Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 28, 2008

සහෝදර සමාගම රටට ආශීර්වාදයක් දොස්තර රාජිත සේනාරත්න - ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති

ආණ්ඩුවට විරුද්ධ පක්ෂය එල්ල කරනු ලබන දූෂණ චෝදනා පිළිබඳව ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාසමඟ කරන ලද සාකච්ඡාවක් පහත දැක්වේ.
මූල්‍ය පාලනයක්, විනිවිදභාවයක් මේ ආණ්ඩුවට නැහැ. ආණ්ඩුව දූෂණය වංචාවෙන් පිරී ඇති බවට විරුද්ධ පක්ෂය බරපතළ ලෙස චෝදනා නගනවා.ඒ වගේම ආණ්ඩුව පෙරළීමේ මුල් පියවර පළාත් සභා මැතිවරණයෙන් තබන බවට විරුද්ධ පක්ෂය අභියෝග කරනවා.
ආණ්ඩුවට මුල්‍ය පාලනයක් නොමැතිනම් වසර 3 ක් පිට පිට ආර්ථික වර්ධන වේගය 6% මට්ටමකින් තියාගෙන ඉන්න බැහැ.
වසර 3 ක් පිට පිටම මේ ආකාරයෙන් ආර්ථික වර්ධන වේගය රඳවාගත්තු එකම කාලය මෙයයි.
2006 දී අයවැය පරතරය වුණේ 8% යි. 2007 දී 0.5% කින් පාලනය කරගෙන 7.5% දක්වා අඩුකර ගැනීමට ආණ්ඩුව සමත් වුණා.
මුල්‍ය පාලනයක් නොමැති නම් මේ ආකාරයෙන් අයවැය හිඟයක් අඩුවෙන්නේ නැහැ. මේ කරුණුවලින් මනාව පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට නිසි මුල්‍ය පාලනයක් තියෙනව කියලයි.
නමුත් එක්සත් ජාතික පක්ෂයේ නව ලිබරල් නායකයින්ට නම් මේක පේනවා ඇත්තේ ටිකක් අමුතු විදියට. 2003 හත්ලක්ෂ අසූදහසක් වුණු මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව අද වනවිට එකොලොස් ලක්ෂයකට අධික වෙලා.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ රජය යටතේ ලක්ෂ 3 කට වැඩි සංඛ්‍යාවක් රාජ්‍ය සෙවයට බැඳිල තියෙනවා. 50% කට ආසන්න ප‍්‍රමාණයකට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකරන්න කි‍්‍රයාකරලා තියෙනවා.
තවත් රුපියල් දහසකින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප මේ මාසයේ සිට වැඩිකරලා.
ඊට අමතරව ලබන වසරේ රුපියල් දෙදහසකින් පමණ වැටුප් වැඩිකිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙනවා.
පොහොර සහනාධාර ඇතුළු අනෙකුත් සහනාධාර ලබාදෙමින් කිසිදු රාජ්‍ය ආයතනයක්වත් විකුණා රුපියලක්වත් උපයන්නේ නොමැතිව, රටේ දැවැන්තම සංවර්ධන වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කරද්දීත් මේ වගේ ආර්ථික වර්ධනයක් හා අයවැය පාලනයක් රඳවාගන්නවා කියන්නේ ඊට වඩා මොන මුල්‍ය පාලනයක්ද?
ඔබතුමා කියන්නේ මුල්‍ය පාලනය සම්බන්ධයෙන් කිසිදු වරදක් මේ ආණ්ඩුවේ නැහැ කියලද?
යම් යම් අතපසුවීම් වෙලා තිබුණට කිසිම ආකාරයෙන් දූෂණ චෝදනාවක් එල්ලවෙලා නැහැ. මං අර කලින් කිව්ව වගේ රටේ සංවර්ධන කටයුතු සිදු කෙරෙනවනම් දූෂණ කොහෙත්ම සිදුවෙන්න බැහැ.
ඔය දූෂණ කියන ජනපි‍්‍රය වචනේ අල්ලගෙන එදා ඉඳලා කී දෙනෙකුට නිකරුණේ චෝදනා එල්ල කරන්නට ඇතිද? ඔප්පු නොකර, සාක්ෂි ඉදිරිපත් නොකර එල්ල කරන දූෂණ චෝදනාවලින් වැඩක් වෙන්නේ නැහැ.
අනගාරික ධර්මපාලතුමාටත් ඔයවගේ චෝදනා නිකරුණේ එල්ල කෙරුණා. ධර්මපාලතුමා තමන්ගේ දොන් කරෝලිස් එකේ මුදල්වලින් රට රටවලට යනකොටත් ඒවා ගැන ප‍්‍රශ්න කෙළේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මුතුන් මිත්තෝ.
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එම ඥාතියා පරම විඥාානාර්ථ සමාගමේ රැස්වීමකදී අනගාරික ධර්මපාල තුමාගෙන් ඇහුවලු ඔබතුමාගේ අයවැය ලේඛනය කෙසේද? කියලා.
මෙයින් කළකිරීමට පත් අනගාරික ධර්මපාලතුමා කියා සිටියේ සංසාර චක‍්‍රයේදීවත් මේ රටේ ඉපදෙන්න කැමති නැහැ කියලයි. ඊළඟ ආත්මයේදී මහා භාරතයේ ඉපදෙන්න ප‍්‍රාර්ථනා කරනව කියලත් අනගාරික ධර්මපාලතුමා කිව්වා.
එදා අනගාරික ධර්මපාලතුමාගේ ඉඳල හැම කෙනෙකුටම දූෂණ චෝදනා ඔය ආකාරයට එල්ල කළා. කෝප් වාර්තාව කියන්නේ විමර්ශන පමණයි. ඒවා දැන් විභාග වෙනවා.
අපි දූෂණ චෝදනාවක් කාටහරි විරුද්ධව ගෙනාවොත් ඔප්පු කරනවා. අද නිකං දූෂණ දූෂණ කියලා කෑගැහුවාට ඔප්පු කිරීමක් නැහැ. මිග් ගනුදෙනුව ගැන මහ ලොකුවට කෑගැහුවට ඒක ඔප්පු කරන්න බැරුව කෑගහපු කට්ටියගේ කටවල් වැහිලා.
නමුත් අවි ආයුධ රජයට සම්බන්ධ සමාගමක් විසින් මිලදී ගැනීමේදී තිබිය යුතු විනිවිදභාවය මෙම ගනුදෙනුවලදී නොමැති බවටයි, විරුද්ධ පක්ෂය චෝදනා නගන්නේ?
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරයට පත්වුණාට පස්සේ අවි ආයුධ තැරැව්කරුවන් හරහා ගත්තේ නැහැ. ඒක නිසා මිග් ගනුදෙනුව ගැන වැඩියෙන්ම කතා කරන්නේ යුධ ජාවාරම්කාරයෝයි.
ඒකාලේ අවි ආයුධ ගත්තේ තැරැව්කරුවන්ගෙන්. අපේ හමුදාවට මෙහේ ආයුධ දෙනකොට තැරැව්කාරයෝ අර පැත්තේ කොටි සංවිධානයටත් අපට දෙන ආයුධවල තොරතුරු ඇතුළත් ලැයිස්තුවක් දෙනවා.
රජයට අයත් සමාගමකින්් දැන් ආයුධ මිලදී ගන්න නිසා ඉස්සර වගේ කොටි සංවිධානයට අවි ලබාගන්න ආයුධවල තොරතුරු යන්නේ නැහැ.
මීට පෙර තොරතුරු ගිය බව ඔබ කියන්නේ වගකීමෙන්ද? ඊට උදාහරණ ලබාදෙන්න පුළුවන්ද?
ඕනෑතරම් උදාහරණ ලබාදෙන්න හැකියාව තියෙනවා. එකක් මං විසින්ම අතටම අහුකරගෙන ඔප්පු කරලා සනාථ කළා.
පසුගිය එක්සත් ජාතික පෙරමුණු රජය කාලයේ අගමැති වශයෙන් හිටියේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයයි.
නාවික හමුදාවේ ප‍්‍රහාරක යාත‍්‍රාවලට කාලතුවක්කු 25ක් ගේන්න තීරණයක් ගත්තා. අරමුණ වුණේ මුහුදු කොටි යාත‍්‍රාවලට දුර සිට ප‍්‍රහාර එල්ල කිරීම.
මේ කාලතුවක්කු 25 ගන්න තීරණය කෙළේ ඊශ‍්‍රායලයෙන්.
එකක මිල මට මතක හැටියට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6යි. මේ විශාල මුදලක් එකකට පමණක් යන නිසා මං මේ ගැන හෙව්වා.
කාලතුවක්කු නිෂ්පාදනය කරන්නේ ඇමෙරිකානු බුෂ් මාස්ටර් සමාගම. එම සමාගම සමඟ කථාකරලා මේ කාලතුවක්කුවල තොරතුරු හා මේවායේ මිල ගණන් මං හොයාගත්තා.
එකක මිල වුණේ ඩොලර් දෙලක්ෂ ගණනක්. ඇමෙරිකාව පවා ආයුධ ගත්තේ මෙම බුෂ් මාස්ටර් සමාගමෙන්. ඊශ‍්‍රායලයත් මේ කාලතුවක්කු බුෂ් මාස්ටර් සමාගමෙන් මිලදී ගෙන විශාල මුදලක් තියාගෙන අපට විකුණනවා.
රුපියල් මිලියන 20ට බුෂ් මාස්ටර් සමාගමෙන් ගන්න පුළුවන්කම තියෙද්දි රුපියල් මිලියන 60ක ගෙවලා ඊශ‍්‍රායලයෙන් මේවා ගැනීමෙන් රුපියල් මිලියන 1000 ක් ගනුදෙනුවේදී පාඩුවෙනවා. මේකට විරුද්ධව මං ඇමති මණ්ඩලයේදී කතා කරලා මේ ගනුදෙනුව නැවැත්තුවා.
රනිල් වික‍්‍රමසිංහ මහතා විදේශගතවෙලා හිටපු නිසා කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩලය රැස්වුණා. ගනුදෙනුව නවත්වන්න කරු ජයසූරිය මහතා තීරණය කරලා විභාගයක් කරන්න තීරණය කළා.
මෙම ගනුදෙනුව සිදුවුණොත් විශාල දූෂණයක් සිදුවන බව පරීක්ෂණ පැවැත්වූ කමිටුව තීරණය කළා. නමුත් ඊට පසුව රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයා ඇවිල්ලා කෙළේ මම ඇමැති මණ්ඩලයේ නොසිටි අවස්ථාවක මෙම ගනුදෙනුවට ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තා.
පසුව දැනගන්න ලැබුණා, ඔහුගේ ව්‍යාපාරික හිතවතුන් මේ ගනුදෙනුව පිටුපස සිටිනවා කියලා.
මං රනිල් වික‍්‍රමසිංහ මහත්තයට කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වයට වඩා රජය ආරක්ෂා කරන එක කියලා කිව්වා. අනෙක් වැදගත් කාරණය තමයි, බුෂ් මාස්ටර් සමාගම මට දැනුම්දුන්නා, මේ කාලතුවක්කු තවත් තුන්වැනි පාර්ශ්වයකට විකුණන්නේ නැහැ කියලා.
ඔවුන් ගනුදෙනු කරන්නේ එක් රටක එක් කණ්ඩායමක් සමඟ පමණයි. ශී‍්‍ර ලංකා රජය සමඟ ඔවුන් ගනුදෙනු කරනවානම් කොටි සංවිධානය සමඟ ඔවුන් කිසිදු ගනුදෙනුවක් කරන්නේ නැහැ.
එදා කරපු මේ සැකකටයුතු ගනුදෙනුව චන්ද්‍රිකා මැතිනියත් ඉදිරියට ගෙනගියා. මේක නැවැත්තුවේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුණාට පසුවයි. දැන් මේ ගනුදෙනුව ගැන හොයන්න කොමිසමක් පත්කරලා තියෙනවා.
එම කොමිෂම කිව්වේ, මේක අන්තිම දූෂිත ගනුදෙනුවක් කියලයි. මේ කාලතුවක්කු තත්ත්වයෙන් බාලයි. කිලෝ මීටර් 8ක් දුර උණ්ඩ යනවයි කිව්වට මේකෙන් ගහන්න පුළුවන් දුර ප‍්‍රමාණය වෙලා තිබුණේ කිලෝ මීටර් 3යි.
දූෂණ චෝදනා එල්ල කළ යුත්තේ මේ ආකාරයෙනුයි. නැතුව නිකන් බොරුවට දූෂණ, දූෂණ කියලා කෑගැහුවට වැඩක් නැහැ.
දැන් මෙවැනි ආකාරයේ ගනුදෙනු සිදුවන්නේ නැහැ කියලා ඔබ සහතික වන්නේ කොහොමද?
විනිවිදභාවයකින් යුතු රාජ්‍ය සමාගමක් පිහිටුවලා තියෙන නිසා කිසිම සැකයක් ඇතිවෙන්නේ නැහැ. මේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නේ අමාත්‍යාංශ ලේකම්වරු ඔවුන් රජයට වගකිව යුතුයි.
දැන් ඔය මිග් ගනුදෙනුව ගැන බොරු චෝදනා එල්ල කරන්නේ ආයුධ තැරැව්කරුවන්.
දැන් ඔවුන් හරහා ආයුධ ගන්නේ නැති නිසා ඔවුන්ට වංචා කරන්න බැහැ. මේ නිසා බොරු චෝදනා දිගින් දිගටම එල්ල කරනවා.
මේ ආණ්ඩුවේ මේ ආකාරයෙන් වංචා සිදුවෙනවා නම් ඔබ පෙර පරිදි යළි කි‍්‍රයාත්මක වෙනවාද?
අනිවාර්යෙන්ම ඔව්. චන්ද්‍රිකා මැතිනියගේ රජයේ වංචා වලට එරෙහිව මං පාර්ලිමේන්තුවේ හඬ නැගුවා. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රජයේදී කැබිනට් මණ්ඩලයේ ඉඳගෙනම හඬ නැගුවා.
මේ ආණ්ඩුවෙන් එවැනි වංචා සිදුවෙනවා නම් කැබිනට් මණ්ඩලයේ මුලින්ම හඬ නගන්නේ මමයි. නමුත් හඬ නගන්න තවම මේ ආකාරයේ වංචාවන් සිදුවෙලා නැහැ.
විපක්ෂය දූෂණ දූෂණ කියලා කිව්වට ඒවා නිසි පරිදි ඔප්පු කිරීමට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙම පිළිගත හැකි ලියකියවිලි සාක්ෂි තිබෙනවා නම් මට දෙන්න කියලා මං විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.
එහෙනම් “මිහින් ලංකා” ගුවන් සේවය හරහා සිදුවූ පාඩුව ගැන ඔබ නිහඬ ඇයි?
“ඔන්න ඕක තමයි විරුද්ධ පක්ෂයත් වරද්දගෙන තියෙන තැන. අත්වැරැද්ද, නාස්තිය, දූෂණ කියන්නේ කරුණු 3 ක්. මේ සේරම එකගොඩකට දාන්න බැහැ.
මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වුණේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරනවා කියන පොරොන්දුවක් ලබාදීලා ඒ සඳහා අපට ජාතික ගුවන් සේවයක් තිබුණේ නැහැ.
අපේ රටේ ජාතික ගුවන් සේවය චන්ද්‍රිකා මැතිනිය විකුණුවා. ලෝකයේ කිසිම රටක් ජාතික ගුවන් සේවය මෙහෙම විකුණලා නැහැ.
බි‍්‍රතාන්‍ය හා ඔවුන්ගේ ජාතික ගුවන් සේවය කොටස් ලබාදුන්නේ බි‍්‍රතාන්‍යයේ ව්‍යාපාරිකයින්ට එයාර් ලංකා විවාදයේදී පාර්ලිමේන්තුවේ මං මේ ගැන කිව්වා.
උඩරට ගිවිසුමට පමණක් මෙම ගිවිසුම හා පාවාදීම දෙවැනිවන බව පැවසූ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කිව්වේ ඔහු බලයට පැමිණි විගස මෙම ගිවිසුම අවලංගු කරනවා කියලා.
නමුත් බලයට පැමිණි පසුව නැවැත ඒ ගිවිසුම දීර්ඝ කරන්න රනිල් වික‍්‍රමසිංහ මහත්මයා කි‍්‍රයාකළා. අපේ රටේ අනන්‍යතාව එදා මෙහෙම පාවලා දෙන්න රනිලුත්, චන්ද්‍රිකාත් දෙදෙනාම කි‍්‍රයා කළා.
කටුනායකට ‘මිහින් ලංකා’ යානයක් ගොඩබස්සන්නත් ‘එමිරේට්ස්’ සමාගමෙන් අවසර ගත යුතුව තිබුණා. එහෙම තත්ත්වයක් තිබිලා තමයි, අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ.
ජාතික ගුවන් සේවයක් හා සහනදායී මිලකට ගුවන් ප‍්‍රවේශපත‍්‍ර ලබාදීමටයි මෙම ගුවන් සේවය බිහිකෙළේ. මේක දීර්ඝකාලීන වැඩපිළිවෙළක්. මුළු මුදල නොලැබුණු නිසා කොටසක් පමණයි මීට වැය කෙළේ, එතන දූෂණයක් වෙලා නැහැ.
නැවත එම ගුවන් සේවය යළි කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුව කි‍්‍රයා කරනවා. ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයත් දැන් ජාතික ගුවන් සේවය බවට පත්කර ගැනීමටත් මහින්ද රාජපක්ෂ මහතා කි‍්‍රයා කළා.
එයත් විශිෂ්ට කි‍්‍රයාවක්. ජාතික ගුවන් සේවයක් තියෙන නිසා ‘මිහින් ලංකා’ යළි ආරම්භ කරන්නේ ගුවන් මගීන්ට සහනයක් වශයෙන් බජට් එයාර් ලයින් එකක් විදියටයි.
ඒකට දූෂණය කියලා කියන්න බැහැ. එහෙනම් යුද්දෙටත් විශාල මුදලක් වියදම් කරනවා. ඒකත් දුෂණයක්ද? එහෙම කියන්න බැහැ. රට බේරා ගැනීමට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට යම් යම් පියවර ගැනීමේදී අලාභ වෙන්න පුළුවන්. ඒක දූෂණයක් වෙන්නේ නැහැ.
රටේ අනන්‍යතාව ආරක්ෂා කරන්න මුදල් වියදම් කරන්න වෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා හිතන විදියට ඔක්කොම මුදල් යයි සිතන නව ලිබරල් ආර්ථිකයේ නොවේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නේ. මහින්ද රාජපක්ෂ මහතා ඉන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට.
ජනාධිපතිතුමා ප‍්‍රමුඛ සහෝදර සමාගම විසින් මේ රට පාලනය කිරීම අනුමත කළ නොහැකි බවට එක්සත් ජාතික පක්ෂය කාලයක සිට චෝදනා කරනවා.
සහෝදර සමාගමක් තියෙන එක රටට යහපත්. රටේ රජ්ජුරුවොත් එක්ක සහෝදරයින් හොඳින් සමඟියෙන් ඉන්න සෑම කාලයකදීම මේ රට එක්සේසත් වුණු බව ඉතිහාසය සාක්ෂි දරනවා.
රටේ රජතුමා සමඟ සහෝදරවරුන් අමනාප වූ හැම අවස්ථාවකදීම රට පිරිහුණා. දුටුගැමුණු - තිස්ස, කාශ්‍යප – මුගලන් සහෝදර ගැටුම් හා ධාතුසේන – කාශ්‍යප පිය පුතු ගැටුම්වලින් මේ රට අරාජික වුණා.
රට එක්සේසත් වුණේ සහෝදරයින් හා පිය පුතුන් සමඟියෙන් හිටිය කාලවලදි. ඒක නිසා රටේ වර්තමානයේ ජනාධිපතිතුමා හා ඔහුගේ සහෝදරයින් ඉතා සමඟියෙන් එකාවන්ව මේ රට ගොඩනැගීමට ඉදිරිපත් වී සිටීම ජනතාවට ශක්තියක්.
නමුත් පවුල්වාදයට මං විරුද්ධයි. සේනානායක, බණ්ඩාරනායක පවුල්වාදයෙන් යම් යම් අමිහිරි අත්දැකීම් ඇති ජනතාව රාජපක්ෂ පවුල්වාදයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
පවුල්වාදය කියන්නේ එකක් පවුලේ සියලුම දෙනා ජනතා සේවයට කැමැත්තෙන් කැපවීම තව එකක්. රාජපක්ෂ පවුලේ සියලු දෙනා ජනතා සේවයට කැපවී සිටින්නේ කැමැත්තෙන්. මං ජනතා සේවය කරන්නේ මගේ භාර්යාව ඇතුළු දරුවනුත් එකතු කරගෙනයි.
රාජපක්ෂ පවුලේ ඉතිහාසයේ ඉඳලා ඉන්නේ දේශපාලනය කරපු කට්ටියයි. මහින්ද රාජපක්ෂ මහතා සමඟ චමල් රාජපක්ෂ ඒ කාලෙම දේශපාලනය පටන් ගත්තා. මං දේශපාලනය කරන කාලෙමයි, බැසිල් රාජපක්ෂ මහත්තයා දේශපාලනය පටන් ගත්තේ.
ඩී. එම්. රාජපක්ෂ, ඩී. ඒ. රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ වැනි අය එදා ඉඳලා ජනතාව අතරේ ඉඳලා දේශපාලනය කෙළේ. පවුල්වාදය හේතුවෙන් කව්රුත් උඩින් පහත්වුණේ නැහැ.
ජනතාවට සේවය කිරීමට අවංකව කැමති නම්, තමන්ගේ දේපළ විශාල වශයෙන් ජනතාවට ලබාදුන්න නම්, ජනතාවත් ඔවුන්ට ආදරය කරනවා නම් රාජපක්ෂ පවුලට දේශපාලනය කරන්න තහනමක් නැහැනේ.
ඒක නිසා ජනතාව ඉල්ලන නිසයි, රාජපක්ෂවරුන් දේශපාලනය කරන්නේ.
නමුත් සමහර පවුල්වල කට්ටිය ජනතාව ප‍්‍රතික්ෂේප කරලා ඉවරයි. ඒත් දුම්ගහලවත් එළවන්න බැහැ. ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස බැසිල් රාජපක්ෂ මහතා විශාල වැඩකොටසක් කරනවා.
ඒක ජනාධිපතිතුමාට විශාල උපකාරයක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වශයෙන් ත‍්‍රස්තවාදය මේ රටෙන් තුරන් කිරීමට විශාල දායකත්වයක් ලබාදෙන බව කව්රුත් දන්නවා.
ත‍්‍රස්තවාදීන්ගෙන් බෝම්බ ප‍්‍රහාරවලට ඒ මහතා ලක්වුණෙත් ඒ නිසයි. රටට විශාල වැඩකොටසක් කළ පුද්ගලයින් වශයෙන් රාජපක්ෂවරුන් ඉතිහාසගත වේවි.
සාකච්ඡා කෙළේඩබ්ලිව්.කේ.ප‍්‍රසාද් මංජු

No comments: