Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, July 22, 2008

හමුදාව මුලතිව් දිසාවට ඇතුළු වෙයි 57 වැනි සේනාංකය ඉදිරියට කඳවුරු අතහැර කොටි පලා යති

භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස් සහ චන්ද්‍රිකා පෙරේරා
උතුරේ මානුෂික මෙහෙයුම්වල නිරතව සිටින යුද හමුදාවෝ මේ වන විට මුලතිව් දිස්ති‍්‍රක්කයට ඇතුළු වී සිටිති. ඒ 9 මාර්ගයේ බටහිර කොටසේ ස්ථාන ගත වී සිටි 57 වැනි සේනාංකය දැන් ඉදිරියට ගමන් කරමින් සිටී.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවක දී බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා එම තොරතුරු අනාවරණය කෙළේය.
මන්නාරම සහල් බඳුන අත්පත් කැර ගත් 58 වැනි හමුදා සේනාංකය ඉතා කෙටි කාල සීමාවක් තුළ වෙඩිතලතිව් සහ ඉලුප්පකඩවායි කොටි බල කඳවුරු අත්පත් කර ගැනීමත් සමඟම කොටි අන්ත පරාජයකට ලක්වෙමින් පසු බසින බවත් බි‍්‍රගේඩියර් නානායක්කාර මහතා පැවසීය.
වැලිඔය ප‍්‍රදේශයෙන් ඉදිරියට ගමන් ආරම්භ කැර ඇති සේනාංක ‘වන් ෆෝ බේස්’ අත්පත් කර ගැනීමෙන් පසු එම ප‍්‍රදේශයෙන් ඉදිරියට ගොස් තවත් කොටි කඳවුරු රැසක් අත්පත් කැර ගෙන ඇතැයි ද හෙතෙම කීය.
මේ අතර උතුරේ මෙහෙයුම්වල නිරත හමුදාව උතුරට ගමන් කරන ප‍්‍රධාන මාර්ග කිහිපයක් අත්පත් කැර ගැනීම නිසා කොටින්ගේ ප‍්‍රවාහන සේවා දුර්වල වී ඇත. ගුවන් හමුදාව සහ නාවික හමුදාවේ ප‍්‍රහාර ද කොටින්ගේ දැවැන්ත ඉලක්ක වෙත එල්ලවීම නිසා කොටි ත‍්‍රස්තවාදීන් දැඩි අර්බුදයකට පත් වී තිබෙන බව ද බි‍්‍රගේඩියර් නානායක්කාර මහතා සඳහන් කළේය

No comments: