Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 11, 2008

ඇතෙක් බිහිකරන්න ගිය රනිල්-ලාල්කාන්ත අන්තිමට වටු පැටියකු බිහි කළා - ඇමැති ආචාර්ය මර්වින් සිල්වා

බොරු කියමින් වැඩ වර්ජනයක් කැඳවා ඇතෙක් බිහිකරන්න හැදූ රනිල් හා ලාල්කාන්ත අන්තිමට වටු පැටියෙකු බිහි කළ බව කම්කරු ඇමති ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
වැඩ වර්ජනයට සහභාගි නොවී රට වෙනුවෙන් වැඩ කළ මෙරට වැඩ කරන ජනතාව මහින්ද චින්තනය පිළිගෙන වැදගත් රාජ්‍ය සේවකයන් ලෙස ජාතියේ රණවිරුවන් පිරිසක් බවට පත් වූ බවද ඊයේ (10) නාරාහේන්පිට දී පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා සඳහන් කළේය.
ජේ. ආර්., රණසිංහ පෙ‍්‍ර්මදාස, රනිල් යන එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ගේ පාලන කාලයේ වැඩ වර්ජන මර්දනයට පොලිස් බලය යෙදූ බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිදු අවස්ථාවකදී පොලිස් බලය යොදවන්නේ නැති බවද ඊයේ (10) නාරාහේන්පිටදී පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පැවසීය.
තවදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
අප ගේ දේශය වෙනුවෙන් සටන් වැදී සිටින රණවිරුවන් ගේ වැටුප් වැඩිකිරීමට වර්ජනය කිරීම ඉතාමත් සාධාරණයි.
එහෙත් පටු දේශපාලන වුවමනාවන් මත වැඩ වර්ජන කිරීම කාලෝචිත නැහැ.
අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙසේ ද කීය.
මිනීමරු ප‍්‍රභාකරන් කල්ලියෙන් නැගෙනහිර බේරාගෙන උතුර බේරාගැනීමට යන අවසන් සටනේදී යුද්ධය කකුලෙන් ඇදීම සඳහා ප‍්‍රභාකරන් කල්ලියට පක්ෂග‍්‍රාහීව කටයුතු කරන රනිල් කල්ලිය හා ලාල්කාන්ත කල්ලිය අද දින දීප ව්‍යාප්තව පැවැත්වීමට තීරණය කළ වැඩ වර්ජනය අද අන්ත අසාර්ථක වී ඇතැයි ද සඳහන් කළ යුතුයි.
ජලය, විදුලිය, ප‍්‍රවාහනය, සෞඛ්‍ය, වරාය, තැපැල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සුපුරුදු පරිදි අද දිනයේ කි‍්‍රයාත්මක වී තිබුණා. මේ නිසා රනිල් පිල හා ලාල්කාන්ත පිල අද දින වැඩ වර්ජනයෙන් පරාජය වී තියෙනවා.
ලංගම බස්රථ 4981 ක් අද දින ධාවනය වී තියෙනවා. එසේම වැඩවර්ජනයට සම්බන්ධ වූවන් සිල්බරන්කොට හරස්කර පයාගලදී දුම්රියක් පීලි පැන්නීම, නයිවල බසයකට කලුතෙල් ප‍්‍රහාර එල්ල කිරීම වැනි ප‍්‍රභාකරන්නේ කි‍්‍රයාදාමයන් අනුගමනය කර තියෙනවා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිහතමානී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන වැඩකරන ජනතාවට ආදරය කරන ජන නායකයෙක්. යුද්ධය කරගෙන යන ගමන් වර්තමාන රජය අති දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රම රැසක් ආරම්භ කරගෙන යන ගමනේදී රජයේ සේවකයන්ට තුන්වරක් වැටුප් වැඩිකර තියෙනවා. රාජ්‍ය සේවයට සේවකයන් බඳවා ගැනීම් සිදුකර තියෙනවා.
වසා දමා තිබූ කම්හල් විවෘත කර ඇති අතර පුද්ගලීකරණය කිරීමට තිබූ ආයතන රැසක් බේරාගෙන තියෙනවා. මිහින් එයාර් ආරම්භකර පොහොර සමෘද්ධි සහනාධාර ලබාදී තිබෙනවා. එසේම ලංකාපුත‍්‍ර ප‍්‍රමුඛ බැංකු ශක්තිමත්කර තියෙනවා. ප‍්‍රභාකරන් කල්ලියට පක්ෂව කරන සටන නැවැත්වීමට අපි මහා සංඝරත්නය පෙරටු කොටගෙන මහ පාරට බැහැල රනිල්ගෙයි ලාල්කාන්තගෙයි යුද්ධය ඉවර කරනවා.
එදා දුටුගැමුණු මහවිජය මහ පරාක‍්‍රමබාහු මෙන් ප‍්‍රභාකරන්ට සහය දෙන රනිල් කල්ලිය, සෝමවංශ කල්ලිය, සිරස කල්ලිය සහ ප‍්‍රභාකරන් කල්ලිය වැඩකරන ජනතාව විසින්, පරාජය කර තියෙනවා.

No comments: