Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 25, 2008

ඊයේ පාර්ලිමේන්තුවේදී

කිරි පිටි කිලෝවක් ආනයනය කරද්දි
රුපියල් 86.49ක සහනයක් ලබා දෙනවා
- ඇමැති බන්දුල ගුණවර්ධන
උද්ධමනය පාලනය කිරීමට රජය පියවර ගන්නවා
ඇමැති ආචාර්ය සරත් අමුණුගම
රජය ආදායම් ලබා ගන්න බදු පනවනවා
දයාසිරි ජයසේකර (එජාප)
වීරෝදාර හමුදාව කැප කිරීම් කරද්දි සටන් විරාම අවශ්‍ය නැහැ
වීරකුමාර දිසානායක (ජානිපෙ)
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
කිරි පිටි මිල වැඩි කරන්න රජය ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඕනෑ ජගතෙකුට කියනවා. එහෙම ඕනෙ නම් කොහේ හරි වෙන රටකට ගිහිල්ලා ව්‍යාපාරය කරගත්ත හැකියි. අද වෙනකොට කිරිපිටි කිලෝවක් ලංකාවට ගේනකොට රුපියල් අසූහයයි සත හතළිස් නවයක සහනයක් ලබාදෙනවා යැයි වෙළෙඳ , අලෙවි සංවර්ධන, පාරිභෝගික කටයුතු හා සමුපකාර සංවර්ධන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප‍්‍රකාශ කෙළේය.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (24) පෙරවරු 9.30 ට යළි රැස්විය.
නිවේදන ඉදිරිපත් කිරීමෙන් පසු මන්තී‍්‍රවරුන් පිළිගන්වන ලද මහජන පෙත්සම්, පෙත්සම් කාරක සභාවට යොමු කරන ලදී.
වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසන ලද ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබා දුන්හ.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් ඉදිරිපත් කරමින්, වෙළෙඳ, අලෙවි සංවර්ධන, පාරිභෝගික කටයුතු හා සමුපකාර සංවර්ධන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා - විවෘත වෙළෙඳපොළ ආර්ථිකය තුළ දැවැන්ත අර්බුදකාරි තත්ත්වයක් පැන නැගී තිබෙනවා. ලෝකය පුරාම ඛනිජ තෙල් හා ආහාර අර්බුදය යන ප‍්‍රධාන ගැටලු දෙක පැන නැගී තිබෙනවා. මෙම අර්බුද දෙක නිසා ලෝකය උඩු යටිතුරු වී තිබෙනවා.
තෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළගොස් තිබෙනවා. 2000 වසර වන විට පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් පනස් පහයි. නමුත් අද වෙනකොට බොරතෙල් බැරලයක මිල ඩොලර් 140කට වඩා වැඩි වෙල තිබෙනවා.
බොරතෙල් ගෙන ඒම සඳහා 2003 වසරේදි අපට වැයවුනේ අමෙරිකානු ;ඩාලර් මිලියන 838යි. 2007 දි තෙල් ගෙන ඒම සඳහා ඩොලර් මිලියන 2497 ක් වැයවුනා. 2003 දි තේ පොල් රබර් අපනයනය කර තෙල් ගෙනල්ලත් විශාල මුදලක් අපට ඉතිරි වුණා. 2007 දී තේ පොල් රබර් අපනයනය කර ලබන ආදායම ප‍්‍රමාණවත් නැහැ තෙල් මිලදී ගන්නට.
ඒ වගේම මෙම වසර අවසන් වන විට තෙල් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන තුනයි දශම පහක් වැය වෙයි කියල ගණන් බලා තිබෙනවා. මේ තෙල් අර්බුදය තිබෙන්නේ අපට විතරක් නෙවෙයි. තෙල් මිල ඉහළ යාමට එරෙහිව ලෝකයේ දියුණු යැයි, සංවර්ධිත යැයි පිළිගත් රටවල් පවා අද වෙනකොට එළියට බැහැල තිබෙනවා.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්ති‍්‍රනි රේණුකා හේරත් මහත්මිය මූලාසනයට පැමිණියාය.
කවුරු හරි කියනව නම් 2003 දී වගේ ඉන්ධන මිල අඩු කරන්න පුලුවන් කියල. එම පුද්ගලයා දූපත් මානසිකත්වයෙන් පෙළෙන කෙනෙක්. එහෙමත් නැත්නම් අම්බරුවෙකුට සමාන පුද්ගලයෙක්. ඛනිජ තෙල් අර්බුදය සමඟ දැඩි සබැදියාවක් තිබෙනවා ආහාර අර්බුදය. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ලෝක ජනතාව විකල්ප බලශක්ති නිෂ්පාදනය කෙරෙහි අවතීරණය වුණා. ඒ විකල්ප බලශක්ති ප‍්‍රභව සඳහා ආහාර ද්‍රව්‍ය යොදා ගන්නවා. විකල්ප බලශක්ති ප‍්‍රභව සඳහා ආහාර ද්‍රව්‍ය යොදා ගැනීම, ලෝකය තුළ නියඟය ඇතිවීම, නිෂ්පාදනය කරන ආහාර ද්‍රව්‍ය ප‍්‍රමාණය අඩුවීම ආදියත් මෙම ආහාර අර්බුදයට බලපා තිබෙනවා.
ලෝකයේ වැඩිම කටවල් තිබෙන රටවල් දෙක චීනය හා ඉන්දියාව. අද වෙනකොට ලෝක බැංකුව කියන්නේ එදා කියපු දේවල් නෙවෙයි. ලෝක බැංකුව ශී‍්‍ර ලංකාවටත් කිව්වේ කෘෂිකර්මාන්තයෙන් ගොඩ යන්නට බැරි බවයි. නමුත් ලෝක බැංකුව රෝමයේදී පැවැත්වූ සමුළුවකදි ප‍්‍රකාශ කළා කෘෂිකාර්මික සංවර්ධනයකින් තොරව ජනතාවට ඉදිරියට යා නොහැකි බවට.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද වෙනකොට වැඩිකර තිබෙනවා. 2003 දී රාජ්‍ය සේවක වැටුප් සඳහා වැයවුණේ බිලියන 91 යි. නමුත් 2007 දි වැටුප් සඳහා රුපියල් බිලියන 214 ක් වැය වුණා.
ලාල්කාන්ත මන්තී‍්‍රවරයා කියනවා රජයේ සේවකයාට රුපියල් 5000ක් වැටුප් වැඩි කරන්න කියලා. එහෙම වැටුප් වැඩි කළොත් අද ගෙවන සමස්ථ වැටුපට අමතරව රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් අමතරව කෝටි 7200ක් වෙන් කරන්න වෙනවා. රජය මේක කරන්නෙ කොහොමද?
එ.ජා.ප කාලේ රජයේ සේවකයාට සහන දුන්නෙ නෑ. සමස්ථ ජනතාවට සහනාධාර දුන්නෙ නෑ. ඒ නිසා එදා ඒතරම් අර්බුදයක් දැනුනෙ නැහැ. කිරිපිටි ගැන විශාල ආන්දෝලනයක් තිබෙනවා. අතීතයේදී කිරිපිටි කිලෝ එකක් ලංකාවටගේන කොට රුපියල් අනුඑකකට වැඩි මුදල් ලැබෙනවා. නමුත් අද වෙනකොට කිරිපිටි කිලෝවක් ලංකාවට ගේනකොට සහනයක් ලෙස රුපියල් අසුහයයි ශත හතලිස් නවයක් ලබා දෙනවා.
මෙම සහනය නිසා මැයි මාසයේදී විතරක් රජයට සිදුවුන පාඩුව රුපියල් මිලියන 448.15ක් . එහෙම සහන දීලත් කිරිපිටි කොම්පැනිකාරයෝ අපේ බෙල්ල මිරිකන්න එනවා. මම තරයේ කියනව කිසිදු හේතුවකට කිරිපිටි මිල වැඩි කිරීමට අපි රජය ලෙස ඉඩ තබන්නෙ නැහැ. ඒක රජයේ ස්ථාවරය.
කිසිම බහු ජාතික සමාගමකට පාඩු නෑ. පාඩුයි කියල තමයි මේ අය භාණ්ඩවල මිල වැඩි කරන්න හදන්නෙ. නමුත් මේ බහුජාතික සමාගම්වලට පාඩු නම් සමාගම් වහනවා. බහුජාතික සමාගම්වල හුරතලුන් වෙලා ඉන්න අය. ඔවුන්ගෙ ඔඩොක්කු කුක්කොත් එකතු වෙලා මිල වැඩි කරන්න ඉඩ දෙන්න කියනවා.
ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීම සඳහා රජයට රුපියල් මිලියන 4985ක් වැය වී තිබෙනවා.
මම ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා බහු ජාතික සමාගම් වෙනුවෙන් නෙවෙයි මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනි සිටින්න.
කොළඹ දිස්ති‍්‍රක්ක මන්තී‍්‍ර රවි කරුණානායක මහතා (එ.ජා.ප)- බන්දුල ගුණවර්ධන මහතා කතා කළේ ආණ්ඩුවට ඔක්සිජන් පාරක් ලබා දෙමින්. එතුමා කතා කරපු ඒවා ඇත්ත නම් බන්දුල ගුණවර්ධන මහතා රචනා කළ ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය කෘතියේ අන්තර්ගතය බොරු. හිටපු වෙළෙඳ ඇමැතිවරයෙක් ලෙස දැන් ඉන්න වෙළෙඳ ඇමැතිවරයාට මම ගහ්නෙ නැහැ. මම දන්නවා වෙළෙඳ ඇමැතිවරයෙකුගේ කාර්ය භාරයේ අසීරුව.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල (එජාප) - මම බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ප‍්‍රසිද්ධ විවාදයකට එන්න කියලා බන්දුල හා රවි කරුණානායක මහතා අතර.
බන්දුල ගුණවර්ධන - ලක්‍ෂ්මන් මම පැනල යන කෙනෙක් නෙවෙයි. ආර්ථික කරුණු ගැන ප‍්‍රසිද්ධ විවාදයකට මම එන්නම්. මම බය නැහැ.
මතක තියාගන්න මම ගොඩක් දේවල් දන්නවා.
නමුත් ඒ දේවල් කියන්න ගියොත් ඔයගොල්ලන්ගේ නායකතුමාට හොඳ නැහැ.
රවි කරුණානායක මහතා - මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. අද වෙනකොට රට තුළ ආර්ථික අර්බුදයක් පැන නැගී තිබෙනවා.
ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති ආචාර්ය සරත් අමුණුගම - මේ ගැසට් නිවේදනයෙන් කෙරෙන්නේ ජීවන වියදමට බලපාන ප‍්‍රධාන අංශ කිහිපයක බදු සරල කරලා සංයුක්ත බද්දක් හරහා ජීවන වියදම ඉහළ යෑම පාලනය කිරීමයි. ජීවන වියදම පාලනය කිරීමට අප කළ හැකි දේ යම් බදු සහනයක් සැලසීමෙන් රජය උත්සාහ කරන්නේ ජීවන වියදම් ප‍්‍රශ්නයට යම් විසඳුමක් දීමටයි.
ඉන්ධන කිරිපිටි ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ යෑමට ලෝක වෙළෙඳපොළේ තත්ත්වයන් හේතුවී තිබෙනවා. එම තත්ත්වය පාලනය කිරීමට අපට බැහැ. උද්ධමනය ඉහළ යෑම පාලනය කිරීමට රජය හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නවා.
ලෝක වෙළෙඳපොළේ මිල කොතරම් ඉහළ ගියත් මේ රටේමිල ස්ථාවරව තබා ගැනීමට නම් පාඩුව රජය මගින් ගෙවීමට සිදුවෙනවා. එහෙත් ඒ සඳහා සීමාවක් තිබෙනවා. කලක් ප‍්‍රීමා සමාගමට මේ පිටි සහනාධාරය වෙනුවෙන් විශාල මුදලක් රජය මගින් ලබා දුන්නා. එහෙත් අපි මෙලෙස මහා භාණ්ඩාගාරයෙන් ප‍්‍රීමා සමාගමට මෙලෙස විශාල වශයෙන් ගෙවූ මුදල නතර කළා. මෙයින් සිදුවුණේ පිටි සඳහා විදේශයන්ට ඇදී ගිය විශාල මුදලක් මෙරට රැඳීමයි. එය උද්ධමනය අඩුවීමට හේතු වෙනවා.
සමහර කාලවලදී විදේශයන්ගෙන් ආහාර ද්‍රව්‍ය ආනයනය ලාබදායක විය හැකියි. එහෙත් වර්තමානයේ ඵලක් නැහැ. ලෝක වෙළෙඳපොළේ අසීමිත ලෙස මිල ඉහළ ගිහින්. එබැවින් දේශීය ආර්ථිකය නැංවිය යුතුමයි. අපි මේ උත්සාහ කරන්නේ කෘෂිකර්මාන්තය ඉහළ නංවා දේශීය ආර්ථිකය නගා සිටුවීමටයි.
(මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර උඩවත්තේ නන්ද හිමියෝ මූලාසනයට පැමිණියේය.)
ආචාර්ය සරත් අමුණුගම මහතා - කෘෂිකර්මාන්තය නගාසිටුවීම පිළිබඳවයි මා කතා කරමින් සිටියේ.
(ඝන පූරණය නොමැති බැවින් සීනුව නාදකොට මන්තී‍්‍රවරුන් කැඳවීමට මූලාසනය කි‍්‍රයා කළේය.)
ආචාර්ය අමුණුගම මහතා - කෘෂිකර්මාන්තය පිළිබඳ අද මේ රටේ හොඳ උනන්දුවක් තිබෙනවා.
පිටි සහනාධාරය රජය මගින් ඉවත් කිරීම ඇතුළු ඵලදායි පියවර මේ සඳහා හේතුවී තිබෙනවා. දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම පිළිබඳ අපි තව තවත් අවධානය යොමු කළ යුතුයි.
විටින්විට පඩි වැඩි කිරීම හොඳ ආර්ථික ක‍්‍රමවේදයක් නොවේ. මොකද පඩි වැඩි කිරීමෙන් සිදුවන්නේ උද්ධමනය ඉහළ යෑමයි. පඩි වැඩි කිරීම නිසා භාණ්ඩ මිල ඉහළ යනවා. මෙය වැටුප් නොලබන අයටත් බලපානවා. මේ නිසා වැටුප් වැඩි කිරීම නිසා පාලනය කළ නොහැකි උද්ධමනයක් ඇති වනවා.
අපි මේ අර්බුදයෙන් ගොඩ ඒමට කි‍්‍රයා කළ යුතුයි. අපේ කිරි නිෂ්පාදනය, සීනි නිෂ්පාදනය ඇතුළු දේශීය නිෂ්පාදන ඉහළ නැගීම අත්‍යවශ්‍යයි. මේ උද්ධමනයෙන් බේරීමට තිබෙන එකම විසඳුම එයයි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - සාර්ක් සමුළුව පැවැත්වෙන කාලය තුළ ප‍්‍රහාර නතර කරන්නට ආරක්ෂක කවුන්සිලය ඊයේ තීරණය කළ බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. එය සත්‍යයක්ද?
ආචාර්ය අමුණුගම මහතා - එල්.ටී.ටී.ඊ.ය සටන් විරාමය කි‍්‍රයාත්මක කරන්නේ සතියක් පමණයි. මේ සටන් විරාම පිළිගත්තේ නැති බව ජනාධිපතිතුමා පැහැදිලිවම ප‍්‍රකාශ කළා. හමුදාපතිතුමා අද පුවත්පතකට කියලා තිබුණා කිසිසේත් ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ සටන නතර නොකරන බව. අපි මේ සටන දිනනවාට විපක්ෂය කැමැති නැහැ. ඒකයි ඇත්ත තත්ත්වය.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා (එ.ජා.ප.) - ඊයේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති තනතුරුවලට ආණ්ඩුවේ ඇමැතිවරුන් පත්වුණා. බහුතරය තියෙන නිසා ඇමැතිවරුන් මේ විධියට පත් කර ගත්තත් මෙය සදාචාර විරෝධීයි. මීට පෙර පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ධූරය දැරූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂ මහතාට අද විපක්ෂයේ වාඩිවීමට සිදුවන්නේ එම කමිටුව හරහා වංචා දූෂණ හෙළි කළ නිසයි. පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා ජෝන් සෙනෙවිරත්න මහතා අපි කොහොමද එතුමා ඉදිරියේ විදුලි බල මණ්ඩලයේ දූෂණ අක‍්‍රමිකතා ගැන කතා කරන්නේ. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්.
ධීවර හා සාගර සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා - දයාසිරි ජයසේකර මහතා පී. බී. ජයසුන්දර මහතාට බරපතළ ලෙස පහර එල්ල කළා. උත්තර දෙන්න බැරි නිලධාරින්ට මේ වගේ පහර දෙන්න එපා. මම ඉල්ලා සිටිනවා ඒ සියලු දේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා. අපේ රටේ ආදායමෙන් වැඩි කොටසක් වැය වෙනවා ඉන්ධන ගෙන ඒම සඳහා. අපගේ රට මේ තරම් අගාධයකට පත්වීමට හේතුව ඇතැම් නායකයන්ගේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති.
කවුරු මොන චෝදනා කළත් අපගේ පාලන කාලය තුළ රැකියා විශාල ප‍්‍රමාණයක් ලබා දී තිබෙනවා. විරැකියාව 6% කින් අඩුවෙලා තිබෙනවා. ඒ වගේම ආර්ථික වර්ධන වේගය 7% ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
සියලු රටවැසියන්ට සාධාරණය ඉටුකිරීමට නම් උතුරු පළාත් සභාවට ඡන්දය ඉල්ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එන්නැයි එල්.ටී.ටී.ඊ.යට කියනවා. අප ජාති භේද බලන්නේ නැහැ.
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මුලසුනට පැමිණියේය.
යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. ශි‍්‍රකාන්තන් මහතා (දෙ. ජා. සං) - ඇමැතිවරයා ජාති බේද නොසළකන බව කීවා. ඒ ගැන මා සතුටු වෙනවා. දිර්ඝ කාලීනව පවතින යුද්ධය රටේ ආර්ථික ප‍්‍රශ්නයට හේතුව බව කවුරුත් පිළිගන්නවා. ශී‍්‍ර ලංකාද්වීපය එකම රට යන හැඟීමෙන් බැලුවොත් අප තීරණාත්මක සන්ධිස්ථානයක ඉන්නවා. ඉන්දියාවට දැන් වුණත් කච්චතිව් දූපතට අයිතිවාසිකම් කියන්න පුළුවන්.
මාතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පේමසිරි මානගේ මහතා (ජ. වි. පෙ.) - අප රටේ උද්ධමනය 2001 දී සියයට 12.1 යි. එය මෑත වර්ෂ එකහමාරෙදි සියයට 20 ක් වුණා. දැන් එය සියයට 30 යි. දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති නිසයි උද්ධමනය ඉහළ යන්නෙ.
නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍රනි රේණුකා හේරත් මහත්මිය (එ. ජා. ප.) - රජය ආදායම් ලබා ගන්න බදු පනවනවා. මිනිස්සු ජීවත්වෙන්න බැරිව ලතැවෙන විට මේ බදු පනවනවා. රජයේ ඉදිරි කටයුතුවලට මුදල් හොයා ගැනීමත් ප‍්‍රශ්නයක් වෙලා. රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්න බැරි තත්ත්වෙට පත්වෙලා.
පුත්තලම දිස්ති‍්‍රක් මන්තී‍්‍ර වීරකුමාර දිසානායක මහතා (ජ. නි. පෙ.) - භාණ්ඩවලට බදු පැනවීමට රජය පියවර ගැනීම මගින් පීඩාවට පත්වෙන්නෙ අහිංසක ජනතාව.
රජය ගෙන ඇති මෙම තීරණය කිසිසේත් අනුමත කළ නොහැකියි. දේශීය නිෂ්පාදකයාගේ හෙට දවස අවිනිශ්චිතයි. දේශීය කර්මාන්තවල නිරත වෙන විශාල ජනතාවක් අපේ රටේ ඉන්නවා. අද ආණ්ඩුව ගමන් කරන්නෙත් එදා වේල හොයා ගන්න.
ද්‍රවිඩ ජාතික සන්ධාන මන්තී‍්‍රවරයෙක් සඳහන් කළා 26 දා සිට රජයත් සටන් විරාමයකට එළඹෙනවා කියලා. සටන් විරාමය අවශ්‍ය එල්. ටී. ටී. ඊ. යට මේ රටට, මේ රටේ ජනතාවට සටන් විරාම අවශ්‍ය නෑ. මේ රටේ ජනතාව බඩගින්නෙ හිඳිමින් ජීවන වියදමින් පීඩාවට පත්වෙමින් හැම දෙයක් ම ඉවසන්නේ යුද්ධය නිසා. සටන් විරාමයක් ඉල්ලලා. එල්. ටී. ටී. ඊ. යට සුදු කොඩි උස්සන්න පුළුවන්. නමුත් රජයට සුදු කොඩි උස්සන්න බැහැ. වීරෝදාර හමුදාව මෙතරම් කැපකිරීම් කරද්දි සටන් විරාමයකට යන්න ආණ්ඩුවට අයිතියක් නැහැ.
එල්. ටී. ටී. ඊ. සුදු කොඩිය උස්සන විට සුදු කොඩිය උස්සන්න ආණ්ඩුවට අයිතියක් නැහැ.
මෙය ජනතාවගේ යුද්ධයක් වී හමාරයි. ඒ නිසා ආණ්ඩුව සුදු කොඩිය ඉස්සුවොත් ජනතාව ආණ්ඩුවට සුදු කොඩිය උස්සනවා.
රාජ්‍ය මුදල් හා ක‍්‍රමසම්පාදන ඇමැති හා මුදල් නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා - රාජ්‍ය සේවකයාගේ ආදායම පසුගිය අවුරුදු දෙකේදී සියයට හැටකින් වැඩිවුණා.
තේ, රබර් නිෂ්පාදකයාගේ ආදායමත් වැඩිවෙලා තිබෙනවා. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල බදු අඩු කිරීම නිර්ලෝභී රජයකට ජනතාවට කළ හැකි ලොකු සේවයක්. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා බදු අඩු කරගෙන තිබෙනවා.
බදු අඩුකර ගැනීම කැබිනට් මණ්ඩල යෝජනාවකින් සිදුකළා. විශේෂ නීතියක් ගෙනා යුතු බව අප කල්පනා කළා. අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ගෙනෙද්දි බදු අයකිරීම සරල කිරීමටත් අප කි‍්‍රයා කළා.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකට බදු අඩුකිරීම නිසා රුපියල් බිලියන 15 ක ආදායමක් රජයට නැති වුණා. විපක්‍ෂයට මේ බව තේරුම් ගන්න බැරිද?
බිලියන 170 ක ආරක්‍ෂක වියදමක් දරනවා. ඒ අතරතුර අලුත් බද්ද නිසා ජනවාරියේ සිට මාස හයක් ඇතුළත දසලක්‍ෂ 5655 ක් රජය අහිමි කරගෙන තිබෙනවා. අද ගෙනා පනත, ජීවන වියදමට මුහුණ දීම සඳහා රජයකට කළ හැකි උපරිම බදු සහන ලබාදීම සඳහා ජනාධිපතිතුමාගේ රජය ගෙනෙන ලද්දක්.
පනත් කෙටුම්පත වැඩි ඡන්ද 34 කින් සම්මත විය.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ලාභ ලබන ආයතනයක් කරනවා
- ඇමැති චමල් රාජපක්ෂ
එජාපය ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස්කාරයාට පාවා දුන්නා
ඇමැති රාජිත සේනාරත්න
දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, සහ ස්වර්ණා විජේකෝන්
ශ‍්‍රී ලාංකික පාලන අධිකාරියක් යටතට නැවත පවරාගත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, නව ප‍්‍රතිපත්තිමය රාමුවක් යටතේ පවත්වාගෙන යමින් ලාභ ලබන තත්ත්වයට පත්කිරීම රජයේ අපේක්ෂාව බව වරාය හා ගුවන් සේවා ඇමැති චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප‍්‍රකාශ කෙළේය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව සඳහා පිළිතුරු ලබාදෙමිණි.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රවි කරුණානායක මහතා (එ.ජා.ප.) සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය - එයාර් ලංකා හා මිහින් එයාර් යන ආයතන දෙකක් තිබෙනවා. හොඳම දේ කරන්න යන නිසා එයාර් ලංකා සමාගමේ කළමනාකරණය ලැබුණු බව ඇමැතිතුමා කියන්න පුළුවන්.
මිහින් එයාර් ඇති කළේ ඊට පෙරයි.
මේ ආයතන දෙකෙන් ම පාඩු ලබනවා. ප‍්‍රවාහනයට සම්බන්ධ හැම ආයතනයක්ම පාඩුවට දුවනවා.
නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මුලසුනට පැමිණියේය.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා (ජ.වි.පෙ.) - විශාල මුදලක් වැයකරමින් ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සමාගම ගුවන් යානා නොමැති ගුවන් සමාගමක් බවට පත්වෙලා. මේ ආයතනය පාඩු ලබන ආයතනයක්. ඒ නිසා මේ ආයතනය පිළිබඳව වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එම්. රාජාබ්දීන් මහතා (එ.ජා.ප.) - මිහින් එයාර් ගුවන් සමාගම වෙනුවෙන් රජය විශාල මුදලක් යොදවා තිබෙනවා. ජනතාව බරපතළ ලෙස පීඩාවකට පත්වෙලයි ඉන්නේ.
ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති රාජිත සේනාරත්න මහතා - එයාර් ලංකා ආයතනය පෞද්ගලීකරණය වෙලාවේ මුලින්ම විරුද්ධ වුණේ අපි. එමිරේට්ස් සමඟ ගිවිසුම් ගැසීමටත් මම විරුද්ධයි. ඒ වගේම පීටර් ඛ්ඹ්ල් ව එළියට ඇදලා දාන්න තරම් පිට කොන්දක් මහින්ද රාජපක්ෂ මහතාට තිබුණා. මම ඒ සතුට විඳිනවා.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කළේ 1955 චිකාගෝ පනත පවා නොසලකා හරිමින් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන්වලින් යම් පාඩුවක් ලැබුවත් අනෙකුත් ක්ෂේත‍්‍රවලින් අපි විශාල ආදායමක් ලබනවා.
අපේ තිබුණ ගුවන් යානා තුනක් එමිරේට්ස් වික්කා. ඒවගේ පාඩුව විඳින්න උනෙත් අපිට. විකුණපු ගුවන් යානා ආපහු බද්දට ගත්තා එම සමාගම විසින්.
2007 දී එමිරේට්ස් යටතේ අපි ලබපු පාඩුව මිලියන 2000 ක්. පසුගිය වසර 10 ඇතුළත කිසිම ලාභයක් ලැබිලා නැහැ.
ගුවන් සමාගම නැවත අපි ලබාගත්තට පස්සේ 2008 වසරේ අපේ‍්‍රල් සිට මේ දක්වා අපගේ ආදායම වැඩිවී තිබෙනවා. ඒ වගේම 2007 වසරට සාපේක්ෂ්ව වැඩිපුර මගීන් 12% ක් ගෙන ගොස් තිබෙනවා ගුවන් ගමන් මගින්.
රනිල් වික‍්‍රමසිංහ එයාර් ලංකාව වික්කා. 2000 දී චන්ද්‍රිකාත් එහෙමයි.
2002 දී ශ‍්‍රීී ලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කරාට පස්සේ රනිල් පාර්ලිමේන්තුවේදීත් එක එක දේවල් කිව්වා. රනිල්, රවි, තිලක් මාරපන, මලික් වගේ අය මේ ගිවිසුම ගැන කතා කරන්න ගියා. ගිහිල්ල ඔවුන් මොන වද කෙරේ. චන්ද්‍රිකාටත් වඩා තුච්ච විදිහට ගිවිසුම අලුත් කිව්වා.
එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනෙක් මෙම ගිවිසුමට අදාළව රනිල් වික‍්‍රමසිංහ කරපු ඕනෙම වලත්තකමක් දැක දැකත් කටවහගෙන හිටියා. මේ ගිවිසුම අලුත් කරන්න ගිය අපේ එජාප පිරිස තුට්ටු දෙකට වැටුණා. මේ පිරිස අලුත් ගිවිසුමක්ද ගැහුවා. එදා නීතිපති මෙම ගිවිසුම නීතිවිරෝධිය කියලත් කිව්වා.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස්කාරයට දෙමින් එ.ජා.ප. කාලේ පාවා දුන්න වැඩපිළිවෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත නිවැරැදි කරන්නට කටයුතු කළා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාට රට ජාතියම නමස්කාර කළ යුතුයි. එතුමාට ජාති ජාතිත් පින් දිය යුතුයි.
අපටම කියලා ගුවන් යානයක් නැහැ. ඒ වගේම දුප්පත් ජනතාවට, බුද්ධගයාවට ඉන්දියාවට යන, බැතිමතුන්ට, මැදපෙරදිග රටවලට යන මිනිසුන්ට අඩු වියදමකින් විදේශගත වීමටයි මිහින් එයාර් හැදුවේ.
එමිරේට්ස්කාරයා ඉන්දියාවේ ගුවන් ගමන් වාර නතර කළා. මිහින් එයාර් මාලදිවයින, ඉන්දියාව, මැදපෙරදිග රටවලට පවා ගුවන්ගමන් ආරම්භ කළා. මිහින් එයාර් සමාගම ආරම්භ කරලා මාස 11 යි. ඒ වගේම පළමුවෙනි අවුරුද්දෙන් ලාභ ලබන්න බැහැ. ඒ විතරක් නොවෙයි ලාභ ලබන්න බැරිවුණත් මිහින් එයාර් යන වෙළෙඳ නාමය හදාගෙන තිබෙනවා. ලෝකයේ ගුවන් සමාගම් රාශියක් අද වෙනකොට වහලා දාලා තිබෙනවා.
අපගේ රජය එකම රාජ්‍ය ආයතනයක්වත් විකුණුවේ නැහැ. නමුත් එජාප කාලේ රාජ්‍ය ආයතන 417 ක් විකුණුවා. ලාල්කාන්ත සහෝදරයා වැඩ වර්ජනයක් සිදුකළා. පුළුවන් වුනාද රජයේ සේවකයෝ එළියට දාන්න.
එක දවසේ වැඩ වර්ජනය හරියට කර ගන්න බැරිවුන ජනතා විමුක්ති පෙරමුණ පුළුවන් නම් දවස් තුනේ වැඩ වර්ජනය කරලා පෙන්වන්න. කරයි එක්කෙනෙක්වත් එන්නේ නෑ. මේ රටේ මිනිස්සු දන්නවා රටේ සංවර්ධන කටයුතු සිදුවන බවට. මිනිස්සු ගොනාට අන්දවන්න කාටවත් බැහැ.
වරාය හා ගුවන් සේවා ඇමැති චමල් රාජපක්ෂ මහතා - අත්දැකීම් සහිත දේශපාලකයෙක් වන රවි කරුණානායක මහතාගෙන් වුණත් උපදෙස් ලබාගන්න අපි සූදානම්.
ඔබතුමාගේ ගැටලුවලට රාජිත ඇමැතිවරයා හොඳ පිළිතුරු දුන්නා.
මේ ආයතනයට හොඳ අනාගතයක් ඇතිකිරීම අපගේ අරමුණයි.
2008.4.01 නැවත වතාවක් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ශ‍්‍රී ලංකා පාලන අධිකාරිත්වයක් යටතට පත්කර ගත්තා. නව ආයතනික ව්‍යුහයක් යටතේ ආයතනය පවත්වාගෙන යාම අපගේ තවත් අරමුණක්. ඒ වගේම වියදම් අඩුකොට ලාභ ලැබීමත් අපේක්ෂාවක්.
අපගේ ආයතනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අපි ආයතනික ප‍්‍රතිපත්ති රාමුවක් පවා සකස් කළා.
ආයතනික වියදම පවා අඩුකර තිබෙනවා. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තබූ කාර්යාලයත් කටුනායකට ගෙන ගියා. ගුවන් ගමන් වාර ප‍්‍රමාණය වැඩි කරා.
ඒ වගේම වියදම් වැඩි ක්ෂේත‍්‍ර හඳුනාගෙන ඒවාගේ වියදම් අඩු කිරීමටත් අපි පියවර ගෙන තිබෙනවා.
තව මාසයක් ඇතුළත නැවත වතාවක් මිහින් එයාර් ගුවන් යානා ගුවන්ගත කරනවා.

පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 9.30 ට යළි රැස්වේ.

No comments: