නිරූෂි විමලවීර
ඡන්ද අයිතිය පිළිබඳ ප්රශ්නය නිරවුල් කර ගැනීම සඳහා කේ. එන්. චොක්සි මහතා වෙනුවට ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයකු ලෙස සතියක් පාර්ලිමේන්තු යෑමට තමා අදහස් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කෙළේය. ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයකු ලෙස තමා පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව එජාප දේශපාලන මණ්ඩලය තීරණය කළ බව කී ඒ මහතා, එජාපය ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයකු ලෙස නම් කිරීමෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයාට එය ගැසට් කිරීමට සිදුවන බවත්, ගැසට් කිරීමෙන් අනතුරුව තමා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන බවත් කීය.
දිවුරුම් දීමෙන් අනතුරුව තමාගේ ඡන්ද අයිතිය පිළිබඳ ප්රශ්නය විසඳෙන බව ද ඒ මහතා කීවේය.
එජාපය ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයෙකු ලෙස නම් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා එය ගැසට් නොකළහොත් තමාට මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව උසාවි යෑමට සිදුවන බවද, එහිදී තමාගේ ඡන්ද අයිතිය පිළිබඳ නිරවුල් තීරණයකට පැමිණිය හැකි බව ද දිසානායක මහතා පැවැසීය.
උසාවියකට පුද්ගලයකුගේ ප්‍රජා අයිතිය නැති කළ නොහැකි බව පවසන ඒ මහතා පාර්ලිමේන්තු විශේෂ යෝජනාවක් යටතේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බව කීය.
අපරාධ නීතිය යටතේ දෙවසරක සිරදඬුවමක් ලබාදිය යුතු වරදක් සිදු කරන අවස්ථාවකදී උසාවි නියෝග අනුව අවුරුදු හතක ඡන්ද අයිතිය නැති කළ හැකි බව කී දිසානායක මහතා, එහෙත් තමාට දඬුවම් ලබා දී ඇත්තේ සිවිල් නීතිය යටතේ බව ප්‍රකාශ කෙළේය.
සිවිල් නීතිය යටතේ මෙවැනි දඬුවම් ලබා නොදෙන බවද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ඕනෑ එපාකම් අනුව තමාට මෙම තීන්දුව දුන් බවත්, සිවිල් නීතිය යටතේ අවවාද කිරීම් දිනක සිරදඬුවම් වැනි සුළු දඬුවමක් ලබාදීම සාමාන්‍ය උසාවිය අනුගමනය කරන කි‍්‍රයාවලිය බවත්, හෙතෙම වැඩිදුරටත් කීවේය.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment