Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 11, 2008

වර්ජනය පුස්සක් ඇමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදි කියයි

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, ස්වර්ණා විජේකෝන්
ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව සංවිධානය කළ වැඩ වර්ජනය පුස්සක් වූ බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප‍්‍රකාශ කෙළේය.
මන්තී‍්‍රවරුන්ගේ වාචික ප‍්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන අවස්ථාවේ ඇමැතිවරයා එසේ සඳහන් කෙළේය. මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරු හා ආණ්ඩු පක්ෂය අතර ඇතිවු වචන හුවමාරුවක් සමග සභාව ඝෝෂාකාරි විය.
බලශක්ති ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා නැගී සිටිමින් “ලාල් කාන්ත කෝ?” ඉල්ලා අස්වෙලාද? මොකෝ නැත්තේ” යැයි ජ. වි. පෙ. මන්තී‍්‍රවරුන්ගෙන් විමසීය.
කොළඹ දිස්ති‍්‍රක් එ. ජා. ප. මන්තී‍්‍ර රවි කරුණානායක මහතා වර්ජනය කරන්න කීවේ වෘත්තිය සමිතිවලටයි.. ඇමැතිවරුත් වර්ජනය කරලාද? අගමැතිතුමාත් ඇවිත් නැහැ වර්ජනය කරලා ද? යනුවෙන් පැවැසීය.

No comments: