Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 24, 2008

උතුර නිදහස් කිරීම අපිත් අගය කරනවා-තිස්ස අත්තනායක , එජාප මහ ලේකම්

නැඟෙනහිර මුදා ගත් හමුදාවෝ මන්නාරම විඩ්තලතිව් ආදී ඉලක්ක සපුරා ගනිමින් උතුර නිදහස් කිරීමට ආසන්නව සිටීම ගැන එජාප ය කියන්නේ කුමක් ද ? එල්. ටී. ටී. ඊ. ය ඉල්ලන සාර්ක් සටන් විරාමය එජාප ය අනුමත කරනවා ද? ලාල් කාන්තගේ දින තුනේ වර්ජනයටත් එජාප ය සහය දෙනවා ද? එජාප මහලේකම් තිස්ස අත්තනායක ඒ ගැන මෙසේ කියයි.
මන්නාරමේ සිට විඩිතලතිව් දක්වා මුදා ගැනීමෙන් අනතුරුව මුලතිව් කැලය දෙසට වන්නි මෙහෙයුම ඉදිරියට ගමන් කරනවා. දැනට ලබාගෙන තියෙන හමුදා ජයග‍්‍රහණ හා ඉදිරියට ඇදෙන වන්නි මෙහෙයුම ගැන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්ද ?
ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් රට මුදා ගැනීමේ වැඩසටහන අපි අගය කරනවා. එය සිදුවිය යුත්තක්. තුවක්කුවේ ඒකාධිපතිත්වයක් රටේ කොතනකවත් පැවතිය යුතුවන්නේ නැහැ.
කොටි සංවිධානයේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා වලට එරෙහිව සිදු කරන මෙම කි‍්‍රයාවන්ට එක්සත් ජාතික පක්ෂය කිසිදු ආකාරයකින් බාධා කරන්නේ නැහැ. ති‍්‍රවිධ හමුදාව, පොලිසිය රට යනුවෙන් රට බේරා ගැනීමට ගන්නා මෙම කැප කිරීම එක්සත් ජාතික පක්ෂය මහත් ඉහළින් අගය කරනවා.
ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කරන උදාර මෙහෙය අපි අගය කරනවා. ත‍්‍රස්තවාදයෙන් සාමාන්‍ය ජනතාව මුදා ගත යුතුයි. ඒ වගේම සමස්ත දෙමළ ජනතාව මේ ප‍්‍රශ්නයට වැරදිකරුවන් නොවේ.
නමුත් සමස්ථ දෙමළ ජනතාව කෙරෙහි දකුණේ ජනතාවගේ වෛරයක් ඇති කිරීමේ අන්තවාදී කණ්ඩායම් වල වැඩසටහන වහාම ආණ්ඩුව නවත්වන්න ඕන.
දැන් ආණ්ඩුව මේ ගැටලුවට ලබාදෙන දේශපාලන විසඳුම වශයෙන් පළාත් සභා බලාත්මක කළ යුතු බව පිළිගෙන තිබෙනවා. නමුත් 1987 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභාවලට විරුද්ධ වුණා.
එදා පළාත් සභා පිළිගත්තා නම් ස්ථාවර දේශපාලන විසඳුමක් ඔස්සේ මේ ගැටලුව විසඳීමට පුුළුල් අවස්ථාවක් තිබුණා. නැවත වසර 20 කට පසුව ඒක යළි පිළිගෙන තියෙනවා. ආරම්භයක් ලෙස හොඳ දෙයක්.
කොටි සංවිධානය කොන් කිරීමේ ව්‍යාපාරය වගේම දෙමළ ජනතාවට සාධාරණ විසඳුමක් ලබාදෙන වැඩපිළිවෙළක්ද කි‍්‍රයාවට නැංවිය යුතුයි. සියලුම ශ‍්‍රී ලාංකිකයින් වෙනුවෙන් ආණ්ඩුව වගකිව යුතුයි.
නමුත් සර්ව පාක්ෂික කමිටුව හරහා මේ දේ සිදු වෙනවා දැයි කියා සැකයක් තියෙනවා. එයට හේතුව සර්ව පාක්ෂික කමිටුව බොහෝ විට පරස්පර වාර්තා ඉදිරිපත් කිරීමයි.
පළාත් සභාවලට එදා විරුද්ධ වුණා කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට ඔබ චෝදනා කරනවා. නමුත් පළාත් සභා වලට එරෙහිව එවකට හිටපු අග‍්‍රාමාත්‍ය රණසිංහ පෙ‍්‍ර්මදාස අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහත්වරුත් කි‍්‍රයා කළා. පේ‍්‍රමදාස මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුවත් පළාත් සභා බලාත්මක කිරීමට පියවර ගත්තේ නැහැ නේද ?
පළාත් සභා ගැන පෙ‍්‍ර්මදාස මහතාගේ යම් මතිමතාන්තර තිබුණත් ඒ මහතා පළාත් සභා අකි‍්‍රය කරන්න කි‍්‍රයා කළේ නැහැ. උතුරු නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරීමට විධායක ජනාධිපති වශයෙන් පෙ‍්‍ර්මදාස මහතා කි‍්‍රයා කළේ වර්ධරාජා පෙරුමාල් එවකට උතුරු මැද මහ ඇමැති ඊළාම් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කිරීම නිසයි. වර්ධරාජා පෙරුමාල් එදා රට බෙදීමට ගත් තීරණයට එරෙහිවයි පෙ‍්‍ර්මදාස මහත්තයා එවැනි තීරණයක් ගත්තේ.
1987 දී 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාව ලෙස ප‍්‍රකාශයට පත් කළා. එය ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීමටත් පළාත් සභා නිසි පරිදි බලාත්මක කිරීමටත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට නොහැකි වූයේ ඇයි ?
පළාත් සභාවලට අයත් නීති රීති පාර්ලිමේන්තුවේ සම්මත කරලා අලුත් පරිපාලනයක් තමයි ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා 1987 දී ඇති කළේ.
අමාත්‍යාංශ වල බලතල රේඛීය අමාත්‍යාංශ වල කාර්ය භාරය සමගාමී ලැයිස්තු වැනි දේවල් අර්ථ නිරුපණය කළ යුතුව තිබුණා. ඒ දුෂ්කර කාර්ය භාරය සාර්ථක ලෙස කෙටි කාලයක් තුළ පරිපාලනමය වශයෙන් ස්ථාපනය කිරීමට ජේ. ආර්. ජයවර්ධන මහතාට හැකිවුණා.
එවැනි විශාල කාර්ය භාරයක් කරන විට ප‍්‍රශ්න මතු වෙනවා. ඒත් පළාත් සභා ස්ථාපනය කළා. ඊට අදාළ මුදල් වෙන් කරලා අලුත් ගොඩනැගිලි සහිතවම පරිපාලන ඒකක බිහි කළා. නව රැකියා අවස්ථා රැසකුත් මේ සමග ඇති වුණා.
තවමත් පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල ලබාදීලා නැහැ. 1994 ඉදන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ පොදු පෙරමුණු හා සන්ධාන රජයන් පළාත් සභාවලට කිසිම දෙයක් කරලා නැහැ.
සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කරලා යළි සාම සාකච්ඡා වලට පැමිණීමට කැමති බව කොටි සංවිධානය ප‍්‍රකාශ කර තිබෙනවා. කොටි සංවිධානයේ මෙම ප‍්‍රතිචාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්ද ?
සටන් විරාමයක් ඇතිවීමේදී දෙපාර්ශ්වය අතර හොඳ අවබෝධයක් තිබිය යුතුයි. නැත්නම් සටන් විරාමය වංචා සහගතව ඇතිකරනවා නම් එය අනිවාර්යෙන්ම තවත් පාර්ශ්වයකට අගතියක් වෙනවා. දෙපාර්ශවය අතර මනා අවබෝධයකින් සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳන්න පුළුවන් නම් එය ඉතා යහපත් දෙයක් හැටියට එක්සත් ජාතික පක්ෂය දකිනවා.
නමුත් සටන් විරාමය වේවා, යුද්ධය වේවා ආණ්ඩුව මේ සියල්ල අද දේශපාලනීකරණය කරලා. දේශපාලන න්‍යාය පත‍්‍රයකට මෙය හරවාගෙන දකුණේ ඡන්ද දිනා ගැනීමට නොයෙක් ප‍්‍රයත්න වල යෙදෙනවා. සටන් විරාමයකට එනවා නම් කාල සීමාවන් ඇති කරගෙන නිශ්චිත දේශපාලන විසඳුමක් පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ යුතුයි.
මේ රට බෙදන්නේ නැති ඕනෑම දේශපාලන විසඳුමකට ගන්නා උත්සාහය අප ප‍්‍රතික්ෂේප කළ යුතු නැහැ. එසේ කළොත් මේ රටේ ජන ජීවිතය ආරක්ෂා වේවි, මරණ අඩු වේවි, උතුර දකුණ අතර සහෝදරත්වය වර්ධනය කරගැනීමට පුළුවන් වේවි, එසේ කළොත් පමණයි, මේ ප‍්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලැබෙන්නේ.
හැමදාම දුර්වල වෙන කොට හමුදා ප‍්‍රහාරයන්ගෙන් බේරී යළි ශක්තිමත් වීමට තමයි කොටි සංවිධානය සටන් විරාම ඉල්ලන්නේ. සාකච්ඡා වලට එන්න කැමති වෙන්නේ කියලා සමාජයේ පොදු මතයක් තියෙනවා. මේ ගැන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්ද ?
මේ සටන් විරාම යෝජනාව කොටි සංවිධානයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ ආණ්ඩුවටයි. කොන්දේසි සහිතව සාකච්ඡා වලට සූදානම් කියලා ජනාධිපතිතුමාත් කියල තියෙනවා. දෙපාර්ශවය අතරේ කොන්දේසි ඇති වෙන්න පුළුවන්.
දෙපාර්ශවයේම මේ ප‍්‍රශ්නය නිසා ඇති වී තියෙන දුෂ්කරතාවන් අනුව ඉදිරිපත් වෙන සාකච්ඡාවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔබ සඳහන් කළ පරිදි කොටි සංවිධානයේ අතීත අත්දැකීම් අනුව උපක‍්‍රමශීලී සටන් විරාමයක් ඇති කරගන්න යනවද කියලාත් සැකයක් මතු වෙනවා.
මේ යෝජනාව ගැන හොඳට හිතලා බලල ආණ්ඩුව තීරණයක් ගත යුතුයි. මෙය කොටි උගුලක්ද නැද්ද යන්න හොඳින් සොයා බලා තීරණය කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටයි.
දින 3 ක වැඩවර්ජනයක් ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරනවා. එක්සත් ජාතික පක්ෂය මීට සහාය ලබා දෙනවාද ?
ජූලි 10 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ දියත්කළ වැඩවර්ජනයට අපි සහාය ලබා දෙනවා කියලා කිව්වේ ජනතා විමුක්ති පෙරමුණ සමග ඇතිකරගත් එකඟත්වයක් අනුව නොවේ. පක්ෂ දෙකේ ප‍්‍රතිපත්තිමය වෙනස්කම් බොහෝ තිබෙනවා.
නමුත් ජූලි 10 වැඩවර්ජනයේ අරමුණ දිහා බැලුවාම ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන්න බැහැ. අද වැඩකරන ජනතාව ඇතුලු රාජ්‍ය සේවකයින් අන්ත දුකක් විඳිනවා. රාජ්‍ය සේවකයින්ට මේ ආණ්ඩුවෙන් ලැබුණු පොරොන්දු ඉටුවෙලා නැහැ.
අද බොහෝ රාජ්‍ය සේවකයින් වේලක් ඇර වේලක් කන තත්ත්වයකට පත්වෙලා. ඒක ඉතා භයානකයි. ඒක නිසා ජූලි 10 වැනිදා අපේ වෘත්තීය සමිතිවලට අපි කිව්වා මීට සහාය ලබා දෙන්න කියලා. ඒක අරමුණු වෙනුවෙන් ලබාදුන්නු සහයෝගයක්.
අලුත් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. දින 3 ක වැඩවර්ජනයකට යායුතුයි කියලා. ඊට සහාය ලබා දෙනවා කියලා තවම සාකච්ඡා කර තීරණයක් අරගෙන නැහැ. අපට ආරාධනාවක් ලැබුණොත් ඒ ගැන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.
ඊට අමතරව අපේ වෘත්තීය සමිති නායකයින් සමගත් මෙම යෝජනාව ගැන සාකච්ඡා කරලා ඒ ගැන ජනතාවට ඉදිරියේදී කියනවා. නමුත් දින තුනේ වැඩවර්ජනය ගැන පක්ෂය වෙත නිල ආරාධනාවක් තවම ලැබිලා නැහැ.
ජූලි 10 වැනිදා පැවති වැවර්ජනය හිතපු තරම් සාර්ථක වුණේ නැහැ කියලා මතයක් තියෙනවා. මේ මතයට ඔබ එකඟද ? නැද්ද ?
ජූලි 10 වෙනිදා වැඩවර්ජනය ගැන විවිධ මත තියෙනවා. වතුකරයේ මෙම වැඩවර්ජනය ඉතාමත් සාර්ථක වෙලා තියෙනවා. රාජ්‍ය අංශයේ සමහර තැන්වල සාර්ථකයි. සමහර තැන්වල අසාර්ථක වෙලා තියෙනවා.
එසේ වීමට හේතු මොනවාද?
සමහර තැන්වල අසාර්ථකවීමට ප‍්‍රධානතම හේතුව සංවිධානාත්මක අඩුපාඩුකම්. වෘත්තීය සමිති අතර නිවැරදි අදහස් විමසීමක් හා සම්බන්ධීකරණය නොතිබීම ප‍්‍රධාන හේතුවක් වශයෙන් මං දකිනවා. ජනතා විමුක්ති පෙරමුණ පමණක් නායකත්වය අරගෙන කි‍්‍රයාකරන්න කටයුතු කළා.
ඔවුන් හිතුවේ ඔවුන්ට පමණක් මැදිගත්වෙලා රටම වැඩවර්ජනයට බස්සන්න පුළුවන් වෙයි කියලා. ජනතා විමුක්ති පෙරමුණ නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති එක්කත් අදහස් හුවමාරු කරගෙන තිබුණේ නැහැ.
එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති ඉතා ශක්තිමත් ව්‍යාපාරයක්. ජාතික සේවක සංගමය, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, වතු කම්කරු සංගමය ඉතා ශක්තිමත්.
වරාය ඇතුළු රාජ්‍ය ආයතන රැසක ජාතික සේවක සංගමය ඉතා ශක්තිමත්. එම වෘත්තීය සමිති නිසි සම්බන්ධීකරණයකින් මීට සම්බන්ධ කරගත්තා නම් මීට වඩා දැනෙන වැඩ වර්ජනයක් කරන්න තිබුණා. මේ වගේ පොදු වැඩක් කරන විට එහි ගෞරවය ලබාගන්නවට වඩා බැලිය යුත්තේ ප‍්‍රතිඵලය දිහායි.
දේශපාලන වශයෙන් ගෞරවය බෙදාගන්න යන්නේ නැතුව එකට වැඩකරමු කියලා මං යෝජනා කරනවා. ජූලි 10 වෙනිදින සිදු වූ අඩුපාඩු ගැන සාකච්ඡා කරලා ඒවා මඟ හරවා ගනිමින් තුන්දින වැඩවර්ජනයේදී කි‍්‍රයාකරන්න හැකියාව තියෙනවා.
නැගෙනහිර පළාත මුළුමනින්ම ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන මේ වන විට වසරක් ගතවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි ?
නැගෙනහිර පළාත ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගත්තු පළවෙනි අවස්ථාව මේක නොවේ. මීට පෙර 1993 දී නැගෙනහිර පළාත ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන සිවිල් පරිපාලනය එක්සත් ජාතික පක්ෂ රජය සමයේදී ඇතිකළා.
1997 දී නැවත පොදුජන එක්සත් පෙරමුණු රජය යටතේ සිවිල් පරිපාලනය බිඳ දමා ප‍්‍රදේශ ගණනාවක් කොටි සංවිධානය විසින් අල්ලා ගනු ලැබුවා. ඒ වෙලාවේ රජයේ අවධානය යොමුවෙලා තිබුණේ උතුරේ මෙහෙයුම් සඳහා පමණයි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ හා හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ අවධානය යොමුවුණේත් උතුරට පමණයි.
1993 දී මුදාගෙන තිබුණු නැගෙනහිර 1994 න් පසුව අහිමිවුණාට පසු යළි මුදාගත්තා කියල තමයි, ආණ්ඩු කියා සිටින්නේ. දැන් නැගෙනහිර පළාතේ සිදුවෙන්නේ කුමක්ද ? සිවිල් පරිපාලනය ස්ථාපනය කරමින් පළාත් පාලන හා පළාත් සභා ඡන්ද පැවැත්වුවත් ඒ පළාතේ ප‍්‍රචණ්ඩත්වයේ කිසිම අඩුවක් නැහැ. පොලිස් නිලධාරීන්ගේ ඝාතන ගණනාවකුත් සිදුවුණා.
නිල නොවන අවි ගත්තු කණ්ඩායම් ඒ පළාතේ තවමත් සිටිනවා. පසුගිය කාල සීමාව තුළ කඳවුරු ඉදිකිරීමත් සිදුවෙලා. තුවක්කු ගත්තු කණ්ඩායම් නිරායුධ කරලා මුළුමනින්ම ඒ පළාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට කි‍්‍රයාකළ යුතුයි. එහෙම වුණොත් තමයි ඒ පළාතේ ජනතාවට නියම නිදහස ලැබෙන්නේ.
1988 ප‍්‍රථම පළාත්සභා මැතිවරණයෙන් පසුවත් 1993 පළාත් පාලන මැතිවරණයෙන් පසුවත් නැගෙනහිර පළාතේ සිද්ධි ඇති වූ බවත් යම් යම් කණ්ඩායම් සිටිය බවත් රහසක් නොවේ. රජය කියන්නේ සම්පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට අවශ්‍ය අඩිතාලම දමා ඒ ඔස්සේ ගමන් කරන බවයි. එය ක්ෂණිකව ලබාගැනීමට ප‍්‍රායෝගික දුෂ්කරතා තියෙනවා. ඒ නිසා එය ලබාගත යුත්තේ ක‍්‍රම ක‍්‍රමයෙන් නේද ?
මේක උදම් ඇනිය යුතු නිදහසක් කියලා මං අහන්න කැමැතියි. නැගෙනහිර පළාතේ තවත් මතයක් දරන්න අයිතියක් නැහැ. පසුගිය පළාත්සභා මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන රාශියක හොර ඡන්ද දැමීම සිදුවුණා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා පවත්වන ඡන්දයකදී යම් අවිගත් කණ්ඩායම් තුවක්කුවෙන් ඡන්ද දායකයින්ට බලපෑම් කරනවා නම් වැඩක් නැහැ. 1988 දීත් 1993 දීත් නිදහස් කරගත් පසුවද යම් යම් ගැටලු ඒ පළාතේ තිබුණු බව ඇත්ත.
නමුත් මේ අවස්ථාවේදී තුවක්කු අතේ තියාගෙන ඉන්න කණ්ඩායම නිරායුධ නොකර ආණ්ඩුව ඉන්නවනම් ඒක වැරදියි. ඒකෙන් වෙන්නේ ආණ්ඩුව ඒ කණ්ඩායමට සහාය ලබා දෙනවා කියලයි.
සාකච්ඡා කෙළේ - ඩබ්ලිව්.කේ.ප‍්‍රසාද් මංජ

No comments: