේක්ෂක රංජිත් විජේසිංහ මහතා - කිසියම්ම ගැටුමක් නොකැර ගෙන නීත්‍යානුකූූලව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව මෙම මැතිවරණ සටන මෙහෙයවන්නට එජාපයේ අය සිහියට ගන්නා ලෙසට අයැද සිටි අතර මෙම පළාත් සභා මැතිවරණය නිසැකවම එජාපය දිනන බව සඳහන් කළේය.
තවදුරටත් අදහස් දැක්වූ සෝමදාස මහතා, අපේ නීතිඥතුමා සාමයෙන් සමාදානයෙන් මෙම සටන කරන්න කීවත් රජයේ පාර්ශ්වය ඉකුත් මැතිවරණවලදී මෙන් මෙම මැතිවරණයේදීද බලය මත වැරදි අන්දමින් බලයට එන්නට උත්සාහ කළහොත් අපත් පස්සට යන්නේ නැහැ.
ජනහමුව පැවති ස්ථානයේ ඉදිරි වෙළෙඳසලක බිත්තිය මත අලවා තිබූ අපේක්ෂක ලලිත් දිසානායක හිටපු ඇමැතිවරයාගේ සහ හිටපු සභා නායක ශී‍්‍රලාල් වික‍්‍රමසිංහ මහත්වරුන්ගේ පෝස්ටර් වෙත අත දිගු කරමින් කතා කළ සෝමදාස මහතා ඔය වෙළෙඳසල්වල ලොකු පෝස්ටර් අලවාගෙන සිටියත් තව මාස හයක්වත් වෙළෙඳ ව්‍යාපාර කරන්න මේ රජය යටතේ ජනතාවට පුළුවන්කමක් ඇත්තේ නැහැ.
අහස උසට බඩු මිල නැගලා ජනතාවට එදිනෙදා ආහාර වේලවත් ගන්න සල්ලි නැහැ. එම නිසා මේ රජය පෙරළා දමන්න මේ පළාත් සභා මැතිවරණයේදී එජාපයට සහාය දෙන්න කියා මම ඉල්ලා සිටිනවා.

No comments: