Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 10, 2008

වන්නි මෙහෙයුමේ ප්‍රගතිය යාවත්කාලීන වේලාව: 7/8/2008 10:30:41 AM

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් අතුගා දැමීමේ අරමුණ පෙරදැරිව මේ වන විට ක්‍රියාත්මක වන වන්නි මෙහෙයුමේ නිරත ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බළකාය ඉතාමත් උපක්‍රමිකව තම අරමුණ කරා ලඟා වෙමින් සිටී. මොවුන් සියල්ලගේ ඒකායන අරමුණ වී ඇත්තේ උතුරු පළාත ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීමයි.
මේ වන විට කොටි ත්‍රස්තවාදීන්ගේ යුද ක්‍රියාකාරකම් කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක වලට සීමා වී තිබේ. මීට අමතරව මන්නාරම සහ වව්නියා දිසත්‍රික්ක වල උතුරු කෙළවරේද එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් සිදු වෙමින් පවතී. මේ වන විට එල්.ටී.ටී.ඊ. ග්‍රහණය යටතේ පවතින ප්‍රදේශ “වන්නි” යන නාමයෙන් හඳුන්වනු ලබයි.
වන්නි මුදා ගැනීමේ මෙහෙයුමේ භූමියේ සිදු වන මෙහෙයුම් වල ප්‍රධාන වගකීම දරණුයේ යුද හමුදාවයි. නාවික හමුදාව මුහුදු තී‍රයේ රාජකාරියේ නිරත වෙමින් කොටි ත්‍රස්තවාදීන්ගේ සියලුම මුහුදු කටයුතු වලට වැට බඳිමින් සිටී. මුහුද හරහා ත්‍රස්තවාදී කටයුතු සිදු කිරීමට නාවික හමුදාවෙන් කොටි ත්‍රස්තයන්ට ඉඩක් ලබා දී නොමැත. මේ අතර ගුවන් හමුදාව වන්නියේ පිහිටි එල්.ටී.ටී.ඊ. මර්මස්ථාන වලට නොනවත්වා ප්‍රහාර එල්ල කරමින් වන්නි මෙහෙයුමට එක් වී සිටී. වන්නි සහ යාපනය යන දෙපසින්ම යුද හමුදාව තම මෙහෙයුම් දියත් කරමින් ඉදිරියට ගමන් කරයි.
යාපනය යුද පෙරමුණේ ආරක්ෂක හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල කි.මී. 12 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී තිබේ. මෙම ඉදිරි ආරක්ෂක වළල්ලේ කිලාලි, මුහමාලෙයි සහ නගරකෝවිල් ලෙස යුද පෙරමුණු තුනකින් ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීම යුද හමුදාව විසින් සිදු කරනු ලබයි.
වන්නි ප්‍රදේශයේ මේ දින වල සිදු වන මෙහෙයුම් උපක්‍රමශීලීව ඉතාමත් වැදගත් අධියරකට පැමිණ තිබේ. වන්නි ඉදිරි ආරක්ෂක වළල්ල මන්නාරම මුහුදු වෙරලේ සිට නැගෙනහිරින් පිහිටි කොක්කුතුඩාවයි වෙරල දක්වා වූ කි.මී. 115 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී තිබේ. යුද හමුදාවේ ප්‍රධාන සේනාංක 3 ක් මෙම යුද පෙරමුණේ මෙහෙයුම සඳහා යොදවා ඇත. ඔවුන් මන්නාරම, වව්නියාව සහ වැලිඔය යන යුද පෙරමුණු වලින් සටන් බිමට අවතීර්ණ වී සිටී.
මන්නාරම යුද පෙරමුණ

මන්නාරම යුද තත්වය විස්තර කිරන-බ්‍රිගේඩියර් එස්. සිල්වා
මන්නාරම යුද පෙරමුණේ යුද හමුදාවට අයත් අංක 1 කාර්ය සේනා මෙහෙයුම් වල නිරත වී සිටී. මොවුන් මන්නාරම උතුරු ප්‍රදේශයේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් ඉදිරියට ගමන් කරමින් සිටී. මන්නාරම යුද පෙරමුණේ මෙහෙයුම්හි නිරත භට පිරිස් ආක්‍රමණශීලී මෙහෙයුම් වල නිරත වෙමින් එල්.ටී.ටී.ඊ. ග්‍රහණය යටතේ පැවති ප්‍රදේශ සහ එම ප්‍රදේශ වල ජීවත් වන අහිංසක සිවිල් වැසියන් මුදා ගන්නා ආකාරය මගින් පෙන්වා දී තිබේ. යුද උපක්‍රමික වශයෙන් ඉතාමත් වැදගත් ප්‍රදේශයක් වන මෙම යුද පෙරමුණේ මේ වන විට ඉතාමත් දරුණු සටන් පවතී. භූමි ප්‍රමාණයට වඩා යුද උපක්‍රමික වශයෙන් වැදගත්භාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ප්‍රහාර වල තීව්‍රතාවය වැඩි කිරීමට මෙම යුද පෙරමුණේ භටයන් අවධානය යොමු කොට තිබේ.
මේ වන විට මෙම යුද පෙරමුණේ උපක්‍රමික වශයෙන් ඉතා වැදගත් ස්ථාන වන අඩම්පන් නගරය (2008 මැයි 07 දින අල්ලා ගන්නා ලදි), මුල්ලික්කන්දාල් (2008 මැයි 08 දින අල්ලා ගන්නා ලදි.) සහ මාන්තෝට්ටම් (2008 මැයි 10 දින අල්ලා ගන්නා ලදි) යන ප්‍රදේශ යුද හමුදාව යටතට ගැනීමට භට පිරිස් සමත් වී තිබේ.
දැනට එල්.ටී.ටී.ඊ. යට පවතින ප්‍රධාන මුහුදු සැපයුම් මාර්ගය මන්නාරම් බොක්ක හරහා වැටී ඇති හෙයින් ‍මන්නාරම යුද පෙරමුණ යුද උපක්‍රමික වශයෙන් ඉතාමත් වැදගත් භාවයක් උසුලන ස්ථානයකි. කෙසේ වුවද මෙම යුද පෙරමුණේ භට පිරිස් භූමියේ විශාල ප්‍රදේශයක් අත්පත් කර නොගත්තද ඔවුන් විනාශ කළ ත්‍රස්තවාදී බංකර සහ ත්‍රස්තවාදීන්ගේ සවිමත් ස්ථාන සංඛ්‍යාව ඉහළ අගයක් ගනී.
මන්නාරමේ ජූනි 29 වෙනිදා යුද හමුදාව සහ කොටි ත්‍රස්තවාදීන් අතර හට ගත් දරුණු ගැටුම් වලින් අනතුරුව මන්නාරමේ සහල් නැළිය ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ සම්පූර්ණ බලය තහවුරු කර ගැනීමට යුද හමුදාව සමත් විය. යුද හමුදා ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් තම කඳවුරු සහ මිය ගිය තම සගයන්ගේ සිරුරුද අතහැර පලා ගොස් ඇත. මෙහිදී වර්ග කි.මී. 120 ක පමණ ප්‍රදේශයක් යුද හමුදා පාලනය යටතට ගැණුනි.
මේ වන විට කොටි ත්‍රස්තවාදීන්ගේ ඉතාමත් ශක්තිමත් ස්ථානයක් ලෙස සැලකෙන වෙඩිතලතිව් සිට කි.මී. 2.5 ක පමණ දුරකින් ආරක්ෂක හමුදා මෙහෙයුම් වල නිරත වී සිටී. ආලන්කුලම, ආන්දන්කුලම, අලකඩ්ඩිවේලි, පරප්පකන්දාල්, පරප්පකඩත්තාන්, පාපමොඩෙයි, ඔඩුපල්ලම්, නැදුවරම්පු, කන්නපුත්තුකුලම සහ වන්නකුලම යන ප්‍රදේශ වල බලය යුද හමුදාව සතු කර ගැනීමට මෙහෙයුමේදී සමත් විය.
මන්නාරම සහල් නැලිය සහ එයට සම්බන්ධ ප්‍රදේශ යුද හමුදාව යටතට ගැනීමත් සමගම ‍කොටි ත්‍රස්තවාදීන්ට මන්නාරම - පූනරින් (ඒ 32) මාර්ගයේ කි.මී. 12 ක පමණ ප්‍රදේශයක් අහිමි වී ඇත. තවද උතුරට සැපයුම් ලබා දෙන ප්‍රධාන සැපයුම් මාර්ග ලෙස සැලකෙන උයිලන්කුලම - අඩම්පන් සහ උයිලන්කුලම - ආන්දන්කුලම් ‍යන මාර්ගද එල්.ටී.ටී.ඊ. යට අහිමිව ගොසිනි.
ජූනි 30 වනදා මන්නාරම යුද පෙරමුණේ නොමැකෙන සටහනක් තබමින් යුද හමුදා භට පිරිස් තම යුද පෙරමුණ වව්නියා යුද පෙරමුණ සමග සම්බන්ධ කිරීමට සමත් විය. මෙම පෙරමුණු දෙක යා කිරීමත් සමග වන්නි මෙහෙයුමේ බටහිර කලාපයේ අති විශාල යුද පෙරමුණක් නිර්මාණය වී ඇත. මන්නාරමෙන් ඉදිරියට ගමන් කළ කාර්ය සේනා අංක 1 සහ වව්නියා යුද පෙරමුණෙන් ඉදිරියට පැමිණි 57 වන සේනාංකයේ භට පිරිස් පෙරියමඩු ඊසාන ප්‍රදේශයේදී යුද පෙරමුණු එකට සම්බන්ධ කර ඇත.
වව්නියා යුද පෙරමුණ
වන්නි ඉදිරි ආරක්ෂක වළල්ලේ මධ්‍යයෙහි පිහිටි වව්නියා යුද පෙරමුණ, යාපනය - නුවර මාර්ගය (ඒ 9) ට බටහිරින් පිහිටි ප්‍රදේශයේ මෙහෙයුම් කෙරෙහි වැඩි අවධානයක් යොමු වන අයුරින් ස්ථාන ගත කර ඇත. මෙම යුද පෙරමුණේ සතුරාට දැඩි පීඩනයක් එල්ල කරමින් ඉදිරියට ගමන් කරනුයේ යුද හමුද‍ාවේ 57 වන සේනාංකයට අයත් භට පිරිස්ය. වන්නි මෙහෙයුමේ වර්ග කි. මී. 622 ක ප්‍රදේශයක් පුරා 57 වන සේනාංකයේ භට පිරිස් මෙහෙයුම් වල නිරත වී සිටී. වව්නියා යුද පෙරමුණේ මේ වන විට පවතින තත්ත්වය මගින් නිරූපනය කර තිබේ. මේ වන විට මඩු පල්ලිය ඇතුළු මඩු ප්‍රදේශය (2008 අප්‍රේල් 24 දින මුදා ගන්නා ලදි), පාලම්පිඩ්ඩි නගරය ( 2008 මැයි 16 දින මුදා ගන්නා ලදි), මුණ්ඩිමුරිප්පු ගම්මානය (2008 මයි 23 මුදා ගන්නා ලදි) සහ පෙරියමඩු ප්‍රදේශය (2008 ජූනි 15 දින මුදා ගන්නා ලදි) ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීමට 57 වන සේනාංකයේ වීරෝදාර භට පිරිස් සමත් වී සිටී.
වැලිඔය යුද පෙරමුණ
ඒ 9 මාර්ගයේ නැගෙනහිරින් ආරම්භ වී වන්නි ඉදිරි ආරක්ෂක වළල්ලේ නැගෙනහිර දෙසට වන ප්‍රදේශය වැලිඔය යුද පෙරමුණට අයත් වේ. කෙසේ වුවද මෙම පෙරමුණ ඔස්සේ ඉදිරියට ගමන් කරන භට පිරිස් වැඩි වශයෙන් වන්නි ප්‍රදේශයේ නැගෙනහිරට වන්නට ක්‍රියාකාරී වී සිටී.
යුද හමුදාවේ 59 වන සේනාංකයට අයත් භට පිරිස් මෙම යුද පෙරමුණේ සටන් වැදී සිටින අතර මේ වන විට ඔවුන් මුලතිව් මහ වනයේ සැඟවී සිටින ත්‍රස්තවාදීන්ට ප්‍රහාර දියත් කරමින් සිටී. එල්.ටී.ටී.ඊ.ය වඩාත් ශක්තිමත්ව සිටින මුලතිව් ත්‍රස්තවාදී කඳවුරු වලට ආසන්නවම ක්‍රියාත්මක වන යුද පෙරමුණද මෙය වෙයි.
මේ වන විට යුද හමුදාව කොක්කුතුඩාවයි ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත වී සිටින අතර එම ප්‍රදේශයේ සිට කොටි ත්‍රස්තවාදීන්ගේ හදවත බඳු මුලතිව් වලට තවත් ඇත්තේ කි.මී. 25 ක පමණ දුරකි. මගින් මෙම පෙරමුණේ මෙහෙයුම් වල ප්‍රගතිය පෙන්නුම් කරයි.
මේ වන විට 59 වන සේනාංකයට අයත් යුද හමුදා භට පිරිස් ජානකපුර, කිරිඉබ්බන්වැව, ආන්දන්කුලම සහ කොක්කුතුඩාවයි ප්‍රදේශ වලින් මුලතිව් කැලය තුලට ඇතුළු වෙමින් සිටී.
මෙම පෙරමුණේ භට පිරිස් ලබා ගත් වැදගත්ම ජයග්‍රහණය වනුයේ ත්‍රස්තවාදීන් සතුව තිබූ මුන්නාගම් කඳවුර 2008 මැයි මස 30 වන දින අත්පත් කර ගැනීමයි. මෙම කඳවුර කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන පෙළේ සැපයුම් කඳවුරක් වන අතර එහි බලය අහිමි වීමත් සමග වන්නියේ සිටින කොටි ත්‍රස්තවාදීන් සහ නැගෙනහිර සිටින ත්‍රස්තවාදීන් අතර මුලතිව් කැලය හරහා තිබූ සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි.
2008 ජූලි මස 04 වනදා වනවිට තම මෙහෙයුම් වල තවත් පියවරක් ඉදිරියට තැබූ ආරක්ෂක හමුදා “වන් ෆෝ බේස්” කඳවුරු සංකීරණයේ පරිවාර කඳවුරක් වූ “මයිකල් බේස්” කඳවුරේ බලය අල්ලා ගැනීමට සමත් විය.
Mannar Battlefront">
Vavuniya Battlefront">
සිතියම් අංක 1


සිතියම් අංක 2

No comments: