Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 24, 2008

ශී‍්‍ර ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් ගැටුම ශී‍්‍ර ලංකාව කඩුලු 2ට 85යි

ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර කොළඹ මේට්ලන්ඩ් පෙදෙස එස්.එස්.සී. පිටියේ දී ඊයේ ඇරැඹි ඉන්දු – ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනයේ තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබා සිටියහ. විනාඩි 108ක් පුරා පැවැති තරගයේ පළමු දිනයේ කිසිදු අවස්ථාවක යහපත් ආලෝක තත්ත්වයක් පිටියට පතිත වූයේ ම නැත. තවත් ඕවර 20ක් යැවිය යුතු වුව ද අයහපත් කාලගුණය මත තරගය පස්වරු 5.15ට නතර කළේ ඉතිරිය අද (24) දිනට පවරමිනි. ඉන්දීය පන්දු යවන්නන් ඉදිරියේ පළමු දිනයේ විශාල වගකීමක් කරට ගත් ආරම්භක වමත් පිතිකරු මලින්ද වර්ණපුර දිනය නිමා වන විට නොදැවී ලකුණු 50ක් වාර්තා කර සිටියේය. ඔහුගේ ඉනිමට පන්දු 74ක් වැයව තිබූ අතර ඉන් පන්දු 6ක දී එල්ල කළ දර්ශනීය 4 පහර පැමිණ සිටි සීමිත වූ පෙ‍්‍ර්ක්ෂකයන්ගේ සිත් පිනවන්නට සමත් විය. ඔහු සමඟ අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැඳී සිටියේ නායක මහේල ජයවර්ධන ය. කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දීද එස්.එස්.සී. පිටිය පුරා තරමක මන්දාලෝකයක් පැවතිය ද ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. වර්ෂාව සහ අයහපත් කාලගුණය නිසා පැය 4කට වඩා වැඩි කාලයක් ‘දුබලව‘ පැවැති පිටියේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කරමින් මහේල මෙම තරගයේ පළමු අභියෝගය බාර ගත්තේ ය. නිත්‍ය පිතිකරුවන් 7 දෙනෙකුගේ සහ වේගපන්දු යවන්නන් දෙදෙනාගේ පිතිකරණයේ විශ්වාසය ද මත මහේල මෙම තීරණයට එළඹෙන්නට ඇත. එහෙත් මහේලගේ බලාපොරොත්තු මද දුරකට සසල කළ ඉන්දීය කී‍්‍රඩකයන් ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 7 දී දවාගත්හ. මලින්ද වර්ණපුර නොදැවී 50යි ඉෂාන්ට් ෂර්මා විසින් එවූ පිටිය මැද කෙටී ඉහළ නැඟී පන්දුවකට අනවශ්‍ය ලෙස පිත්ත යොමුකළ මයිකල් වැන්ඩොට් කඩුලු රකින කී‍්‍රඩක දිනේෂ් කර්තික් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 3කට දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි කුමාර් සංගක්කාර ආරම්භක පිතිකරු මලින්ද වර්ණපුර සමඟ එක් වෙමින් ශී‍්‍ර ලංකා ඉනිමේ ලකුණු 50, හැත්තෑහය (76) වැනි පන්දුවේ දී වාර්තා කළහ. ඊට පසුව දෙවැනි කඩුල්ලේ සබඳතාව 50ක් වෙද්දී රාහුල් ඩ‍්‍රාවිඩ්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ සංගක්කාර ලකුණු 12 දී දැවී ගියේ ය. එම කඩුල්ලේ හිමිකාරීත්වය සහීර් ඛාන් සතු විය. ඊයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම නම් කිරීමේදී මායාකාර පන්දු යැවීමක නිරත අජන්ත මෙන්ඩිස් මංගල ටෙස්ට් වරම් දිනා ගත්තේ ය. ශී‍්‍ර ලංකා යුද හමුදා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරන මෙන්ඩිස් යුද හමුදා ඉතිහාසයේ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමට සූදුසුකම් ලැබු පළමු කී‍්‍රඩකයා ය. විදෙස් කි‍්‍රකට් කණ්ඩායමක් මෙරට ට පිවිසෙන සෑම අවස්ථාවක දී ම වර්ෂාව අනිවාර්ය යැයි යන ජනමතය නැවැත වතාවක් සනාථ කරමින් තරගයේ පළමු දිනයේ පෙරවරුවේ පැය 4ක කාලයක් ඒ නිසාම අතහැර දමීමට පිටියේ විනිසුරුවන් වූ බිලී ඩොක්ටෙ‍්‍රාච් සහ මාර්ග්බෙන්සන් යන මහත්වරුන්ට සිදු වූහ. නිරිත දිග මෝසම් වර්ෂාව කි‍්‍රයාත්මක වී කොළඹට වැඩිම වර්ෂාපතනයක් කි‍්‍රයාත්මක වූයේ තරගයට පෙර දිනයේ ය. ඊයේ පෙරවරුව නිමා වෙද්දීත් තරගය ආරම්භ කිරීම සැක සහිත විය. විනිසුරුවන් විසින් පළමු වරට පිටිය පරීක්‍ෂා කිරීම පස්වරු 1.00ට යොදාගෙන තිබුණ ද ඊට විනාඩි 5 කට ප‍්‍රථම කී‍්‍රඩාංගනයට අඳුර පතිත වීම නිසා ඉවත්කර තිබු වැසි කවර නැවැත දැමීමට 80ක් පමණ වූ කී‍්‍රඩාංගන සේවකයන්ට සිදුවූහ. එය නැවැත විවෘත කිරීම සිදු වූයේ දෙවැනි වර පිටිය පරීක්‍ෂා කළ පස්වරු 3.00 ට ප‍්‍රථමය. ඒ අනුව තරගය පස්වරු 3.30ට සිට ආරම්භ කිරීමට විනිසුරුවන් තීරණය කළ අතර දිනයේ යැවිය යුතු ඕවර ප‍්‍රමාණය 42ක් බවට ගණනය කෙරුණි. අද තරගයේ දෙවැනි දිනයයි. ශී‍්‍ර ලංකාව මයිකල් වැන්ඩොට් ඇ. කාර්තික් ප. ෂර්මා මලින්ද වර්ණපුර නොදැවී කුමාර් සංගක්කාර ඇ.ඩ‍්‍රාවිඩ් ප. ඛාන් මහේල ජයවර්ධන නොදැවී අතිරේක ඕවර 22.0 ක දී කඩුලු 2 ක් දැවී 035012160485 කඩුලු වැටීම 1 - 07 ( වැන්ඩොට් 4.0) 2.57 ( සංගක්කාර 13.0) පන්දුයැවීම : ඛාන් 9 -0 - 42 - 1 ෂර්මා 7 - 2 - 21 -1 ගංගුලි 5 - 1-14 -0 සිං 1 -0 -7 -0

No comments: