Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 24, 2008

සටන් විරාමයට කැමැති වෙන්නේ කොණ්ඩෙ බැඳපු චීන්නු- - උතුරු මැද පළාත් සභා අපේක්‍ෂක පී. බී. දිසානායක

වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ
බලය හීනවී ගිය සෑම විටම “සටන් විරාම” ගැන කථාකරන කොටි සංවිධානයේ කපටිකම්වලට රනිල් වික‍්‍රමසිංහත්, එක්සත් ජාතික පක්‍ෂයත් රැවටී අපේ සල්ලිවලින් කොටින්ට කිරි පොවා පෝෂණය කළාට ජනාධිපතිතුමන් හෝ මේ රජය එම කපටිකම්වලට රැවටී රටත් ජනතාවත් පාවා දෙන්න සූදානම් නැතැයි හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්තී‍්‍ර , බටහිර අනුරාධපුර ශී‍්‍ර. ල. නි. ප ප‍්‍රධාන සංවිධායක, පළාත් සභා අපේක්‍ෂක (එ. ජ. නි. ස.) පී. බී. දිසානායක මහතා ප‍්‍රකාශ කෙළේ ය.
ඒ මහතා එම ප‍්‍රකාශය කළේ නොච්චියාගම දී පවත්වන්න ට යෙදුන එක්සත් ජාතික පක්‍ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ පවුල් දෙසියයක සාමාජික සාමාජිකාවන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට එක්වීමේ හා මැතිවරණ ප‍්‍රචාරක ජන හමුවක් අමතා කතා කරමිනි.
මෙහිදී පහළ හල්මිල්ලෑව සියඹලාගහගම මිහිරි පුර යන ගම්මාන වල සියලුම පවුල් මෙසේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට එක් වූහ.
තව දුරටත් කතා කළ දිසානායක මතා මේ වන විට උතුරු කරය මුදා ගැනීමේ සටන අපේ ආරක්‍ෂක හමුදා මගින් ඉතා සාර්ථකව කරගෙන යන අතර දවසින් දවස පල්ලම් බැස යන කොටි සංවිධානය සාර්ක් සමුළුවට මුවාවී සටන් විරාමයක් ගැන කථා කළාට අපේ රජය තුළ ඔය වගේ කපටිකම් වලට අහුවෙන කොන්ඩේ බැඳපු චීන්නු නැතැයි ද කීවේය.
අද එක්සත් ජාතික පක්‍ෂයේ පවුල් පිටින් අපට එක්වන්නේ බඩු මිල හෝ ගෑස් මිල හෝ වෙනත් ලාභ ප‍්‍රයෝජන නිසා නොවෙයි.
මේ රජයත්, අපේ ජනාධිපතිතුමාත් රට වෙනුවෙන් සාර්ථක විසඳුමක් මත කි‍්‍රයාකිරීම හා යුද්ධය ජයගන්න යන ගමන නිසාවෙන් බවත්, මේවා උහුලන්න බැරි ප‍්‍රතිවාදී මන්ද බුද්ධික පක්‍ෂ රජයට එරෙහි වුවාට අපට ප‍්‍රශ්නයක් නැතැයි ද කීය.
මේ මැතිවරණය අනුව එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්වුව හොත් නැවත වරක් නැඟෙනහිර කොටි අණසකට යටකර උතුරේ කොටි නගා සිටුවීම අනිවාර්ය යෙන්ම සිදුකරන බවත් එම නිසා ලැබූ ජය, විජයග‍්‍රහණයක් කරගන්න රට වෙනුවෙන් වාද භේද අතහැර එක්සත් විය යුතු යැයි ද පැවසීය.
උතුරු මැද අද අපේ මහ ඇමැතිට තරග කරන්න වෙලා තියෙන්නේ ගමේ කෙනෙක් සමග නොව පිට පළාතකින් ආනයනය කළ කෙනෙක් සමඟ යි එතැන දී ගමේ උපන් කෙනා ගමේ හැදුන වැඩුන මෙතෙක් මළගෙයකට පවා ආව ගිය කෙනාද එහෙම නැත්නම් පළාතේ ඡන්දයක් වත් නැති හතර මායිම පවා නොදන්නා කෙනාද කියා ජනතාව තීරණය කරනු ඇතැයි ද කීය.
මේ වන විට බටහිර මැතිවරණ කොටස තුළ එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තිබූ තත්ත්වයෙන් සියයට තිහක පහත වැටීමක් සිදුවෙලා. මේ අනුව ගියවර පහළොස් දහසකින් දිනුව අපි මෙවර විසිදහසකින් බටහිර ජයග‍්‍රහණය කරන බවත්, තව දුරටත් නොදැන මුලාවී සිටින පිරිස් අප සමග එක්වී රට බේරා ගැනීමට දායක වනමෙන් ඉල්ලා සිටින බවද පැවසීය

No comments: