Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 28, 2008

වවුනිකුලම් මහ සටන

මුලතිවු ඝන වනාන්තරයේ තුරු මුදුන්වල සෙවනැලි වවුනිකුලම් වැව මත පතිත කරවමින් හිරු මන්නාරම මුහුදට බැස යන මොහොතේ 573 වැනි බල සේනාවෝ සෙබළු අලුතින් අත්පත් කැර ගත් පෙදෙස වටා රැකවල් යොදමින් සිටියහ.
දිනය විසිහතර බ‍්‍රහස්පතින්දා ය. එදින අලුයම 573 වැනි බළ සේනාවෝ ජයග‍්‍රහණ ගණනාවක් සලකුණු කිරීමට සමත්ව සිටියහ.
ලුතිනන් කර්නල් ප‍්‍රතාප් තිලකරත්න අණදෙන 573 බළ සේනාව මල්ලාවි වෙත මෙහෙයුම් කරන බළ සේනා ව ය. 24 අලුයම ඔවුහු වවුනිකුලම් වැවද ඇතුළුව වර්ග කිලෝමීටර් 03ක බිමක් අත්පත් කරගෙන සිටියහ.
එහි දී හමුදා සේනාංක වෙත පහර දෙමින් සිටි මිලිමීටර් 120 මෝටාර් විදිනයක් එම උණ්ඩ 48 ක්, මිලිමීටර් 81 මෝටාර් විදින දෙකක්, එම උණ්ඩ 74 ක් හමුදාව මගින් අත්පත් කර ගැනිණි.
වන්නි මෙහෙයුමේදී කොටි සාමාජිකයන් අතින් බර අවි අත්පත් කරගත් පළමුවැනි අවස්ථාව එයයි.
මේ සටනේ දී කොටි සාමාජිකයන් 25ක් මැරුම් කෑ බව හමුදාව පවසයි.
එයින් සිරුරු හතක් සොයා ගැනිණි. වන්නිකුලම් වැව වටා 573 බළ සේනාව රැකවල් යොදමින් සිටියේ ඉන් පසුව යි.
ලුතිනන් කර්නල් කිත්සිරි ලියනගේ අණදෙන 07 වැනි සිංහ රෙජිමේන්තුව, මේජර් සංජය ප‍්‍රනාන්දු අණ දෙන 03 වැනි ගජබා රෙජිමේන්තුව , කර්නල් නිර්මාල් ධර්මරත්න අණදෙන විශේෂ බලකාය වවුනිකුලම් හි සිටි එම පිරිස්වේ.
රාති‍්‍රය උදා වූයේය. ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල විය හැකි ස්ථාන ලෙස හඳුනාගත් ප‍්‍රදේශ වෙත සෙබළුන් ගේ වැඩි අවධානය යොමුව තිබිණි. ගැටලුවකින් තොරව රාති‍්‍රයේ පෙර යාමය ගෙවී ගියේය. මැදියම එලඹිණි.
07 සිංහ රෙජිමේන්තු ඛන්ඩභාර නිලධාරියකු වන ලුතිනන් රන්ජන් සිටියේ වවුනිකුලම් වැවේ බටහිර ය. මැදියම එල්.ටී.ටී.ඊ. පණිවිඩ හුවමාරුවක් සෙබළුන්ට වාර්තා වූයේ ය.
බුද්ධි අංශ සමඟ අණදෙන නිලධාරීහු වහා ම සම්බන්ධ වූහ. හමුදාව අත්පත් කරගත් බිම් කොටසේ තවත් කොටි කණ්ඩායමක් කොටුවී සිටින බව හමුදාවට වැටහිණි.
අලුයම 3.45 ට පමණ ලුතිනන් රන්ජන් ගේ භට පිරිස් වෙත ළඟාවන එල්.ටී.ටී.ඊ. කණ්ඩායමක ඉව සෙබළුන්ට දැනිණි. සැඟවී සිටි ;කාටි සාමාජික පිරිස ‘චාල්ස් ඇන්තනි’ බළකායට අයත් සුවිශේෂී පුහුණුව ලැබූ කොටින් බවටත් පල්ලවන් නැමැති කණ්ඩායම් නායකයා එහි සිටින බවත් හමුදාවට තොරතුරු ලැබිණි.
ලුතිනන් රන්ජන් වෙත 30 – 40ක පමණ කොටි ප‍්‍රහාරක කණ්ඩායමක් ළඟා වෙමින් සිටියහ.
‘අන්බු’ නැමැති චාල්ස් ඇන්තනි බලකායේ තවත් කණ්ඩායම් නායකයකු පිරිස මෙහෙයවමින් සිටියේය. කොටි ඉහළ නායකයකුවන භානු පණිවිඩ හුවමාරු ඔස්සේ අණ දුන්නේය.
වැව වටා හමුදාව යොදවා තිබූ ආරක්ෂක තීරය වෙත දැවැන්ත ප‍්‍රහාරයක් අලුයම එල්ල වූයේය. කොටින්ගේ උත්සාහය වූයේ හමුදා ආරක්ෂ වළල්ල බිඳ වැව සමීපයේ වූ කැලෑරොද වෙත ළඟාවීම ය.
‘අණ්බු’ ගේ කණ්ඩායමේ ප‍්‍රහාරය සමඟ ‘පල්ලවන්’ ගේ කණ්ඩායම පිටතට පැන ගැනීම එල්.ටී.ටී.ඊ.යේ සැලසුම වී තිබිණි.
ලුතිනන් රන්ජන් ඇතුළු පිරිස සාර්ථක ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කරමින් ඉදිරියට ගමන් කිරීමත් සමඟ එල්ල වූ ප‍්‍රහාරයකින් ලුතිනන් වරයා මිය ගියේය. ඔහුගේ සහයට පැමිණි බලලත් නිලධාරී අධිකාරී සටන බාර ගත්තේය.
අලුයම වන විට ප‍්‍රති ප‍්‍රහාරය සඳහා පැමිණි පිරිස මිය ගියහ. තුවාල ලැබූ සාමාජිකයන් සමඟ පලා ගියේය.
සෙබළු යලි ආරක්ෂක තීරය ශක්තිමත් කොට සෝදිසිය ඇරැඹූහ. උදෑසන අතරින් පතර සුළු ප‍්‍රහාර කීපයක් එල්ල වූයේය. එහෙත් කොටුවූ පිරිස මුදා ගැනීමේ මෙහෙයුම එල්.ටී.ටී.ඊයට සාර්ථක කර ගත හැකි වූයේ නැත.
චාල්ස් ඇන්තනි බලකායේ මියගිය සාමාජිකයන් ගේ සිරරු 29 ක් හමුදාවට හමුවිය.
ඔවුන්ගේ පෞද්ගලික අවිද පණිවිඩ හුවමාරු යන්ත‍්‍ර ඇතුළු තවත් ආයුධ ද මළ සිරුරු සමඟ වැටී තිබිණි. 25 වැනිදා උදෑසන හමුවූ සිරුරු 29 ද සමග 573 බල සේනාව විසින් සොයාගනු ලැබූ මළ සිරුරු ගණන 36කි.
මාසයකට පමණ පෙර ද 573 වැනි බල සේනාව මුලතිව් දිසාවේ එරඩියකුලම් ගම්මානයේදී චාල්ස් ඇන්තනි බලකා සෙබළු 25ක් මරා දමා සිරුරු සොයා ගැනීමට ද සමත්ව තිබිණි.
එල්.ටී.ටී.ඊ.යේ ප‍්‍රබලතම ප‍්‍රහාරක දෙකෙන් එකක් චාල්ස් ඇන්තනි බලකාය ය. ඇතැම් ප‍්‍රචාරකයන්ට අනුව සිවුවැනි ඊලාම් සටනේදී කොටි සංවිධානය සතු තුරුම්පුව ‘චාල්ස් ඇන්තනි’ හා ‘ඉම්රාන් පාණ්ඩියන්’ බලකා දෙකය.
එහෙත් චාල්ස් ඇන්තනි බලකාය ද මළ සිරුරු පවා අතහැර පලා යෑම පෙන්නුම් කරන්නේ අතීත වීරත්වය අද තවදුරටත් වලංගු සාධකයක් නොවන බව ය.

No comments: