Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 25, 2008

මුලතිව් මල්ලාවි දකුණු ප‍්‍රදේශය යුද හමුදාව අත්පත් කර ගනී කොටි ත‍්‍රස්තවාදියෝ 25ක් මරුට

විජයානි එදිරිසිංහ
වන්නි මෙහෙයුමේ යෙදී සිටින ආරක්ෂක හමුදාවෝ මුලතිව් දිස්ති‍්‍රක්කයේ මල්ලාවි නගරයට දකුණින් පිහිටි ප‍්‍රදේශය අත්පත් කරගත්හ. මල්ලාවි නගරයට දකුණින් සහ වන්නිකුලම්වලට උතුරින් මෙම ප‍්‍රදේශය පිහිටා තිබේ.
වවුනියාව දෙසින් උතුරට මෙහෙයුමේ යෙදීසිට මුලතිව් දිස්ති‍්‍රක්කයට ඇතුළුවී සිටින 57 වැනි බලකායේ භට පිරිස් සහ විශේෂ බළකායේ භට පිරිස් මෙම ප‍්‍රදේශය අත්පත් කරගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට ආරක්ෂක භට පිරිස් සහ කොටි ත‍්‍රස්තවාදීන් අතර ඇති වූ ගැටුම්වලින් කොටි ත‍්‍රස්තවාදීන් විසිපස් දෙනෙකු පමණ මිය ගොස් තිබේ. මියගිය හත් දෙනකුගේ මළසිරුරු ආරක්ෂක හමුදා අතට පත්වී ඇත. කොටි ත‍්‍රස්තවාදීන් සතුව තිබූ අවි ආයුධ සහ වෙනත් උපකරණ රැසක් ද සොයාගෙන ඇත.
මිලි මීටර් 120 අවි, පතරොම්, මිලිමීටර් 88 වර්ගයේ අවි සහ පතරොම් බයිනේත්තු, ට‍්‍රැක්ටර්, මෝටාර්, අධි බලැති පණිවුඩ හුවමාරු යන්ත‍්‍ර සහ ටී 56 අවි මෙම අවි ආයුධ අතර වෙයි.
වවුනියාව සිට ඒ 9 මාර්ගයට බටහිර දෙසින් මුලතිව් දිස්ති‍්‍රක්කයට ඇතුළු වී සිටින 57 වැනි බළකායේ සහ විශේෂ බලකාය සාර්ථකව සිදුකළ ජයග‍්‍රාහි මෙහෙයුමක් ලෙස මල්ලාවි නගරයට දකුණු පසින් පිහිටි මෙම ප‍්‍රදේශය අත්පත් කර ගැනීම සනිටුහන් වේ. වන්නි මෙහෙයුමේ යෙදී සිටින සෙසු බල සේනාවන් ද මේ වන විට සාර්ථක ලෙස මෙහෙයුම්වල යෙදී සිටිති.
ඔවුන්ගේ ආත්ම ශක්තිය සහ චිත්ත ධෛර්ය ඉහළ මට්ටමක පවතින බවත් ආරක්ෂක අංශ පවසයි

No comments: