Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, July 29, 2008

බේත් තුන්ඩුවක් නැතිව කොළඹින් තහනම් උත්තේජක: වසර පහකින් කී‍්‍රඩාව අගාධයට : ප‍්‍රවීණයෝ අනතුරු අඟවති

පි‍්‍රන්ස් ගුණසේකර
තහනම් ශරීර උත්තේජක භාවිතා කොට තරග ජයගැනීමට පළ පුරුදු කී‍්‍රඩක කීඩිකාවන් මෙන්ම පාසල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ද පෙළැඹී ඇතැයි කී‍්‍රඩා ප‍්‍රවීනයෝ පිරිසක් පවසති.
මෙම තත්ත්වයට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පෙළඹෙන්නේ පුහුණුකරු හා වෛද්‍යවරයාගේ උපදෙස්වලට අමතරව සම්භාහකවරු මාර්ගයෙන් බව එම පිරිස පෙන්වා දෙති.
වෛද්‍ය වරයෙකුගේ බෙහෙත් තුන්ඩුවකින් තොරව කොළඹ අවට ඖෂධ වෙළඳ ආයතන තහනම් ශරීර උත්තේජක එන්නත් වර්ග අලෙවි කිරීම තහනම් ශරීර උත්තේජක භාවිතය ව්‍යාප්ත වීමට ප‍්‍රධානතම හේතුවක් බවද කී‍්‍රඩා ප‍්‍රවීනයෝ පෙන්වා දෙති.
සමහර සම්භාහකයන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට තහනම් ශරීර උත්තේජක එන්නත් ශරීරගත කිරීමේ ක‍්‍රම ව්‍යාපාරයක නියැලී ඇතිබවට කාලයක සිට ආරංචි පැතිරයන හෙයින් මේ පිළිබඳව කී‍්‍රඩා ඇමැතිවරයාගේ නියමයෙන් විශේෂ වැඩ පිළිවෙළක් දියත් කල යුතුබව ද එම කී‍්‍රඩා ප‍්‍රවිණයෝ අවධාරණය කරති.
තහනම් ශරීර උත්තේජක භාවිතය දිගින් දිගටම පැතිර ගියහොත් සමස්ථ කී‍්‍රඩාවට ඉදිරි වසර පහතුළදී බරපතල අගාධයකට වැටෙන බව ඔවුහු අනතුරු අගවති.
තහනම් ශරීර උත්තේජක භාවිතය මලල කී‍්‍රඩාවට පමණක් සීමා නොවී රගර්, පාපන්දු, හොකී, වොලිබෝල් පාපැදි ඇතුළු කී‍්‍රඩා රැසකදී භාවිතාවන බවට තොරතුරු ලැබී ඇතැයි පැවැසේ, පාසල් තරගවලදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දක්වන දක්‍ෂතා ජාත්‍යන්තරයට යෑමේ දී දක්නට නොලැබීම ශී‍්‍ර ලංකා කී‍්‍රඩා ක්‍ෂෙත‍්‍රයේ බහුලව දක්නට ලැබෙන සිද්ධියකි.
පාසල් වයසෙහි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගීවන කිසිදු තරගාවලියක් තහනම් උත්තේජක පරික්‍ෂාවට ලක් නොවන නිසා සමහර පුහුණුකරුවෝ තම අභිමානය පෙන්වීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට වැරදි උත්තේජනයන් සැපයීමට කිසිඳු බියක් නොදක්වති එහි දී ලබාගන්නා ජයග‍්‍රහණය දක්‍ෂතා තහනම් උත්තේජක පරික්‍ෂාව සිදුවෙන ජාත්‍යන්තර තරගයකදී ලබාගැනීමට සමත් නොවේ.
පසුගිය වසර තුනක කාලයේ දී දේශීය හා ජාත්‍යන්තර තරගවලට සහභාගිවී දක්වන ලද පාසල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දක්‍ෂතා විශ්ලේෂණය කිරීම මගින් මීට සාධාරණ ;හ්තු සාධක පහසුවෙන් සොයාගත හැකි නොවේ ද? යන්න එම ප‍්‍රවීනයෝ තර්කයන් ද ගොඩ නගති. “ශී‍්‍ර ලංකාවේ වාර්තා කරන දක්‍ෂතා හා කාලවේලාවන් ජාත්‍යන්තරයේ දී නෑ. රට යනකොට තියෙන දක්‍ෂතාත් නැති කරගෙනයි නැවැත එන්නේ” එක් කී‍්‍රඩා ප‍්‍රවීනයෙක් ‘දිනමිණ’ ට අදහස් දැක්වීමේදී පැවැසීය.
බොහෝ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙරට දී පෙන්වන දක්‍ෂතා අනුව වයස අවුරුදු 18 – 22 අතරතුර දී ජාත්‍යන්තර තරගවලට ගොස් ප‍්‍රබල දක්‍ෂතා පෙන්විය යුතුවුවද එවැනි සාර්ථකත්වයක් නොලැබෙන්නේ ඇයිද? යන්න සොයා බැලීමේ ජාතික වැඩ පිළිවෙළක අවශ්‍යතාවයද ඔවුහු පෙන්වා දෙති.
ශී‍්‍ර ලාංකේය කී‍්‍රඩාවේ අනාගතය සුරක්‍ෂිත කිරීමට නම් රජය සතු කී‍්‍රඩා වෛද්‍ය ඒකකයක් හරහා පාසල් මලල කී‍්‍රඩා තරග හා ජාතික මට්ටමේ තේරීම් තරගවල දී තහනම් උත්තේජක පරික්‍ෂාව කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.
එය තරමක් අසීරු කරුණක් ලෙස පෙනීගිය ද තහනම් උත්තේජක රකුසා සමස්ථ කී‍්‍රඩාවම ගිලදැමීමට පෙර ගත යුතු කාලෝචිිත පියවරක් ලෙස කී‍්‍රඩා ඉතිහාසයට එක්වන බව එම ප‍්‍රවීනයෝ පිරිස වැඩිදුරටත් පෙන්වා දෙති.
එය එසේ සිදු නොවූනහොත් තම දරු දැරියන් කී‍්‍රඩාවට යොමු කිරීමට මව්පියන් මැලි වීමට ඉඩ තිබේ.
තහනම් ශරීර උත්තේජක භාවිතය හරහා තම දරුවන් සමාජයට අවැඩ පිරිසක් ලෙසින් බිහි වනු දැකීමට කිසිම මව්පියෙක් කැමති නොවනු ඇත

No comments: