Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, July 29, 2008

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද ජයග‍්‍රහණය අභියෝගයක් නොවේ:-ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජනතා හිතවාදී න්‍යාය පත‍්‍රයක් මත කටයුතුª කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයට මැතිවරණ ජයග‍්‍රහණය අභියෝගයක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සැමදා නිසි ප‍්‍රතිපත්තියක් මත කටයුතු කළ බැවින් මේ රටේ ජනතාවගේ නොමඳ විශ්වාසය දිනා ගැනීමට සමත්ව ඇති බවත් ජනාධිපතිවරයා උතුරුමැද පළාත් හිටපු මහ ඇමැති බර්ටි පෙ‍්‍ර්මලාල් දිසානායක මහතාගේ නිවසේ පැවැති විශේෂ නියොජිත හමුවේදී එසේ ප‍්‍රකාශ කළේය.
උතුරුමැද පළාත් සභා මැතිවරණයට “බුලත් කොළය” ලකුණින් තරග වදින අපේක්ෂකයෝ මේ හමුවට සහභාගී වී සිටියහ.
එහිදී කථා කළ ජනාධිපතිවරයා මෙසේද කීය.
කිසිදිනක එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ රටේ ජනතාව පාවා නුදුන් බවයි.
එමෙන්ම රටේ සම්පත් විකුණාගෙන කෑමට ද තම පක්ෂය කටයුතු නොකළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා යුරෝපීය සංස්කෘතියෙන් මිදුන රෙද්ද බැනියම අඳින මිනිසුන්ට නිසි තැන ලබාදීමට සැමදා තම පක්ෂය කටයුතු කළ බව ද ප‍්‍රකාශ කළේය.
අද මේ රටේ ආර්ථිකය නිවැරැදි මාවතක ගමන් කරමින් සිටින බව ද මෙහි දී සඳහන් කළ ජනාධිපතිවරයා නැඟෙනහිර මුදාගත්තා සේම උතුරේ ජනතාව ද ත‍්‍රස්තවාදයෙන් මුදාගෙන එම පළාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ කාලය වැඩි ඈතක නොවන බව සඳහන් කළේය.
ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන සාක් සමුළුව පිළිබඳව ද මෙහිදී අදහස් දක්වමින් එය හුදෙක්ම මේ රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් පැවැත්වෙන වැදගත් සමුළුවක් බව පෙන්වා දුන් අතර එම සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ විපක්ෂය ජනතාව නොමඟ යවන ප‍්‍රකාශ කරන්නේ එම සමුළුවෙන් ශ‍්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධියට ලැබෙන ප‍්‍රතිලාභය පිළිබඳ වැටහීමක් නොමැතිකම නිසා බවද සඳහන් කළේය.
එමෙන්ම මේ රට තුළ කිසිසේත්ම යුද්ධයක් නැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා අද පවතින්නේ මේ රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදීමේ මානුෂීය වැඩපිළිවෙළක් බවද සඳහන් කළේය.
එමෙන්ම පසුගිය රජයන් යුද්ධය නිසා සංවර්ධනය කල් දැමුවද තම රජය කිසිවිටෙකත් එසේ කිරීමට සූදානම් නැති බවත් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ දැවැන්ත සංවර්ධනයක් අද රට තුළ සිදු වෙමින් පවතින බවත් පෙන්වා දුන්නේය.
රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබඳ පැහැදී එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ විශාල පිරිසක් අද රජය සමඟ එක් වී ඇති බවද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට ආදරය කළ එම පක්ෂයේ ප‍්‍රබලතම සාමාජිකයන් ද අද තම පක්ෂය හා එක්වී ඇත්තේ මේ රට සංවර්ධනය කිරීමට ඇති සැබෑ උවමනාව නිසාම බවද සඳහන් කළේය.
මෙවර උතුරු මැද හා සබරගමුව පළාත් සභා මැතිවරණ ජයග‍්‍රහණය කිරීම රජයට අපහසු කාර්යයක් නොවන බව ද වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා රජයකට ලැබිය හැකි ඉහළම වරප‍්‍රසාදය වන්නේ ජනතා විශ්වාසය බවත්, එම විශ්වාසය කඩ නොකර සැමදා ජනතා අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බවත් අවධාරණය කළේය.
ඇමැතිවරුන්වන දි.මු. ජයරත්න, අනුර ප‍්‍රියදර්ශන යාපා, තිස්ස කරල්ලියද්ද, එස්.එම්.චන්ද්‍රසේන, ටී.බී.ඒකනායක, මිල්රෝයි ප‍්‍රනාන්දු, ජීවන් කුමාරතුංග, එස්.බී.නාවින්න, සී.බී. රත්නායක, දුමින්ද දිසානායක යන මහත්වරුන් ද, උතුරුමැද පළාත් හිටපු ප‍්‍රධාන ඇමැති බර්ටි පෙ‍්‍ර්මලාල් දිසානායක, වයඹ පළාත් ප‍්‍රධාන ඇමැති අතුල විජේසිංහ යන මහත්වරු ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කි‍්‍රයාකාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments: