Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, July 9, 2008

මානුෂීය මෙහෙයුම්වලට දේශපාලනය එපා

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
වීරෝදාර ආරක්ෂක හමුදා දිවි පරදුවට තබා කරන කැපවීම සහ පොදු යහපත සඳහා කි‍්‍රයාත්මක කරන මානුෂීය මෙහෙයුම දේශපාලනීකරණය නොකරන්නැයි අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ඉල්ලා සිටියේ ය.
අවස්ථාවාදී ආකාරයට දේශපාලන බලය සදහා මේ කැපකිරීම් අවතක්සේරු කිරීමට ඇතැමුන් උත්සාහ කිරීම කනගාටුවට කරුණක් බව ද අගමැතිවරයා කීවේ ය.
අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා මෙසේ කියා සිටියේ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිණි. අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා මෙසේද කීවේය.
මේ වියරු ත‍්‍රස්තවාදියාට තදින් පහර වදින අවස්ථාවක් ඔවුන් හෙම්බත්ව සිටින කාලයක්.
එම පීඩාවෙන් ගැලවීම සඳහා ඕනෑම ආකාරයක ම්ලේච්ඡ කි‍්‍රයාදාමයක යෙදෙන්නට ත‍්‍රස්තවාදීන් සූදානම්.
ත‍්‍රස්තවාදීන්ට ජාතියක් ජන්මයක් ලැජ්ජා බයක් හෝ සදාචාරයක් නැහැ. ඔවුන් ඕනෑවටත් වඩා වාර ගණනක් මේ බව ඔප්පු කොට තිබෙනවා.
ත‍්‍රස්තවාදීන් නීතියට හෝ සදාචාරයට හෝ ගරු කිරීමක් නොකරන බව කවුරුත් දන්නවා.
මහා ත‍්‍රස්තවාදියාගේ අඩිපාරේ යමින් දැන් කොටි පැටවුන්ද අහිංසක ජනතාවගේ රුධිරයට ඉව අල්ලමින් සිටිනවා.
මානසික විකෘතියෙන් පෙළෙන ඔවුන් ජාත්‍යන්තර යුද නීති පවා උල්ලංඝණය කරමින් විශාල විනාශයන්ට සූදානම් බව ඇතැම් විදේශ ජනමාධ්‍ය පසුගියදා වාර්තා කළා.
තමන්ගේ ජාතියට අයත් පුද්ගලයන් පවා බිලි ගනිමින් පවත්වාගෙන ගිය භීෂණය අද කොටි පැටවුන් තවදුරටත් භයානක අන්දමින් කි‍්‍රයාවට නංවමින් සිටිනවා.
උපන් බිමට සහෝදර ජනතාවට ආදරය කරන දේශපේ‍්‍රමී රණවිරුවන් ඒ බියගුළු කි‍්‍රයාවන් හමුවේ කිසි විටෙකත් පසු බසින්නේ නෑ.
ඔවුන්ගේ මේ එඩිතර ගමන කඩාකප්පල් කිරීම සඳහා විවිධ ප‍්‍රයෝගයන් අද ඛ්2යාත්මක වෙනවා.
එහෙත් එම ප‍්‍රතිවිරෝධතා මධ්‍යයේත් ආරක්ෂක හමුදාව සුවිසල් ජයග‍්‍රහණ අත්පත් කර ගනිමින් සිටිනවා.
මෙම මෙහෙයුම් දියත් කෙරෙන්නේ සැඟවී සිටිමින් ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කරන බියගුල්ලන් පිරිසකට එරෙහිව බව මතක තබා ගත යුතුයි.
අභියෝගවලට මුහුණ දීමට නොහැකි ත‍්‍රස්තවාදියා පසුගිය කාලයේදී විවිධ විනාශ සිදු කළා.
දුම්රියවලත් බස්රථවලත් බෝම්බ පුපුරුවා ජීවිත රැසක් පැහැර ගත්තා. තවත් පිරිසකට තුවාල සිදු කළා. වවුනියාවේදී මෙන්ම කටුබැද්දේදීත් මෙවැනි ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කළා.
මේ රටේ පසුගිය මසක කාලය තුළ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතුවෙන් ති‍්‍රවිධ හමුදාවේ 112 දෙනෙක් සහ සාමාන්‍ය වැසියන් 43 දෙනෙකු ඝාතනයට ලක් වූ අතර, ති‍්‍රවිධ හමුදාවේ 793 දෙනකු සහ සාමාන්‍ය වැසියන් 61 දෙනකු තුවාල ලැබුවා.
මේ ඝාතන තවදුරටත් සිදු වීමට ඉඩ දෙන්නට බෑ. මේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැළැක්වීමට හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට මා යෝජනා කරනවා.

No comments: