Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 21, 2008

වන්නි මෙහෙයුමේ තවත් පියවරක් ඉදිරියට

වන්නි මෙහෙයුමේ මන්නාරම යුද පෙරමුණේ ඉදිරියට ඇදෙන හමුදා භට පිරිස් අද (ජූලි 16) උදෑසන තවත් වැදගත් පියවරක් ඉදිරියට තබමින් යුදමය වශයෙන් ඉතාමත් වැදගත් වූ වෙඩිතල්තිව්හි බලය අල්ලා ගැනීමට සමත් විය. මෙම මෙහෙයුමට 58 වන සේනාංකයේ සහ කමාන්ඩෝ බලකායේ වීරෝදාර සෙබලුන් සහභාගී වී තිබේ. මෙම ස්ථානය වයඹ වෙරල තීරයේ පිහිටි විශාලම නගරය බවත්, මන්නාරමේ සිට කි.මී. 20 ක් පමණ උතුරින් පිහිටා ඇති බවත් 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙම ස්ථානය කොටි ත්‍රස්තවාදීන්ගේ සැපයුම් ජාලයේ ප්‍රධාන තැනක් ගත් අතර ඔවුන්ගේ ප්‍රධානතම මුහුදු කොටි කඳවුරක්ද පිහිටා තිබූ ස්ථානයකි. වෙඩිතල්තිව් සිට කි.මී. 2 ක් පමණ දකුණින් පිහිටි ත්‍රස්තවාදීන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට මීටර් කිහිපයක් දුරින් රැඳී සිටි 58 වන සේනාංකයේ සෙබලුන් එතැන් සිට සතුරා හඹා යෑම ආරම්භ කරන ලදි. ඊයේ (ජූලි 15) සවස ආරම්භ කළ මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ. ඉදිරි ආරක්ෂක වළල්ලේ කි.මී. 2.5 ක පමණ ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට සමත් වූ බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි. හමුදා භට පිරිස් විසින් එල්ල කළ දැඩි ප්‍රහාර දරා ගත නොහැකි වූ ත්‍රස්තවාදීන් උතුරු දෙසට පසුබසිද්දී ඊසාන දෙසින් පැමිණි ‍කමාන්ඩෝ බළකායේ සෙබලුන් විසින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් ත්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු කළ බව වාර්තා සඳහන් කරයි. දහවල් 1.45 ට පමණ කමාන්ඩෝ බලකායේ සෙබලුන් සහ 60 ක පමණ පිරිසකගෙන් යුත් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් අතර ගැටුම් ඇති වී තිබේ. කමාන්ඩෝ ප්‍රහාර හමුවේ පසු බැස ගිය කොටි ත්‍රස්තවාදීන් වෙඩිතල්තිව් උතුරු ප්‍රදේශයේ පිහිටි ඉලුප්පකඩ්ඩවේලි දෙසට ගමන් කර ඇත. මේ බව හොඳින් වටහා ගත් කමාන්ඩෝ බලකායේ සෙබලුන් එම ප්‍රදේශයේ නිවරැදි ඉලක්ක ලබා දෙමින් ඒ දෙසට කාලතුවක්කු සහ මල්ටි බැරල් ප්‍රහාර යොමු කර ඇත. ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් 30 කට අධික සංඛ්‍යාවක් මිය ගිය බව භූමියේ සිටින භට පිරිස් සනාථ කර තිබේ.මේ අතර වෙඩිතල්තිව් නැගෙනහිරින් ඉදිරියට ඇදුන භට පිරිස් වෙඩිතල්තිව් සිට කි.මී. 2 ක් පමණ උතුරින් වූ ප්‍රදේශයේදී පුනරීන් - මන්නාරම මාර්ගය අවහිර කිරීමට අද උදෑසන කාලයේදී සමත් විය. ඉන් අනතුරුව උදෑසන වෙඩිතල්තිව් නගරයට ගමන් කිරීමට භට පිරිස් සමත් වූ බව ආරක්ෂක වාර්තා සඳහන් කරයි. වසර 21 කට පසුව මෙම ප්‍රදේශය හමුදා පාලනයට නතු කර ගැනීම අප හමුදා ලැබූ අති විශාල ජයග්‍රහණයකි. වෙඩිතල්තිව් දෙසට ගමන් කළ යුද හමුදාවට අඩි 7 ක් පමණ උසට ඉදි කළ ආරක්ෂක වැටක් සහ ඒ අසලම වූ ඉතා ගැඹුරු යුද අගලක්ද පසු කිරීමට සිදු වූ බව යුද බිමෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි. වෙඩිතල්තිව් සිට කි.මී. 2 ක් පමණ දකුණට වන්නට මන්නාරම - පූනරීන් මාර්ගය හරහා ඉදි කර තිබූ මෙම ශක්තිමත් ආරක්ෂක වැට කි.මී. 10 ක පමණ ප්‍රදේශයක් පුරා විහිදී තිබිණි. මේ අතර ආරක්ෂක වැටේ සෑම මීටර් 150 කම විශාල ලී කඳන් යොදා සකස් කළ බංකර් තනා තිබිණි. මන්නාරම යුද පෙරමුණේ යුද වැදී සිටින භට පිරිස් සහල් නැලිය මුදා ගැනීමෙන් අනතුරුව නොනැවතී ගමන් කළේ වෙඩිතල්තිව් ප්‍රදේශය මුදා ගැනීමටය. නමුත් ඉහත සඳහන් කළ ආරක්ෂක වැටට මී. 200ක් පමණ දකුණු දෙසින් භට පිරිස් වලට දින කිහිපයක් රැඳී සිටීමට සිදු විය. මේ අතර වෙඩිතල්තිව් සිට කි.මී. 10 ක් පමණ නැගෙනහිර දෙසින් කාර්ය සාධක බළකා 1 සහ කමාන්ඩෝ බලකාය ක්‍රියාත්මක වෙමින් නව යුද පෙරමුණක් ආරම්භ කළේය. මෙම යුද පෙරමුණේ සෙබලුන් සතියක පමණ කාලයක් තුලදී වෙඩිතල්තිව් උතුරින් පිහිටි මන්නාම - පූනරීන් මාර්ගයට ළඟා වීමට සමත් විය. වෙඩිතල්තිව් වෙත ගමන් කළ මාර්ගය බිම් බෝම්බ, පුද්ගලනාශක බෝම්බ සහ මර උගුල් වලින් ගහන වූ දුෂ්කර ප්‍රදේශයක් බව මෙහෙයුමට සහභාගි වූ භට පිරිස් සඳහන් කරයි. පසුගිය දින 10 තුලදී කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලට සහ බංකර පෙළට පහර දෙමින් කොටින්ට දැඩි හානි සිදු කිරීමට යුද හමුදාව සමත් වී තිබේ. භූමියෙන් ලද වාර්තා වලින් සහ කොටි පණිවිඩ හුවමාරු වලට සවන් දීමෙන් ලබා ගත් තොරතුරු වලින් තහවුරු වී ඇති පරිදි මෙහිදී එල්ල වූ හමුදා ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් 100 කට අධික ප්‍රමාණයක් මිය ගොස් තිබේ. මේ අතුරින් කොටි මළ සිරුරු 28 ක් සොයා ගැනීමට ‍කමාන්ඩෝ බළකාය සමත් වී ඇත. ආරක්ෂක හමුදා විසින් වෙඩිතල්තිව්හි බලය අල්ලා ගත් ප්‍රථම අවස්ථාව මෙය වන බව 58 වන සේනාංකාධිපති මෙන්ම කමාන්ඩෝ බළකායේද අණදෙන නිළධාරි වන බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ රණඝොස, ජයසිකුරු වැනි මෙහෙයුම් වලදී පවා ආරක්ෂක හමුදා මෙම ප්‍රදේශයට ලඟා නොවූ බවයි. වෙඩිතල්තිව්හි බලය නැති වීම එල්.ටී.ටී.ඊ.ය ලද විශාල පරාජයක් බව යුද විශ්ලේෂකයෝ පවසති. මක්නිසාද යත් ඔවුන් සතුව තිබූ යුද උපක්‍රමික වශයෙන් වැදගත් මුහුදු කොටි කඳවුරෙහි බලය ඔවුන්ට අහිමි වීමයි. තවද ඔවුන්ගේ ප්‍රධාන සැපයුම් මාර්ගය මෙම ස්ථානය හරහා වැටී තිබීමයි. පසුගිය කාලයේදී නාවික හමුදා ප්‍රහාර වලින් කොටින් සතුව තිබූ ආයුද ප්‍රවාහන නැව් 10 ක් ගිලී යාමත්, නැගෙනහිර ප්‍රදේශය යුද හමුදාව විසින් අත්පත් කර ගැනීමත්, උතුරු නැගෙනහිර මුහුදේ නාවික හමුදාවෙන් ක්‍රියාත්මක කරන දැඩි ආරක්ෂක වැඩ පිළිවෙලත් නිසා ත්‍රස්තවාදීන්ට ඉතිරි වී තිබූ එකම මාර්ගය මෙය බව යුද විශ්ලේෂකයන්ගේ අදහසයි. www.defence.lk/sinhala (ඡායාරූප අනුග්‍රහය: ශ්‍රී ලංකා යුද හමුදාව) "> www.defence.lk/sinhala (ඡායාරූප අනුග්‍රහය: ශ්‍රී ලංකා යුද හමුදාව)"> www.defence.lk/sinhala (ඡායාරූප අනුග්‍රහය: ශ්‍රී ලංකා යුද හමුදාව)"> www.defence.lk/sinhala (ඡායාරූප අනුග්‍රහය: ශ්‍රී ලංකා යුද හමුදාව)"> www.defence.lk/sinhala (ඡායාරූප අනුග්‍රහය: ශ්‍රී ලංකා යුද හමුදාව)"> www.defence.lk/sinhala (ඡායාරූප අනුග්‍රහය: ශ්‍රී ලංකා යුද හමුදාව)">




















No comments: