Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 11, 2008

ජවිපෙ – එජාප වැඩ වර්ජනයෙන් වැඩ කරන ජනතාවගේ ශක්තිය හෑල්ලුවට ලක් කළා - ඇමැති අනුර යාපා

ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය එක්ව ඊයේ (10) සංවිධානය කළ වැඩ වර්ජනය මෙරට ඉතිහාසයේ සිදු වූ අසාර්ථකම වැඩ වර්ජනය බව පැවසූ කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා මෙම වර්ජනය හරහා වැඩ කරන ජනතාවගේ සිත් දිනාගැනීමට උත්සාහ කළ වැඩ වර්ජනයේ නායකයන් ඔවුන්ගේ පිළිකුලට භාජනය වූ බව ද ප‍්‍රකාශ කළේය.
වැඩ වර්ජන වැඩ කරන ජනතාවගේ අයිතියක් වන බව ද, එය මර්දනයෙන් වැළැක්වීමට රජය කි‍්‍රයා නොකළ බව ද ඇමැතිවරයා කීවේය.
මෙය වැඩ කරන ජනතාවගේ ශක්තිය හෑල්ලුවට ලක් කළ වැඩ වර්ජනයක් බව ද ඇමැතිවරයා කීවේය. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැති අනුර යාපා මහතා මේ බව කියා සිටියේය.
ැමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා එහිදී මෙසේ ද කීවේය.
ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂය අද රට පුරා වැඩ වර්ජනයක් කැඳවා තිබුණි. ජ. වි. පෙ. සහ එ. ජා. ප. ය එක්ව මුළු රටම කැඳවූ ප‍්‍රථම වර්ජනය මෙය වන අතර මේ පක්‍ෂ දෙකම එක්ව සංවිධානය කළ ප‍්‍රථම වර්ජනයත් මෙයයි.
ලාල්කාන්ත මහතා මේ වර්ජනයට වෘත්තීය සමිති 506 ක් සහභාගි වන බව කිව්වා. සිරිනාල් ද මැල් මහතා වතුකරය ඇතුළු විශාල පිරිසක් මේ වර්ජනයට සහභාග කරවන බව කිව්වා. දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා ද මෙම වර්ජනයට සහයෝගය දෙන බව කිව්වා. ගුරු සංගම්වලට වර්ජනයට එන ලෙස ඔවුන් ආරාධනා කරලා තිබුණා. මේ අයුරින් සංවිධාන කළ වර්ජනයට මොකද වුණේ?
රජය වැඩ කරන ජනතාවගේ ප‍්‍රශ්න කෙරෙහි හොඳ අවධානයෙන් සිටින්නේ. වැඩ කරන ජනතාව රජය සමඟ සිටිනවා. අපේ වෘත්තීය සමිති මේ වර්ජනයට කිසිම අයුරකින් සහභාගි වුණේ නැහැ. වැඩ වර්ජනයට එක් නොවන ලෙස ඔවුන් සේවකයන්ට පැවසුවා.
ගුවන් විදුලි සංස්ථාවේ 40% ක් සහ රූපවාහිනී සංස්ථාවේ 60% ක් වැඩ වර්ජනයට සහභාගි වූ බව ලාල්කාන්ත මන්තී‍්‍රවරයා කියනවා. එය අමූලික බොරුවක්. වැඩ වැරීමක් කිසිම අයුරකින් අද සිදුවුණේ නැහැ. බස්, දුම්රිය ධාවනය කෙරුණා. පාසල් කටයුතු සිදු වුණා. අඛණ්ඩ ජල, විදුලි ඇතුළු අනෙකුත් සේවාවන් සිදුවුණා.
මේ වර්ජනය සාර්ථක නොවුණහොත් ලාල්කාන්ත ඉල්ලා අස්වෙන බව කිව්වා. දැන් ඒ ප‍්‍රකාශය ඉටු කරන්නට බැරිව වැඩ වර්ජනය සාර්ථක වූ බවට විවිධ කතා කියනවා. කිතුලට ගිය මිනිහටත් කියන්නට දෙයක් තිබුණා නේ.
රාජ්‍ය සේවකයන් පිළිබඳ මෙතරම් අවධානය යොමු කළ වෙනත් රජයක් නැහැ. කිහිප අවස්ථාවක වැටුප් වැඩි කර අවම වැටුප 12,000 දක්වා ගෙන ආවා. එකවර උපාධිධාරීන් 43,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා. රජයේ සේවක “ණය” ක‍්‍රමයක් ඇතිකළා. අතිකාල දීමනා කපා නොහැර විශාල වශයෙන් ලබා දෙනවා.
ජීවන වියදමේ යම්කිසි ප‍්‍රශ්නයක්, භාණ්ඩ මිල ඉහළ යෑමක් සිදුවන බව අප පිළිගන්නවා. එහෙත් වැඩ කරන ජනතාව කෙරෙහි මෙන් ම රජයේ රැකියා නොකරන ජනතාව කෙරෙහි ද අප සොයා බලනවා. සියලු දෙනාට දැනට රුපියල් දහසක දීමනාවක් ලබා දී තිබෙනවා. මෙය සියලු මාධ්‍යවේදීන්ටත් හිමිවෙනවා. මේ අයුරින් ආණ්ඩුව කටයුතු කරද්දී තමයි ජ. වි. පෙ. පටු පරමාර්ථයෙන් මේ වර්ජනය සංවිධාන කළේ.
ම් වර්ජනය හරහා ජනතාවගේ සිත් දිනාගැනීමට උත්සාහ කළ ඔවුන් අද ජනතාවගේ පිළිකුලට භාජනය වී තිබෙනවා. අපි මේ වර්ජනය මර්දනයෙන් වැළැක්වීමට උත්සාහ කළේ නැහැ. මෙය වැඩ කරන ජනතාවගේ ශක්තිය හෑල්ලුවට ලක් කළ වර්ජනයක්. 80’ වර්ජනයෙන් පසු මෙය තමයි වැඩ කරන ජනතාව පාවා දුන් වර්ජනය.
දැන් කියනවා මෙය අත්හදා බැලීමක් විතරයි. ඉදිරියේදී තවත් දින දෙකක් වර්ජනය කරනවා කියලා. වැඩ කරන ජනතාව අපත් සමඟ සිටිනතාක් කල් අපි වර්ජනවලට බය නැහැ. මේ වර්ජනය අසාර්ථක කළ මේ රටේ වැඩ කරන ජනතාවට අප ස්තූතිවන්ත වෙනවා.
එසේම එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදයට එරෙහිව රජය ගෙන යන සටන මදක්වත් අඩු කරන්නේ නැහැ. එසේම හමුදාවේ චිත්ත ධෛර්යය අඩාල වන ආකාරයේ කිසිදු කි‍්‍රයාවකට අනුබල දෙන්නේ නැහැ.
මෙහිදී මාධ්‍යවේදියකු නැඟූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ වැඩ වර්ජන වැඩ කරන ජනතාවගේ අයිතියක් බවත්, එබැවින් මේ වර්ජනය මර්දනයෙන් අඩපණ කිරීමට රජය කටයුතු නොකළ බවත් ය.
ජනමාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ අනූෂ පැල්පිට යන මහත්වරු ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
දුමින්ද ගුරුගේ

No comments: