Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 11, 2008

කි‍්‍රකට් සංචාරයේ දින වෙනස් කර ගැනීමට ශී‍්‍ර ලංකා නියෝජිතයෙක් එංගලන්තයට

පි‍්‍රන්ස් ගුණසේකර
ලබන වසරේ අපෙ‍්‍ර්ල් මාසයේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සංචාරයේ තරග කාලසටහන සංශෝධනය කිරීමේ අදහසින් ශී‍්‍ර ලංකා නියෝජිතයකු එංගලන්තයට යැවීමට කටයුතු කරන බව කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ‘දිනමිණ’ ට පැවැසීය.
ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය හා ශී‍්‍ර ලංකා පිලේ එංගලන්ත සංචාරය එකම කාලවකවානුවක යෙදීම හේතුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට සිදුව ඇති අපහසුතාව මගහැරීමට කටයුතු කිරීම ලොකුගේ මහතාගේ අරමුණ වී තිබේ.
ආසියානු කි‍්‍රකට් සූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයෝ පෙරේදා සිදුව ඇති අපහසුතා ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් මගින් දැනුම් දුන්හ.
එයට ප‍්‍රතිචාර දැක්වූ කී‍්‍රඩා අමාත්‍යවරයා කි‍්‍රකට් අතුරු කමිටුවට අවශ්‍ය උපදෙස් ලබාදී ඇත.
එංගලන්ත සංචාරයක් අපට අවශ්‍යයි. කී‍්‍රඩකයන්ට විශාල ගෙවීම් කරන ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියත් වැදගත්. මේ තරගාවලි දෙකම අපහසුතාවලින් තොරව පැවැත්වීමට වාතාවරණයක් සකසනවා’ යනුවෙන් ලොකුගේ මහතා පැවැසීය.
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියට ගිවිසුම් අස්සන් කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ මෙසේය.
මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර (කිංග්ස් පන්ජාබ්), චාමර කපුගෙදර, මුරලිදරන් (චෙන්නායි සුපර් කිංග්ස්), චමින්ද වාස්, චාමර සිල්වා, නුවන් සොයිසා (ඩෙකාන් චාර්ජර්ස්) ටී. එම්. ඩිල්ෂාන්, ෆර්විස් මහරුෆ්, (දිල්ලි ඩර්ඩිවල්ස්), අජන්ත මෙන්ඩිස් (නයිට් රයිඩර්ස්), දිල්හාර ප‍්‍රනාන්දු, සනත් ජයසූරිය, ලසිත් මාලිංග (මුම්බායි ඉන්ඩියන්ස්)

No comments: