Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, July 21, 2008

ඔබ්සර්වර්-මොබිටෙල් සම්මාන රාති‍්‍රයේ දී තර්ස්ටන් විදුහලට ජයග‍්‍රහණ රැසක් දක්ෂතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා උමේෂ් ත පිට පළාත් කී‍්‍රඩකයා දි

ප‍්‍රින්ස් ගුණසේකර
තර්ස්ටන් විද්‍යාලයේ උමේෂ් කරුණාරත්න (දීපව්‍යාප්ත) හා කලුතර තිස්ස මහා විද්‍යාලයේ දිනේෂ් පෙරේරා (පිට පළාත්) වසරේ දක්ෂතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට හිමි ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන දිනා ගත්හ.
රටපුරා දක්ෂතම හා ජනප‍්‍රියම පාසල් කි‍්‍රතට් කී‍්‍රඩකයන් තෝරා සම්මාන පිරිනැමෙන දැවැත්තම උළෙලක් සේ සංවිධානය වූ ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන රාති‍්‍රය පෙරේදා රාති‍්‍රයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ඔබ්සර්වර් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස 1979 දී සම්මානයට පාත‍්‍ර වූ ජාත්‍යන්තර කි‍්‍රකට් තරග තීරක ප‍්‍රධානී රන්ජන් මඩුගල්ල මහතා ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම වර්ණ රාති‍්‍රයට ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා කී‍්‍රඩා අමාත්‍ය ගාමිණි ලොකුගේ, කි‍්‍රකට් අතුරු කමිටු ප‍්‍රධානී අර්ජුන රණතුංග, ශ‍්‍රී ලංකා ටෙලිකොම් සභාපතිනී ලෙයිෂා ද සිල්වා, ලේක්හවුස් සභාපති බන්ධුල පද්මකුමාර හා ටෙලිකොම් ප‍්‍රධාන විධායක සුරේන් ජේ. අමරසේකර යන මහත්වරු ගෞරවනීය ආරාධනා ලැබ සිටියහ.
ශ‍්‍රී ලංකා පාසල් කි‍්‍රකට් ඉතිහාසයේ සුවිශේෂී සටහනක් තබමින් ප‍්‍රථම වරට කොළඹ තර්ස්ටන් විද්‍යාලය වසරේ හොඳම පාසල් කි‍්‍රකට් කණ්ඩායම ලෙස සම්මාන දිනාගත්තේය. එයට අමතරව වසරේ හොඳම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනූ උමේෂ් කරුණාරත්න එවැනි ජයක් ලැබූ ප‍්‍රථම තර්ස්ටන් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ද ඉතිහාසයට එක්විය.
වසරේ දක්ෂතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තර්ස්ටන් විදුහල් කි‍්‍රකට් නායක උමේෂ් කරුණාරත්න සම්මානය ලබාගනිද්දී ශ‍්‍රී ලංකා ටෙලිකොම් ප‍්‍රධාන විධායක සුරේන් ජේ. අමරසේකර ජාත්‍යන්තර කි‍්‍රකට් තරග තීරක ප‍්‍රධානී රංජන් මඩුගල්ල, ලේක්හවුස් සභාපති බන්ධුල පද්මකුමාර, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා යන මහත්වරුන් සමඟ ඡායාරූපය – කාවින්ද පෙරේරා
උමේෂ් කරුණාරත්න වසරේ දක්ෂතම තුන් ඉරියව් දක්ෂතා දැක් වු කි‍්‍රකට් කී‍්‍රඩකයා අනුසූරතාව හොඳම පන්දු යවන්නා අනු සූරතා සම්මාන ද දිනා ගත්තේය. මෙයට අමතරව තර්ස්ටන් විද්‍යාලයේ ගීත් කුමාර වසරේ හොඳම කි‍්‍රකට් කී‍්‍රඩකයා අනුසූරතාව, හා වසරේ දක්ෂතම තුන් ඉරියව් කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මාන දිනා ගත්තේය.
වසරේ හොඳම කි‍්‍රකට් නායකය හා ජනප‍්‍රියම කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මාන කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ රුවන්ත ප‍්‍රනාන්දුපුල්ලේ දිනා ගත්තේය.
වසරේ හොඳම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානය දිනූ තර්ස්්ටන් විද්‍යාලයේ නායක උමේෂ් කරුණාරත්න ශ‍්‍රී ලංකා 19 න් පහළ කි‍්‍රකට් පිල සමඟ මලයාසියාවේ පැවැති ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියටද එක්වූවේය.
පසුගිය වසරේ පාසල් කි‍්‍රකට් තරගවාරයේ දී ලකුණු 506 ක් ලබාගත් ඔහු අර්ධ ශතක 5 ක් රැස් කළේය. දකුණතින් පිටදග පන්දු යවා කඩුලු 89 ක් බිඳහෙලීමටද සමත්විය.
මලියදේව විදුහලට එරෙහිව ලකුණු 40 කට කඩුලු 7ක් බිඳ හෙලීම ඉනිමක හොඳම පන්දු යැවීම වේ. එම තරගයේ දී උමේෂ් ලකුණු 81 කට කඩුලු 13 ක් බිඳ හෙලීම විශේෂ දක්ෂතාවයකි.
පිට පළාත් වසරේ දක්ෂතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මාන දිනූ කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ දිනේෂ් පෙරේරා පසුගිය පාසල් වාරයේ දී කඩුලු 163 ක් බිඳහෙලීය. ලකුණු 578 ක් රැස් කළ ඔහු වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 102 ක් ලබා ගත්තේය.
පසුගිය තරගවාරයේදී අර්ධ ශතක 3 ක් රැස් කිරීමට සමත්විය. පිටදග පන්දු යවන දිනේෂ් කඩුලු 5 බැගින් එකොලොස් වතාවකදී දවා ගැනීම් කර ඇත. ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 30 ට කඩුලු 9 ක් බිඳහෙලීම වන අතර තරගයකදී ලකුණු 108 ට කඩුලු 15 ක් බිඳහෙලීම සුවිශේෂී දක්ෂතාවයකි.
එම දක්ෂතා දෙකම වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව දැක්වූවේය.
ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන දිනූ වසරේ කි‍්‍රකට් කී‍්‍රඩකයන්
වසරේ දක්‍ෂතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා : උමේෂ් කරුණාරත්න (තර්ස්ටන් වි.)
අනුසූරතාව : ගීත් කුමාර (තර්ස්ටන් වි.)
වසරේ හොඳම පිතිකරු : මාධව වර්ණපුර (නාලන්දා) අනුසූරතාව: දිමුත් කරුණාරත්න (ශා. ජෝෂප් වි.)
වසරේ හොඳම පන්දු යවන්නා : මිලාන් ප‍්‍රනාන්දු (ශා. තෝමස් වි.) අනුසූරතාව : උමේෂ් කරුණාරත්න (තර්ස්ටන් වි.)
වසරේ හොදම පන්දු රකින්නා : දිනේෂ් චන්දමාල් (ආනන්ද වි.) අනුසූරතාව : චිරන්ත ද සිල්වා (ඉසිපතන වි.)
වසරේ තුන් ඉරියව් දක්‍ෂතා දැක්වූ කි‍්‍රකට් කී‍්‍රඩකයා : ගීත් කුමාර (තර්ස්ටන් වි.) අනුසූරතාව : උමේෂ් කරුණාරත්න
වසරේ හොඳම කි‍්‍රකට් නායකයා : රුවන් ප‍්‍රනාන්දුපුල්ලේ (ශා. ජෝෂප් වි.)
පිට පළාත් තරගය
වසරේ දක්‍ෂතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා : දිනේෂ් පෙරේරා (තිස්ස ම. ම. වි. කලුතර)
අනුසූරතාව : චතුරංග ද සිල්වා (ශා. ඇලෝසියස් වි.)
වසරේ හොදම පිතිකරු : සරත් රංගන සිල්වා (පානදුර රාජකීය වි.) අනුසූරතාව : සනත් සමීර සිල්වා (කෝට්ටේ ජනාධිපති වි.)
වසරේ හොඳම පන්දු යවන්නා : දිනේෂ් පෙරේරා (තිස්ස ම. ම. වි. කලුතර) අනුසූරතාව : කේෂව එරංග (ශා. ජෝන් නුගේගොඩ)
වසරේ හොඳම පන්දු රකින්නා: දිනුදු ජයතිලක (ශා. ඇලෝසියස් ගාල්ල) අනුසූරතාව : චමත් ද සිල්වා (කෝට්ටේ ජනාධිපති වි.)
වසරේ තුන් ඉරියව් දක්‍ෂතා දැක් වූ කි‍්‍රකට් කී‍්‍රඩකයා : නිපුන රණසිංහ (ඉබ්බාගමවු ම. ම. වි.) අනුසූරතාව : චතුරංග ද සිල්වා (ශා. ඇලෝසියස් ගාල්ල)
වසරේ හොඳම පාසල් කි‍්‍රකට් කණ්ඩායම : තර්ස්ටන් විද්‍යාලය අනුසූරතාව : වේල්ස් කුමාර විද්‍යාලය මොරටුව
දකුණු පළාත
හොඳම පාසල් කි‍්‍රකට් කණ්ඩායම :
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ගාල්ල අනුසූරතාව : මහින්ද විද්‍යාලය ගාල්ල
මධ්‍යම පළාත
හොඳම පාසල් කි‍්‍රකට් කණ්ඩායම : ශාන්ත සිල්වෙස්තර් විද්‍යාලය අනුසූරතාව : කිංග්ස්වුඩ් විද්‍යාලය
වසරේ නැගී එන කි‍්‍රකට් කණ්ඩායම : ශ‍්‍රී රාහුල විද්‍යාලය අලව්ව
වසරේ ජනප‍්‍රිය කි‍්‍රකට් කී‍්‍රඩකයා : රුවන් ප‍්‍රනාන්දුපුල්ලේ (ශා. ජෝෂප් වි.) 2. නවීන් කවිකාර (ඩී. එස්. සේනානායක වි.)
පිටපළාත් වසරේ ජනප‍්‍රිය කි‍්‍රකට් කී‍්‍රඩකයා : රසිත දිලාන් (ගම්පහ බණ්ඩාරණායක වි.)2. ෂෙහාන් සිල්වා (වෙන්නප්පුව ජෝෂප් වාස්)

No comments: