Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, July 11, 2008

ත්‍රස්තවාදීන් තමිල්නාඩුවේ සහාය පතයි

එල්.ටී.ටී.ඊ.ය අබණ්ඩව ලබන යුද පරාජයන් හමුවේ සිය සන්නද්ධ ව්‍යාපාරය සඳහා තමිල්නාඩු රජයේ විවෘත සහයෝගය ඉල්ලා සිටින බව “ස්ට්‍රැටර්ජි පේජ්” වෙබ් අඩවිය පවසයි. එහෙත් තමිල්නාඩු රජය පසුගිය දශකයේ සිට එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය ලබා නොදීමේ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බැවින් ත්‍රස්තවාදීන්ගේ මෙම ඉල්ලීම ප්‍රතිඵල රහිත වනු ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කරයි.
එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ එල්.ටී.ටී.ඊ.යේ පළපුරුදු සටන්කාමීන් ආරක්ෂාවෙමින් බලහත්කාරයෙන් සංවිධානයට බඳවාගත් ලාබාල හා නවක සාමාජිකයින් සටන් පෙරමුණට යැවීම සිදු කරන බවයි. ‍‍
වන්නියේ දෙමළ ජනතාව එල්.ටී.ටී.ඊ.ය කෙරෙහි තබා තිබූ විශ්වාසය මේ වන විට හීන වී යන බවත්, ඔවුන් දැඩි අවි හිඟයකින් පෙළෙන බවත් එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.
අනුග්‍රහය - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

No comments: