Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 28, 2008

මුරලි-අජන්ත ශී‍්‍ර ලංකාවට විශිෂ්ට ජයක් ගෙන දෙති

ශී‍්‍ර ලංකාවත් ඉන්දියාවත් අතර කොළඹ එස්.එස්. සී.කී‍්‍රඩාංගණයේදී සෙනසුරාදා (26) අවසන් වූ ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ලංකාවට ඉනිමක හා ලකුණු 239 ක අති විශිෂ්ට ජයක් හිමිවිය. ශී‍්‍ර ලංකා පිලේ ජයග‍්‍රහණයට හේතු සාධක වූයේ සුපිරි දඟ පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් හා සිය මංගල ටෙස්ට් තරගයට සහභාගිවු අජන්ත මෙන්ඩිස් ගේ විස්මිත පන්දු යැවීමය. මුත්තයියා මුරලිදරන් ඉනිම දෙකේදීම කඩුලු 11 ක් බිඳ හෙලූ අතර අජන්ත මෙන්ඩිස් ඉනිම දෙකේදීම කඩුලු 8 ක් බිඳ හෙලුවේය. ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී කඩුලු 6 ක් දැවී ලකුණු 600 ක් රැස් කර තිබියදී පන්දුවට පහරදීමේ වාරය ඉන්දීය පිලට පැවැරුවේය. ඉන්දිය පිල පළමු ඉනිමේදී ලකුණු 223 කට දැවී ගිය අතර මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස්ගේ පන්දු යැවීම් හමුවේ දෙවැනි ඉනිමේදී ඔවුන්ට ලබාගත හැකි වූයේ සියළු දෙනාම දැවී ලකුණු 138 ක් පමණි. දෙවැනි ඉනිමේදී ද විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු මුත්තයියා මුරලිදරන් ලකුණු 26 ට කඩුලු 6 ක්ද අජන්ත මෙන්ඩිස් ලකුණු 60 ට කඩුලු 4 ක්ද බිඳ දැමුවේය. තරඟයේ වීරයා මුරලිදරන් සහ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් සමඟ කී‍්‍රඩාගාරයට පියමං කළ අයුරු. තරගයේ වීරයා සම්මානය හිමි වුයේ ඉනිම දෙකේදීම ලකුණු ලකුණු 100 ට කඩුලු 11 ක් බිඳ දැමු මුත්තයියා මුරලිදරන්ය. මුත්තයියා මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස් ඉන්දීය පිතිකරුවන්ට ප‍්‍රබල තර්ජනයක් විය. ඔවුහු ඉදිරියේ සචින් තෙන්ඩුල්කාර්, රාහුල් ඩ‍්‍රාවිඩ්, සව්රව් ගන්ගුලි වැනි ප‍්‍රබල පිතිකරුවන් පවා බෙහෙවින් අසරණ විය. මේ නව දඟ පන්දු යවන්නන් දෙදෙනා ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ අනාගතයේ ජය කෙහෙළි නංවන සුසංයෝගයක් බව එස්.එස්.සී. ටෙස්ට් තරගය ඉතා හොඳ ඉඟියක් විය. මෙය ශී‍්‍ර ලංකා ටෙස්ට් ඉතිහාසයේ ලැබූ තෙවැනි විශාලතම ජයග‍්‍රහණය විය. 2004 වසරේ සිම්බාබ්වේ සමඟ බුලවායෝ හිදී ඉනිමක හා ලකුණු 254 ක ජයග‍්‍රහණයක් ලබමින් සිය ඉහළම ජයග‍්‍රහණය වාර්තා කළ ශී‍්‍ර ලංකා පිල එම තරගාවලියේදීම හරාරේ හිදී පැවැති ටෙස්ට් තරගයේදී ඉනිමක හා ලකුණු 240 ක ජයග‍්‍රහණයක් ලැබීය. අජන්ත මෙන්ඩිස් ශී‍්‍ර ලංකා පන්දු යවන්නකු සිය ප‍්‍රථම ටෙස්ට් තරගයේදී වාර්තා කළ හොඳම පන්දු යැවීම දැක්වුවේය. ශී‍්‍ර ලංකාව පළමු ඉනිම කඩුලු 6ට 600 මලින්ද වර්ණපුර 115, මහේල ජයවර්ධන 136, තිලාන් සමරවීර 137, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 125 ඉන්දියාව පළමු ඉනිම 223වී. වී. එස්. ලක්‍ෂ්මන් 56, මුරලිදරන් 84 ට 5 යි, මෙන්ඩිස් 72 ට 4 යි, කුලසේකර 42 ට 1 යි. ජී. ගම්භීර් වී. ෂෙවග්වී. වී. එස්. ලක්‍ෂමන්සචින් තෙන්ඩුල්කාර්ආර්. ඩ‍්‍රාවිඩ් එස්. ගන්ගුලි ඩී. කාර්තික ඒ. කුම්බ්ලේඑච්. සිං සහීර් ඛාන් අයි. ෂර්මා ඇ. පී. ජයවර්ධන බෝ. මුරලිදරන්(කඩුල්ල මුවා කළා) බෝ. මුරලිදරන්(කඩුල්ල මුවා කළා) බෝ. මෙන්ඩිස් ඇ. ඩිල්ෂාන් බෝ. මුරලිදරන් ඇ. වර්ණපුර බෝ. මෙන්ඩිස් ඇ. ඩිල්ෂාන් බෝ. මුරලිදරන් ඇ. ජයවර්ධන බෝ. මුරලිදරන් බෝ. මුරලිදරන් බෝ. මෙන්ඩිස් බෝ. මෙන්ඩිස් නොදැවී 4313211210040012150305 අතිරේක 00එකතුව සියළු දෙනාම දැවී 138පන්දු යැවීම – වාස් 5-0-27-0, කුලසේකර 9-3-25-0, මෙන්ඩිස් 18- 3-60-4, මුරලිදරන් 13-3-26-6තරඟයේ වීරයා මුරලිදරන් සහ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් සමඟ කී‍්‍රඩාගාරයට පියමං කළ අයුරු.
ටෙස්ට් තරගයේදී හොඳම පන්දු යැවීම වාර්තා කළ අජන්ත මෙන්ඩිස් නායක මහේල සමඟ ප‍්‍රීතියෙන්

No comments: