Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 11, 2008

මාලිංග මහරූප් නැවත සංචිතයට


ප‍්‍රින්ස් ගුණසේකර
ආබාධයකට ලක්වීමෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සංචිතයෙන් ඉවත්ව සිටි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග තිස්දෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ මූලික සංචිතයට කඳවා තිබේ.
මේ වසරේ සැප්තැම්බර් 11 වැනිදා පාකිස්තානයේ පැවැත්වෙන අයි. සී. සී. චැම්පියන් කුසලාන කි‍්‍රකට් තරගාවලියට ශ‍්‍රී ලංකා පිල තෝරා ගැනීමේ මූලික සංචිතයට ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් කී‍්‍රඩක ෆර්විස් මහරූෆ් ද කැඳවා ඇත.
මේ වසරේ පෙබරවාරි මාසයේ ඔස්ටේ‍්‍රලියාව සමග මෙල්බොර්න්හි පැවැති එක් දින කි‍්‍රකට් තරගයෙන් පසුව මාලිංග ශ‍්‍රී ලංකා සංචිතයෙන් ඉවත් විය. මහරූෆ් ද අවසන් වරට ශ‍්‍රී ලංකා පිලට කී‍්‍රඩා කළේ එම ඔස්ටේ‍්‍රලියානු තරග වාරයේදීය.
පසුගියදා ආසියානු සූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලට මාලිංග හා මහරූෆ් යන දෙදෙනාම ආබාධ තත්ත්වය හේතුවෙන් සහභාගී නොවූහ.
ලසිත් මාලිංග 2004 වසරේ දඹුල්ලේදී ශ‍්‍රී ලංකා එක්දින වරම් දිනාගත් අතර එක්දින ජාත්‍යන්තර තරග 53 කදී කඩුලු 79 ක් දවා ගත්තේය. පසුගිය ලෝත කුසලාන තරගාවලියේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව පිට පිට කඩුලු 4 ක් බිඳහෙලීමට සමත් විය.
ෆර්විස් මහරූෆ් එක්දින ජාත්‍යන්තර තරග 79 කදී කඩුලු 104 ක් බිඳ හෙළීය. මේ පිළිබඳව දිනමිණ කළ විමසුමකදී මහරූෆ් ප‍්‍රකාශ කළේ ඉදිරි තරගාවලිය අපේක්ෂාවෙන් පහුණුවීම් කටයුතු ආරම්භ කළ බවයි “දැන් ආබාධය සුවයි. පුහුණුවීම් දිගටම කරගෙන යනවා” යැයි මහරූෆ් පැවැසීය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ මූලික සංචිතය.
මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර, සනත් ජයසූරිය, චාමර කපුගෙදර, චාමර සිල්වා, ටී. එම්. ඩිල්ෂාන්, චමින්ද වාස්, තිලාන් තුෂාර, දිල්හාර ප‍්‍රනාන්දු, මුත්තයියා මුරලිදරන්, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස්, ජෙහාන් මුබාරක්, මහේල උඩවත්ත, කෞෂල්‍ය වීරරත්න, මලින්ද වර්ණපුර, මයිකල් වැන්ඩොට්, උපුල් තරංග, තිළිණ කණ්ඩම්බි, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, ෆර්විස් මහරූෆ්, මාලිංග බණ්ඩාර, ගයාන් ෂ;ජ්කෝන්, දිල්රුවන් පෙරේරා, ලසිත් මාලිංග, චානක වෙළගෙදර, ඉෂාර අමරසිංහ, සුජීව සිල්වා, රංගන හේරත්.

No comments: