Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 21, 2008

කොටි සටන් විරාම ඉල්ලන්නේ ඇයි ?

මිනීමරු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ත‍්‍රස්ත ග‍්‍රහණයට, කොටි ශාපයට මු‍්‍රළු රටම නතුවී මේ මස 23 වැනිදාට හරියටම වසර විසි පහකි. ඒ කාලාන්තරය තුළ යුද්ධය වෙනුවෙන් පූජා කළ මිනිස් ජීවිත සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න ය.
මෙතරම් ජීවිත සංඛ්‍යාවක් විනාශව ගිය තැන එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් සහ කොටි සංවිධානය ලබා ගත් ජයක් හෝ විමුක්තියක් ඇත්ද? නැත. සිදුව ඇත්තේ රට තුළ එදා දෙමළ සමාජය ලබාගෙන තිබූ පිළිගැනීම, වටිනාකම පවා වේලුපිල්ලේ ප‍්‍රභාකරන් සහ ඔහුගේ ලේ පිපාසිත නඩය නැතිකරනු ලැබීම ය.
ගතවූ වසර 25 තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය ‘ඊලාම් සිහිනය’ විවිධ අයුරින් කරළියට ගෙන ආවේය. මේ කාලය තුළ රට පාලනය කළ ආණ්ඩු සහ රටේ ජනාධිපතිවරුන් කී දෙනකු කොටි සංවිධනය සිය උගුලට හසුකර ගත්තේද? යුදමය අතින් පරාජයට පත් වන සෑම විටකදීම ‘සටන් විරාම’ ඉල්ලීමද, සටන් විරාම කාලය තුළ තම සංවිධාන ශක්තිය වැඩිකර ගනිමින්, ජාත්‍යන්තර යුද නීති පවා නොසලකා හරිමින් පෙරළා රජයේ හමුදාවන්ට සහ සාමාන්‍ය ජනතාවට ප‍්‍රහාර එල්ල කිරීම කොටි සංවිධානයේ උපන් ගෙයි ගතිය ලෙස හැඳින්විය හැක.
සේනාධිනායකයා ලෙස, රටේ ජනාධිපතිවරයා ලෙස කොටි සංවිධානයේ මේ ‘දවල් මිගෙල් රෑ දනියෙල්’ සෙල්ලම සැබෑ ලෙස තේරුම් ගත් එකම ජනාධිපතිවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාවිල්ආරුවෙන් ඇරැඹූ මානුෂීය යුද මෙහෙයුම අවසන් කෙළේ නැඟෙනහිර පළාත කොටියාට අහිමි කරවමිනි. අද එහි සිවිල් නීතිය සැබෑ ලෙස කි‍්‍රයාත්මක වේ.
නැඟෙනහිරින් නොනැවැතුණු, රට කොටියාගෙන් බේරා ගැනීමේ සටන අද උතුරු කරයේද සාර්ථකව කි‍්‍රයාත්මක වේ. එය අද වෙඩිතල්තිව් දක්වා ජයග‍්‍රාහී ලෙස ගෙන ඒමටත් එය ඉදිරියට කරගෙන යාමටත් රටේ ජනාධිපතිවරයාට, රජයට, ආරක්ෂක හමුදාවන්ට ශක්තිය, ධෛර්යය දීම රටට ආදරය කරන සැබෑ දේශපෙ‍්‍ර්මීන්ගේ යුතුකමකි.
එල්.ටී.ටී.ඊ. සංවිධානය මේ මොහොතේ ලබන දැවැන්ත යුද පරාජය හමුවේ අද යළි සටන් විරාමයක් ඉල්ලමින් කෙඳිරි ගාමින් සිටී. සැබෑ ලෙසම ඔවුන් මෙසේ පරාජය වන්නේ ඇයි? කොටි යළි සටන් විරාමයක් ඉල්ලන්නේ ඇයි? අපේ ආරක්ෂක හමුදාවන් ලබන මේ සුවිශේෂී ජයග‍්‍රහණයන්ගේ රහස කුමක්ද?
මෙවර ‘සතියේ ගවේෂණය’ ඔස්සේ අප සොයා බලන්නේ මේ පිළිබඳව ය.
සංස්කාරක - ගාමිණී ජයලත්
කොටි සටන් විරාමයක් ඉල්ලන්නේ යළි ශක්තිමත් වීමටයි
මහින්දානන්ද අලුත්ගමගේ
බලශක්ති ඇමැති
'ඉතිහාසයේ කිහිප විටකදීම එල්. ටී. ටී. ඊ. ය මේවගේ සටන් විරාම ගිවිසුම්වලට පැමිණ තිබෙනවා. එම සටන් විරාම ගිවිසුම්වලින් ජයග‍්‍රහණය මෙන්ම පරාජය ද ලබා තිබෙනවා. එල්. ටී. ටී. ඊ. ය පරාජය වන හැම වෙලාවකම සටන් විරාම ගිවිසුම් ඉල්ලුවා.
එසේ සටන් විරාම ගිවිසුමක් ඉල්ලා අවසානයේ අවි ආයුධ ගෙන්වීම, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ආදී හමුදාමය වශයෙන් ශක්තිමත් වීම ඔවුන් සිදුකර ගන්නවා. අනතුරුව අපේ හමුදාවට ප‍්‍රහාර එල්ල කරනවා.
හැම මොහොතකම එල් . ටී. ටී. ඊ. ය කෙළේ සටන් විරාම ගිවිසුම ඉදිරියට දාලා එය උල්ලංඝණය කිරීමයි.
සටන් විරාම ගිවිසුමක් එල් . ටී. ටී. ඊ. යට අවශ්‍ය නම් අනිවාර්යයෙන් අවි ආයුධ බිම තැබිය යුතුමයි. ඒවගේම න්‍යාය පත‍්‍රයකට අනුව කාල නිර්ණයකට අනුව සාකච්ඡා ආරම්භ කරන බවට පොරොන්දු විය යුතුයි.
' දිනමිණ ' ' සිළුමිණ' කියන්නේ අද යුද්ධය දිනලා කියලා
රවී කරුණානායක එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර
'දිනමිණ, ' සිළුමිණ' පත්තරවල කියන විදියට යුද්ධය දිනලා නම් මොකටද සටන් විරාම ගිවිසුමක් ගැන කතා කරන්නෙ. එයි අපට තියෙන ප‍්‍රශ්නය.
ජනතාවගේ ඇස්වලට වැලි ගහලා යුද්ධය මුවාවෙන් මොකක්ද මේ කරන්න හදන්නෙ. ඇත්ත ජනතාවට හෙළි කරන්න.
කොටි උපායට ජනාධිපතිතුමා මුළාවන්නේ නෑ
ඕමල්පේ සෝභිත හිමි
ජාතික හෙළ උරුමය
ආණ්ඩුවත් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව නඩේෂන් පවසා ඇතැයි මාධ්‍යයන්ගේ පළ වුණා. මේ ප‍්‍රකාශයෙන් ඉතිහාසයේ දරුණුම තත්ත්වය වන කොටින්ගේ අංග විකලභාවය මානව පිළිබිඹු කර තිබෙනවා.
මෙය තේරුම් ගත යුතුයි. සටන් විරාම, සාම සාකච්ඡා යනාදිය ගැන අමතක නොවන ඉතිහාසයක් අපට තියෙනවා. එය නැවතත් සිහිපත් කළ යුතුයි. ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ පෙ‍්‍ර්මදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක යන නායකයින් කොටි සංවිධානයේ උපාය උපක‍්‍රමවල රැවටී කි‍්‍රයා කළා.
මුලින්ම කොටි ත‍්‍රස්තවාදී සංවිධානයක් බව මුලින්ම පිළිගත්තේ ඩී.බී.විජේතුංග මහතා. පසුව කොටි උපාය මනාව තේරුම් ගත් අංවකවම කොටි පරාජය කිරීමට කටයුතු කරන එකම ජනනායකයා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.
මේ වන විට කොටින්ට අත්වී ඇති පරාජය මින් පෙර කිසිදු අවස්ථාවක අත්වී නැහැ. මේ කාර්යයේදී අපේ ති‍්‍රවිධ හමුදාව හැමදාම ශක්තිමත්ව කටයුතු කළා. ඒ සඳහා අවශ්‍ය අවංක එඩිතර දේශපාලන නායකත්වය දැන් ලැබී තිබෙනවා.
කොටි බොරුවට අත දිගු කරන මේ උපක‍්‍රමයට රැවටෙන්න වුවමනා නැහැ. වත්මන් නායකත්වය ඒ සඳහා නොරැවටෙන බව විශ්වාසයි.
කොටි සංවිධානය සමඟ සාම සාකච්ඡා කළාට වරදක් නැහැ. නමුත් ප‍්‍රභාකරන් සමඟ සාම සාකච්ඡා කළ යුතු නැහැ. ප‍්‍රභාකරන් ඇතුළු පිරිස සමූල ඝාතනය කළ යුතුයි.
අනතුරුව නිරායුධව ඉතිරි වන පිරිස සමඟ පමණක් සාම සාකච්ඡා පැවැත්විය යුතුයි. එසේ නොකර සටන් විරාම ගිවිසුම් හෝ සාම සාකච්ඡා පවත්වනවා කියන්නේ කොටි උපායට රැවටීමක්.
නමුත් අපට විශ්වාසයි අතිගරු ජනාධිපතිතුමා මේ උපායට නොරැවටෙන බව.
ප‍්‍රභාකරන්ට අද ඉතිරිව ඇත්තේ දිවි නහ ගැනීම හෝ පලායාමයි
කරුණා අම්මාන්
කොටි සංවිධානයේ හිටපු නැඟෙනහිර නායක සහ ටී. එම්. වී. පී. නායක
මේ යුද්ධය කෙළවර වන්නේ හමුදාව ජය ගෙන කොටි සංවිධානය යුදමය ලෙස දරුණු පරාජයකට මුහුණදීමෙන්. හමුදාවේ මෙහෙයුම් ක‍්‍රමවේදය අනුව හමුදාව ජයග‍්‍රහණය කරන බව සටන්කරුවෙක් ලෙස මට අත්දැකීමෙන් වැටහෙනවා.
තවදුරටත් කොටි සංවිධානයට පැවැත්මක් නැහැ. යුද උපක‍්‍රම අතින් ගතහොත් හමුදාව ඉතා සූක්ෂම යුද උපාය මගින් ප‍්‍රභාකරන් මුලතිව් වනාන්තරයට කොටු කරමින් ඉන්නවා. දිවි නසා ගැනීම හෝ පළා යාම හැර ඔහුට විකල්පයක් නෑ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා දෙන යුද නායකත්වය ඉතා විශිෂ්ටය. එවැනි නායකත්වයක් යටතේ මේ සටන වැඩිකල් නොගොස් ජය ගැනීමට හමුදාව සමත් වේවි.
කොටි නායක ප‍්‍රභාකරන් දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා නෙමෙයි. ඔහු මේවන විට අපේ ජනතාවට සාපයක් වෙලා හමාරයි. ඔහු කිසිදා දෙමළ ජනතාවගේ වීරයා වෙන්නේ නැහැ. ඒ බව අපේ ජනතාව දැන් තේරුම් ගෙන තිබෙනවා.
කොටි පරණ සෙල්ලම යළි කරන්න හදනවා
ඩිව් ගුණසේකර
ව්‍යස්ථාපිත කටයුතු සහ ජාතික ඒකාබද්ධතා ඇමැති
එල්. ටී. ටී. ඊ. ය සැමවිටම සටන් විරාම ගිවිසුමක් ඉල්ලන්නේ ඔවුන් දුර්වල තත්ත්වයකට පත් වූ විටයි. සටන් විරාම ගිවිසුම් ඉල්ලා පසුව ඉන් එල්. ටී. ටී. ඊ. ය ශක්තිමත් වෙනවා. 1983 සිට විවිධ ජනාධිපතිවරු යටතේ මේ සෙල්ලම සිදු වුණා.
ඒ වගේම අප රටේ පවතින්නේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් තුළින් ඇති වූ යුද්ධයක්. මෙය ගරිල්ලා යුද්ධයක් බවට පරිවර්තනය වී තිබෙනවා. සැඟවී පහරදීම, සිවිල් ජනතාවට පහරදීම, මරාගෙන මැරීම ආදි විවිධ උපක‍්‍රම මෙහිදී භාවිතා කෙරෙනවා.
මෙම යුද්ධය කිරීමේ කේ්න්ද්‍රිය කරුණ විය යුත්තේ ජනතාවගේ සිත් දිනා ගැනීමයි. විශේෂයෙන් දෙමළ ජනතාවගේ සිත් දිනා ගන්නා ආකාරයට කටයුතු කළ යුතුයි.
විශේෂයෙන් ජනවාර්ගික ප‍්‍රශ්නයක් තුළින් හටගත් මෙම යුද්ධය ත‍්‍රස්තවාදය මැඩලීමට සහ දෙමළ ජනතාවගේ සිත් දිනා ගැනීමට හැකි වන ආකාරයට මෙහෙයවිය යුතුයි.
කොටි යුදමය වශයෙන් අපට පරාජය කළ හැකියි
විජිත හේරත්
පාර්ලිමේන්තු මන්තී‍්‍ර - ජනතා විමුක්ති පෙරමුණ
එල්. ටී. ටී. ඊ. ය හැමදාම යුදමය වශයෙන් පරාජය වන විට සටන් විරාම ගිවිසුම් ඉල්ලනවා. එවගේ ම සාකච්ඡා මේසයට ආවෙත් ඔවුන් දුර්වල වූ අවස්ථාවන්හිදී මේ සිදුවීම් ඉතිහාසයේ සෑම විටම සිදු වූ දේවල් මේ වෙලාවෙත් කොටි උත්සාහ කරන්නේ ඔවුන් ලබා ඇති යුදමය පරාජය වහ ගන්නයි.
අද ඉන්දියාව මේ සඳහා මැදිහත් වී තිබෙනවා. එල්. ටී. ටී. ඊ. ය දුර්වල වනවාට ඔවුන් කැමති නැහැ. එල්. ටී. ටී. ඊ. ය දුර්වල වූ හැම විටම සාකච්ඡා පවත්වා සටන් විරාම ගිවිසුම් ගැසීමට ඔවුන් කි‍්‍රයා කළා.
එයට අප බිය විය යුතු නැහැ. නමුත් අපි යන මේ ජයග‍්‍රාහී ගමනට මෙය බාධාවක්.මේ වන විට අපේ ති‍්‍රවිධ හමුදාව සාර්ථකව එල්. ටී. ටී. ඊ. ය පරාජය කරමින් සිටිනවා. මෙය ශී‍්‍ර ලාංකීය සියලු ජනතාවගේ ජයග‍්‍රහණයක් මේ කරන කැප කිරීම කිසිසේත්ම ආපස්සට හැරවිය යුතු නැහැ.
වචනයකින් හරි මේ ජයග‍්‍රහණයට ධෛර්ය දිය යුතුයි. එවගේම ඉදිරියට ම යා යුතුයි.එල්. ටී. ටී. ඊ. ය යුදමය වශයෙන් පරාජය කළ හැකියි. ඒ සඳහා කිසිදු ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇඟිලි ගැසීමක් අවශ්‍ය නැහැ. එවගේම මතවාදී ජයග‍්‍රහණයක් විය යුතුයි. සියලු ජනතාවගේ බලාපොරොත්තුවත් එයයි.
කොටි පරාජය වනවිට සටන් විරාම ඉල්ලනවා
පියසිරි විජේනායක
පාර්ලිමේන්තු මන්තී‍්‍ර - ජනතා නිදහස් පෙරමුණ
එල්. ටී. ටී. ඊ. ය පරාජයට පත්වන හැම මොහොතකම එම පරාජය වලක්වා ගන්න මේ ආකාරයට සටන් විරාම ගිවිසුම් ඉල්ලා සිටියා. ඒ සඳහා බටහිර ජාතීන් මැදිහත් කර ගැනීමත් සිදු කළා.
ති‍්‍රවිධ හමුදාව විශාල කැප කිරීමක් සිදු කර මේ ලබා ඇති ජයග‍්‍රහණ අපි අගය කරනවා. එල්. ටී. ටී. ඊ. ය මේ ඉල්ලන සටන් විරාම ගිවිසුමට ආණ්ඩුව පක්ෂපාතී බව දැක්වුවහොත් එය මේ ලැබූ ජයග‍්‍රහණ සියල්ල ආපස්සට ඇද දැමීමක්.
සටන් විරාම ගිවිසුමකට එල්. ටී. ටී. ඊ. ය එන්නේ නම් එල්. ටී. ටී. ඊ. ය සතු අවි ආයුධ සියල්ල ලංකා රජයට භාරදිය යුතුයි. එවගේ ම ප‍්‍රභාකරන් ලංකාවේ අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතුයි.
එසේ නොවී සටන් විරාම ගිවිසුමකට එළඹීම යුද්ධය පවා දීමක් ලෙසයි දකින්නේ. ජනතා නිදහස් පෙරමුණ හැටියට වාචික සටන් විරාම ගිවිසුමකට අපි කිසිසේත්ම එකග නැහැ.
අද කොටි සංවිධානය යුද ශක්තියෙන් හීන වෙලා
වාසුදේව නානායක්කර
කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක
දීර්ඝ අසීරු යුද්ධයකට මුහුණ දී ඇති විමුක්ති කොටි සංවිධානයට තවදුරටත් යුද්ධය කරගෙන යාම අසීරු වී තිබෙන බව සිතිය හැකිය. ඔවුන් සමහර විට ඉස්පාසුවක් ලබා ගැනීම සඳහා සටන් විරාමයක් ලබා ගන්නට අදහස් කරනවා විය හැකිය.
නැතහොත් සැබවින්ම දැනට පවතින යුද්ධය සාකච්ඡා මාර්ගයකින් විසැඳුමක් කරා ගෙන යාමට සිතනවාද විය හැකිය. කුමකින් කුමක් වුවත් පළමුවෙන්ම රජය ඉල්ලා සිටිය යුත්තේ අහිංසක සාමාන්‍ය වැසියන් ඉලක්ක කොට ගත් ප‍්‍රහාරයන් සිදු නොකරන ලෙසය.
අනෙක් අතට රජය ද ඔවුන්ට එවැනිම වූ සහතිකයක් දීම සුදුසුය.එමගින් යම් එකඟතාවක් ඇතිවුවහොත් එය සටන් විරාමයක ආරම්භයක් විය හැකිය. යුද්ධය අත්හිටවනවාද නැද්ද යන්න තීරණය වන්නේ දෙපාර්ශවයේ සටන් ශක්තියේ බල තුලනය අනුවය.
යුද්ධයක් දිනමින් සිටින කෙනෙක් සටන අත්හිටවන්නේ නැත. අනෙක් අතට තීරණාත්මක ලෙස තමන්ගේ අරමුණු දිනා ගත නොහැකි බව පෙනී යන පාර්ශවයට යුද්ධය නොව ඒ සඳහා වෙනත් විකල්ප මාර්ගයක් සොයා ගැනීම අවශ්‍ය වනු ඇත. මේ සියල්ල රැෙඳන්නේ යුද්ධයේ සටන් ශක්තියේ බල තුලනය අනුවයි.
අනිවාර්යයෙන්ම ත‍්‍රස්තවාදය පරාජය කළ යුතුයි
රෝහණ ලක්ෂ්මන් පියදාස
ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය
එල්. ටී. ටී. ඊ. ය මීට පෙරත් අවස්ථා කිහිපයකදීම සටන් විරාම ගිවිසුම්වලට එළැඹියා. විශේෂයෙන් ලලිත් ඇතුලත්මුදලි මහතා යටතේ වඩමාරච්චි ජයග‍්‍රහණය කරන විට එල්. ටී. ටී. ඊ. ය ඉන්දියාව හහා බලපෑම් කර සටන් විරාම ගිවිසුමක් ඉල්ලා සිටියා.
මේ වගේ එල්. ටී. ටී. ඊ. ය සටන් විරාම ගිවිසුම් ඉල්ලා සාකච්ඡා මේසයට යන්නේ සෑම විටම ඔවුන් ගැටුම්කාරී තත්ත්වයන්ට පත්වූ විටයි.
විශේෂයෙන් මේ වන විට ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ එල්. ටී. ටී. ඊ. යට පහර වදිමිනුයි තිබෙන්නේ. එවගේම මේ වන විට ජාත්‍යන්තර ප‍්‍රජා එල්. ටී. ටී. ඊ. යට විරුද්ධව නෛතික කි‍්‍රයාමාර්ග ද ගෙන තිබෙනවා. අද වන විට එල්. ටී. ටී. ය දැවැන්ත යුදමය පරායකට ගොදුරුව තිබෙනවා.
මෙනිසා එල්. ටී. ටී. ඊ. යට ඇති එකම විසැඳුම නැවත ශක්තිමත් වීමට කුමන හෝ කි‍්‍රයාමාර්ගයක් ගැනීමයි. ඒ සඳහා ඔවුන්ට කළ හැක්කේ සටන් විරාම ගිවිසුමක් ඉල්ලා සාකච්ඡා මේසයට පැමිණීම පමණයි. මේ තත්ත්වය අප තේරුම් ගත යුතුයි.
අනිවාර්යයෙන්ම ත‍්‍රස්තවාදය පරාජය කළ යුතුයි. එසේ පරාජය කර පසුව සාකච්ඡා මේසයට පැමිණිය යුතුයි.
දිනමිණ මතය
කොටියට ගහනකොට රනිල් අඬනවා
මහින්ද අබේසුන්දර
දිනමිණ ප‍්‍රධාන කර්තෘ
සටන් විරාමයට ඇත්තේ අමිහිරි අප‍්‍රසන්න පිළිකුල් සහගත අතීතයකි. සටන් විරාමයක් යනු දෙපාර්ශ්වය අතර අවි බිම තබා සියලු සටන් නතර කිරීමකි.
එහෙත් රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ප‍්‍රභාකරන් අතර අත්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් සිදු වූයේ ආරක්ෂක හමුදා කඳවුරුවලට සීමා වීමත් කොටි සංවිධානය සියලු අඩුපාඩු මකාගෙන යළි දැවැන්ත ලෙස සංවිධානය වීමත්ය.
කොටි උසාවි තැනූහ. පොලිසි විවෘත කළහ. අලුතෙන් බංකර ඉදිකළේ ති‍්‍රමලේ වරායට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමටය. සටන් විරාම ගිවිසුමේ කොන්දේසි එක පිට එක කඩ කරමින් කොටි සංවිධානය සටන් විරාම නිරීක්ෂකයෝ ද ප‍්‍රාණ ඇපයට තබා ගත්හ.
එම නිසා කොටි දුර්වල වන්නේ යම් මොහොතකද සටන් විරාමය ගැන කතා කරන්නේද ඒ මොහොතේමය. කොටින්ට තදින් ප‍්‍රහාර එල්ල වී ඇති නිසා රනිල් වික‍්‍රමසිංහ මහතා සටන් විරාම ගැන කතාකරයි.
සතියේ ගවේෂණය මෙහෙයවූයේ
නදීකා දිල්හානි ඩයස්, ප‍්‍රසන්න ෆොන්සේකා, රසිකා සෝලංගආරච්චි

No comments: