Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 10, 2008

හදිසිය දික්කරන්න කැමැති වු

හදිසී නීතිය දීර්ඝ කිරීමට ඡන්දය දුන් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වැඩවර්ජනයක් කැඳවා රට අවුල් කිරීමට තැත්කරන බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප‍්‍රකාශ කෙළේය.
වර්ජනය සම්පූර්ණයෙන්ම අසාර්ථක වන බවත් මෙය දේශපාලන වර්ජනයක් බවත් පැවැසු ඇමැතිවරයා “වැඩකරන කම්කරු ජනතාවගේ වර්ජනයක් නොවේ. දේශපාලන නායකත්වයට ඕනෑ වර්ජනයක්” බවත් පැවැසීය.
ඇමැතිවරයා එසේ පැවැසුවේ කුරුණෑගල දිසා මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා (ජ.වි.පෙ.) මතු කළ රීති ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. පොළොන්නරුව ඩිපෝවේ ජ.වි.පෙ. වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය යවා ඇති බව දිසානායක මහතා සිය ප‍්‍රශ්නය නගමින් පැවැසීය.
ජ.වි.පෙ. හා කොටි සංවිධානය අතර සම්බන්ධකම් ගැන රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බව ද දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා කීවේය.
මෙහිදී ඇමැතිවරයා හා දිසානායක මන්තී‍්‍රවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිණි.
පොලිසියට පැමිණිල්ලක් ලදහොත් ඒ ගැන පරීක්ෂණයක් පවත්වන බවත් රජය අස්ථාවර කිරීමට වර්ජනය කැඳවා තිබෙන අතර එයින් වාසිය අත්වන්නේ කොටින්ට බව ද ඇමැතිවරයා පැවැසීය.

No comments: