Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 10, 2008

34 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල

වර්නන් ගුණසේකර සහ සුසන්ත දිසානායක
කී‍්‍රඩා අමාත්‍යාංශය මෙහෙයවන 34 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ දී අද මහත් උත්සවාකාරයෙන් ආරම්භ වෙයි.
බෙලිඅත්තේ ස්ථාන 10ක තෙදිනක් තිස්සේ පැවැත්වෙන මෙම කී‍්‍රඩා උළෙල මලල කී‍්‍රඩා, වොලිබෝල්, නෙට්බෝල්, බාස්කට්බෝල්, බර ඉසිලීම, කායවර්ධන, ජූඩෝ, බොක්සිං, කබඩි, කරාතේ, පාපන්දු සහ පිහිනුම් යන කී‍්‍රඩා 12 ක් ඇතුළත් වෙයි.
මෙම තරග සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ තුන් දහසක් ද තරග විනිසුරුවෝ පන්සියයක් ද සහභාගි වෙති. ජාතික මහා කී‍්‍රඩා උළෙලේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා රන්, රිදී, ලෝකඩ පදක්කම් පිරිනැමෙන අතර ඊට අමතරව තනි ඉසව් සඳහා රුපියල් 5000, රුපියල් 3000, රුපියල් 2000 බැගින් සහ කණ්ඩායම් තරග සඳහා රුපියල් 10,000, රුපියල් 7,500 සහ රුපියල් 5,000 බැගින් මුදල් ත්‍යාග ද ප‍්‍රදානය කෙරේ.
වසර 25 ක අඛණ්ඩ සේවයක් කළ කී‍්‍රඩා නිලධාරීහු 21 දෙනෙකු සිටිති.
ඔවුනට රන් පවුම බැගින් ප‍්‍රදානය කිරීම ද මෙම කී‍්‍රඩා උළෙලේ දී සිදු කෙරේ.
2008 ජාතික මහා කී‍්‍රඩා උළෙලේ ඔලිම්පික් පහන දල්වන්නේ ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩක චින්තක සොයිසා සහ ශී‍්‍ර ලංකා නෙට්බෝල් හා වොලිබෝල් කී‍්‍රඩිකා සන්ධ්‍යා ජයසූරිය යි.
ඔලිම්පික් පහන දැල්වීමට අමතරව කී‍්‍රඩක ආචාර පෙලපාලිය, ආචාර වෙඩිමුර සහ බැලුම් හා පරෙවියන් මුදා හැරීම සමාරම්භක උළෙලේ ප‍්‍රධාන සිදුවීම් වෙති.
අද පස්වරු 3.00 ට ආරම්භ වන සමාරම්භක උළෙලට අග‍්‍රාමාත්‍යවරයාට අමතරව ඇමතිවරුද දකුණු පළාතේ ප‍්‍රධාන ඇමැති ශාන් විජයලාල් මහතා ද සහභාගි වෙති.
පුවක්දණ්ඩාව ධම්මපාල බාලිකා හා තංගල්ල බාලිකා විදුහල්, වලස්මුල්ල මහ විදුහලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරිපත් කරන නැටුම්, ජිම්නාස්ටික් සංදර්ශනවලින් සමාරම්භක උළෙල අවසන් වීමට නියමිතය.
34 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ සමාප්ත උත්සවය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ජූලි 12 වැනි දින බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ දී පැවැත්වේ.

No comments: