Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 28, 2008

වැඩිය කඩන නරක ළමයි

වසර හැටකට අධික කාලයක් තුළ අපේ රටේ බලය විවිධ පක්ෂ විසින් තට්ටු මාරු ක‍්‍රමයට හොබවන ලදී. එම කාලයේ දී බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම රටට වැඩදායි එක් කාර්යයක් හෝ ආරම්භ කර තිබේ.
එහෙත් එම කිසිදු කාර්යයක් හරියාකාරව ඉදිරියට ගෙනයාමට පසුව බලයට පැමිණෙන බලධාරීන්ට හැකියාවත් නොමැති බව පෙනී ගොස් ඇත.
එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ රටට යම් වැඩදායි කාර්යයක් ඉටුකළ හැකි බොහෝ යහපත් කාර්යයන් අතර මගදී අකල් මරණයට ගොදුරුවීම ය. මේ තත්ත්වය රටේ යහපතට හෝ අයහපතට බලපෑම් කරන බව මැදහත් අදහස් දරන්නෝ සඳහන් කරති.
ඒ නිසා සිදුකළ යුතු ප‍්‍රධාන කාර්ය විය යුත්තේ අතරමඟ දී අකාලයේ ඇන හිටින ජාතික මට්ටමේ ව්‍යාපෘති පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමය.
එමගින් අතීතයේ සිදුවූ බොහෝ වැරදි නිවැරදි කිරීමට හැකියාව ලැබෙනු ඇත. එසේ නොකළහොත් රට ඉදිරියට ගෙනයාමට කිසිවෙකුට හැකියාව නොලැබෙනු ඇත.
1948 දී ආරම්භ කළ ව්‍යාපෘතිය 1952 දී බලයට පැමිණි රජය මඟින් අතහැර දැමීය. ඉන් පසුව බලයට ආ ආණ්ඩුවේ ව්‍යාපෘතිය ඊළඟට පැමිණි ආණ්ඩුව මඟින් අතර මග නතර කර දැමීය.
මෙහි අවසන් ප‍්‍රතිඵලය වූයේ කෝටි ගණන් ජාතික ධනය නිරපරාදේ විනාශ වීමය. මේ හැම දේටම මූලික වූයේ අප රටේ ආරම්භ කළ කිසිම ව්‍යාපෘතියකට ජාතික වැදගත්කමක් ලබා නොදීම ය.
එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ ඒ ඒ ආණ්ඩු සිදුකරන ලද හැම ව්‍යාපෘතියකටම නිල්, කොල, රතු ලෙස දේශපාලන වර්ණ ගැන්වීම ය.
රට ගොඩනගන ව්‍යාපෘති ආරම්භ කළ යුතුවා මෙන්ම ඒ සඳහා ජාතික මුහුණුවරක් ද ලබා දිය යුතුය. එය මෙතැන් සිට කළ යුතුය. එවැනි දෙයකින් පමණක් රට ගොඩනඟන ජාතික ව්‍යාපෘතියකට මග සැලකිය හැකි ය.
ඒ සඳහා කළ යුතු හොඳම දේ වන්නේ හැම පාර්ශවයක්ම දේශපාලන ව්‍යාපෘතිවලින් වැලකී ජාතික ප‍්‍රතිපත්තියක් යටතේ් රට ගොඩනගන ක‍්‍රම හා විධි පිළිබඳ අවධානය යොමු කිරීම පමණි.
එමගින් පමණක් රට ගොඩනැගිය හැකි ජාතික ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකිය. මේ සඳහා දැන්වත් සියලු පාර්ශ්ව එක්විය යුතුය. එමගින් පමණක් රට ගොඩනැගිය හැකිය. දේශපාලන බේද බින්නවීම් වලින් රටට යහපත් දෙයක් ඉටු කළ නොහැක.
චමින්ද සුදර්ශන

No comments: