Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 11, 2008

විමල් - රවි උණුසුම් කතාබහක් අනුර කුමාර බලාගෙන සිටී

එක එක්කෙනාට ඕනෑ විදියට ලියුම් දෙන්න මං බැඳිලා නැහැ. ජාතික නිදහස් පෙරමුණ වෙනම දේශපාලන පක්ෂයක් වශයෙන් කතානායකතුමා පිළිගෙන තියෙනවා. අපට මන්තී‍්‍රවරුන් 12 ක් ඉන්නවා. කාටවත් කොන්දේසි දාන්න බැහැ. තව ලියුමක් ඕනෑමනම් දෙන්නම්" කියලා විමල් වීරවංශ මන්ති‍්‍රවරයා ප‍්‍රතිචාර දැක්වීය. නමුත් රවි කරුණානායක මන්තී‍්‍රවරයා දිගින් දිගටම තම විරෝධ පළ කළේය. "ජාතික නිදහස් පෙරමුණට විවාද සඳහා මං විරුද්ධ පක්ෂයෙන් කාලය දෙන්නේ යනුවෙන් කතානායකවරයා ප‍්‍රකාශ කරනවාත් සමඟම පක්ෂ නායක රැස්වීම යළිත් තරමක උණුසුම් මුහුණුවරක් ගත්තේය.
පාර්ලිමේන්තු ලොබිය
ජූලි මාසය බොහෝ දේශපාලනික හා සමාජ විපර්යාසයන්ට තුඩුදුන් මාසයක් බව ඉතිහාසය සාක්ෂි දරයි. එමනිසා ඊයේ පැවති වැඩවර්ජනය දෙසද දේශපාලනඥයින්ගේත් ජනතාවගේත් අවධානය යොමු වී තිබුණේ දින ගණනාවක සිටය. මේ වර්ජනය අසාර්ථක වූ බව රජය ප‍්‍රකාශ කරන විට ජනතා විමුක්ති පෙරමුණ කියා සිටින්නේ වර්ජනය සාර්ථක වූ බවකි.
වර්ජනය අසාර්ථක වුවද සාර්ථක වුවද දේශපාලනික වශයෙන් එහි උණුසුම පාර්ලිමේන්තුවේ සභාගර්භයට ඊයේ දැණින. වැඩවර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයින් එකිනෙකාට චෝදනා කරගන්නේ දැඩි ස්වරූපයකිනි. බොහෝ විට මෙම වාද උණුසුම් හා රසවත් විය.
ජාතිය ගොඩනැගීමේ ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා ඊයේ දින විවාදයට එක්වෙමින් කියා සිටියේ ලාල්කාන්ත මන්තී‍්‍රවරයාගේ දේශපාලනය විනාශ කිරීමේ කුමන්ත‍්‍රණයක් ජනතා විමුක්ති පෙරමුණ තුළ කි‍්‍රයාත්මක වන බවයි. මෙම කතාව ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකු අසාගෙන සිටියේ දැඩි අවධානයකිනි.
විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආලින්දයේ ජගත් පුෂෂ්පකුමාර, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් කතාබස් කරමින් සිටියේ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳවය. එම ස්ථානයට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු කතා කළේ තරමක කළකිරීමෙනි. මෙම කළකිරීම අමාත්‍යවරු දෙදෙනාටද අදහාගත නොහැකි විය. "අපට ගමට යන්නත් බැරි තත්ත්වයක් වෙලා තියෙන්නේ.
වර්ජනය කරන්න තිබුණේ තව සැලසුම් කරලා. හදිස්සියේ වර්ජනය කරන්න ගියේ නැත්නම් මීට වඩා බලපෑමක් ආණ්ඩුවට කරන්න තිබුණා" යනුවෙන් එම මන්තී‍්‍රවරු දෙදෙනා පැවසූහ.
හාද චරිතයක්, කැපී පෙනෙන චරිතයක් ගොඩනැගෙනවිට කපාහැරීම ජනතා විමුක්ති පෙරමුණේ පුරුද්ද . පළමුබිල්ල විමල්, දෙවැනි බිල්ල නන්දන තුන්වෙනි බිල්ල කරගෙන තියෙන්නේ ලාල්කාන්ත මහත්තයා.
ඔහු ඉතා දක්ෂයෙක්. ඔහු මුරුංගා අත්තේ තියලා අසාර්ථක වැඩවර්ජනයක් කරන්න කියලා බලපෑම් කළා. ලාල්කාන්ත මන්තී‍්‍රතුමාත් ඉවරයි. අපට හරිම කණගාටුයි යනුවෙන් ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා කළ කතාවට ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් දෙදෙනා කිසිවක් ප‍්‍රකාශ කළේ නැත.
පක්ෂ නායක රැස්වීම උණුසුම්
පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ විරුද්ධ පක්ෂයේ ආසන වෙතය. පසුපෙළ ආසන මීට පෙර හිමිවී තිබුණේ විමල්වීරවංශ, නන්දන ගුණතිලක මන්තී‍්‍රවරුන්ට ඉදිරිපෙළ අසුන් 2 ක් හිමිවී තිබීම මීට හේතුවයි.
ජාතික නිදහස් පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයා විසින් දේශපාලන පක්ෂයක් වශයෙන් පිළිගෙන තිබීම හා එම පක්ෂයට වසර ආසන 12 ක් අයත්වී තිබීම නිසා මෙසේ ඉදිරිපෙළ ආසන 2 ක් හිමිව තිබේ.
විමල් වීරවංශ මන්තී‍්‍රවරයා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නැගී සිටීමත් සමගම විරුද්ධ පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝශප් මයිකල් පෙරේරා මන්තී‍්‍රවරයා රීති ප‍්‍රශ්නයක් මතුකරමින් විමසා සිටියේ විමල් වීරවංශ මහතාට විශේෂ ප‍්‍රකාශයක් කිරීමට තියන අයිතිය කුමක්ද කියායි.
ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් පිළිගෙන තිබෙන බවත් මැතිවරණ මහ ලේකම් කාර්යාලය ඒ ගැන මාහට දැනුම් දී ඇති බවත් කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ය. ඉන් අනතුරුව ජෝශප් මයිකල් පෙරේරා මහතාගෙන් විරෝධතා එල්ල වූයේ නැත.
ඉන් අනතුරුව ටික වේලාවකින් කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම පැවැත්විණ. නිමල් සිරිපාලද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, අනුර පි‍්‍රයදර්ශන යාපා, ජෝශප් මයිකල් පෙරේරා, රවී කරුණානායක, අනුර කුමාර දිසානායක, විමල් වීරවංශ යන මහත්වරු මීට සහභාගි වූහ.
පක්ෂ නායක රැස්වීමේ දී ද පරණ ප‍්‍රශ්නය නැවත මතුකරමින් ජෝශප් මයිකල් පෙරේරා මහතා කතානායකවයාගෙන් විමසා සිටියේ ජාතික නිදහස් පෙරමුණ දේශපාලන පක්ෂයක් වශයෙන් පිළිගෙන තියෙනවාද කියායි.
එහෙම හිටපු ගමන් ඉදිරිපෙළ ආසන ලබාදෙන්න බැහැ. ඕන ඕන වෙලාවට පක්ෂ නායකයින් ලෙසත් පිළිගන්න බැහැ යනුවෙන් විමල් වීරවංශ මන්තී‍්‍රවරයා දෙස බලමින් චෝදනාත්මක ස්වරූපයෙන් කතා කළේ රවි කරුණානායක මන්තී‍්‍රවරයාය. "මං ඉන්නේ මන්ති‍්‍රවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න.
ජාතික නිදහස් පෙරමුණ මැතිවරණ කොමසාරිස්වරයා පිළිගෙන තිබෙනවා යනුවෙන් කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා පැවසීය. මේක හරි අවුලක්. මේක මහ කෝලං මඩුවක්නේ කියමින් රවී කරුණානායක මන්තී‍්‍රවරයා පක්ෂ නායකයෙකු ලෙස විමල් වීරවංශ මහතා පිළිගැනීම සම්බන්ධයෙන් තදබල විරෝධය පළ කළේය.
"කලින් කිව්වේ පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගත්තාට පසුව පක්ෂ නායකයෙක් වශයෙන් පිළිගන්නවා කියලා. දැන් පක්ෂය පිළිගෙන ඉවරයි. එහෙනම් අලුත් තර්කයක් මතුකරන්නේ ඇයිද කියල විමල් වීරවංශ මන්තී‍්‍රවරයා තර්ක කළේය. ඊට ප‍්‍රතිචාර දක්වමින් රවි කරුණානායක මන්තී‍්‍රවරයා කියා සිටියේ එය පිළිගත නොහැකි බවයි.
මේ අවස්ථාවේදී කතානායකවරයා විසින් ජාතික නිදහස් පෙරමුණ පක්ෂයක් වශයෙන් ඉදිරිපත් කරන ලද ලියුම් පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කරන ලදී. මේක කලින් දීපු ලියුමක් අපට ඕන ජාතික නිදහස් පෙරමුණේ ලෙටර් හෙඩ් එකක් එක්ක තියෙන ලියුමක්" කියලා දැඩි ස්වරූපයකින් කියා සිටියේ රවී කරුණානායක මන්තී‍්‍රවරයායි.
එක එක්කෙනාට ඕනෑ විදියට ලියුම් දෙන්න මං බැඳිලා නැහැ. ජාතික නිදහස් පෙරමුණ වෙනම දේශපාලන පක්ෂයක් වශයෙන් කතානායකතුමා පිළිගෙන තියෙනවා. අපට මන්තී‍්‍රවරුන් 12 ක් ඉන්නවා. කාටවත් කොන්දේසි දාන්න බැහැ. තව ලියුමක් ඕනෑමනම් දෙන්නම්" කියලා විමල් වීරවංශ මන්ති‍්‍රවරයා ප‍්‍රතිචාර දැක්වීය. නමුත් රවි කරුණානායක මන්තී‍්‍රවරයා දිගින් දිගටම තම විරෝධ පළ කළේය.
"ජාතික නිදහස් පෙරමුණට විවාද සඳහා මං විරුද්ධ පක්ෂයෙන් කාලය දෙන්නේ යනුවෙන් කතානායකවරයා ප‍්‍රකාශ කරනවාත් සමඟම පක්ෂ නායක රැස්වීම යළිත් තරමක උණුසුම් මුහුණුවරක් ගත්තේය. ජාතික නිදහස් පෙරමුණ කාලය ආණ්ඩු පක්ෂයෙන් ලබාදෙන ලෙස රවි කරුණානායක මන්තී‍්‍රවරයා දිගින් දිගටම ඉල්ලා සිටි අතර විමල් වීරවංශ මන්තී‍්‍රවරයා ඉල්ලා සිටියේ තමාට විරද්ධ පක්ෂයෙන් කාලය අවශ්‍ය බවයි.
මේ බහින්බස්වීම දෙස සාවධානව අවධානය යොමුකළ ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක මන්තී‍්‍රවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය.
එජාප රැස්වීම
පසුගිය සෙනසුරාදා එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ කැපී පෙනෙන මුහුණු කිහිපයක් සිටිනු දක්නට ලැබුණේ කලාකරුවන්ගේ සන්ධානය එදින රැස්වූ නිසාය. විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී කතාබහ කෙරුණේ කලාකරුවන් මුහුණදෙන ගැටලු පිළිබඳවයි.
රෙක්ස් කොඩිප්පිලි, තිමති වීරරත්න, වීණා ජයකොඩි සමන් ද සිල්වා, රංජන් රාමනායක, රම්සි රහමන්, රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවන් පිරිසක් මෙම රැස්වීමට සහභාගි වී සිටියහ. මෙම කලා කරුවන්ගේ රැස්වීම සංවිධානය කොට තිබුණේ දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා විසිණි.
මේදිනවල දේශපාලන ක්ෂේත‍්‍රයේ පවතින උණුසුම් හා විවාධාත්මක ස්වභාවය හේතුවෙන් ඇතැම් දේශපාලන නායකයින් සිටින්නේ බොහෝ වෙහෙසට පත්වයි. පළාත් සභා මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු ආරම්භවීමත් සමඟ එම කාර්යය බහුලතාවයන් දෙගුණ තෙගුණ වී ඇත.
මේ නිසා විවේකයක් ලද විගස ඇතැම් දේශපලනඥයින් හුරුව සිටින්නේ විවේකී සුවයෙන් එක් දිනක් හෝ ගතකිරීමටය. පසුගිය සති අන්තය මදක් විවේක සුවයෙන් ගත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තෝරාගෙන තිබුණේ ඔහුට අයත් කුලියාපිටිය ප‍්‍රදේශයේ තිබෙන වත්තක්ය. එම වත්තේ පිහිටි බංගලාවට රනිල් වික‍්‍රමසිංහ මහතා ගියේ නිකම්ම නොවේ. වික‍්‍රමසිංහ මහතා කුලියාපිටිය බලා කොළඹින් පිටත්වූයේ ලිපිගොනු රැසක්ද ඇතැතිවයි.
පසුගිය සඳුදා සවස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීම රනිල් විත‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. හදිසි නීතියට ඡන්දය දීමෙන් වැළකී සිටීමට මෙහිදී තීරණය කෙරිණ.
නියෝජ්‍ය කතානායක ධූරය විමල් වීරවංශ මන්තී‍්‍රවරයාට ලබාදීමේ සූදානමක් පවතින බවටද මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා විය. විමල් වීරවංශ මන්තී‍්‍රවරයා නියෝජ්‍ය කතානායක ධූරයට ඉදිරිපත් කළහොත් එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුයෙකුගේ නම නියෝජ්‍ය කතානායකධූරය සඳහා යෝජනා කිරීමටද ;මහිදී තීරණය කෙරිණ.
රිචඩ් පතිරණ අභාවය
හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වූ ආචාර්ය රිචඩ් පතිරණ මහතාගේ අභාවය සැල වූ වහාම ජනාධිපති, විපක්ෂ නායක ඇතුළු දේශපාලනඥයෝ රැසක්ම රිචඩ් පතිරණ මහතාගේ පවුලේ ඥාතීන්ට සිය ශෝකය ප‍්‍රකාශ කළහ.
ජයරත්න මල් ශාලාවටත්, ඩාර්ලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයටත්, ගාල්ලේ නිවසටත් ජනාධිපති, විපක්ෂ නායක ඇතුළු දේශපාලනඥයින්ද අති විශාල පිරිසක් ද පැමිණ සිටීම විශේෂත්වයකි.
ප‍්‍රධාන පක්ෂ දෙක දේශපාලනයේ නිරත වුවද රිචඩ් පතිරණ මහතාත් එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන මන්තී‍්‍රවරයාත් ඉතා හොද මිතුරන්ය. රිචඩ් පතිරණ මහතාගේ අභාවය අසා පතිරණ මහතා ජීවත් වූ බත්තරමුල්ලේ නිවසට ප‍්‍රථමයෙන්ම පැමිණි දේශපාලනඥයා වූයේ වජිර අබේවර්ධන මන්තී‍්‍රවරයාය.
රිචඩ් පතිරණ මහාතගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය සඳුදා සවස සිදුවුණේ ගාල්ල කොටුපවුර ආසන්නයේ පිහිටි සමනල කී‍්‍රඩාංගණයේය.
දේහය රැගත් අවමඟුල් පෙරහැර සවස 1.00ට පිටත් වුවද කිලෝ මීටර් තුන හතරක් ගෙවා සමනල කී‍්‍රඩාංගණය වෙත දේහය රැගෙන එන විට සවස 4.30 වූයේ විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීම සඳහා මඟ දෙපස රැස්ව සිටි නිසාය. පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව සිදුකෙරුණු අවමඟුල් උත්සවයට විශාල පිරිසක් පැමිණ සිටියහ.
මහා සංඝරත්නය අනුශාසනා සිදුකිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ ශෝක පණිවිඩය සුසිල් පෙ‍්‍ර්මජයන්ත අමාත්‍යවරයා විසින්ද අග‍්‍රාමාත්‍යවරයාගේ ශෝක පණිවිඩය ප‍්‍රධාන ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා මහතා විසින් ද ඉදිරිපත් කළහ.
විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ශෝක ප‍්‍රකාශය ඉදිරිපත් කරනලද්දේ වජිර අබේවර්ධන මන්තී‍්‍රවරයාය. ශෝක ප‍්‍රකාශයට අමතරව තවත් කරුණු කිහිපයක් කතාවට එක්කිරීමටද වජිර අබේවර්ධන මන්තී‍්‍රවරයා අමතක නොකළේය.
තම පක්ෂයේ මතවාදය දිවි හිමියෙන් ආරක්ෂා කරමින් රිචඩ් පතිරණ මහතාට තිබුණේ පුදුම හැකියාවක්. ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ පෙ‍්‍ර්මදාස වැනි අපේ පක්ෂයේ පතාක යෝධයින් ඇවිල්ලත් 1983 පැවැති අක්මීමන මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට ජයග‍්‍රහණය කරන්න බැරිවුණේ රිචඩ් පතිරණ මහත්තයා නිසයි. එතැන් සිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොදුජන එක්සත් පෙරමුණත් ජයග‍්‍රහණය කරන්න රිචඩ් මහත්තයා දක්වපු කැපවීම අති විශිෂ්ටයි.
එතුමා හා මා අතර කිසිම දවසක බහින්බස්වීමක් වෙලා නැහැ. අප දෙදෙනාම දුකේදීත් සැපේදීත් එකිනෙකාට උදව් උපකාර කරගත්තා. ඒක සමහර වෙලාවට දෙදෙනාටම අවාසියක් වූ අතර සමහරක් වෙලාවට දෙදෙනාටම වාසිවුණ. අපගේ මිත‍්‍රත්වය ඇතැම් පක්ෂ නායකයන් පවා තේරුම් ගත්තේ වැරදි විදියට. කෙතරම් මිත‍්‍රත්තවයක් තිබුණත් දෙදෙනාගේම මතවාදයන් වෙනස් කර ගත්තෙත් නැහැ.
ගාල්ලෙන් බිහි වූ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය මේ රටේ ඇතිකළා. හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයෙකු වූ විජයානන්ද දහනායක මහතාත් අමරණීය සේවයක් අධ්‍යාපනය වෙනුවෙන් කළා. ඊළඟට අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කළේ ආචාර්ය රිචඩ් පතිරණ මහතායි.
1994 සිට 2001 දක්වා එක් වැඩි ඡන්දයකින් පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ගෙනයාම තම පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙස රිචඩ් පතිරණ මහතා කළ සේවය කවදාවත් අමතක කරන්න බැහැ. යනුවෙන් වජිර අබේවර්ධන මන්තී‍්‍රවරයා කළ කතාව බොහෝ දෙනෙකු අසාගෙන සිටියේ ඉතා හැඟීම්බරවය. ඉන් අනතුරුව තම මිත‍්‍රයාගේ දේහය චිතකයේ තැන්පත් කිරීමට යන අවස්ථාවටද වජිර අබේවර්ධන මන්තී‍්‍රවරයා සම්බන්ධ වූයේ පෙට්ටියට කරගසාගෙනය.
ජ. වි. පෙ. - හෙළ උරුමය
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 9 වෙනිදා රාතී‍්‍ර සෝමවංශ අමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූයේ පැලවත්තේ පිහිටි පක්‍ෂ මූලස්ථානයේදීය. "ආණ්ඩුව ප‍්‍රචණ්ඩකාරීත්වය දෙසට ගමන් කරමින් සිටිනවා. මේක එතරම් හොඳ ලක්‍ෂණයක් නොවේ. ආණ්ඩුව වර්ජනයට මුහුණ දෙන්න හදන්නෙත් දැඩි මර්දනයක් මගින්. ආණ්ඩුවට දැන් ඔවුන්ගේ ප‍්‍රබලතම හතුරා වෙලා ජනතා විමුක්ති පෙරමුණ" යනුවෙන් පැවසුවේ සෝමවංශ අමරසිංහ මහතාය.
"දැන් අපිට කොටි ලේබල් එක අලවන්න උත්සාහ ගන්න සමහර ඇමැතිවරු එදා කොටින්ට සුනාමි සහන මණ්ඩලය ලබා දෙන්න කෙතරම් වලි කෑවද යන්න ඒ ඇමැතිවරුන්ට අමතක වුණාට ජනතාවට නම් තාම මතකයි" කියා දේශපාලන මණ්ඩලයට පැවසුවේ ටිල්වින් සිල්වා ප‍්‍රධාන ලේකම්වරයායි.
ආණ්ඩුව දේශපාලන වශයෙන් බංකොලොත් වී සිටින නිසා දැන් කරන්නේ මඩ ගැසීම වැනි පහත් වැඩ බව දේශපාලන මණ්ඩලයට ප‍්‍රකාශ කළේ විජිත හේරත් මන්තී‍්‍රවරයාය. ලාල්කාන්ත මන්තී‍්‍රවරයා කියා සිටියේ වෘත්තීය සමිතිවල බලපෑම් එන්න එන්නම ආණ්ඩුවට ප‍්‍රබල වශයෙන් දැනෙන බවයි.
"වැඩ වර්ජනයට සහභාගි නොවන අයට දඬුවම් කරනවා යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගහන විදියට ආණ්ඩුව පෝස්ටර් ගහනවා. ආණ්ඩුව මේ තරම් බොළඳ වැඩ කරන්නේ ඇයි කියලා මට හිතාගන්නවත් බැහැ. "පොලිසිය දාලා වෘත්තීය සමිති ඉල්ලීම් මර්දනය කරන්න සූදානමක් තියෙනවා. නමුත් ඒකට මුහුණ දෙන්න අප සූදානම්" කියා පැවසුවේ කේ. ඩී. ලාල්කාන්ත මන්තී‍්‍රවරයාය.
වැඩ වර්ජනය ගැන ජාතික හෙළ උරුමයේ ද සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
"බලන්න අපේ රණවිරුවන් කරන කැපවීම, පරිත්‍යාගය. සමහර හමුදාවේ අපේ ළමයි මාස 3 කට උණු බත් ටිකක් කාලා නැහැ. ගෙවල්වල ගිහිල්ලා නැහැ.
දරුමල්ලන් දැකලා නැහැ. හමුදාව එහෙම කරද්දී අපේ සමහර අය රට වෙනුවට බඩ පෙරට අරගෙන. ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැම්මට පස්සේ ඕන දෙයක්. මොනවා කරන්නත් ඉස්සර වෙලා රට බේරාගන්න ඕන" යයි පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ පැවසූහ.
රතු කුරුසයට ප‍්‍රති උපකාර කිරීම
ශී‍්‍ර ලංකා රතුකුරුස සමාජය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්ම රට තුළ කි‍්‍රයාත්මක කර ඇත. ජාත්‍යන්තර ආධාර අනුව සුනාමි නිවාස ඇතුළු ප‍්‍රතිසංස්කරණ කටයුතු රැසක් රතුකුරුස සමාජය විසින් සිදුකරනු ලබන අතර නැඟෙනහිර පළාත තුළද සංවර්ධන කටයුතු රැසක් සිදුකරමින් පවතී.
කර්තෘතුමා,“දිනමිණ”ලේක්හවුස් පුවත්පත් සමාගම,කොළඹමැතිතුමනි,2008 ජූලි 4 වැනිදා දිනමිණ පුවත්පතේ පළවූ “දේශපාලන ලෝකයේ ඇසුණුකතා” පිටුවේ එස්.බී.වජිර ගැටුමෙන් රත්ගම රත්වෙයි නමින් පළවූ ලිපියට ඔබගේ කාරුණික අවධානය යොමු කරවන්න. එහි මා සම්බන්ධකර හා මට පහර ගසමින් වජිර අබේවර්ධන මන්තී‍්‍රතුමා කළා යැයි සඳහන් කතාවක් පළකර ඇත.එම කතාව පටන් ගන්නේ “රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්ධව කවුරු හරි වැඩ කළොත් ඒ පුද්ගලයා අකාලයේ මිය යනවා” යන වාක්‍යයෙනි. ඒ වාක්‍යය වජිර කී බව සත්‍යයකි. එහෙත් එහි දෙවැනි වාක්‍යය කීවේ නැත.එතැන් සිට වජිර කීවා යැයි ලියා ඇති සියල්ල අසත්‍යය. වජිර මට ඇඟිල්ල දිගුකර කීවා යැයි කියා ඇති සියලු කතාවන්ද අසත්‍යය.වජිර සිය කතාව අවසන් කළේ එස්.බී.දිසානායක මහතා අපේ පක්ෂයට ඉතා වටිනා වස්තුවක්, ඔහු අපේ පක්ෂයට ශක්තියක්, ඔහු අපට ආශිර්වාදයක් යැයි මා පිළබඳ විශාල වර්ණනාවක් කරමිනි. ඔහු මා වර්ණනා කිරීමට මගේ ශිෂ්‍ය කාලය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මා දැරූ නිලතල පවා සඳහන් කරමින් කතා කළේය.කර්තෘතුමනි !කරුණාකර මෙය නිවැරදි කිරීම ඔබ පුවත්පතේ විශේෂ අවධානය යොමුවන ලෙස පළකරන්න.ස්තුතියිඑස්.බී.දිසානායකජාතික සංවිධායක එක්සත් ජාතික පක්ෂය
ශී‍්‍ර ලංකා රතුකුරුස සමාජය මෙරට සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් දක්වන දායකත්වය ජනාධිපතිතුමාගේ පැසසුමට කිහිප අවස්ථාවක්ම ලක්වීමද විශේෂත්වයකි.
බි‍්‍රතාන්‍ය රතුකුරුස ශත සංවත්සර සමරු උත්සවය පසුගිය 09 වැනිදා පැවැත්වුණේ බි‍්‍රතාන්‍යයේ බකිංහැම් මාලිගාවේදීය.
මේ සඳහා වේල්ස් කුමරුගේ ආරාධනයෙන් ශී‍්‍ර ලංකා රතුකුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ සහ රතුකුරුස කාර්යය සාධක බළකායේ සභාපති තිස්ස අබේවික‍්‍රම යන මහත්වරු සහභාගි වූහ.
මෙම සංචාරයට සහභාගිවීම සඳහා අදාළ ගුවන් සේවයෙන් මෙම මහත්වරුන් දෙදෙනා පෙර කිවූ පහසුකමක් ඉල්ලා සිටියේ නීතිරීතිවලට අනුකූලවයි.
සමහරවිට රතුකුරුස සමාජයේ නිලධාරීන් දෙදෙනා මෙම උපකාරය ඉල්ලන්නට ඇත්තේ ඔවුන් වෙනුවෙන් රජයේ තිබෙන ප‍්‍රතිචාරය දැනගැනීම සඳහාය.
තම ඉල්ලීම අදාළ ගුවන් සේවයට රතුකුරුස සාමාජිකයින් දෙදෙනා දැනුම් දුන්නේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා හරහා ය. නමුත් ප‍්‍රතිචාරය ඉතා දුර්වල වීමෙන් වඩාත්ම අපහසුතාවයට ලක්වූයේ හෙට්ටිගේ මහතාය.
අවසානයේදී මෙම සිදුවීම කියන්නට හෙට්ටිගේ මහතාට ඉතිරිව සිටියේ ජනාධිපතිතුමාත් චමල් රාජපක්‍ෂ ඇමැතිතුමාත් පමණි. ඔය වගේ සුළු වැඩක්වත් කරන්න බැරිද? කියා ජනාධිපතිතුමා විමසුවොත් යන සිතිවිල්ල මත එය ජනාධිපතිතුමාට දැනුම් නොදීමට හෙට්ටිගේ මහතා තීරණය කළේය. ඉන් අනතුරුව දුරකථනය අතටගත් හෙට්ටිගේ මහතා අදාළ අයට ටිකක් තේරෙන භාෂාවෙන් කතා කළේය.
කලින් යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වූ අදාළ ගුවන් සේවයේ අදාළ බලධාරීන් එම දුරකථන ඇමතුමට එවර දැක්වූයේ කඩිනම් ප‍්‍රතිචාරයකි. රතුකුරුස නිලධාරීන් දෙදෙනාගේ එම ගැටලුව ගුවන් සේවා ඇමැති චමල් රාජපක්‍ෂ මහතාට පැමිණිලි කිරීමට ද හෙට්ටිගේ මහතා අමතක නොකළේය.
"රටට යම් වැඩකොටසක් කරන අය මේ වගේ රස්තියාදු කරන එක වැරදියි. ජනාධිපතිතුමාට හිතවත් අයට හිතවත්කමින් වැඩක් කරගන්න සමහර නිලධාරීන් ;දන්නේම නැහැ. ඒ නිලධාරීන්ට වුවමනා වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාට හිතවත් පිරිස ක‍්‍රම ක‍්‍රමයෙන් ජනාධිපතිතුමගෙන් ඈත් කරන්න. ජනාධිපතිතුමා රට හදන්න උදේ ඉඳන් රෑ වෙනතුරු ගන්න වෙහෙස දැක්කම දුක හිතෙනවා.
ඒකට උදව් කරන්නේ නැති නිලධාරීන්ට මේ ශාපයම ඇති. ඒ අය හිතාගෙන ඉන්නේ ඒ ජොබ් එක එයාට හරි ලොකුයි කියලා. මිනිස්සුන්ට ආදරය නැති අයගෙන් වැඩක් නැහැ. මේ සුළු වැඩේ කරගන්න අන්තිමට ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතාටයි, මැදිහත්වෙන්න සිදුවුණේ." කියා හෙට්ටිගේ මහතා කියා සිටියේ ඉතා හැඟීම්බරවයි.
එම කතාවට හොඳින් කන්දීගෙන සිටි චමල් රාජපක්‍ෂ ඇමැතිතුමා මොහොතක් නිශ්ශබ්දව සිට හඬ අවදි කළේය. ඔය කතාවේ ඇත්තක් තියෙනවා. මේවා ගැන ටිකක් සෙවිල්ලෙන් ඉන්න ඕන කියලා මමත් කියනවා" යනුවෙන් චමල් රාජපක්‍ෂ අමාත්‍යවරයාද පැවසුවේය.
ඩබ්ලිව්. කේ. ප‍්‍රසාද් මංජු

No comments: