Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 10, 2008

එජාපයට දරදිය ඇද්ද අය මුල්ලට දාලා

කේ. විජයදාස අනුරාධපුර දිස්ති‍්‍රක් සමූහ
පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරුමැද දිනවීම සඳහා යූ. ඇන්. පීයට දර දිය ඇද්ද, තිලංග සුමතිපාලලා, හැරිසන්ලා මුල්ලට තල්ලුකොට, මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස කොළඹින් පැන්ෂන් ගිය ජෙනරාල්වරයකු එව්වත් ඡන්දය ගණන් කරන්න කලින් ඔහු කොළඹ යන නිසා ඔහු පස්සේ ගිය අය අනාථ වන බවත්, අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙන් වැඩි ඡන්ද පනස් දහසකින් රෙකෝඩ් තබා උතුරු මැද දිනන බවත්, එවිට යූ. ඇන්. පී කාරයන්ට සිදුවන්නේ වහකාලා මැරෙන්න බවත්, උතුරුමැද පළාත් හිටපු මහ ඇමැති බර්ටි පෙ‍්‍ර්මලාල් දිසානායක මහතා තඹුත්තේගම දී පැවසීය.
හිටපු මහ ඇමැතිවරයා ඒ බව පැවසුවේ කලාවැව ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ශාඛා සමිති නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවේ දීය.රණවිරුවෙක් නම් ගෞරවයෙන් පිළිගන්නා බවත්, පැන්ෂන් ගිය ජෙනරාල්වරයකු වන මොහු පයිසයකටවත් ගණන් නොගන්නා බවද දිසානායක මහතා සඳහන් කළේ ය.
කොළඹ සූට්කේස් ලෑස්තිකරගෙන, අනුරාධපුරයෙන් කාමරයක් ගෙන, මෙහෙ ඡන්දය පවා නැති එ. ජා. ප මහ ඇමැති අපේක්‍ෂකයා ප‍්‍රතික්ෂේප කොට, මහ ඇමැති ලෙස ජනතාව තෝරා ගන්නේ දුකට සැපට එකට හිටි රජරට ගැමියාගේ දහඩිය සුවඳ හඳුනන බර්ටි බවත්, යූ. ඇන්. පී යට මහ ඇමැතිකම නොලැබෙන නිසා විපක්‍ෂ නායකයෙක් සොයන්න සිදුවන බවත් කීය.
මේ නිසා බංකොලොත් වී ඇති යූ. ඇන්. පී, ජේ. වී. පී පක්‍ෂ දෙකේ සාමාජිකයින් විශාල ලෙස ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට රොක්වනවා.
එපා නොකියා නොබැන, ඔවුන් බාරගත යුතු යැයි පැවසූ දිසානායක මහතා කරු ජයසූරිය වැනි බුද්ධිමත් මහත්වරුන්ට එ. ජා. ප ය හැර අපේ පක්ෂයට එන්න පුලුවන් වූවා නම් ගමේ ඉන්න යූ. එන්. පී කාරයාට එන්න බැරි ඇයි දැයි ප‍්‍රශ්න කළේ ය. මෙහිදී වැඩිදුරටත් නියෝජිතයින් ඇමතූ දිසානායක මහතා මෙසේ ද කීය.
කොටින්ගේ දෙවෙනියා වූ පිල්ලෙයාන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇවිත්, මඩකළපුවේ සිංහ කොඩිය ඔසවනවා. දළදා මාලිගාවට ගොස් හාමුදුරුවරුන්ට දනගසා වඳිනවා. උතුරු නැගෙනහිර ලොකු විප්ලවයක් වී ඇත්තේ.
මන්නාරම, මඩු, සිලාවතුර, ඒ 9 මාර්ගය අපේ හමුදාව අල්ලා ගෙන. හෙට අනිද්දා වන විට ප‍්‍රභාකරන් මැරුම් කනවා. යුද්ධයේ ජයග‍්‍රහණය පෙනි පෙනී තිබියදී යූ. ඇන්. පී ය අන්දමන්ද වෙලා.
උතුරේ යුද්ධය ජයගත් විට මේ කපේට යූ.ඇන්.පී යට බලයට එන්න බෑ. එ. ජා. පක්‍ෂයේ බුද්ධිමත් අය අප සමගයි. නියෝජ්‍ය නායකයාගේ සිට 27 දෙනකු රජයට ආවේ රටේ ගැලවුම් කාරයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කියා.
මුස්ලිම් කොංග‍්‍රසයේ හකීම් හැර 17 දෙනකු ජනාධිපතිතුමා සමග වතුකරයේ 12 දෙනකු ආවා.
කොටින්ගේ දෙවන නායකයා වූ පිල්ලයාන් උතුරු නැගෙනහිර මහ ඇමැති වෙලා උතුරු මැද ඡන්දයට මට උදව් කරන්න එන බවත් කීවා.

No comments: