Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 11, 2008

වසර දෙකකින් තෙල් මිල 25% කින් අඩු කරනවා ඒ. එච්. එම්. ෆවුසි ඛණිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන ඇමැති

ශී‍්‍ර ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදන කටයුතු සඳහා මේ වන විට සියල්ල සූදානම්. තෙල් කැණීමේ කටයුතුවලට අදාළ ගිවිසුමකටද පසුගියදා අත්සන් කැරිණි. ඒ පිළිබඳ ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන ඇමැති. ඒ. එච්. එම්. ෆවුසි මහතා සමඟ කළ සාකච්ඡාවයි මේ.
ශී‍්‍ර ලංකාවේ ඛනිජ තෙල් කැණීමට අදාළ ගිවිසුමට ශී‍්‍ර ලංකා රජය හා සීමා සහිත 'කෙයාන්' ඉන්දියානු (පෞද්ගලික) සමාගම අතර පසුගියදා අත්සන් තැබුවා. ප‍්‍රථවරට මෙරට තෙල් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට පවතින සූදානම කුමක් ද?
ඉතා ම සතුටෙන් කියන්න කැමැතියි, තවත් වසර දෙක තුනක් ඇතුළත ශී‍්‍ර ලංකාව ලෝකයේ තෙල් නිපදවන රටවල් අතරට එක්වෙනවා. මේ රටේ තෙල් නිධි තිබෙන බව හොයාගත්තේ කාලයට පෙරයි.
නමුත් කිසිම රජයක් මේ සම්පත ලබා ගැනීමට නියමාකාරයෙන් කි‍්‍රයා නො කරන අවස්ථාවක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ඊට මැදිහත්වෙලා තෙල් සම්පත ලබාගැනීම කඩිනම්කරලා තියෙනවා.
මන්නාරම් මුහුදේ තෙල් නිධි 8 ක් තිබෙන බවට තොරතුරු තහවුරු වෙලා ඉවරයි. තෙල් කැණීමේ කටයුතු සඳහා තෙල් නිධි 2 ක් ඉන්දියාවටත් චීනයටත් ලබා දී තිබෙනවා.
තවත් නිධි 6 ක් ඉතිරිවුණා. ඒ හයෙන් 3 කට ටෙන්ඩර් කැඳෙව්වා. වැඩියෙන් ම අපට වාසි හිමිවන ටෙන්ඩරයට එක් නිධියක් ලබාදුන්නා. කමිටු ගණනාවක් සාකච්ඡා කරලා හොඳම ටෙන්ඩරය තෝරාගත්තා. කැබිනට් මණ්ඩලයේ අනුමැතියත් ඒ සඳහා ලබාගත්තා.
කෙයාන් ආයතනය ඉන්දියානු සමාගමක් වශයෙන් හැඳින්වූවාට 70% ක් තියෙන්නේ බි‍්‍රතාන්‍යයේ මුදල්. 30% ක් පමණයි ඉන්දියා සමාගම ආයෝජනය කරල තියෙන්නේ. මාස 6කින් තෙල් කැණීම් කටයුතු මෙම සමාගම විසින් ආරම්භ කිරීමට නියමිතයි.
2010 වනකොට ඒ කියන්නේ තවත් අවුරුදු දෙකකින් ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදිත පළමු බොරතෙල් බැරලය වෙළෙඳ පොළට නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.
මිත‍්‍රත්වය මත ඉන්දියාවට හා චීනයට ලබා දී තිබෙන තෙල් නිධි දෙකේ තව ම කැණීම් කිසිවක් සිදුවන්නේ නැහැ. ශී‍්‍ර ලංකාවට වඩාත් වාසිදායක අයුරින් ඒ කටයුතු සිදු කළ යුත්තේ කෙසේද? කියලා තවම සාකච්ඡාවෙමින් පවතිනවා.
මෙම තෙල් නිධි අට තුළ කොපමණ බොරතෙල් ප‍්‍රමාණයක් තියෙන බවට තොරතුරු ලැබී තිබෙනවාද?
මෙම තෙල් නිධි සියල්ලේ ම බොරතෙල් බැරල් බිලියනක් පමණ තියෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. මේක ශී‍්‍ර ලාංකිකයින් සියලු දෙනාගේම වාසනාවක්. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා තෙල් කැණීමේ කටයුතු සඳහා ඉක්මන් සහාය ලබාදෙන්නේත් මේ රටේ දරුවන්ගේ වාසනාවට වෙන්න ඇති.
ශි‍්‍ර ලංකාවේ බොර තෙල් පවතින්නේ මුහුදු මට්ටමේ සිට හුඟක් ගැඹුරින් බවට සමහරු යම් යම් මත ප‍්‍රකාශ කරනවා. එමනිසා තෙල් කැණීම් සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බවටත් මතයක් පවතිනවා. මෙය සත්‍යයක් ද?
ඒ මතය වැරැදියි. හුඟක් ගැඹුරිනුත් තියෙනවා. සාමාන්‍ය ගැඹුරිනුත් තියෙනවා. මතුපිටත් තියෙනවා. මෙම නිධි අටේම මෙම තත්ත්වය දැකගන්න පුළුවන්. එම නිසා ගැඹුර හේතුවෙන් තෙල් කැණීමේ දී අවාසියක් සිදුවෙන්නේ නැහැ.
කැණීමේ කටයුතු සඳහා අපට ශත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. සියලු වියදම් දරන්නේ සමාගම විසින්. ගිවිසුම අත්සන් කළ සැණින් ම ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් රජයට හිමිවුණා. තෙල් වෙළෙඳ්‍රම් කිරීමේ දී එම සමාගම විසින් අපට අදාළ ගිවිසුම අනුව අයිතිය ලබාදෙනවා.
තෙල් ලබාගන්නා අවස්ථාවේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් ශී‍්‍ර ලංකා රජයට ලබාදීමට නියමිතයි. මීට අමතරව අපේ රටට සියලුම බදු මුදල් ලබාදිය යුතුයි. ගිවිසුමට අනුව එම සමාගමටත් ශී‍්‍ර ලංකා රජයටත් ආදායම් හිමිවෙනවා.
තෙල් කැණීම සඳහා එම සමාගමට වැයවන මුදල පියවාගන්නා තුරු කණින තෙල්වලින් විවිධ ප‍්‍රතිශත අපට ලැබෙනවා. වසර 4 කින් පමණ ශී‍්‍ර ලංකා රජයට සියයට 60 ක හා එම සමාගමට සියයට 40 ක් වශයෙන් තෙල්වලින් ලැබෙන ආදායම හිමිවෙනවා.
ඔබ කියන ආකාරයට තෙල් කැණීමෙන් රජයට අති විශාල මුදලක් හිමිවෙනවා. මේ බොරතෙල් අපි නිෂ්පාදනය කිරීමත් සමඟ පාරිභෝගික ජනතාවට වාසි අත්වන්නේ කොහොමද? තෙල් කැණිමත් සමඟ පෙට‍්‍රල් ඩීසල්, මිල අඩුවෙයි කියා ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් තියෙනවා.
මේ වන විට පිටරටින් ගෙන එන බොරතෙල් බැරල් පනස්දහසක් සපුගස්කන්දේ පිහිටි තෙල් පිරිපහදුවේ දී පිරිසිදු කරනවා. අපට බැරල් ලක්‍ෂයක් පිරිසුදු කරන්න ඕන.
ඉරාන ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙනවා පිරිපහදු කටයුතු කාර්යක්ෂම කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට. බැරල් පනස් දහසක් පිරිපහදු කරලා විකුණන එකෙන් රුපියල් මිලියන 600ක් පමණ ලාභ තියෙනවා.
බැරල් ලක්ෂයක් පිරිපහදු කරලා විකුණනවානම් අපට මිලියන දෙදහසක් පමණ ලාභ තියෙනවා. එවිට ජනතාවට සහනයක් වශයෙන් මිල අඩුකිරීමට අපට හැකියාවක් තියෙනවා.
හැමදාම ඉහළ යන තෙල් මිලෙන් ජනතාව පීඩා විඳින එක නවත්වන්න තෙල් නිෂ්පාදනය කිරීමත් සමඟ අපට හැකිවෙනවා. එම නිසා 2010 වසරේ තෙල් නිෂ්පාදනය කිරීමත් සමඟ පෙට‍්‍රල්, ඩීසල් මිල සියයට 20% සිට 25% කින් අඩුකිරීමට අනිවාර්යෙන් ම හැකිවන බව මං ඉතා වගකීමෙන් කියනවා.
"කෙයාන්" ඉන්දියානු සමඟ අත්සන් කරන ලද ගිවිසුම ගැන පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බවත් ශී‍්‍ර ලංකාවට තවත් වාසි අත්වන ලෙස මෙම ගිවිසුම අත්සන් කිරීමට හැකියාව තිබූ බවටත් චෝදනා එල්ල වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක් ද?
කොයිතරම් හොඳ වැඩක් කරන්න ගියත් ඔය වගේ චෝදනා හැමදාම එල්ල වෙනවා. එමනිසා ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. නීත්‍යානුකූලව මුළු ලෝකයම දැනුවත් කරලයි ටෙන්ඩර් කැෙඳව්වේ. මේ තෙල් නිධිය සඳහා සමාගම් 3 ක් තරග වැදුණා.
ඒ අතරින් අපේ රටටත් ජනතාවටත් වඩාත් වාසිදායක ටෙන්ඩරය තමයි තෝරා ගන්තේ. විද්වතුන් හා අදාළ බලධාරීන් සාකච්ඡා වට ගණනාවක් පවත්වලා තමයි මෙම ටෙන්ඩරය තෝරාගනු ලැබුවේ. මෙතන කිසිම වංචාවක් නැති බව අධිකරණයත් තහවුර කරලයි තියෙන්නේ. මෙම ගිවිසුමට එරෙහිව පුද්ගලයකු අධිකරණයටත් ගියා. සියලු සාක්ෂි හා තොරතුරු අධීක්‍ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණය නඩුව විසිකරලා දැම්මා.
අත්සන් කිරීමට පෙර අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේ නැහැ. පක්ෂ නියෝජිතයින්ගෙන් හා විද්වතුන්ගෙන් සැදුම්ලත් සර්ව පාක්ෂික කමිටුවක් තෙල් කැණීමේ කටයුතු අධීක්‍ෂණය කිරීම සඳහා පත්කරන ලෙසට යෝජනා ඉදිරිපත් වී තිබුණත් එම යෝජනාවන් ඉටු වී නැහැ නේද?
දැනටමත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කර තිබෙනවා. එහි කිසිදු ගැටලුවක් නැහැ. ගිවිසුම අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඒ සඳහා හිමිවුණා.
පක්ෂ නියෝජිතයින්ගෙන් හා විද්වතුන්ගෙන් සැදුම්ලත් සර්ව පාක්ෂික කමිටුවක් පාර්ලිමේන්තුවේ පත් කරන්න කියලා මං අනුමැතිය ලබා දුන්නා. සභානායක, නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා මේ ගැන පක්ෂ නායකයින්ටත් දැනුම් දුන්නා.
එම යෝජනාව හොඳයි කියලා පක්ෂ නායකයින් පිළිගත්තට ඒ සඳහා සහාය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. සාගල රත්නායක මන්තී‍්‍රවරයා එක්සත් ජාතික පක්ෂය විසින් මෙම කමිටුවට නම්කර තිබුණා.
අනෙක් පක්ෂ කමිටුවට කව්රුත් නම් නො කරපු මං මොනව කරන්නද? තෙල් ගවේෂණ කටයුතු කඩිනම් කරන්න අපි මහන්සි ගන්න වෙලාවේ ජනතාව වෙනුවෙන් කෑගහනවා කියන පක්ෂවලට කමිටුවට නම් ඉදිරිපත් කරනනත් බැරිනම් අපට පුළුවන් ද තවදුරටත් බලාගෙන ඉන්න. ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ, ඕනෑ ම කෙනෙකුට බලාගන්න පුළුවන්.
තෙල් කැණීමේ විෂය සම්බන්ධයෙන් දැනුමක් තියෙන විශේෂඥයින්ගේ සහාය ඔබ මේ සඳහා ලබාගන්නවා ද?
තෙල් කැණීමේ කටයුතු සම්බන්ධයෙන් මේ රටේ ඉන්න එකම එක විශේෂඥයා වන්නේ ආචාර්ය නීල් මහතායි. ඔහුට විශාල වැටුපක් ගෙවලා මේ සඳහා ඒ මහතාගේ සේවය ලබාගෙන තිබෙනවා. මීට අමතරව තවත් විද්වතුන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීම කෙරෙහිත් අපගේ අවධානය යොමු වී තිබෙනවා.
මෙම තෙල් නිධි අවට කොටි සංවිධානයෙන් යම් බලපෑමක් එල්ල වී තිබෙනවාද?
කිසිම බලපෑමක් එල්ල වෙලත් නැහැ. එල්ල වෙන්නෙත් නැහැ. නාවික හමුදාව හා රජය මේ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළකුත් කි‍්‍රයාත්මක කර තිබෙනවා. තෙල් කැණීමේ කටයුතු සඳහා අදාළ සමාගමට ශී‍්‍ර ලංකා රජය තම උපරිම සහාය ලබාදෙනවා.
තෙල්වලට අමතරව ගෑස් සම්බන්ධයෙනුත් මෙම නිධිවලින් යම් තොරතුරක් ලැබී තියෙනවාද?
තෙල් හා ගෑස් දෙකම තියෙනවා. අපේ අරමුණ ප‍්‍රථමයෙන්ම තෙල් ලබාගැනීම. ගෑස් සඳහා අවධානය යොමුකරන්නේ දෙවනුව. හලාවත ගොඩබිම් ප‍්‍රදේශයකින් යම් ගෑස් කාන්දුවීමක් තියෙනවා. ඊජිප්තු රජයේ නියෝජිත පිරිසක් ඇවිල්ලා එම ගෑස් කාන්දුව ගැන යම් යම් අධ්‍යනය සිදු කළා. එහි වාර්තාවන් ලැබුණු පසුව ගෑස් ලබාගැනීම ගැනත් යම් වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
ඩෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියාවට හා චීනයට ලබා දී තියෙන තෙල් නිධි දෙකේ අලුත්ම තත්ත්වය කුමක් ද?
අපි දෙන තෙල් නිධි දෙක ඒ රටවල් දෙක වෙනුවෙන් නම් කළා. ඉන්දියාව දිගින් දිගට ම කිව්වේ ඔවුන්ට බ්ලොක් නොම්මර එක එපා. නොම්මර දෙක දෙන්න කියලා. නමුත් අපි කිව්වේ දෙනවානම් දෙන්නේ බ්ලොක් නොම්මර එක කියලයි.
චීනය සමඟත් එක් නිධියක් ගැන කථා කරමින් ඉන්නේ. රටවල් අතර පවතින මිත‍්‍රත්වය අනුවයි, ටෙන්ඩර කැඳවීමකින් තොරව චීනයට හා ඉන්දියාවට තෙල් නිධි දෙකක් ලබාදීමට තීරණ කළේ. අපට උපරිම වාසියක් සැලසෙන ආකාරයට අනුව තමයි, මෙය සැලසුම් කර තියෙන්නේ.
මේ රටවල් දෙකට ම අපි යම් කාලයක් ලබා දෙනවා. එම කාලය තුළ සාර්ථක ප‍්‍රතිචාරයක් නො ලැබුණොත් මෙම තෙල් නිධි දෙකක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව විවෘත ටෙන්ඩර් කැඳවා ලබා දෙනවා. දැනට ලබා දී තිබෙන්නේ එක් තෙල් නිධියක් පමණයි. තෙල් නිධි 7ක් ඉදිරියේ දී කැණීම් කටයුතු සඳහා ලබාදීමට නියමිතයි.
තෙල් කැණීමත් සමඟ ඒ රටට අනෙකුත් රටවලින් යම් යම් බලපෑම් එල්ලවන තත්ත්වයක් ලෝකයේ පවතිනවා. ගල්ෆ් අර්බුදයට එක් ප‍්‍රධාන හේතුවක් වී තිබෙන්නේත් මෙම තෙල් ප‍්‍රමානයයි. එවැනි තත්ත්වයක් අපේ රටේ ඇතිනොවන බවට ඔබට දෙන්න පුළුවන් සහතිකය කුමක් ද?
ශී‍්‍ර ලංකාව ආසියානු කලාපයේත් ලෝකයේත් ඉතාම සුහදසීලි මිත‍්‍රශීලි රටක් වශයෙන් හැමෝම පිළිගෙන තිබෙනවා. වෙනත් රටවල ගැටලුවලට අපේ රට කිසි ම දවසක මැදිහත්වෙලත් නැහැ. මැදිහත් වෙන්නෙත් නැහැ.
අපේ රට කරන්නේ අනෙකුත් රටවල්වලට හැකිතරම් සහයෝගය ලබාදීම පමණයි. තෙල් ලැබුණහමත් අපි කටයුතු කරන්නේ පෙර පරිදි සෑම රටක් සමඟ ම ඉතා සුහදතාවයකින්. ඒක නිසා කිසිම රටක් අපේ රටත් සමඟ කිසි ම ගැටලුවක් ඇතිකර නොගන්නා බවට මට විශ්වාසයි.
ඉන්දියානු තෙල් සමාගම සමඟ ඔබ යම් මත ගැටුමකට පැටලුණානෙ එහි අලුත්ම තත්ත්වය කුමක්ද?
ඉන්දියානු තෙල් සමාගම අපිට වැඩිය ඩීසල්වලට රුපියල් විස්සකින් මිල වැඩිකළා. ඒකෙන් තෙල් සංස්ථාවට මාසෙකට සිදුවූ පාඩුව රුපියල් මිලියන හාරදහසයි. ඒක නිසා මං පොඩි තර්ජනයක් දාලා ඉන්දියානු තෙල් සමාගමේ මිල අපේ මිලට ම සමාන කරගත්තා. මේ වනකොට ඉන්දියානු තෙල් සමාගම මිල අඩුකළ නිසා අපට සිදුවූ පාඩුව නැතිවෙලා තියෙනවා.
ෆවුසි ඇමැතිතුමා වැරැදි චණ්ඩියෙක් එක්ක හැප්පෙන්න යන්නේ කියලා සමහරුන් මෙම සිද්ධිය හැඳින්වුවා. තෙල් කැණීමේ කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාවෙන් මේ වන විට යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවා ද?
මං චණ්ඩිපාට් එකක් දැම්මේ ඉන්දියානු තෙල් සමාගම කළ අසාධාරණයට විතරයි. ඒක දැන් ඉවරයි. ඉන්දියාවයි මායි අතර කිසිම ප‍්‍රශ්නයක් නැහැ. තෙල් කැණීමේ කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාවෙන් කිසි ම බලපෑමක් නැහැ. ඔවුන් ඉතා සුහදශීලිව කි‍්‍රයා කරනවා.
ඕනෑම රටක නීතියක් තියෙනවා. ඒ නීතියට ඕනෑ ම සමාගමක් ගරු කරන්න ඕන. වෙළෙඳ්‍රම් කරනවා කියලා හැමදාම ලාභ විතරක් බලාපොරොත්තු වෙන්න බැහැ. පාඩුත් බලාපොරොත්තු වෙන්න ඕන. ඒ පණිවිඩය තමයි, ඉන්දියානු තෙල් සමාගමට මං ලබාදුන්නේ.
සාකච්ඡා කෙළේඩබ්ලිව්.කේ.ප‍්‍රසාද් මංජු

No comments: