Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 10, 2008

ආසියානු කි‍්‍රකට් සූරයෝ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නායක මහේල ජයවර්ධන සමඟ කතා බහ කරමින්. අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති අර්ජුන රණතුංග, කී‍්‍රඩා ඇමැති බන්දුල බස්නායක, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටු සාමාජික ප‍්‍රවීණ නිවේදක පෙ‍්‍ර්මසර ඈපාසිංහ යන මහත්වරු ද මෙහි සිටිති.
තරගාවලියේ වීරයා හා තරගයේ වීරයා සම්මාන දිනූ අජන්ත මෙන්ඩිස්ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සුබ පතයි. කී‍්‍රඩා ඇමැතිවරුන් වන ගාමිණී ලොකුගේ සහ බන්දුල බස්නායක මහත්වරු ද මෙහි වෙති.
ජනාධිපතිතුමා සනත් ජයසූරියට සුබ පතයි
හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන්
අජන්ත මෙන්ඩිස්ට සුබ පැතුම්
ගුවන් තොටුපලේදී කී‍්‍රඩා හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ගාමිණී ලොකුගේ මහතා නායක මහේල ජයවර්ධන හරසරින් පිළිගනිමින්. කී‍්‍රඩා අමාත්‍යාෂයේ ලේකම් එස්. ලියනගමගේ මහතා (මැද)
ඡායාරූපය - සමන් ශී‍්‍ර වෙදගේ
ඡායාරූප - සුදත් සිල්වා
බන්දුල මොල්ලිගොඩ හා කුමාරසිරි ප‍්‍රසාද් ගුවන් තොටුපල
ආසියානු කි‍්‍රකට් සූරතාව පිට පිටම දෙවන වතාවට හා ආසියානු සූරතාව සිව්වන වතාවටත් දිනාගත් ජයග‍්‍රාහී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම ඊයේ පෙරළා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් මවු බිමට පැමිණි අවස්ථාවේ උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ රතු පළස මතිනි.
ගුවන් තොටුපලේදී කී‍්‍රඩකයනට ආශීර්වාද ලබා දෙනු ලැබුවේ සර්ව ආගමික කටයුතුවල නිරතවෙමිනි.
කණ්ඩායමේ සාමුහිකත්වය හා දැඩි කැපවීම මත ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම සාර්ථක වූ බව ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කටුනායක ගුවන් තොටුපළේදී ප‍්‍රකාශ කළේය.
අවසාන තරගයේදී ශ‍්‍රීලංකා ජයග‍්‍රහණයට මග පෑදු නවක දඟපන්දු යවන්න අජන්තා මෙන්ඩිස් පෙන්වූ දක්ෂතා පිළිබඳව ලෝක සූර දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ප‍්‍රශංසනාත්මකව කතා කළේය.
අජන්ත මෙන්ඩිස් ඉතා හොඳින් පන්දු යවනවා. ඔහු කලාතුරකින් හමුවන විශිෂ්ට පන්දු යවන්නෙක්. මේ ආකාරයටම ඔහු ඉදිරියේ දිගටම පන්දු යැව්වොත් ඔහුට විශාල කඩුලු සංඛ්‍යාවක් දවා ගැනීමට අවස්ථාව තිබෙනවා යැයි මුරලිදරන් කීවේය.
කෙසේ වුවත් සෑම පන්දු යවන්නෙකුටම සිදුවන ආකාරයට ප‍්‍රතිවාදී කණ්ඩායම් ඔහු පන්දු යවන ආකාරය ඉදිරියේදී දැඩි නිරීක්ෂණයකට ලක් කරනු ඇතැයි දී මුරලිදරන් එහෙත් ඔහු නිතර දක්ෂ අයුරින් පන්දු යැව්වොත් කඩුලු අතර සිටිය හැකි යැයිද කීවේය.
කී‍්‍රඩා ඇමති ගාමිණී ලොකුගේ, අමාත්‍යාංශ ලේකම් එස්. ඉහළගමගේ, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටු ලේකම් කේ. මදිවානන්, සාමාජික පෙ‍්‍ර්මසර ඈපාසිංහ හා සිදත් වෙත්තමුණිද යන මහත්වරු කණ්ඩායම පිළිගැනීමට ගුවන් තොටුපලට පැමිණ සිටියහ.
ශ‍්‍රී ලංකා කණ්ඩායම ලැබූ මේ ජයග‍්‍රහණය ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ශ‍්‍රී ලංකා - ඉන්දියා තරගාවලියට අත් වැලක් වනු ඇත්දැයි ශ‍්‍රී ලංකා උප නායක කුමාර සංගක්කාරගෙන් විමසූවිට ඔහු කීවේ සෑම ජයග‍්‍රහණයකින්ම කණ්ඩායම තවත් ධෛර්යමත් වන බවය.
ආසියානු කුසලානය දිනා ගැනීම නිසා අප ආසියාවේ අංක 1 කණ්ඩායම බවට දැන් පත්ව සිටිනවා යැයිද සංගක්කාර කීවේය.
අජන්තා මෙන්ඩිස්ගේ පන්දු යැවීම පිළිබඳව සංගක්කාර කීවේ ඔහු පන්දු යවන්නේ වෙනත් පන්දු යවන්නන්ට වඩා වෙනස් ආකාරයකින් බවත් අජන්ත මෙන්ඩිස් හා මුරලිදරන් එක්ව ටෙස්ට් තරගයක පන්දු යවන ආකාරය නිරීක්ෂණය කළ යුතු බවත්ය.
ශ‍්‍රී ලංකාවට එන ඉන්දියානු කණ්ඩායම ප‍්‍රබල පිතිකරුවන්ගෙන් හා දක්ෂ පන්දු යවන්නන්ගෙන් සමන්විත ප‍්‍රබල කණ්ඩායමක් බවත්, එහෙත් ලංකා කී‍්‍රඩකයන් උපරිමයෙන් කී‍්‍රඩා කළොත් ජයගත හැකි බවත් සංගක්කාර පැවසීය.
ආසියානු කුසලාන තරගාවලියේ හා අවසාන තරගයේ වීරයා අජන්ත මෙන්ඩිස් පැවසුවේ ශ‍්‍රී ලංකාවේ ජයග‍්‍රහණය සඳහා තවාට දායකවීමට ලැබීම සතුටට කරුණක් බවය.
මා පන්දු යැවීමට යන සෑම අවස්ථාවකම මගේ උපරිම දක්ෂතා පෙන්වීමට උත්සාහ කරනවා. ඉරිදා අවසාන තරගයේ සිදුවූයේත් එයම යැයිද අජන්ත මෙන්ඩිස් කීවේය.

No comments: