Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, July 22, 2008

හෂාන් තිලකරත්න දැවීයයි

ප‍්‍රින්ස් ගුණසේකර

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කළමනාකරු ධූරයට නම් කළ හෂාන් තිලකරත්න මහතාගේ නම ප‍්‍රතික්ෂේප කිරීමට කී‍්‍රඩා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඊයේ පියවර ගත්තේය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව මගින් කී‍්‍රඩා ඇමැතිවරයාගේ අනුමැතියට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලේ නාමලේඛනය යැවූ අතර කළමනාකරු ධූරයට නම්කර සිටි හෂාන් තිලකරත්න මහතාට හැර කී‍්‍රඩක පිරිසට පමණක් අනුමැතිය ලබා දී ඇත.
කළමනාකරු ධූරයට වෙනත් අයෙකු යෝජනා කරන ලෙස ඊයේ සවස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් වෙත ලිඛිතව දන්වා යැවුයේ යැයි කී‍්‍රඩා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ‘දිනමිණ’ට පැවැසීය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කළමනාකරු ලෙස කි‍්‍රකට් අතුරු කමිටුව මගින් හෂාන් තිලකරත්න මහතාගේ නම පසුගියදා (15) ප‍්‍රකාශයට පත් කළේය.
එදිනම කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට ලිපියක් මගින් දන්වා සිටියේ කි‍්‍රයාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන්නේ නම් හෂාන් තිලකරත්න මහතා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කළමනාකරු ලෙස පිළිගැනීමට තමා සූදානම් නොමැති බවයි. හෂාන් තිලකරත්න මහතා සමඟ පෞද්ගලික අමනාපයක් නැති බව අවධාරණය කළ කී‍්‍රඩා අමාත්‍යවරයා පැවැසුවේ මාසිකව රුපියල් 75,000 ක්, දිනකට ඇමරිකානු ඩොලර් 50 ක්, මෝටර් රථයක් ලබන තනතුරකට කි‍්‍රයාකාරී දේශපාලනඥයකු යෝජනා කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවයි.
“හෂාන්ට තවත් අවස්ථාව තිබෙනවා. ආසන සංවිධායකකමින් කි‍්‍රයාකාරී දේශපාලනයෙන් ඉවත් වී තනතුර භාරගැනීමට...” ලොකුගේ මහතා ප‍්‍රකාශ කළේය.
මේ පිළිබඳව හෂාන් තිලකරත්න මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු ප‍්‍රකාශ කළේ කි‍්‍රකට් කළමනාකරු ධූරය භාර ගත්තේ ආරාධනාවක් අනුව බවයි. “කි‍්‍රකට් කළමනාකරු ධූරය අහිමිවුණාට කමක් නෑ. කි‍්‍රයාකාරී දේශපාලනයෙන් සමුගන්නේ නෑ” තිලකරත්න මහතා පැවැසීය.
හෂාන් තිලකරත්න මහතාගේ නම යෝජනා කළ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටු ප‍්‍රධානී අර්ජුන රණතුංග මහතා වෙත ඊයේ සවස්වනතුරු ප‍්‍රතික්ෂේප වු ලිපිය නොලැබූ බැවින් ඊළඟ පියවර පිළිබඳ සඳහනක් කිරීමට කල් ඉල්ලා සිටියේය.
රණතුංග මහතා ‘දිනමිණ’ට ප‍්‍රකාශ කළේ කී‍්‍රඩා අමාත්‍යාංශයේ ලිපිය අනුව අද මෙම තත්ත්වය පිළිබඳ ප‍්‍රකාශයක් කරන බවයි.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කළමනාකරු ලෙස නම් කළ හෂාන් තිලකරත්න මහතා පසුගිය දින කිහිපයේ දී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණු සැසි කිහිපයකටද සහභාගි වී තිබුණි.
මේ පිළිබඳ අදහස් දැක් වු කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම් එස්. ලියනගම මහතා පැවැසුවේ කී‍්‍රඩා ඇමැතිවරයාගේ අනුමැතිය ලබානොගෙන කළමනාකරු ලෙස නම් ප‍්‍රකාශයට පත්කිරීම වැරදි පූර්වාදර්ශයක් බවයි.
1974 අංක 3 දරන කී‍්‍රඩා පනතේ කී‍්‍රඩාවට සහභාගි වන්නන් පාලනය කිරීමේ නියෝග මාලාවේ 5 වැනි වගන්තිය අනුව කණ්ඩායම හා අදාළ නිලධාරින් ප‍්‍රකාශයට පත්කිරීම ඇමැතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසුව කළ යුත්තක් බව පැහැදිලිව දක්වා ඇතැයි ලියනගම මහතා වැඩිදුරටත් පැවැසීය.
කෙසේ වූවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කළමනාකරු තනතුරට අයෙකු පත්කිරීම හෙට ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයට කලින් සිදුවනු ඇත.

හෂාන් තිලකරත්න පසුගියදා කළමනාකරු ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පුහුණු සැසියකට එක්ව සිටි අයුරු. ඡායාරූපය – ඒ. එෆ්. පී.

No comments: