Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, July 9, 2008

වැඩ වර්ජනයට අපි නෑ

රට හා රටේ ජනතාව අපහසුතාවට පත් කරවමින් සහ කොටි අරමුණු ජය ගැනීමට රුකුල් දෙමින් හෙට (10දා) පැවැත්වීමට නියමිත රාජ්‍ය අංශයේ සේවක වැඩ වර්ජනයට තම සංගම් නියෝජිතයන් කිසිවකු සහභාගි නොවන බව රටට හිතැති වෘත්තීය සමිති, සංගම් හා සම්මේලන රැසක නායකයෝ ප‍්‍රතිඥා දෙති.
පොදු ජනතාව පීඩාවට පත් කර තම ඉල්ලීම් දිනා ගැනීම පමණක් සිතේ තබා ඇරැඹෙන මේ වැඩ වැරුම වැඩබිමේ උපන් සටනක් නොව, කොටි අරමුණු දිනවන එකකැයි ද ඔවුහු ප‍්‍රකාශ කරති.
ඒ අනුව ප‍්‍රවාහන, අධ්‍යාපන, සෞඛ්‍ය, වරාය, රේගුව, තැපැල් හා විදුලි සංදේශ, ගුවන් තොටුපළ, විදුලිය, වතු කම්කරු ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සැපැයෙන සියලු අංශ වල වෘත්තීය සමිති සාමාජික සාමාජිකාවෝ මෙම වැඩ වැරුමට එක් නොවීමට තීරණය කළ බව වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ ප‍්‍රකාශ කර සිටිති.
ත‍්‍රස්තවාදය පරාජය කිරීමට රණවිරුවන් සාර්ථක ගමනක යෙදෙන අවස්ථාවක රට අස්ථාවර කරන මෙම වර්ජනය ත‍්‍රස්තවාදීන්ට සහාය දැක්වීමක් බවත් එම පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෝ පවසති.
රාජ්‍ය අංශයේ සේවක වැටුප් රුපියල් දහසකින් හා පෞද්ගලික අංශයේ වැටුප් රුපියල් 750 සිට 2250 අතර මුදලකින් ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇති මොහොතක කෙරෙන මෙම වැඩ වර්ජනය අසාධාරණ බව පවසන ඔවුහු දේශපාලන වුවමනා මත කම්කරු සටන පාවා නොදෙන බවත් අවධාරණය කරති.
රටේ ජනතාව ජීවන බරෙන් පළෙන බව සත්‍යයක් නමුත් සෝදාපාළු වී ඇති දේශපාලන පක්ෂ වල ශක්තිය නඟා සිටුවීමේ අරමුණින් කෙරෙන මෙම වර්ජනයට ජනතා සහාය නොලැබෙන බවත් ඔවුහු කියති.
වර්ජනය අත හැරීමට එහි නායකයා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා අනුව මෙය සැබෑ කම්කරු සටනක්නෙවන බව පැහැදිලි වෙතැයි ප‍්‍රකාශ කරන එම නායකයන් අද පවතින ජීවන වියදම හමුවේ වැටුප් වැඩි කිරීමක් අවශ්‍ය නමුත් ඊට මුවා වී දේශපාලන පටු පරමාර්ථ මුදුන් පත් කරවා ගැනීම හෙළා දකිති.
වර්ජනය මෙහෙයවන දේශපාලන පක්ෂය කොන්දේසි දමමින් රජයේ සේවකයා හෑල්ලුවට ලක් කර ඇතැයිද කම්කරුවන් ඝාතනය කරමින් කම්කරු අයිතීන් උල්ලංඝණය කළ එක්සත් ජාතික පක්ෂයද මීට එක්ව සිටීම හාස්‍යයක් බවත් කියති.
කම්කරු ඉල්ලීම් දිනා දෙනවාට වඩා රජය පෙරැළීමේ කුමන්ත‍්‍රණයක් මෙම වර්ජනය පිටුපස තිබෙන බැවින් රටේත් ජනතාවගේත් සුබ සෙත උදෙසා වත්මන් රජය සමඟ ඊට මුහුණ දීමට තමන් සූදානම් බවත් ඔවුහු අවධාරණය කරති.
මේ අතර මෙම වර්ජනයට විරෝධය පළ කරමින් රට පුරා උද්ඝෝෂණ, පෝස්ටර් ව්‍යාපාර පැවැත්වීමටත් එමඟින් වර්ජනය පිටුපස ඇති දේශපාලන කුමන්ත‍්‍රණය ජනතාවට හෙළි දරව් කිරීමටත් තමන් සූදානම් බව වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෝ වැඩිදුරටත් ප‍්‍රකාශ කරති.
දුම්රිය සේවා වෘත්තිය සමිති එක්සත් පෙරමුණ හා අනුබද්ධිත ශ‍්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමය, දුම්රිය සේවක සංගමය, සමස්ත ලංකා දුම්රිය ඉංජිනේරු කම්කරු සංගමය, රත්මලාන දුම්රිය කම්කරු සංගමය, ශ‍්‍රී ලංකා මහජන දුම්රිය සේවක සංගමය, නිදහස් දුම්රිය සේවක සම්මේලනය, ශ‍්‍රී ලංකා නිදහස් නව දුම්රිය සේවක සංගමය, නැඟෙනහිර ප‍්‍රාදේශීය දුම්රිය ඉංජිනේරු කම්කරු සංගමය, ශ‍්‍රී ලංකා දුම්රිය ගබඩා එක්සත් සේවක සංගමය, ශ‍්‍රී ලංකා නිදහස් දුම්රිය පොදු සේවා සේවකසංගමය, දුම්රිය එක්සත් වෘත්තිකයන්ගේ සංගමය, දුම්රිය ස්ථාන කාර්ය සාධක සංගමය, දුම්රිය එක්සත් මැෂින් මයින්ඩර් සංගමය, ශ‍්‍රී ලංකා දුම්රිය මැහුම් සහායක සංගමය, සමස්ත ලංකා එක්සත් දුම්රිය සේවක සංගමය, දුම්රිය ස්ථාන සංඥා කරුවන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා නිදහස් දුම්රිය තාක්‍ෂණ ශිල්පී සංගමය, දුම්රිය එක්සත් පෙරමුණ, රත්මලාන, දුම්රිය සේවකයන්ගේ සංගමය, දුම්රිය ෂන්ටර් හා පොයින්ට්ස්මන් සංගමය, ශ‍්‍රී ලංකා දුම්රිය එන්ජින් රියැදුරු සංගමය, ශ‍්‍රී ලංකා නිදහස් කඳුරට දුම්රිය සේවක සංගමය, ශ‍්‍රී ලංකා නිදහස් රත්මලාන දුම්රිය සේවක සංගමය, ශ‍්‍රී ලංකාවේ දුම්රිය කම්කරු සංගමය, ශ‍්‍රී ලංකා නිදහස් පොදු සේවක සංගමය, දුම්රිය එක්සත් පොලිස්මන් සංගමය, සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමය සහ ශ‍්‍රී ලංකා නිදහස් දුම්රිය ලිපිකරු හා සාමාන්තර සේවා සංගමය යන වෘත්තීය සමිති 28 ක නියෝජිතයෝ හෙට (10) පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට සහභාගීවීම තරයේ ප‍්‍රතික්ෂේප කරති.
මෙම වැඩ වර්ජනයට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සියලු වෘත්තිය සංවිධාන සහභාගී නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දන්වා එවා ඇත. ඒවා මෙසේය.
සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය,උපාධිධාරී අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය,උපාධිධාරී ගුරු වෘත්තිකයන්ගේ සංගමය,නිදහස් ලංකා පුරෝගාමී උපාධි ගුරු සංගමය,සමස්ත ලංකා අධ්‍යාපන පශ්චාත් උපාධිධාරී ගුරු සංගමය,ශ‍්‍රී ලාකේය අධ්‍යාපනඥයින්ගේ වෘත්තිය සංගමය,ශ‍්‍රී ලංකා උපාධිධාරී හා පශ්චාත් උපාධිධාරී ගුරු වෘත්තිකයන්ගේ සංගමය,ස්වාධීන උපාධිධාරී ගුරු සංගමය,වෘත්තිය සංවර්ධන පුහුණු උපාධිධාරීන්ගේ සංගමය,පශ්චාත් උපාධිධාරී ගුරු අධ්‍යාපනඥයින්ගේ සංගමය,සමස්ත ලංකා පශ්චාත් උපාධිධාරී ගුරු සංගමය,සමස්ත ලංකා ගුරු සේවය 1 තරග විභාගය සමත් වූ ගුරු වෘත්තිකයින්ගේ සංගමය,ශ‍්‍රී ලංකා නිදහස් ගුරු සංගමය,ශ‍්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන සේවක සංගමය,අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය,ශ‍්‍රී ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවා වෘත්තිකයින්ගේ ඒකාබද්ධ සංගමය,උපාධිධාරී පාසල් කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය,ශ‍්‍රී ලංකා ශිෂ්‍ය නිවාස අධිකාරී සේවා සංගමය,සමස්ත ලංකා ගුරු උපදේශක සංගමය,කාර්ය නියුක්ත විදුහල්පතිවරුන්ගේ සංගමය,රාජ්‍ය සේවා එක්සත් පුහුණු ගුරු සංගමය,ශ‍්‍රී ලංකා අධ්‍යාපන සේවා සංගමය,සාර්ක් ගුරු සංගමය,මීට අමතරව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ජුලි වර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානය, කෘෂිකාර්මික හා වතු කම්කරු සංගමය, ශ‍්‍රී ලංකා මිනින්දෝරු සේවයේ පරිපාලන නිලධාරීන්ගේ සංගමය, ලංකා කම්කරු සම්මේලනය හා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය වැඩ වර්ජනයට එක් නොවෙති.
සමස්ත ලංකා මෝටර් සේවක සමිතිය, සමස්ත ලංකා හාබර් සහ ඩොක් කම්කරු සමිතිය, සමස්ත ලංකා සමුපකාර සේවක සංගමය, ලංකා කර්මාන්ත හා වෙළෙඳ සේවා සංගමය, සමාජවාදී ලංකා කම්කරු සමිතිය, රජයේ සුව සේවා සංගමය සහ රාජ්‍ය සේවා දුම්රිය පොදු සේවක සමිතිය යන සමිති වල පිරිස්ද හෙට පැවැත්වෙන වැඩ වර්ජනයට සහභාගි නොවන බව ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ ප‍්‍රධාන ලේකම් ඩී. ඩී. සෝමවීර චන්ද්‍රසිරි මහතා පවසයි.

No comments: